Thursday, October 19, 2017

කියන දේ නාහනකම

මහා හයියෙන්
වැහැපු හවසක,
මගෙන් පොඩි
බැනුමකුත් අහගෙන,
නාගෙන ආ ගමන්මය ඔබ
පුරව ගත්තේ
අයිස් මග් එක,

සාලයේ අසුනක
හරිබරි වී වාඩිගෙන,
රව රවා හොරැහින් මට
පෙන්වයි තව
හයිරන්කාරකම,

"හදා ගන්නවකෝ, නැති ලෙඩ,
කියන දේ නාහනකම"

මතුර මතුරා තනියම,
පිපිරුණේ මම බොරුවට,
 
ඔබේ උඩු තොල'ග රැඳි මෘදු
සුදු හිම කිරම පැල්ලම,
බදා ඇදගෙන
තුරුල්ළට ඔබව,
සිපගත හැකි විදිහකුයි
සැලසුම් කලේ මම

~ ප්‍රිටෙන්ඩින්ග් රයිටර් ~



Pic | www.istockphoto.com/photos/woman-eating-ice-cream

10 comments:

  1. මහා හයියෙන් වහින දවසට
    තාමත් ඉස්සර වගේම
    කුඩේ අමතක වෙන
    හිතුවක්කාරිමයි තවමත් මම...

    නාගෙනම ගෙට ගොඩවුන මට
    ඉන්නවකො..බලන්නෑ මැරුනත් මම
    කියා පුප්පා ගියපු ඔබ
    තව අවුස්සන්නමයි ඉතින් මට හිත...

    මේ වගේ සීතලට වහින දවසක
    උණු කෝපි වලට වඩා විටෙක රස
    හීතලම හීතල හිම කිරම බව
    මට කියා දුන්නෙත් ඔබ...

    වැදී සෝපාවෙ කෙලවරට තනියම
    රහ කරද්දී අයිස් බදුන හිමිහිට
    ඇස් කොනින් බලන
    නො'ඉවසිලි එ' බැල්ම
    කියන්නේ මට මහා මිහිරක රස...

    ඉතින් තව මොහොතකින් - මොහොතකින්
    ගිනිගන්න ඔය හැඟුම් අස
    දියවෙනා බව දනිමි
    වැනිලා රස පිරුණු ම' දෙතොල්
    පෙති රිදෙන්නම..

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. සොසා කිව්‍‍වෙ කවුද ? තේරුණේ නෑනෙ

      Delete
    2. සොස කියන්නෙ සොඳුරු සඳවතී කෙටියෙන් මචං.... (මම හිතන්න විදිහට..වැරදිද දන්නෑ)

      Delete
    3. කවුදෑ දන්නෙ කලිං ! උන්දැලු උන්දැලු

      Delete