ගිය පෙබරවාරි දාහතර වෙනිදා, ඒ කියන්නේ අන්තර්ජාතික වැලන්ටයින් දවසේ පාන්දර
අටට විතර හීනෙන් බය වෙලා උඩ ගිහින් ඇහැරුනේ ඉහින් කනින් දාඩිය පෙරාගෙන...
දැකපු ඇවටියෙල් හීනෙ තේරුම් ගන්න බැරුව, අත්තික්කා කොළ කොටලා බීපු මයිනා
වගේ මම දහ අතේ කල්පනා කළා. හීනේ පලවෙනි රූප රාමුව විදිහට දිනුම් ඇදීමකින්
සිලෙක්ට් වෙලා අපිට චාන්ස් එකක් ආවා නුවර එළියේ කේබල් කාර් ප්රොජෙක්ට් එකේ
ටෙස්ටින් රයිඩ් එකට ඇඩ්මිට් වෙන්න..
රයිඩ් එක අතරේ අහසේ අතරමං
වෙලා තිබ්බ නිල්ම නිල් වලාකුලක් මැද්දෙන් යනකොට දිලූ මගේ අත කිටි කිටියේ
මිරිකගෙන මගේ උරහිස්සට හෙමින් ඔලුව තිබ්බා.. හම්බේ ආදරේට මගේ පපු කැවුත්ත
පැලෙන්ඩ වගේ. ලොවක් දිනපු පෙම්වතෙක් වගේ මම හෙන ආඩම්බරෙන් දිලූ දිහා බලලා
ඇහැක් ඉඟිමරුවා... දිලූ ඇස් දෙක බාගෙට අඩවන් කරගෙන මං දිහා උමතුවෙන්
වගේ බලාගෙන හිටියා..හම්බේ...දිලිසෙන ඇස්...මගේ කවි හිත ඔද්දල් වෙන්න පටන්
ගත්තා.... දිලූ එක පාරටම පැනලා මගේ බෙල්ල බදාගත්තා..ඊට පස්සේ ඉතින් කියල
වැඩක් නෑනේ.. මමත් "අහස අපේ කියලා" වෙන දෙයක් වෙද්දෙන් කියල දිලුට සපෝට් එක
දුන්නා..හම්බේ ඒ උම්මා එකේ දිග...දිලූ බෙල්ල අතාරින පාටක් නෑ. ඔහොම ටික වෙලාවක් යනකොට මට හුස්ම ගන්න
බෑ බෑ වගේ දැනුණා. මම කෑගැහුව..හයියෙන් කෑගැහුවා...දිලුට ඇහෙන්නේ නෑ..
"දි..දී...දී...ම..ම...ට හු. හු...හ්..ම ගන්...ඩ බෑ....දි..දී.ලූ...දිලූ".
හුස්ම
ගන්න බැරුව මගේ
වකුග පෙනහල්ල පුපුරන්ඩ වගේ කකියැවා . ඒ පාර මම
යටිගිරියෙන් කෑගහගෙනම ඇහැරුනා, ඇහැරුනාමත් හුම්ම ගන්න බෑ.අත පත ගාලා බලද්දී
ඇඳගෙන උන්නු සරම බෙල්ල වටේ එතිලා ඔට්ටපාලේ වගේ. ඉතින් කොහොමද කියහන්කෝ
හුස්ම ගන්නේ...!!!
මල පැනපු පාරට සරම ගලවල විසික් කරා
සිවිලිමට.."හුටඃ " කාපන්කෝ ගල් බනිස් සීනි සම්බෝල එක්ක කියන්නැහැ...සරම
ෆෑන් එකේ පැටලුනා..එන්න එන්න ෆෑන් එකේ වේගේ අඩුවෙලා.. අඩුවෙලා...නැතිවෙලාම
ගිහින්...හෙන දුමාරයකින් කාමරේම පිරුනා.
"ඕපඃ ගැන්ග්නම් ස්ටයිල්....ඕපඃ ගැන්ග්නම් ස්ටයිල්...."
මගේ
දෙයියා රින්ග් වෙන්න ගත්තා...උදේ පාන්දර දිලුගෙන් වැලන්ටයින් විෂ් එක
අහගන්න මම සැදී පැහැදී, කවුද බලන්නේවත් නැතුව දෙයියා කනේ තියාගත්තේ මේ උදේ
පාන්දර වෙන වැදගත් එකෙක් කෝල් කරන්නේ නෑ කියලා තක්කෙටම දන්න හින්දා.
"හෙලෝ...ඔ..ඔ...!"
"හෙලෝව්....රයිටර්".... නෙ...ද්..ද..කින් මේ හිපාටුවනේ....!
"ආ..ආ.. ඔව් කියපන් රම්බා...."
"මාර සීන් එක වෙලා තියෙන්නේ...මල හුට්ටප්පර හතයි රයිටර්"
"විකුණගන්න බැරි වෙයිද...?"
"මොනාද...?"
"මල හුට්ටප්පර....හතක්ම තියනවා කිව්වේ"
"උඹේ ආච්චිට මම හු......ඟක් ආදරෙයි කිව්වා කියහන්" රම්බා මට අසමජ්ජාති ආඩපාලියක් කිව්වේ, නහුතෙට තද වෙලා..
"හරි හරි... ඔරොප්පු නැතුව කියහන්කෝ ඉතින්...."
"ගමම
එතන...විජහට වරෙන්....අදොනිස් මාමගේ කොල්ල ගඟ අයිනේ මුරුංගා ගහේ බෙල්ලේ
වැල දාගෙන..."
හුට්ටප්පරි රඹුට කැකරී කිව්වලු...මදැයි උදේ පාන්දර
වැලන්ටයින් විශ් එක ඇහුවා...
"හා හා..උඹ හන්දියේ ඉඳපන් මං ටාර් ගාල එන්නම් "
---------
මමයි
රම්බයි එතනට යද්දී ගඟ අයිනේ මුරුංගා ගහ වටේ සූ ගාලා සෙනග.. ගගේ එල්ලුන එකා
දිහාවට හැම එකාම ෆෝන් එක උලුක් කරගෙන පොටෝ ගහනවා..ෆ්ලෑෂර් වදිනවා වටේට
විදුලි කොටනවා වගේ.. මැරිලත් උට තියන පබ්ලිසිටිය යකෝ.
ඔන්න "පැය
හයකට හතකට" පස්සේ එතනට පොලිස් රාහලාමිල ආවා මරණ පරීක්ෂණ කටයුතු
කරන්න..මොනඃ....ඒ මිනිස්සුන්ට එතනට ඇවිල්ලත් මිනිය එල්ලෙන තැනට එන්ඩ පැය
කාලක් විතර ගියා. ඒ තරමට ප්රේක්ෂක ජනකාය. අන්තිමට පොලිස් රාලහාමි කෙනෙක්
බොහොම හෙමින් කරුණාවෙන් ඉල්ලීමක් කළා..
"කරුණාකරලා අපට අපේ රාජකාරිය
කරන්න ඉඩ දෙන්න, මේ මරණකාරයාව ඉක්මනට මල්සාලාවට අරන් ගිහින් එම්බාම්වැඩ
කටයුතු ටික කරලා ඉක්මනින් මිනිය ගෙදර ගෙන්ඩ අපට සහයෝගය දෙන්න"
ඔය අතරේ කොහේද උන්නු ඇග්නස් ආච්චි මැද්දට පැනලා හප හප හිටපු බුලත් හපේ තුහ් කියලා විසික් කරලා චීත්තේ ගැටේ තද කරන ගමන් මෙහෙම කියපි.
"හඃ...රාලහාමි
මගුලක් කියනවා...අපිට මේවගේ දර්ශනයක් බලා කියාගන්ඩ කාලාතුරකින් ලැබෙන
චෑන්ස් එකත් මිස් කරන්ඩද හදන්නේ ඈ.....? ඕකා ඊයේ රෑ ඉඳන් එල්ලිලා හිටපු එකේ තව
ටිකක් වෙලා එල්ලිලා හිටපුවාවේ අපිට නිවී හැනහිල්ලේ බලාගන්ට ...මොකෑ
රාලහාමිට ඔච්චර හදිස්සිය මූ රාලහාමිගේ බෙල්ලේ එල්ලිලා ඉන්නවායෑ...!!! "
රාලහාමිට
දැන් ඇඩෙන සයිස්...බැරිම තැන රාලහාමි මුරුංග ගහ පාමුල ඉඳගත්තේ
"දර්ශනේ නරඹලා ඉවරවෙලා කාරිය කියන්ඩකෝ ඈ එහෙනම් " කියලා... කොහොම හරි
පැයකට හමාරකට පස්සේ ප්රේක්ෂක ජනතාවගේ කාලගෝට්ටිය මැද්දේ පරීක්ෂණ පවත්වලා
මිනිය බිමට බාන්ඩ අපේ ගමේ පයිලට් වෙච්ච ඇඩ්වින් ගොයියා මුරුංගා ගහට
නැග්ගෙව්වා...කොහෙද නාඹර ගැටිස්සියක් ඇවිත් මරලතෝනි දෙන්න ගත්තයින් වටේ
හිටපු ගෑනු උදවිය ඒ ගැටිස්සි වටේ රොක් වෙලා ඒකිත් එක්කම තරඟෙට බලියන්ඩ
ගත්තා. ගමම මළගෙයක සිරියෙන් බැබළුණා..
"අනේ අයියේ..ඇයි ඔයා මෙහෙම දෙයක් කරගත්තේ...මගේ
දෙයියෝ......මම ඔයාට කැමති වෙලා පස්සේ අකමැති උන
හින්දාද....මගේ...අයියේ...ඔහොම යන්න ගියේ..කියල ගියානම් කමක් නෑ..අනේ...මට
බෑ...අනේ....ව..ව...තුර ටිකක් වතුර ටිකක්" කෙල්ලගේ ඇඩියාව මගින් නැවතුනා
වතුර ඉල්ලලා. වටේ පිටේ හිටපු එකෙක් ගඟට බැහැලා පොල්කට්ටකට වතුර ටිකක් ගෙනත්
දුන්නා. එක හුස්මට බීපු වතුර වලින් රීස්ටාර්ට් වුන කෙල්ලගේ එන්ජිම ආයේ වැඩ කරන්ඩ පටන් ගත්තා..
"...ඒ
වුනාට අයියේ ඔයා මට මහ බලු වැඩේ කලේ අයියේ...ගම පුරාම කිව්වේ ඇයි අයියේ මම
ඔයාගේ කියලා...මං කොහොමද අයියේ..... ආයේ මිනිහෙක් එක්ක දීග යන්නේ අයියේ..මට වාවන්නේ නෑ අයියේ.."
ඔය අනම් මනම් අවකැපෙන කතා අස්සේ ස්වදේශික පයිලට් ඇඩ්වින් ගොයියා
කඹේ ගාවට කිට්ටු කරලා. හතර දෙනෙක් යටට වෙලා රෙද්දක් අල්ලාගෙන ඉන්නවා මිනිය
කැච් කරන්න.
"ඔන්න මල්ලිලා...එහෙනම් මං කපන්නද....?" ඇඩ්වින් ගොයියා අහපි.
"වතාවක් කියල පිහිය අතට දීල ගහට යැව්වේ කපන්ටනේ බොල ඉක්මනට කපහන්" පහලින් එකෙක් කියපි
"මල්ලියේ...මේ....මේ....මිනියට පෝකස් කරලා මාවත් පැත්තකින් අහුවෙන්න ෆොටෝර් එකක් ගහපන්කෝ"
"හා හා ජුන්ඩක් හිනාවෙයන්" බැරිම තැන පහල එකෙක් ෆොටෝර් එකකුත් ගැහුවා.
බිම හතර දෙනෙක් රෙද්දක් අල්ලාගෙන කට ඇරගෙන උඩ බලාගෙන ඉන්නවා.
ඇඩ්වින් ගොයියා කඹේ කැපුවයින් එක පාරටම හෙන කඳය පොලවේ ගැහුවා වගේ එල්ලිලා උන්නු එකා රෙද්ද උඩ බම්බර් වෙලා පොලවට "තපස්" ගාලා වැටුනා"
ඕක බලාගෙන හිටපු අර ගැටිස්සි....
"අ.....නේහ්..!!!....එයාට රිදෙයි...!!! .පරිස්සමෙන්...අනේ....රිද්දන්න එපා.." කියපි.
ආනී බොලේ කෙල්ලගේ හුරතලේ.....ඒක අහන් උන්න මට හෙට උදේ බෙල්ලේ වැල දාගන්ට හිතුනා....දෙයියම්පා..
කෙල්ලගේ පැත්තට චුයින්ගම් ඇහැ දාගෙන උන්නු රම්බා මගේ කනට කරලා අහනවා "මචන් මේ මම සිරාවටම අහන්නේ.......අරුට රිදෙනවා ඇත්ද බං" කියලා.
---------------------------------------
අපේ
ගමේ ගැණු ටික පාරට බැහැලා උද්ඝෝෂණය කරලා, ඉහලට තැන්වලට දැනුම් දීල,
ඉස්සර ජාතික වීරයෙක්ගේ නමින් තිබ්බ පාරක් "චන්ගුමී මාවත" කියලා වෙනස්
කරගත්තා. අපි දෙන්නාත් අමාරුවෙන් ඒ දිනාගත්ත "චන්ගුමී මාවත" දිගේ ඉස්සරගටම
ආවා.. උදේ පාන්දර වරුව සුභ ආරංචියකින් අරුත් ගන්නපු හින්දා මම රම්බාට
ස්තුති කර කර එනකොට, හෙන සැහැල්ලුවෙන් අත්දෙක වන වනා සින්දුවක් කිය කිය එන
ඩයල් එකක් පේනවා..පේන විදිහට පොර පට්ට හැපී එකේ.
"අප්පට සිරි ගජ බොල....මේ අපේ ඔඩියානේ" මමයි රම්බයි ලඟට ආවට පස්සේ පොරව අඳුන ගත්තා.
"ඉ...තින්... ඉ...තින් ඔඩියා සන්තෝසේ බෙද බෙද කොහෙද මේ යන්නේ"
"මේ ගිහින් එන ගමන් රයිටර්" කියපු ගමන් මිනිහා උරුවමක් බෑවා ජීවිතේට අහපු නැති සින්දුවක තාලෙට
"එහෙමද වැලන්ටයින් සරු ඇති එහෙනම් ....?" රම්බා පැන්නා.
"හ්ම්...
හ්ම්.... කෙල්ල කාලෙක ඉඳන් මගෙන් ස්පෙෂල් තෑග්ගක් ඉල්ලුවා.....ඉතින් මං
ඒක වැලන්ටයින් එකත් අල්ලලම දුන්නා....." ඔඩියා හෙන ආඩම්බරෙන් කිව්වා
"අප්පට සිරි මිනිහා දියුනු වෙලා..ඈ....ඉතින් මොනවද බං දුන්න තෑග්ග...." රම්බටත් ඕනේ නැති මී කුණක් නෑ
"මං දුන්න මචන් බඩට දරුවෙක්"