Thursday, November 3, 2016

"තාරකා දෙකක්"




ඔබට වේලාසන
නිදිමත දැනෙන්නට
පටන් ගත්තා වූ
රාත්‍රින්හිද,
ඔබ අමනාපයෙන්
පසුවූ දිනයන්හිද,
ඒ අහසෙහි නිතර
මා හා දොඩමළු වූ
"
තාරකා දෙකක්" විය...

ඉන් දීප්තිමත්ම තාරකාව
"
ඔබ"ය කියා නම් කර
ඊට ඔබ්බෙන් වූ
අඳුරු තාරුකාව
"
මා" යැයි සිතා ගතිමි...

ඉක්බිති,
ඔබගේ නික්ම යාමෙන්
බොහෝ කලකට පසුවද,
අදටත් එතැන අහසෙහි
"
ප්‍රභාවත්ම" තාරුකාව "ඔබ",
අර අඳුරු පුරුදු තාරකාව "මම"....

~ ලයින්ග් රයිටර් ~

2 comments:

  1. නික්ම යාමෙන් පසු
    කුමකටද තාරකාවක
    ප්‍රභාවක්.....

    ජයවේවා!!!

    ReplyDelete
  2. හිත හදාගන්න..

    ReplyDelete