Friday, June 30, 2017

ම'පුතු






ගෙදර ටීපෝව වට
කුඩා යුද්ධයකි,
බත් පිඟානක් අතැතිව
පුතු පිටුපසින් ඔබ දිව යන,
මැරතන් තරඟයකි,

ගුලි කොට අනා ගත් බත් ගුලි
රැගෙන එන්නේ කුරුල්ලෙකි,
මුව අයාගත් ම'පුතුට බියවී
කොහේදෝ සැඟවෙන,
ගෝනි බිල්ලෙකි,

ආදරේ උතුරන
ඇස් හතරකට මැදිවී,
පාවී නිවී යයි මා දිවි
සරතැස් දුක්-දෝස සේදී

පුතු පිටු පසින්
දිව ගොස් බිම වාඩිවී,
බත් පිඩක් කවා ගන්නට
හිත ආශාවක් උපදී,

ආදරේ මට දැන්
නෙමේ නේදැ'යි කී,
මා මුව ගොතාගත්
බොරු අවනඩුවකි,

එසැණින් බත් පිඩක් විත්
'දෙතොල මත දියවේ,
තව එක් කටක් ඉල්ලුම
තරු ඇස් රැවුමකින් වැළැකේ


~ මැරිඩ් රයිටර් ~

17 comments:

  1. I enjoyed reading.

    Thank you. Love love, Andrew. Bye.

    ReplyDelete
  2. රැවුම් ගෙරවුම් වලට
    වාඩුව ගන්නටද
    සැලසුම් කරන්නේ?

    ReplyDelete
  3. Replies
    1. Thank you Dude Ayye ! Sooo Happy to see you read them !


      cheeers !

      Delete
  4. මේකනම් හරිම ආදරණීයයි... මේක බුකියේ දැකපු වෙලාවේ කමෙන්ට් කවියක් දාන්නමයි හිතුනේ.ඒත් ඔන්න ඔහෙ නිකන් හිටියා

    ReplyDelete
    Replies
    1. අන්‍‍න අන්‍‍න ඒක‍නෙ

      Delete
    2. අහුවෙන්නෙපා බුකියේ කවි එහෙම ලියාගෙන! දාන එකක් මෙතන දානවා හොඳයි!

      Delete
    3. බුහාාහාහාහා !!

      Delete
  5. ඒ කියන්නේ ශෂිගේ ඉල්ලීම වැඩ කරලා... හොඳයි හොඳයි පැතුම් අයියේ... ලස්සන කවියක්..

    ReplyDelete
  6. අත්විඳිමි..එහෙයින්ම සොඳුරු බව දනිමි..

    ReplyDelete