My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Monday, February 13, 2012

සූර් වූ සෙට් එක අතර අමුවෙන් දවසක්

සමාජය විචාරය කරලා දාපු පොස්ට් ටිකට මං හිතුවට වඩා තැනක් තිබුන. කමෙන්ට් 100 ක් 150 ක් නැති  වුනාට වැටිලා තියන කමෙන්ට් 4, 5, හොඳටම ඇති.
තුන් හිතකින් වත් කමෙන්ට් 100, 200 බලාපොරොත්තු වුනෙත් නෑ. කමෙන්ට් 100, 150  වැටිලා තියන බ්ලොග් වලට ඉරිසියා කරන්නෙත් නෑ දෙයියම්පා.

  
මගේ බ්ලොග් එකට එන කෙනෙක් හිතයි මූ දන්නේ සමාජේ විචාරය කරකර ඔපෙ හොය හොය  ඉන්න විතරයි, මේලෝ රහක් නැති එකෙක් කියල.
අපෝ නෑ. අපිත් ඉඳල හිටලා ෆන් ගන්න කොල්ලෝ තමා හරිය.

 දැන් කියන යන්නෙත් ඒවායින් එකක්.  අපි ෆන් ගන්නේ ඉතින් කාටවත් කරදරයක් හිරිහැරයක් වෙන විදිහට නම් නෙවෙයි. බොහොම හීනියට අඩියක් පුඩියක් ගහල, සින්දුවක් කියල ගන්න පට්ට ෆන් එක තමා අපේ සුපිරිම ෆන් එක. ඔන්න එදා සෙනසුරාදා දවසක්. සතියම වැඩ කරලා දෙයියනේ කියල පුපුරු ගහන ගිනි කාෂ්ටක කොළඹ හුළඟට මොහොතකට ටටා කියල ගම රට බලා ගියපු දවසක්. බස් දෙක තුනක නැගල කට්ට කාල ගෙදරට පය ගැහුවා විතරයි. මගේ ජන්ගමේ  බලියන්න ගත්ත.  බ්‍රොමාරගෙන් කෝල් එකක්.
"කියපන්"
"තෝ ගෙදර ද ?"
"ඔව් බන් මොකෝ ජල්තරේ"
"සියඹලා ගහ යට නාමුද අද"
"ම්ම්ම්ම්ම්....හා හා.. යන වෙලාවට මට රින්ග් එකක් දී"
"කොහොමත් තුනට වගේ තමා" "තිබ්බා"
"හ්ම්"
මගේ යාලුවන්ගේ නම් මහා අමුතුයි. නම් කිව්වේ ඇත්ත නම් නම් නෙවෙයි. එක අතකට අමුතු නැතුව තියේවියෑ. මේවා අපේ උන්ම හදාගත්තුවනේ.
මොන වුනත් ඉස්සෙල්ලම කස්ටියව හඳුන්වා දෙන්නම්කො.
කලින් කතාවලනම් එහෙම හැඳින්වීමක් කලේ නෑ.  කෝකටත් දැන්ම ඒක කරන එක කියවකොට කාටත් ලෙසියක් වෙයි.

බ්‍රොසංක - (ඇත්ත නමේ මුලට "බ්‍ර" ප්‍රත්‍ය යොදල තමයි හදාගෙන තියෙන්නේ)
බ්‍රොමාර -(මේකත් ඇත්ත නමේ මුලට "බ්‍ර" ප්‍රත්‍ය යොදල තමයි හදාගෙන තියෙන්නේ) මේ දෙන්නම අයියල මල්ලිලාගේ පුතාල.
ඩබලා - (නම කොහොම හැදුනද නම් මන්ද, එකත් එකටම නොහොබිනා වැඩක් හින්දම තමයි.)
ජුලා - (ඩබලගේ සහෝ, කොහොම හැදුනද නම් මන්ද මේකත්)
පැණි කුරුල්ලා - (මගේ මලයා. මෑටිය දොලේ හිච්චා කාලේ නාද්දී තමයි ඔය නම හැදුනේ)
ගයියා -(සීග්‍ර වෙනසකට ලක්වෙමින් ඉන්න පොරක්)
ජැකා - (කරපු නරක වැඩ හන්ද තමයි නම මෙහෙම වුනේ කියල කතාවක් තියනවා. සත්‍ය අසත්‍යතාව නම් දන්නේ නෑ)
රුමා -(ගමේ "කරා" කියල ස්වයං හැඳින්වීමක් කරනවා)
සිමා -(අපේ ගමේ නොවුනට අල්ලපු ගමේ. මගේ සහෝගේ බොක්කක්)

මේ තමයි අපේ ජුබිලි සෙට් එක. තව තව අය හිටියට යාවජීව සාමාජිකත්වය දරන්නේ මේ සාමාජිකයෝ තමයි. ඕනෙම මන්ගල්ලෙකදී අවමන්ගල්ලෙකදී අපි කොතනත් එකට.

ඉතින් දැන් අපි කතාව මැදින් ඇඩ් එක දැම්මේ කෝල් එක අවට පස්සෙනේ. හරි දැන් ආයෙම කතාව. ඔන්න දැන් ඉතින් මම අම්මට කියල බත් ජුන්ඩක් හෙම කවාගෙන ටිකක් දවල් වෙලා ප්ලේන්ටියක් හෙම ගහන ගමන් ටැලිවිෂණය බල බල පත්තරෙකුත් බලනවා. වෙලාව 1.00 ට ඇති.  අයෙත් ජන්ගමේ බලියනවා.

ඒ පාර ඩබලා.


"හෙලෝ"

"මේ  ඔ...යා .... ගෙදරද......"? "අද අපි නාන්න 'තෙප්පුවේ' යමුද......?"

මුට මොන මල පෙරේතයෙක් වැහිලද. හරියට මගේ කසාද ස්ත්‍රී අමතනවා වගේනේ  කතා කරන්නේ. (අ.කෝ.ලි* - මා තවමත් තනිකඩයෙකි).


"දැන් ?"

"ඔව් අනේ දැන්"

" ම්..ම්...ම්..ම් ...එහෙන....ම් පො.....ඩ්ඩක්......ඉන්නකෝ වස්තු මං  අවසරේ අරන් එනකම්....."

මමත් උගේ හැන්දෙන්ම බෙදුව.


යකෝ දැන් ටිකකට කලින් එකෙක් සියඹලා ගහ යට නාන්න කතා කළා. දැන් එකෙක් "තෙප්පුගල" යන්න කතාව. ක්ෂණික තීරණයක් වගේ. එක අතකට කලින්  ප්ලැන් කර කර හිටියනම් යන්න වෙන්නේ නෑ තක්කෙටම. ක්ෂණික තීරණ ඉක්මන්ලුනේ.


අද ඉතින් කොහොම හරි හවස 6.00 න් මෙහා ගෙදර එන්න වෙන්නේ නෑ කියල මම හින්තෙරුවෙන්ම දන්නවා. මොනවා වුනත් කොළඹ ක්ලෝරීන් වතුර මලෙන් කොච්චර නෑවත්
ඉතින් නෑවේ නෑ වගේනේ. ඔන්න ඔහේ ඕනේ ගල් කැටයක් ජිල් බෝලයක් වෙන්න කියල නිල් කැටේට තියන ඔයේ වතුර ඇබින්දක් නාගන්න "තෙප්පුගල" යනවා කියල හිතාගෙන  අම්මට කියල වැඳලා  මගේ රෝද තුන ස්ටාර්ට් කරගත්ත. අම්මත් ඔලුව අතගාල

"පරෙස්සමෙන් රෑ වෙන්න කලින් එන්න ඕනි" කියල කිව.

කොච්චර ලොකුවුනත් අම්මට අපි තාම පොඩි එවුන් වගේ. එහෙම තමයි අම්මලාගේ ආදරේ. එන්න එන්න මුවහත් වෙනවා. (අපි ලොකුයි කියල හිතාගෙන හිටියට තාම ඇටෙන් පොත්තෙන් එලියට ආව විතරනේ. අවුරුදු 21 කියන්නෙත් මහා ලොකු වයසක්ද)

"හොඳයි අම්මේ බයවෙන්න එපා පරක්කු වුනාට" එහෙනම් මං ගියා..

"වරෙන් වරෙන් කට්ටිය කුදලාගෙන මම හන්දියේ තව තප්පරෙකින් ඉන්නවා" කියල. ඩබලට මගදී කෝල් එකක් අරන් කිව්වා.

මම හන්දියට ගිහින්  නවත්තනවත් එක්කම ඩබලයි, බ්‍රොමාරයි, බ්‍රොසංකයි පල්ලම් බහිනවා. විජහට උන් තුන්දෙනත් පටවාගෙන අපහු අපේ ගෙදරට ආවා මගේ සහෝයි සිමයි ගන්න. එදා සිමා අපේ ගෙදර හිටියේ වෙලාවට.ඒක හින්ද එදා උට ෆන් එකක් ගන්න චාන්ස් ඒක සෙට් වුනා. එතකොටම වගේ ගයියා උගේ දඬුමොණරෙන් සැපත් වුනා.

දඩි බිඩි ගාල ඩබලා වීල් එකෙන් පැනල බයික් එකට නැග්ගා.. උට බයික් පෙන්න බෑ.
 ගයියයි, ඩබලයි බයික් එකේ. මගේ මලයා, සිමා, බ්‍රොසංක, බ්‍රොමාර 3 වීල් එකේ. ඔන්න දැන් ගමන යන්න පිටත් වුණා. කොහොමත් පැයක විතර ගමනක්. යන්න තියනවනේ,

"ඉස්සරහ ටවුමෙ බැංකුව ගාව නවත්තගෙන ඉදින් පොඩ්ඩක්" කියල ඩබල කෝල් එකක් දීල කිව"
මොකටද කියල කියන්න ඕනේ නෑනේ...."සෝක නිවන ගීත වයන මන්තරේ" පූර්ණ අනුග්‍රහය අද ඩබලා ගානේ.


ඔක්කොම හරි දැන් ඉතින්. ආයේම ගමන පටන් ගත්තා.
කොහොම කොහොම හරි ටවුමත් පාස් කරලා. 100% ගැමි කම උතුරලා යන ගම්මානයක් මැදින් ගුරු පාරක් දිගේ අපි "තෙප්පුගල" බලා යනවා. මම නම් මීට කලින් එහෙ ගිහින් නැති වුනාට අනික් එවුන් නම් ගිහින් තියනවා. මගේ ඉස්සෙල්ලම සම්ප්රාප්තවීම තමයි මේ...

මහාම මහා ගුප්ත වටපිටාවක් තිබුණු ඒ ඔය පාර නම් සුපිරි. හිතට මොකක්දෝ අමුතු හැඟීමක්  දැනෙද්දී යටි බඩ ඇතුලෙන් කිති කැවෙනවා වගේ දැනුන. (නුපුරුදු හැගීමක් හිතට දැනෙද්දී ඔයාලත් ඒ අත්දැකීම විඳලා ඇති කවද හරි. )


(ඔය පේන උසටම දෙපැත්තේම අඩි 40 ක් විතර උස ගල් තලාව.)
මැද ඉඳන් ඔයේ දෙපැත්තේ ඉවුරු දිහා බැලුවම අඩි 40 විතර උස
අතර මැද ගස් කොලන් ටිකකුත් එක්ක පිහිටි
 ගල් තලාව තමයි පෙන්නේ


හොඳ තැනිතලා ගලක් උඩ කට්ටිය සෙට් වුනා. අහෝ! දුකක මහත සහ පළල !!!. "ON  වූ මගේ සෙට් ඒක අතරේ මට අමුවෙන්ම OFF  වී සිටීමට සිදුවිය" කොයි තරම් මට මාව විශ්වාස වුනත් ඇල්කොහොල් විශ්වාස කල නොහැකිය.

මම වීල් ඒක එලවාගෙන අපු හින්ද මට බොන්න තහනම්. බීල වාහන එලවන ඒක කොහොමත් ෂුවර් නැති
හින්ද  වගේම හොම්බ කට තලාගෙන අතපය කඩාගෙන එකතැන ඉන්න අකමැති කමට  මට ආයාසයකින් වුනත් වාහනේ ගන්නකොට "හිතට" වෙච්ච පොරොන්දුව ඒ විදිහටම නිශ්ශබ්දවම රකින්න සිද්ධ වුණා. පටන් ගත්ත වෙලේ ඉඳන්. මුන්ගෙන් බේරිල්ලක් නෑ.


"අඩෝ අමුවෙන් ඉඳල උඹට අප්සෙට් යයි  බන් ."

"අඩෝ ගනිකෝ ටිකක්"

"මොනවද බන් ආතල් ඒක"

"පැතුමා වන් ෂොට්  බන් "

මම ඉතින්

"පිස්සුද බන්"

"එහෙම එකක් නෑ"

"බෑ බන් අවුල් ගන්න එපා"

"මටත් ආතල් තමයි" කියා කියා හිටිය. විඳව විඳව.

(බොන සෙට් එකක් අතර තනියම අමුවෙන් සිටීමට සිදුවීම මහා පාපයකි)

මමත් ඉතින් බයිටුයි සැන්ඩියි කන්න බොන්න බෑ කිවේ නෑනේ. අරවටත් එක්ක මේවයින්  ඇල්ලුවා.


"අඩෝ මටනම් මදි වගේ බන්"

"ඔව් බන්"

"තව එකක් ගේමුද"

"ඔවු බන්"

"කවුද යන්නේ"

ඩබලා  "මං....යන්නම්"

"තොට පිශ්ෂුද යකෝ"

"කෙලින් ඉන්නවත් බැරුව තෝ කොහොමද බයික්කේ ගියර් ටික කඩාගන්නේ."

හරි... කට්ටියට බඩු මදි වෙලා ආයේ ගෙන්න කතාව

වෙන්න යන දේ ඉවෙන් වගේ තේරුම් ගත්ත මම ජබොස් ගාල වතුරට පැනල හත් අවුරුද්දකින් වතුර දැකල නැති එකෙක් වගේ නාගෙන නාගෙන ගියා.


අනිවා ගොඩ හිටියොත් මට තමා ආයෙම ටවුමට අදින්න වෙන්නේ. ඇයි ඉතින් මං විතරනේ අමුවෙන් සිහියෙන් ඉන්නේ.

මගේ අසාර්ථක උත්සාහයේ ප්‍රතිපලේ....අන්තිමට.......

ඩබල මං උඩ මතුවෙනකම් ඉඳල අඩන්න වගේ කට හදාගෙන මට කියනවා

"පැතුමා යමකෝ"

"අඩෝ මම නාලානේ, තෙමිලානේ"

"ලද පමණින් සතුටු වෙයල්ලා බන්"

"හරි බොට බෑනේ මම යනවා.... මම යනවා."

කොච්චර හැදුවත් ආයේ ඕනේ නෑ කියල මොන..........!

මං අවේ නැත්තම් මුන්ගෙන් එකෙක් ගිහින් වැලලෙන්ඩ හදයි.

යාන්තම්  ඔලුව පිහාගෙන තෙත පිටින්ම T ඒක දාගෙන ඩබල පස්සේ තියාගෙන ගයියගේ දඬුමොනරේ නැගල විද්ද ආයේ ටවුමට.  විනාඩි 35 කින්   විතර ටවුමට ආව.  අවුරුදු ගානකින් බයික් එකක් ඇල්ලුවේ. තව පොඩ්ඩෙන් ගෙදර යන්න වෙන්නෙත් හතර දෙනෙක්ගේ  කර පිටින්..

අයි ඉතින් මල මිනියක් වගේ එකෙක් පස්සේ තියාගෙන යනකොට. මොන යකාටද බයික් එකක් කොන්ට්‍රෝල් කරගන්න පුළුවන්.  ඩබලට මතක බයික් එකට නැග්ග විතරලු. මද පවන උට හොඳට සංග්‍රහ කරලා.

එන අතර මගදී මම අම්මට කෝල් එකක් අරන් කීව.

"අම්මේ මුන් වතුර දැකල නෑවගේ නානවා ගොඩ ගන්න අමාරුයි දැන්ම. පරක්කු වුනාට බය වෙන්න එපා" කියල.

අම්මට බොරු කියන්නත් වුණා

කොහොම හරි ඒකත් ගෙනාවය කියමුකෝ. දැන් කට්ටිය හොඳටම ඔන්.(ON)

කන පැලෙන්න ගහල සින්දු කියනවා දැන් ඉතින්. අනේ ඉතින් මම අසරණ වෙලා තියන තරමක්...මම මුන්ට සංගීතේ සපයන නිල බොන්ගෝ ප්ලේයර් වෙලා.. (මොනවා වුනත් අමුවෙන් හිටපු මම උන්ට වඩා ෆන් එකක්  ගන්නයි කියල හිතාගෙන මිහිරි සංගීතේ සපයල හිත හදා ගත්ත.)

තවත් එකක්. කිසි දිනක සූර් වූ පිරිසකගේ ගායනයකට ඔබ අමුවෙන්  සිට වාදනයෙන් සහය නොවීමට වගබලා ගන්න.

ඔහොම සින්දු කියල කියල නාල හෙම යන්න පිටත් වෙනකොට 6.00 යි.

බොහොම අමාරුවෙන් කට්ටිය වත්තන් කරගෙන වීල් එකට පටවාගෙන එන්න ආව.
ගයියාට නම් අමුවෙන් ඉන්නවට වඩා බීල බයික් පදින එක ෂුවර් කියල ඌ ඩබලත් දාගෙන විද්ද .

තවත් දවසක් වතුරටම දියවෙලා ඉවර කරලා ගෙදර යද්දී පාරේ ටික දුරක් එනකොට යන වාහන හෙඩ් එක ගහ ගහයනවා.

"හුටා.... ලොකු අයියල ඇති බන්"

මම පිටිපස්සේ එවුන්ට කිව. උන්ට ඇහුන නොඇහුන එක වෙනම කතාවක්

පිටිපස්සේ හතර දෙනයි ඒ මදිවට සූර් වෙච්ච එවුන්.
යන්තම් සිහිය තියන එකෙක්ට කියල හිටියේ අපේ මලයයි සිමයි විතරයි.


සිමා ස්වේච්චාවෙන්ම බහින්නම් කියල ඉදිරිපත් වුණා.

"හරි එහෙනම් උඹ බැහැපන්. උඹව ගන්න ආයේ එන්නම්".

"උඹ හිමිහිට ඉස්සරහට වරෙන්කො කියල"


මම කිව.
ඉතින් ඌව මග දාල යනකොටම ඉස්සරහ හන්දියේදී
ලොකු අයියල අත දාල නැවැත්තුව.

දනී පනී ගාල බැහැල ලියකියවිලි ටික අරන් ගියා.

ලයිසොන් එක අතට ගන්න ගමන් රාලහාමි ,,

"ගෙවල් කොහෙද"

"අහවල් දිහා සර්"

"කොහෙද ගියේ"

"නාන්න සර්"

"කොහෙද"

"තෙප්පුගල"

"මේ කවුද"

"යාළුවො සර්"

"උඹ බීල නේද"

"අපෝ නෑ සර්"

 "අරුන් ටික"

මම ඔලුව කැසුවෙමි

බේගල් ඇද දමා තවත් නස්තාර් වෙනු කුමට

"හ්ම් හ්ම් යනවා  යනවා "

"තමුසෙගෙ යාලුවන්ට නම් අමාරුයි වගේ"

(අනිවා තෙප්පුගල ගියා නම් අමුවෙන් ඉඳීම පුදුමයක් තමයි.  ඉතින් ලොකු අයියලට සැක හිතෙන්න ඇති මමත් ගහල කියල.)

අපි හොඳ ළමයිනේ....

[ඉස්සර තෙප්පුගලට නිතරම පොලිසියෙන් පනිනවලු. ඒ තියන ගල් ගුහා , බෙන අස්සේ ලොකු ලොකු අපචාර වැඩ හෙම සිද්ධ වුනාය කියනවනේ..දැන් නම් එක නතර වෙලාලු. අපි වගේ කොල්ලෝ ඇරෙන්න බාල අපරාධ කාරයෝ දැන් තෙප්පුගල යන්නේ නෑලු ]


අම්මෝ ඔයින් මෙයින් වෙලා කොල්ලෝ ටික ගෙවල් වලට දාල කරලා ගෙදර එද්දී හොඳටම රෑ වෙලා
අම්ම හොඳටම බය වෙලා.

"ලොකු පුතා"

"කොහෙද ගියේ ළමයෝ"

"ෆෝන් එකේ මිස්කෝල් කියක් තියද"

"ඇයි අම්මේ"

"ඇයි අම්මේ තමා" තාත්ත උත්තර දුන්නේ. 

"ආයේ හෙම රෑ ගමන්  ගිහිල්ල අහුවෙන්න එපා. මං කිව්වේ නෑ කියල කියන්න එපා "

"යන දිහාක කලින් ගිහින් එනවා මිසක්"

"හ්ම්"

"අම්මෝ ඇති යන්තම් ඔයින් ගියා"

මගේ හිත මටම කීව

මම හොඳ ළමය වගේ හා කියල ඇවිත්  ෆෝන් එක බැලුව. මිස්කෝල් 38 ක් .  එන ගමන් ෆෝන් එක කැබින් එකට දාපු හින්ද ෆෝන් එකක් තිබුනද කියලවත් හාන්කවිසියක් වත් මතක නෑ. අම්මයි තාත්තයි කොච්චර පිච්චෙන්න ඇත්ද............?

මදැයි ඔයින් ගියා

ඔන්න ඔහොමයි මෑතකදී ගත්ත ෆන් එක බ්ලොග් පිටුවක ලියවෙන විදිහට වැඩ කටයුතු ටික සිද්ධ වුනේ.
විශේෂ සිද්ධවීමක් නම් නෑ.වෙච්ච දේ කිවේ.. කියවගෙන යනකොට බඩේ රුදාවක් අප්පිරියාවක් වගේ ආවනම් තරහ නැතුව එක පල්ලෙන් ලියල යන්න. ආයේ මේවගේ ඒවා නොලිය ඉන්න



(මේ තියෙන්නේ මගේ ජන්ගමේ කැමරා කාචය සිපගත්තු අපි නාපු තැන)


කොහොමද එල ස්පොට්‌ එක නේ?

අඹ ඇත්තට නැග්ග වතුරට පැන්නා. අඹ ඇත්තට නැග්ග වතුරට පැන්නා
අඹ ඇත්තට නැග්ග වතුරට පැන්නා..





සිද්ද වෙච්ච දේවල් බොහොම කෙටියෙන් තමයි කිවේ. තව අනම් මනම් විකාර කතා ඕසේට. ඕව ලියන්න ගිහින් බැනුම් අහගන්නවට වඩා හොඳයි නිකන් ඉන්න එක.


අවසානයේ අවවාද 2 ක් දෙනු කැමැත්තෙමි

[1]   සූර් වූ සෙට් එකක්  අතර කිසිදිනක  අමුවෙන් නොසිටීමට වගබලා ගන්න

[2]  කිසි දිනක සූර් වූ පිරිසකගේ ගායනයකට ඔබ අමුවෙන්  සිට වාදනයෙන් සහය නොවීමට වගබලා ගන්න.


"තෙප්පුගල" යනු අපේ ගමෙන් ටිකක් දුර පිහිටි ඉතා දුෂ්කර ගම්මානයක් මැදින් ගලන්නා වූ ගුප්ත කම පිරුණු ඔය පාරකි.

අපි වැඩ අල්ලන්න කියල හිතාගෙන ගල් තලාව බැහැගෙන හොඳ සපෝට් එකක් හොයාගෙන එද්දී නනා හිටපු  ගමේ පදිංචි දෙමළ සහෝදරයෙක් අපට අවධාරනයෙක් කිව්වේ.

(ඒ ප්‍රදේශය වතු යායකට අයත් භූමියකි. වැඩි වශයෙන් පදිංචි කරුවන් වන්නේ දමිල ජාතික හිතවතුන්ය.)


  "මල්ලි උඹල ෆන් ගත්තට කමක් නෑ. කට වරද්දගන්න හෙම එපා. මොකද මෙතන තමයි අපි පුජාව තියන දවස් වල පූජාව තියන්නේ. විනෝද වුනාට කමක් නෑ. අපිත් මෙතන බීල සින්දු කියල  තියනවා. කට වරද්දගත්තු අය මෙතෙන්ට ඇවිත් ඕනේ තරම් වරද්දාගෙන තියනවා." "අනික ඔයේ මාළු අල්ලලා බයිට් එකට හෙම ගන්නවා නෙමෙයි"එක හන්ද පරිස්සමෙන්"  "මස් පුච්චගෙන හෙම කන සීන් නෑනේ"

මීට කලින් කීප දෙනෙක් "තෙප්පුගල" ඔයේ පතුලේ හුස්ම ටික යවා ගන්න තරම් අවාසනාවන්ත වුනාලු... එක හින්ද වෙන්නැති මම මුලින් කිව ගුප්ත බව  දැනෙන්න අත්තේ
කොච්චර සූර් වුනත් ඒ කතාවත් මගේ සෙට් එක අමතක කලේ නෑ. ලිමිට් එක පැනගෙන යද්දී පොඩ්ඩක් මතක් කලාම හරි..

එතන තත්වය කියල දුන් ඒ සොහොයුරාට මගේ ප්‍රණාමය..

14 comments:

  1. ලස්සන තැනක්...........දැක්ක ගමන් පැනල ගිහින් නාන්න හිතෙනවා.........
    කතාවත් මරු.....

    (මෙච්චර දවසක් නමින් කතාකලාට සොරිවේවා.....ඔයා අයියෙක්නෙ....:(..)

    ReplyDelete
    Replies
    1. අයෙ බැස්සොත් ගොඩ එන්න හිතෙන්නේ නෑ. වැඩිපුර ෆොටෝ ටිකක් ගහ ගන්න බැරි වුනානේ..

      නමින් කතා කලාට මොකෝ කාරිය.. වැඩිමල් අයට නම කියල කතා කලාම කතා කෙරෙන්නේ නැතුවයෑ.

      ඔන්න ඔහේ සුපුරුදු විදිහටම ඇමතුවනම් මං මනාපයි. :)

      Delete
    2. හරි ඉතින් ඔයත් හා නම් මාත් හා....

      Delete
  2. මල්ලි මට කියන්න මේ ප්ලේස් එක.... පුලුවන්නම් එකට abeetha0325@gmail.com මේල් එකක් දාන්න.. මේ සදුදා යන්න තැනක් නැතුව ඉන්නේ....

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනම් මම ඊයක් විද්දා

      Delete
  3. යකො හරියට කියහන් කොහොමද මෙතෙන්ට යන්නේ කියල වහනේක යන්ඩ පුලුවන්ද කොහේද තියෙන්නේ හරි විස්තරයක් ලියහං

    කමෙන්ට්ස් ගැනත් හිතහං නමුත් නොහිතත් හිටපන්..දිගටම ලියන්ඩ ජය..

    ReplyDelete
    Replies
    1. හරියටම යන විදිහ ආයෙම මම පොස්ට් එකකින්ම දාන්නම්කො එහෙනම්.

      Delete
  4. මේක දැක්කම මට මීමුරේ මතක් වුනා.........මේක පට්ටයි බොල රාජ් අයියා සමඟ තරයේ එකඟ වෙමි. අදයි ආවෙ දිගට එන්නම් ජය වේවා....!!!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට "හිත හොඳ" වත්.. පාර ළඟදීම නිවැරදිව හදල පොස්ට් එකකින්ම දාන්නම්කො

      Delete
  5. උඹට ෆෝන් එක ගෙනියන්න බැරි උනාට, කැමරාව ගෙනිච්ච එක නන් ලොකු දෙයක්.මේක මරු පොට් එකක්නේ බං.මටත් විස්තර කියලා මේල් එකක් දාපන්කො, අපේ සෙට් එකත් එක්ක දවසක සෙට් වෙන්න.

    (මගේ මේල් address එක උඹ ගාව තියෙනවා නේද ?)

    ReplyDelete
    Replies
    1. ආ ආ මේ අපේ දිමුවා නේද..? සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට.. ෆෝන් එකේ කැමරාව තමයි බන් අරන් ගියේ..

      Delete
  6. නියම ලිවිලක් මලේ,මොනවා උනත් අර මතට කතාවට නම් මම තදින් අකමතිලු...ලස්සන තැනක්.... අපි නම් ඉතින් කවද දකින්නද..:(

    ReplyDelete
  7. හරිම ලස්සන තැනක් මල්ලි....
    දැක්කම ආස හිතෙනවා..


    ReplyDelete
  8. ලස්සන තැනක් තමයි. ඒත් ගුප්ත බවකුත් පේනව තමයි.

    ReplyDelete