Wednesday, September 26, 2012

කළු දොදොල් තමයි බං රහ

අතේ ඉතුරු වුනේ රුපියල් පහයි. ඉතින් බස් එකේ ආපහු එන්න සල්ලි මදි හින්දා දිලුගෙන් රුපියල් පහක් ඉල්ලගත්ත. රුපියල් පහ දෙනකොට බස් එකේ එද්දී ඉතුරු වෙනුවට කොන්දා දුන්න ටොපි තුනෙන් එකක් දිලුට දුන්නාම එයා ඒක ගත්ත විදිහට බඩපපුව හෝස් ගාල පත්තු වෙලා ගියා. දිලූ ගැන මගේ හිතේ ආදරේ දෝර ගලායද්දී අපි වෙන් වුනේ ආයේ හම්බෙන්න පොරොන්දු වෙලා.


"පරිස්සමෙන් යන්න රයිටර්...ඊගාවට හම්බෙනකොට පොඩ්ඩක්හරි
මහත් වෙලා  ඉන්නකෝ....., ඔයාගේ කැපවීම තමයි හැමදේටම"


"ඇඃ...ලබන සතිය වෙද්දී මහත් වෙයිද....කිරිවලට දාලා දියකරලා බොන්නම බැරිනම් මම රොටී හරි හදාගෙන කන්නම්කො"


"පිස්සුද රයිටර්...රොටී හදාගෙන කන්නද මම මේවා අරන් දුන්නේ,"


දිලුගේ මුණ ෂඩාශ්‍රය වගේ වෙද්දී මං කියපු මෝඩ කතාව ගැන මම පසුතැවුනා.


"හරි හරි මම මගේ උපරිමෙන්ම කැපවෙන්නම්කො"


"හ්ම්....ම් හොඳ රයිටර්" දත් දහතුනක් විතර එලියට දාලා එහෙම කීවම මට තැන නොතැන ගානක් නැතුව ගියා.  මම අමන්දානන්දයට පත්වුණා. පපුව අස්සෙන් ආදරේ වෑහෙනවා වෑහෙනවා වගේ දැනුනා, හිත කීරිගැහුනා. ඒ ඒක කීරක් පපුවේ අභ්‍යන්තර පටකයක ඇනිලාද කොහෙද මම ආපහු පියවි ලෝකෙට ආවා.


බස් හෝල්ට් එකට වෙලා ගමටම හාල්පොත වගේ තියන බස් ඒක එනකම් පැයක් හමාරක් නිරපරාදේ කාලේ කනකොට, මේ අපතේ යන කාලේ ගැන මම පසුතැවිලි වුනේ හදවතින්මයි. කරන්න වැඩකුත් නැතුව, ගෙදෙට්ට වෙලා කවියක් කතාවක් ලියනවා ඇරෙන්න කික් එකක් එන වැඩක් ඇත්තෙම නැද්ද අම්මපා, සමාජෙට බැහැලා කරන්න. ලොවෙත් නැති කල්පනා සාගරේක, රදනක දත ගාවට ගිලිලා හිටපු මට පියවි ලෝකය ගැන නිච්චියක් නැතුවම ගියා. ඒ අස්සේ දිලුගේ හිනාව, සික්ස් පැක්, "මාස් බෝතලේ" මට සැරින් සැරේ මතක් වුනා. එකපාරටම කන ගාව ගහපු බ්රේක් පාරටයි හෝන් සද්දෙටයි, කල්පනා සාගරේ වතුර පෙවිලා මැරෙන්න ගියපු මට යාන්තමට නිනව්වක් ආවේ. පැයක් විතර තොන්තුවාවෙන් කල්පනාකරපුහාම නිච්චියක් නැතුව යනවා, හයියෙන් හුස්මක් අරගෙන මම බස් ඒක දිහා බැලුවේ ඔද්දල් වෙච්ච හිතෙන්.


"අඩෝ මල්ලි, නැගපන් බස් එකට, මොනවද ඩෝ බලන් ඉන්නේ, යකෝ මල්ලියේ අගය කරපන් මේවගේ බස්, ලඟට ඇවිත් නතර කරලා දාගෙන යන්නේ, අපේ අමාරුවට,  රටේ සංවිධානය කරන උපහාර උළෙලවල් වලින් සම්මාන දෙන්න ඕනේ අපිට.. හා නැද්ද මං අහන්නේ ? "


"උපහාර උළෙලක්.....!" හප්පට සුර ගල්බනිස් කිව්වලු,  අයිය නම් දෙයියෙක් යකෝ මේ තියෙන්නේ අයිඩියාවක් මගේ හිත කෑගහල මටම කිව්වා, ඇඟේ  ලේ පයින්ට් හතරක් පහක් සන්තෝසෙට පිරිසිදුවෙද්දී මම සාක්කුවට අත දාලා රුපියල් පහේ කාසි දෙකයි රුපියලේ ටොපි දෙකයි උගේ අතේ තිබ්බා  "දොළහේ එකක්..!" කියලා ස්ක්‍රිප්ට් එකේ විදිහටම. කොන්දාගේ ඇස් දෙක නළල ගාවට ගියා, කට කන ගාවට පළල් වුනා.  "කාපන් කටුව බළලෝ....."  කියන්නේ ඔව්වට තමයි කියල කොන්දා උටම කියාගනිද්දී  "ස්...ස්...ඌරගේ කැවුතු ඌරගේ පිටම තියල කපනවා කියන්නෙත් ඔකටමයි අයියේ" කියල ඇහෙන නොඇහෙන ගානට කියල සීට් එකක් හොයල ඉඳගත්තේ ඉහවහා ගියපු සන්තෝසෙන්.


"ස්..ස්..ස්" "ස්...ස්...ස්"


කවුද බොලේ සුස් සුස් ගාන්නේ කියල බෙල්ල අංශක එකසිය හැත්තෑපහට විතර කරකවලා පිටිපස්ස  බලද්දී හප්පට සුර, රම්බා මට පිටිපස්සේ සීට් එකට පිටිපස්සේ  සීට් එකේ ඉන්නවා. ඊටම ඉස්සරහ සීට් එකේ,...සීවරන් දෙයියනේ සකුන්තලා නංගි.  මට රම්බාගේ ලයින් එක වැටහෙනවත් එක්කම එහා හෝල්ට් එකෙන් සකුන්තලා බැහැලා ගියා. රම්බත් සට පට ගාල නැගිටලා බස් එකෙන් බහින්න හදද්දී මම උගේ කමිසේ කරෙන් අල්ලලා නවත්ත ගත්තා  "හදිස්සි වෙන්න එපා යකෝ" කියලා.


"මොනවද බං පිවිතුරු පරම ආදරේට අකුල් හෙලන්නේ, තොටනම් හොඳක් වෙන්නේ නෑ, ඒකි මට හා කිව්වා  බං"


"ඇඃ...හා කිව්වා.. අම්මපා කියපන්"

"ඔව් යකෝ මුත්තපල්ලා....හා කිව්වා, පන්ති ඇරිලා එනකොට එයත් එක්ක බස් එකේ ආවට කමක්නැද්ද කියලා අහපුවාම හා කිව්වා"

"නෙදකින් තෝ නම්.. මම හිතුව ඒකි උඹට බහ දුන්න කියල," 

"බහ දෙන්නෙත් ඔහොම තමයි බං, බලපන්කො, සත්‍ය ප්‍රේමය කවද හරි ලෝකේ දිනනවා,"

"ඔහෙප්පලයන්, උඹ දන්න දේවල්, උඹට හරි ගියා කියන්නේ මට හරි ගියා වගේ තමයි බං"

"මගුලක් කතාකරන්ඩ එන්ඩ එපා, එකට කෑවට කෙල්ල වෙනස්........හරිරිරිරිරි ....!, ඕනේ දෙයක් බෙදාගන්නම් හැබැයි සකුන්තලා ගැන නො වර්ඩ්ස් හරි....!"

"ශිකේ.....බං උඹේ ඇස් ආදරෙන් අන්ධ වෙලා, උඹට යාළුවා පෙන්නේ නෑ, අම්ම තාත්තා පෙන්නේ නෑ,  උඹ හිතනවද මම උඹට එහෙම කරයි කියල, ආ කියපන්... රම්බා..කියපන්."

"හරි හරි රයිටර් ඔව්ව අමතක කරපන්, උඹ කියන කතාව හරි රයිටර් මම ආදරෙන් අන්ධ වෙලා මන රන්ජිත වෙලා කුජීත වෙලා ඉන්නේ"


හෝල්ට් එකෙන්  බැහැලා අපි දෙන්න ඇවිදගෙන යනකොට ගෙජ්ජි සද්දයක් පස්සෙන් ඇහෙන්න ගත්තා,

"හප්පට සුර කවුද බං මේ හඳෙන් බැහැපු දිව්‍යාන්ගනාව"


"ශික් බං උඹට කෙල්ලෙක්ට බැල්ම දානවා නේද රම්බා..... ඇයි උඹ අර සකුන්තලා නංගිට මෙහෙම ද්‍රෝහී වෙන්නේ, ඔව්ව කැත වැඩ රම්බා, අනික බලපන් කළුවට කලුවේ, මේකිගේ හැටි, අව්වට හම  පිච්චිලාද කොහෙද"

"අනේ පලයන් බං යන්න කළු දොදොල් තමයි රහ"

56 comments:

  1. අප්පට උඩු

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හප්පට සුර

      Delete
  2. ඔව් කළු දොදොල් රසයි තමයි හැබැයි අගුණයි

    ReplyDelete
    Replies
    1. අඩේ අප්පේ එහෙම එකකුත් තියනවද ? මොකක්ද බං මඩියෝ හැබෑටම අගුණේ ?

      Delete
    2. කොලස්ටරෝල්

      Delete
  3. එල එල සිරා කතව බන්

    ReplyDelete
    Replies
    1. සිරා නම් සිරා සචියෝ

      Delete
  4. //"පරිස්සමෙන් යන්න රයිටර්...ඊගාවට හම්බෙනකොට පොඩ්ඩක්හරි මත්වෙලා ඉන්නකෝ.....//
    මෙහෙම්මම කිව්වද බං.....අනිත් දවසේ බීලා මත් වෙලා එන්න කියලා...

    ReplyDelete
    Replies
    1. හප්පට සුරේ සුර කිව්වලු. ඔන්න දැන් වැරැද්ද හැදුවා තරුවෝ. මත් වෙලා හිටියොත් හොඳට හිටීවි

      Delete
  5. ඒ රම්බා ඇදහිය යුතු කොල්ලෙකි ඈ...

    ReplyDelete
    Replies
    1. අදහන්න වටිනවා නේන්නම්

      Delete
  6. දුමේ දාල ගත්ත වගේ කෑල්ලක් ද??:P
    අර සම්මාන උළෙලත් නරකම නෑ
    ජය!

    ReplyDelete
    Replies
    1. දුම්මැස්සේ දාලා ගත්ත එකක් වගේ තමයි. හෙහ් හෙහ්. සම්මාන උළෙලකුත් පවත්වමුකෝ

      Delete
  7. එම්බා කොලුව, මා කලු දොදොල් කා ඇත්තෙමි . එහි අමූතූම රසයක් නැත්තේම නොවේ. අපහාස නොකරව . දොදොල කලු වුවද සුදු වුවද දොදොල මැයි දතයුතු ...

    ReplyDelete
    Replies
    1. නරපතියාණනි... මා කල අපහාසයක් නැත, උපමාවක් යොදා ගත්ත පමණකි, ඇරත් ඒ මා නොවේ, රම්බාය, හෙහ් හෙහ් හෙහ්

      Delete
  8. දොදොල් වල තෙල් වැඩියි නේ?

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට පට්ට රහයි මචන්

      Delete
  9. කළු වුනත් දොදොල් පැනි රසයි බං !

    ReplyDelete
    Replies
    1. හ්ම් පට්ට රහයි, රස ගොඩක එකතුවක්,

      Delete
  10. මුලින්ම ඔහොම කිව්වේ කවුද දන්නවද? සුසන්තිකාගේ හස්බන්ඩ්

    ReplyDelete
    Replies
    1. අඩේ අප්පේ...මෙන්න මෙයාට ඒක ඇහිලා... අපි දන්නේ නෑ අපහාස නඩුවක් හෙම දැම්මොත් ඈ....හෙහ් හෙහ් හෙහ්

      Delete
  11. මාත් අහලා තියෙන්නේ කළු දොදොල් රසයි කියලා ;)

    ReplyDelete
    Replies
    1. ඇහුවට මදිනේ....කාලම බලන්න එපයි මඩයෝ

      Delete
  12. හේහ්.. සුපිරියි ඈ ලියමන..

    ReplyDelete
  13. කළු දොදොල් කියල කතාවට කීවට දොදොල් වල පාට පැණි පාට ! සුදු පාටට වැඩිය හැඩයි

    ReplyDelete
    Replies
    1. පැනිපාට, කලුඔපාට මොන පාට වුනත් එපා වෙන්නේ දොදොල් හැඳි ගාන එකනේ සරත් අයියේ නැද්ද මං අහන්නේ ?

      Delete
  14. කලු දොදොල් රහ වෙන්න කජු මදත් දාන්න ඕන.

    ReplyDelete
    Replies
    1. කටට කෙලත් උනනවා අප්පා

      Delete
  15. කළු වුනත් රහයි නොවැ,
    තාම බැරි වුනානේ රහ බලන්න

    ReplyDelete
    Replies
    1. අනුරාධපුර පොළොන්නරු පැත්තට වගේ ගියානම් ඕසේට....!

      Delete
  16. ඇත්ත නේන්නම් කලු දොදොල් කොච්චර රහද....

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ කන්නම ඕනේ රහ දැන ගන්න

      Delete
  17. අන්න දැක්කද වෙනස ගමේ කෑම කොයිතරම් හොඳද?

    පැතුම් මල්ලිගේ බ්ලොග් එකය පළමු වතාවට අදද මංදා ගොඩ වැදුනේ. ඒත් මිට කලින් අපි කතා කරලා තියෙනවා.

    ඒ කොහොම වුණත් ඔබේ බ්ලොග් ලියන භාෂාව හරිම රසවත් අවස්ථාව සහ පෝස්ට් එක අනුව බස හැසිරවිම කරනවා. ඒක හරිම විචිත්‍රවත්.

    දැන් දිගටම එන්නම් අලුත් එකක් දැම්ම ගමන් පේනවා.

    ReplyDelete
    Replies
    1. එහෙනම් එහෙනම් දයානන්ද අයියේ ගමේ කෑම තමයි රහා, මේ පැත්තට ආව එක ගැන ගොඩක් සන්තෝසයි.

      Delete
  18. නමසිය හැත්තෑගණන්වල හොද කණ්ඩායම් ගීතයක් තිබුණා ඔය කළු ගෑණුලමයි ගැන.... බලමු පොඩ්ඩක් මතක් කරල.....ම් ...ම්......හරි

    කළු කෙල්ලේ ඔබ හරිම හැඩයි
    නෙතගින් බැලු විට සිරියාවයි
    සුදු කෙල්ලන්ට වඩා ඔබ පිං පාටයි
    නිවසේ සිරිකත ඔබම තමයි....

    ReplyDelete
    Replies
    1. ෂාහ්.. ෂෝක් කවියක් සුමිත් අයියට මතක් වෙලා තියෙන්නේ, අහල නෑනේ මේක, කොහේ අහන්නද අප්පා දැන් මෙව්වා.

      Delete
  19. ඔය කීරි ඇනෙන එකට පොලුයි සීනියි බැන්දහම හරි යනවලු... :)

    කළුදොදොල් තමා රස... අපි නම් දන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. ඊගාව දවසේ යද්දී එහෙනම් පොලුයි සීනියි ටිකක් අරන් යනවා.


      අඩේ හැබෑට පුංචා කාලේ අපේ අම්මත් අපේ යටිපතුලේ බැඳලා තියනවා කීයක් ඇණුනාම.

      Delete
  20. ඒකනේ රයිටර් !
    කළු උනත් දොදොල් නෙ...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා දොදොල්නේ.... කළු දොදොල් හැබැයි රහයිලු මධුරංග අයියේ

      Delete
  21. දැන් උඹල දොදොල් සුදුවට හැදුවොත් කන්නෙ නැද්ද කියාපල්ල බලන්න... ඕකෙ වැදගත්කම කලු වේ නෙමෙයි දොදොලේ.... දොදොල් වලට ආස එකා මොන පාට තිබ්බත් හොයන්නේ දොදොල්. ඇත්තටම සුදු දොදොල් නැද්ද ඈහ්? මස්කට් උනත් නරක නෑ....

    ReplyDelete
    Replies
    1. සුදු දොදොල්, මොනවද බං ඒ ? අදමයි ඇහුවේ..හුණු දාලද සුදුපාටට ගන්නේ ඈ....?,

      මස්කට් යකෝ කටට කෙල උනනවා මතක් කරන්න එපා.

      Delete
  22. ලස්සනට ලියනව පැතූ....දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. එල එල ශෂීයෝ..ලියනවා ලියනවා මැල්ලුමක් හරි

      Delete
  23. 'රුපියල් පහ දෙනකොට බස් එකේ එද්දී ඉතුරු වෙනුවට කොන්දා දුන්න ටොපි තුනෙන් එකක් දිලුට දුන්නාම එයා ඒක ගත්ත විදිහට බඩපපුව හෝස් ගාල පත්තු වෙලා ගියා.' මේ ටිකටයි මම කැමතිම..

    ජය!

    ReplyDelete
    Replies
    1. ඔයාගෙත් බඩ පපුව හෝස් ගාල පත්තු වුනාද හිරුවෝ ?

      Delete
  24. හපොයි මේක මග ඇරිල නොවැ!
    රම්බාත් බලාගෙන යද්දි එක හිත තියෙන එකෙක් නෙවෙයි වගේ. රයිටර්ද් මන්දා නරක් කරල තියෙන්නෙ!

    ReplyDelete
  25. හිහිහි..කළු දොදොල්ද රහම.. හ්ම්ම්ම්...

    ReplyDelete
  26. කළු දොදොල් සේම වයිට් චොකලට්ද රසයිය...පොත්තෙන් වැඩක් නැත.රස තමයි වැදගත්...

    ReplyDelete
  27. ඈ රයිටරය ඕවර් රයිට් කොරන්න වටිනවනේ.. උදේ පාන්දර මව හිනස්සුවට .. එල ඈ

    ReplyDelete