Monday, October 29, 2012

සම්භාෂණය

"බෙල් ඒක වදිනකම් බලාගෙන හිටියේ මම"

"මොකටද...?"

"ඔයාව හම්බවෙන්න"

"මාව....?"

"ඔව්...ඔයාව, ඒක නෙමෙයි, මට ප්‍රශ්නයක් තියනවා"

"හ්ම්, ඉතින් කියන්න මොකක්ද"

"එකක් නෙමෙයි ගොඩක්...මේ දවස් වල මට අමුතු අමුතු දේවල් හිතෙනවා"
"අමුතු දේවල්...ඉතින් ඒක ප්‍රශ්නයක්ද...අද කාටද ප්‍රශ්න නැත්තේ ?"

"හ්ම්...ප්‍රශ්නයක් නොවන ප්‍රශ්න..ඒත් මට ඒවා ප්‍රශ්නයක්....හඳෙන් මටම කියල ඉඩම් කෑල්ලක් අරන් දාන්න, හඳ එලිය බෝතලේකට දාගෙන තියා ගන්න, මල් සුවඳ රුපියල් දෙකේ සිලි බෑග් එකක දාලා ගැට ගහලා තියාගෙන ඔයා ඉස්සරහට ඇවිත්  "පොහ්" සද්දෙට ඒක පුපුරවන්න, කඩින්ට කුඹින්ට මත් වෙනකම් මල්පැණි පොවන්න, හුස්ම හිර වෙනකන් වතුර යටට වෙලා ඉන්න, හුස්ම ගන්නේ නැතුව පපුව පැලෙනකම් ඉන්න, රතිඤ්ඤයක් මිටමොලෝල ඇඟිලිවල හිරකරගෙන පත්තු කරන්න. අලුත් භාෂාවක් හොයා ගන්න, ආදරේ වෙනුවට ආදේශකයක් හොයා ගන්න, දෙබස් වලින් විතරක් කතාවක් ලියන්න, ඔයාට ආදරේ කරලා බූට් එක තියන්න",

"අන්න ඒක පට්ට අයිඩියා එක"

"කෝකද පට්ට...?  ඔයාට ආදරෙයි කියලා  බූට් එක තියන එකද? දිමින්ට මල්පැණි පොවන එකද....ආදරේට ආදේශකයක් හොයන එකද?"


"කෙහෙම්මල"


"එහෙනම්"

"දෙබස්වලින් විතරක් කතාවක් ලියන එක"

"ඇත්තටම දෙබස් වලින් විතරක් කතාවක් කියන්න බැරිවෙයිද"

"කතාවක්..... හ්ම්.. ම්ම්ම්ම්...දෙබස් වලින් විතරක්...උත්සාහ කරලා බලන්න, සමහර විට බැරිවෙයි, මම හිතන්නේ නෑ පුළුවන් වේවි කියලා."

"එහෙනම් පට්ට කිව්වේ...?..අපේ යාලුකමේ නාමෙන්වත් ඔයා මාව බොරුවටවත් දිරිගන්වන්නේ නෑ"
"ඔව් මම බොරුවට කැමති නෑ, බොරුව ජීවිතේට පිළිලයක්"

"ඒත් ආදරේ කරනකොට බොරුවට හරි බොරු කරන්නත් ඕනේ"

"කවුද කියන්නේ..අනික අපි ආදරේ කරන්නේ නෑනේ"

"අපි ආදරේ නොකරන ඒක ඇත්ත....ඒත් මම කියන්නේ, ගොඩක් වෙලාවට අපි දකින හැම දේම ඇත්ත නෙමෙයි, මතුපිටට පේන ඇත්තට යටින් බොරුවක් තියනවා"

"කොහොමද කියන්නේ....?"

"පොඩ්ඩක් මෙහාට එන්න, හෙමින් හෙමින්, සද්ද කරන්න එපා...බලන්න මේ කුඹි පේලිය දිහා...පොඩ්ඩක් හිතන්න.. ඔයා හිතන්නේ මේ කුඹි එකමුතුයි කියලද...?"

"ඔව්, එකමුතුයි විතරක් නෙමෙයි උන් හරි කඩිසරයි,"

"කෙහෙම්මල, හොඳට බලන්න, ඔතනට බත් ඇටයක් දාලා....වෙන්නේ මොකද කියලා, උං එකෙක්ට එකෙක් නෑ, උං බත් ඇටේ වෙනුවෙන් සටන් කරනවා, පොරකනවා, අපිට පෙන්නේ උං එකමුතුව බත් ඇටේ ගුලට අරං යන්න හදනවා කියලා. උං කොහොම හරි බත් ඇටේ අරන් යන එකාගෙන් බත් ඇටේ පැහැර ගන්න හදන්නේ, මොකද කවද හරි දවසක කුඹි කටක් ඇරලා මිනිස්සුන්ට කියල තියද අපි මේ එකමුතුව කඩිසරව කෑම හොයනවා කියලා. ඉතින් මතුපිටින් බලලා මිනිස්සු හිතනවා උං හරි එකමුතුයි කියලා"

"මට එකඟ වෙන්න බෑ"

"කොහොමටවත් එකඟ වෙන්න එපා..ඒත් තේරුම් ගන්න බලන්න"

"බොරුවද"

"නෑ"

"එහෙනම්...?"

"බොරුවට යටවෙච්ච ජීවිත"

"වැඩක් වෙයිද"

"වැඩක් වෙන්නේ නෑ"

"ඇයි"

"අපි පරක්කු වැඩියි"

"අපි ඉක්මනින් ගියොත්....?"

"ඉක්මනින් එන්න පුළුවන් වෙයි....ඒත් වැඩක් වෙන්නේ නෑ"

"හේතුව....?"

"ලෝකේ හයියෙන් කැරකෙනවා"

"හැම තැනම බොරුව, බොරුව, බොරුව.......බලන්න අර කලුකරගෙන එන අහස, විටෙන් විට අහස එලිය කරන විදුලි එලිය, මේ හීතල හුළඟ, තනිකරම බොරුවක්නේ කරන්නේ, ඔය සද්දේ දැම්මට වහි කියල හිතනවද....?.ඔය ඔයාගේ අතේ මවිලුත් කෙලින් වෙලා, ඒ කියන්නේ ඔයත් බොරුවට යට වෙලා, ලෝකේ හැමෝම බොරු කරනවා, සොබාධර්මේ පවා බොරු කරනවා,  අපි ඒ බොරුවට යට වෙනවා"

"තේරෙනවා මට තේරෙනවා, සමහර විට ඕක තේරෙන්න අපි දෙන්නට විතරක්ම වෙන්න පුළුවන්, ඒත් කවුරු හරි අපේ කතාව අහගෙන ඉඳලා පොතක පත්තරේක ලියලා කාට හරි කියවන්න දුන්නොත් එයාල හිතයි අපිට පිස්සු කියලා, අපි මානසික ලෙඩ්ඩු කියලා."

"අන්න බෙල් ඒක වැදුනා විවේක කාලේ ඉවර වුනා, අපි යමු වාට්ටුවට...නැත්තම් අපි මෙහෙම කතා කර කර ඉන්නකොට අර පිස්සු දොස්තරයි, පිස්සු මිසීලයි අපිට ඇත්තටම පිස්සු කියලා හිතයි,"

74 comments:

  1. අප්පා මේ අලුත් විදියේ කතාවක් නේද...නියමයිනේ..මේක කියවපු මටද මේකේ හිටිය දෙන්නටද පිස්සු කිය‍ලා මට ඇත්තටම අන්තිමට හිතා ගන්න බැරි උනා මල්ලියෝ....O.o
    ඇත්තම කියනවා නම් මේ ලෝකේ ඉන්න හැමෝම එකතරා විදියක මානසික ලෙඩ්ඩු තමා..ඒ දෙන්නට පිස්සු නැනේ...:)
    නියමයි මල්ලියෝ කතාව වෙනදා වගේම උපරිමයි...දිගටම වෙනස් විදියේ නිර්මාණ ලියමු...රයිටරේ නවත්තන්න එපා හොදේ...:)
    ජයෙන් ජය...!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් පොඩි වෙනසක්...! හෙහ් හෙහ් ඔයාට කොහොමත් පිස්සුනේ, අපි නොදන්නවැයි ඒක, හ්ම් පිස්සු කියල හිතන අයට පිස්සු නෑ. ගොඩක් ස්තුතියි අක්කේ, හ්ම් රයිටර් හෙමත් ඉන්නවා ඉතින් දිගටම.

      Delete
  2. පිස්සු නේන්නම්...අපි ඔක්කොටම ටික ටික හරි පිස්සු තියෙනවනේ..මට නම් වෙලාවකට හිතෙන්නෙ මට තරම් වෙන කාටවත් පිස්සු නැතුව ඇති කියලා..

    මොනවා උනත් කතාව ලියලා තියෙන විදිය සහ දෙබස් නියමයි....

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතෙනවා..බලාගෙන ගියාම අපි ඔක්කොම පිස්සෝ තමයි, ගොඩක් ස්තුතියි ලිහිණි

      Delete
  3. පිස්සු ඩබල් උනා... සංකල්පය මරු... මම නම් කැමතියි..

    ReplyDelete
    Replies
    1. ඩබල් වුනා කියන්නේ, කලින් ලාවට ලාවට සිංගල් පිස්සුව තිබිලා. හෙහ් හෙහ් හෙහ්. ගොඩක් ස්තුතියි සිරා..

      Delete
  4. "අන්න බෙල් ඒක වැදුනා විවේක කාලේ ඉවර වුනා, අපි යමු වාට්ටුවට...නැත්තම් අපි මෙහෙම කතා කර කර ඉන්නකොට අර පිස්සු දොස්තරයි, පිස්සු මිසීලයි අපිට ඇත්තටම පිස්සු කියලා හිතයි,"
    මෙක නම් වෙනස්ම අත්දැකිමක් මචො හරිම අපුරුයි හරිම ආසාවෙන් කියෙව්වෙ මම ලගකදි කියවපු හොදම නිර්මානයක්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සචියෝ, පොඩි ට්‍රයි එකක් දුන්නේ..

      Delete
  5. මගෙ පරණ කවියක් මතක් වුනා පැතූ...ඔයාට මතකද දන්නෑ....

    මේ දෙබස් වලින් මම හුරු පුරුදු දෙන්නෙක්ව දැක්කද මන්ද.........

    ReplyDelete
    Replies
    1. අග්නි ඔයා.....?

      හරියටම මතක නැති වුනාට අපැහැදිලි චිත්‍රයක් වගේ අනික් අයගේ බ්ලොග් පොස්ට් කීපයකුත් මතක් වුනා මේ ටයිප් එකේ ප්‍රශ්න තියන. ඔයාගේ කවිය හරියටම මතක නම් නෑ අප්පා.පොඩි පදයක් කිවොත් නං අනිවා මතක් වේවි..

      Delete
  6. පිස්සුවෙන් හරි දෙබස් වලින්ම කතාව ලිව්වා නේ? හැබැයි ඔතනට ඉන්න ඕනෙ කට්ටිය වැඩි දෙනක් එලියෙ ඉන්නෙ.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. දෙබස් වලින්ම ලියන්න පොඩි ට්‍රයි එකක් ගත්තේ ඩුඩ් අයියේ,

      කතාව ඇත්ත. ගොඩ දෙනෙක් ඉන්නේ එළියේ. ගොඩක් ස්තුතියි.

      Delete
  7. පට්ට කතාව.. උඩින්ම තියෙන ප්‍රශ්න නොවන ප්‍රශ්න ටික දකිද්දී මට හිනාගියා.ඒත් මට හිතුනේ නෑ මේක පිස්සන් දෙන්නෙක් අතර වෙන දෙබසක් කියලා. :)

    ජය..!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියෝ මචන් ඉෂා. හිනා වෙන්න හොඳ නෑ ඉතින්.. මට මතකයි ප්‍රදීප්ගේ පිටුව ලියන ප්‍රදීප් අයියා පොස්ට් එකක හරි කමෙන්ට් එකක හරි ඔය වගේ කතාවක් කියලා තිබ්බා. ඒ කතාව ඇත්ත. මම මේ කතාව ලියල කලේ ඔවුන්ට (මානසික රෝගීන්ට) අපහාසයක්නම් නෙමෙයි හැබැයි.

      Delete
  8. වදින්න ඕනි තැනටම වදිනවා... එල එල ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. තැනක් ඉලක්ක කරගෙන නම් ලිව්වේ නෑ මහත්තයෝ,. හිතට ආව සිතුවිල්ලක් අඹරලා මිරිකලා ලිව්වේ. ගොඩක් ස්තුතියි.

      Delete
  9. වෙනස නම් මරු මචෝ .......... සිරාම කථාවක් දැනෙන විදිහට ලියල !

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මචන්

      Delete
  10. අමුතුයි.. පැලෙන්න හිනාවෙන්න හිතාගෙන ආවේ.. ඒත් හිනාගියේ නෑ .. මේ කියන දේවල් වල ඇත්තකුත් තියනවා කියලා හිතුනා

    දෙබස් වලින් විතරක් කතාවක් ලියන්න... මේ කතාවෙත් දෙබස් විතරයි නේද තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. හ්ම් මෙහෙම කතාවලුත් තියනවනේ, හ්ම් මේකෙත් තියෙනේ දෙබස් විතරයි. ගොඩක් ස්තුතියි මී ගොඩයෝ

      Delete
  11. api siyallanma pissan wannemu. eheth apa pissan yayi sithana siyalloma pissan nowe....

    ReplyDelete
    Replies
    1. ඒ කතාවෙත් ඇත්තක් නැත්තේම නැත කියා සිතන්නට නොහැකිය රෙප් මහත්තයා. ගොඩක් ස්තුතියි ඈ

      Delete
  12. Replies
    1. එල සාතන් අයියේ, ගොඩක් ස්තුතියි

      Delete
  13. සුන්දර සිතුවිලි ටිකක්... :)
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි පණුවී

      Delete
  14. මේකනම් නියමයි බං! වෙනස්ම එකක්!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි නාඩියා මචං

      Delete
  15. කිසිම අවුලක් නැතුව ඔය ලියල තියෙන්නෙ.. මාත් හිතන් හිටියෙ ඔහොම ලියන්න බැහැයි කියල., අර කරන්න හිතපු ලයිස්තුවෙ එකක් අඩුයි.. මාලුන්ට හීතල හින්දා වතුර ටිකක් රත් කරන්න..

    ReplyDelete
    Replies
    1. පොඩි ට්‍රයි එකක් දුන්නේ ලියන්න, ආයේ ට්‍රයි එකක් දීල බලනවා. හැබෑම නේන්නම් මාළුන්ගේ කතාව මට මීටර් වුනේ නෑනේ. ගොඩක් ස්තුතියි සරත් අයියේ.

      Delete
  16. නියමයි පැතුම්! ලියල තියන විදිහ මරු. මේ ඩබලට නම් පිස්සු වෙන්න බෑ :D

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ගිමා. හ්ම් පිස්සු කියල හිතන අයට පිස්සු නෑ, නැති අයට ඉහටත් උඩින් පිස්සු

      Delete
  17. වෙනස් වගේම ආතල් ... :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි කසුන්

      Delete
  18. නියමයි මචන්, එළට ලියවිලා තියෙනව

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මුදියන්සේ

      Delete
  19. වෙනස්ම විදිහක කතාවක්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මධුරංග අයියේ. කාලෙකින් සංකල්පනාවක් දැක්කේ නෑ

      Delete
  20. මගේ ඔලුව කොලොප්පන් උනා අප්පා මේක කියවලා ..

    ReplyDelete
    Replies
    1. හඩේ අප්පේ කොලොප්පම් කර ගන්න එපෝ, ටක් ගාලා අග ඉඳන් මුලට කියවන්නෝ

      Delete
  21. මේක කියවලා දැන් මටත් පිස්සු වගේ!

    ReplyDelete
    Replies
    1. හපොයි, එහෙනම් මෙයාලවත් හම්බෙන්න යන්න පුළුවන් වෙයි වගේ

      Delete
  22. අඃ............. ඊයේ පෝයනෙ... ඒකයි මේ රහස.. හික් හික්
    නියම පෝස්ටුව. අවංකවම පට්ටයි.. :D

    ReplyDelete
    Replies
    1. පෝයට පිස්සුව තද වෙලා කියලනේ මේ කියන්නේ. හෙහ් හෙහ් හෙහ්, අපිට පිස්සු නැතෝ, ගොඩක් ස්තුතියි අයිස්...!

      Delete
  23. පැතුම් මල්ලිගේ අදහස් සරල වුණාට හරිම සංකීර්ණයි. ඒ අදහස් බසට නැගෙන්නේ ඉතාමත් රසවත් ආකාරයට. නිර්මානාත්මකව හිතන කෙනෙක් ඔබ ඇත්තටම අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දයානන්ද අයියේ..

      Delete
  24. නියමයි සිතුම්!! ඇත්තටම වෙනස් විදියක කතාවක්.........කොහොම හිතෙනවාද මංදා මෙහෙම අයිඩියා..;)

    නියමයි!! ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි හිතූ....!

      Delete
  25. කෙටි දෙබස් එක්ක වෙනමම අදහසකින් කතාව ලියල..හොඳයි..සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි රෙහානි

      Delete
  26. නියමයි.අපූරුවට දෙබස ගොතලා තියනවා.....හිතට කාවදින්නම... :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සමනළී

      Delete
  27. හි..අර හිතුන දේවල් ටික නම් නියමෙටම ලියල තියනවා සහෝ..:)
    ජයම වේවා ඔබට :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි හිරු

      Delete
  28. :)
    මිනිස්සු හිතයි පිස්සු කියලා

    හෑ පිස්සුද මිනිස්සුන්ට තමයි පිස්සු

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ට තමයි පිස්සු මඩියෝ

      Delete
  29. හික්ස්...ඇත්තටම උන්ටද පිස්සු? :)

    කොහොම හරි දෙබස් වලින් විතරක් කතාවක් ලියලා නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පිස්සු අපිට සයුරි අක්කේ අපිට නොදැනුනාට, හ්ම් දෙබස් වලින් විතරක් ලියන්න පොඩි ට්‍රයි එකක් දුන්නා. තවම ප්‍රාථමික පර්යේෂණ මට්ටමේ හැබැයි

      Delete
  30. ඈ......අද කියෙව්වෙම මේ වගේ වෙනස්ම එව්වා...මේ වැස්සට මොල හේදිලාද......කොහොම උනත් පස්ට..

    ReplyDelete
    Replies
    1. වැස්සෙන් පොඩි අනිසි බලපෑමකුත් ඇති බොලන්, ඔක්කම එකම බෝට්ටුවෙනේ

      Delete
  31. සිරා කතාව පැතුම් මලයා.. ඇත්තටම අපිත් වෙලාවකට පිස්සොද මන්දා..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දිනේෂ් අයියේ. සමහර වෙලාවල්වලට පිස්සෝ තමයි.

      Delete
  32. මට පිස්සු වගේ.. මේ පිස්සෝ දෙන්නෙක්ගේ කතාවක්ද මම පිස්සුවෙන් වගේ කියෝලා තියෙන්නේ.

    නියම කතා විලාශය. දිගටම වෙනස් විදියට ලියන්න..

    ReplyDelete
    Replies
    1. හ්ම් පිස්සෝ දෙන්නෙක්ගේ කතාවක් තමයි, ගොඩක් ස්තුතියි අසාර් අයියේ.

      Delete
  33. නියමයි , දිගටම ‍මෙව්වා ලියන්න


    "මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල් කන්දෙවිදානෙ

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අටම් අයියේ

      Delete
  34. ඇනෝනිමසයෙක් විදියට ගිහින් කොල්ලන්ගේ බ්ලොග් වල ගේම ඉල්ලන එක පට්ටම කැත වැඩක් අපි දන්නවා ඔක්කොම ,වැඩිය දැගලුවොත් වැඩ වරදී,

    ReplyDelete
    Replies
    1. අනේ මේ කිරිසප්පයාට දෙවියෝ අනුකම්පාව කරන සේක්වා.

      Delete
  35. අපූරුවට ලියලා තියනවා පැතුම්..
    අන්තිම ටික නැතත් ලස්සනයි..කොහොම වුනත් රතිඤ්ඤා අතේ තියන් පුපුරුවන්න මගෙත් ආසාවක් තියනවා..!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි රූ අක්කේ . එහෙනම් ඉතින් අතේ තියලා පත්තු කරලා බැලුව නම් හරි දෙන්නම එක්ක.

      Delete
  36. සංකීර්ණ සිතුවිලි නිර්මාණශීලී හැකියාවෙන් සරල කරලා... දැන් ඔයාගේ පෝස්ට් එකේ ආකෘතියම (දෙබස් වලින් කතාවක් කීම ) ඔයාගේ කතාව ඇතුලේ මාතෘකාවක් වෙලා... ඒවගේ ට්‍රික්ස් දකිනකොට මාර ආතල්.

    ReplyDelete
  37. වෙනද ට්‍රැක් එකෙන් පොඩ්ඩක් එලියට පැනල නමුත් මේවත් අවුලක් නැහැ මචං.

    ReplyDelete
  38. maara wedeene appa...........

    matath oya wage 1,1 wikaara hithenawa.mge post kiyawana aya mata baninawath ethi mage manasgaatha walata....... :D

    https://plus.google.com/photos/115609566689737705759/albums/5818455984616345185/5818455987338244754

    https://plus.google.com/photos/115609566689737705759/albums/5819446888729735937/5819446885891463394?authkey=COOK5vWJofWpeA

    https://plus.google.com/photos/115609566689737705759/albums/5820409564793885041/5820409571879599650?authkey=CJPoruCm6q_9pwE

    ReplyDelete
  39. නියමයි.. කාලෙක ඉඳන් මටත් ආසවක් තිබුනා දෙබස් වලින් කතාවක් ලියන්න, ඒත් කවදාවත් ට්‍රයි කලේ නැ..මේක නම් සුපිරියටම ලියලා.. ජය වේවා..!!

    ReplyDelete