Tuesday, November 15, 2016

ඔබේ තෙත "දුඹුරු ඇස්"



පියවි ඇසකට
නොපෙනෙනා වූ
"
එක් බැඳීමක්"
ඔබේ තෙත
"
දුඹුරු ඇස්" හා
පවතිනා වග
ඔබ දන්නවා'දැයි
නොදනිමි...

මග දෙපස සිට
දෑත පානා
සියක් දිගු
නීල ඇස් ඉඟි,
ඒ බැඳීමට
යටත් වග
පවසමි...

ප්‍රියාදරියෙනි,
ඔබ සුවඳක්ව
පැතිර පවතිනා වූ
හෘදයෙහි,
ඔබ අභිබවා
නැගෙන්නට
සමත් වූ අන් සුවඳක්
මෙලොව ක‍හේහේවත්
නැති බවත්
ඉඳුරාම දන්වමි...

~ යුවර්ස් රයිටර් ~

1 comment:

  1. ඒක පාර්ශවික ප්‍රේමයක් වගේ. අපෙත් ඒ කාලේ ඔහොම ඒවා තිබුණා. දැනුත් නැතුවාම නෙමෙයි.

    ReplyDelete