My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Thursday, February 9, 2012

ඇය තවත් එක් කෙල්ලෙක් පමණක් නොවේ.

පුදුමාකාර වූ මේ ජීවිතය තුල සදාකාලිකයි, ස්ථීරයි කියල කියන්න නම් බැඳීමක්  නෑ. අපට යන්න වෙන දවසක මේ ඔක්කොම දමල ගහල යන්න වෙනවා කවුරු කැමති වුනත් අකමැති වුනත්.  ජීවත් වෙන කෙටි කාලයේදී අපේ ජීවිත වල කොයිතරම් නම් වෙනස්කම් සිද්ධ වෙනවද.? කොයි තරම් නම් දේ අපට හිමි වෙනවද? කොයි තරම් නම් දේ අපට  අහිමි වෙනවද?. ආදරය, අනුකම්පාව, වෛරය, තන්හාව, ඉරිසියාව, කුහකකම්, උද්ධච්චකම්, ඔය මෙකි නොකී බොහෝ දේ අපි හම්බකර ගන්නවා. කෙනෙක් උඩින් උස්සල තියන්නත්, නැත්තටම නැති කරන්නත් මම ඉහත කීව; අසිරිමත් මිනිස් සිතේ හට ගන්නා හැඟීම් කොතරම් දුරට ඉවහල් වෙනවද?..

ආදරය ඔබව ජීවත් කරනවා, වෛරය ඔබව නැත්තටම නැතිකරලා දානවා.  ගොඩ කාලෙකින් අලුත් යමක් ලියල දානවයි කියල හිතුවට ඒක කරන්න බැරිවුණා.  කිරි අම්මා නැති වුනා. ඉතින් මල ගෙදර කටයුතු හන්ද ඒක අතපසු වුනා.

අද මම කියන්නේ මළගෙදර ගැනවත්, අසිරිමත් මිනිස් සිතේ හැඟීම් ගැන නම් නෙවෙයි... ජීවිතේ අතර මගදී නොහිතන වෙලාවක නොහිතපු කෙනෙක් නොහිතපු විදිහට ඇවිල්ල මගේ ජීවිතේ මේ තරම් වෙනසක් කල එයා ගැන.

අපි එයාව මෙහෙම හඳුන්වමු.. (මානෙල්) මේක එයාගේ ඇත්ත නම නෙවෙයි. මානෙල් මලක නමකට  නෑකම් කියන එයාට මීට වැඩ ලස්සන නමක් තිබුන. එයාගේ ඇත්ත නම ලියන්න මගේ හිත නැමෙන්නේ නෑ...

ජීවිතේ මට යාළුවො ගොඩක් අඩුයි. ඒ අතරින් හොඳ යාළුවො ඊටත් වඩා අඩුයි. මිතුරියෝ නම් ඇත්තෙම නෑ. (මේ කියන්නේ මම මුහුණු පොත හදා ගන්නා කලින්, දැන් නම් මිතුරියොත් ඉන්නවා). ඔයා  අද මගේ ජීවිතේ මට හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරලා නොපෙනෙන ඈතකට වෙලා තනියෙන් ඉන්නවා කියල මම දන්නවා. ඔවු මම දන්නවා මේ ඔක්කොටම වැරදිකාරයා මම කියල. ඔයා කිව්වට සමාව දෙන්න බැරි වැඩ මම කලේ නෑ කියල මම නම් කියන්නේ මම කරපු වැරදි වලට සමාව දෙන්න බෑ කියලයි. ඒ තරම් වැරදි මම කළා. . කොච්චරනම් ඔයාව අඩවන්න ඇත්ද?. මට සමාවෙන්න කියන්න තරම් අයිතියක් මට දැන් නෑ.

මගේ මීට කලින් දාපු පොස්ටුව  නොසලකා හරින්න.

එය කියවා ඔබ පැමිණෙන මානසිකත්වයෙන් මේ ලිපිය නොකියවන්න.  මට ඇය මුණ ගැසෙන්නෙත් මුහුණු පොතේ පිටුවකින්. කලින් දාපු පොස්ටුවෙන් කියවෙන අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගැනීමක් නම් නෙමෙයි. බලන් යනකොට නැත්තෙත් නෑ. නමුත් ඇය තවත් එක් කෙල්ලෙක් පමණක් නොවේ. එවැනි අසම්මත කෙල්ලෙක් නොවේ.  ජීවිතේ අපට කොතැනක හරි හදා ගන්න බැරි වැරදීම් වෙනවා.  මේකත් මම වරද්ද ගත්ත ඉසව්වක්..පසු තැවෙනවා හැරෙන්නත් යලි එවැනි වැරදි නොකරන්නත් සිතා ගන්නවත් ඇරෙන්නත් කල හැකි අන් යමක් නැත.


පුරා නව මාසයක්  පමණ මගේ හොඳම යෙහෙළිය වුන "මානෙල්" මගේ ජීවිතේ මට ලැබුණු හොඳම මිතුරිය අවුරුදු 18 ක පුංචි කෙල්ලෙක්. අපේ සම්බන්ධ කම කොච්චර දුරට ගියාද කියනවනම් මම එයාට මගේ ෆෝන් නම්බර් එකත් දුන්නා. ඒ මම ෆේස්බුක් එකේ හැම වේලාවෙම නැති හන්ද.  දවසකට මැසේජ් 200 නම් ඉක්මවනවා.


කෑවද? , බීවද?, කොහෙද ඉන්නේ ?, මොකද කරන්නේ ?, ඇයි කතා කරන්නේ නැත්තේ?, අද වැඩද?, ගෙදරද? ඔය ආදී බොහෝ දේ සොයා බලපු එයා මගේ ලගින්ම උන්නා.

කලින් ඒක පාරක් මිස් කෝල් ප්‍රේමයෙන් මට්ටු වෙලා හිටපු මට මානෙල්ගේ ආදරේ විශේෂ කරලා හිතන්න මම බය වුනා. විඳවන්න මම බය වුණා. ඉතින් එයා කොහෙන් හරි කැරකිලා ඒ මාතෘකාවට අපුහාම මම විහිළුවක් කරලා ශේප් වෙනවා.

දවසක් එයා ඇහුව අපි අතරේ තියෙන්නේ මොනවගේ බැඳීමක් ද  කියල.... අහුලපු ටෝකක් දාල මම කීව

"මිතුරු කමට එහා ගියපු එත් ආදරයේ සීමාව නොයික්මවපු නමක් නැති බැඳීමක්"  කියල

"හ්ම් එහෙමද ?" එයාගේ උත්තරේ... (එදා ඔයා කොච්චර නම් පිච්චෙන්න ඇත්ද)

මේක මම වින්ද වෙනස්ම ආදරයක්. කියන්න දේ බොහොමයි. ලියන්නන් වාලෙ ඒක දිගට ලියල ලියල වලේ වැටෙනවට වඩා හොඳයි කස්ටියගේ අදහස් බලල කියවල හිමින් සීරුවේ ලියන ඒක. සැලකියයුතු ඉල්ලීමක් දෙකක් අවොත් අපි අහගෙන ඉන්නම් ඔයාගේ කතාව කියන්න කියල ඉතුරු ටිකත් ඉක්මනටම  මම ලියනවා...ඇත්තමයි.

8 comments:

  1. "මිතුරු කමට එහා ගියපු එත් ආදරයේ සීමාව නොයික්මවපු නමක් නැති බැඳීමක්"

    මෙහෙම බැඳිම් තියෙනවද පැතුම්?? මට නම් හිතෙන්නෙ ඒ ක බොරුවට තමන්ගෙම හිත රවට්ට ගැනීමක් විතරයි කියලා. අන්තිමට ඉතුරු වෙන්නෙ පසුතැවීම යි දුකයි විතරයි. කොහොම හරි ඔය අන්ත දෙකින් එකකට බැඳීම ඇතුලත් වෙන්ට ඔනෑ. එක්කො ආදරය, එක්කො මිතුරුකම.....

    ReplyDelete
    Replies
    1. හිත රවටා ගැනීමක් නෙවෙයි "තරු අරුන්දතී".. ඔයා කියනවා වගේ බැඳීම මේ අන්ත දෙකින් එකකට ඇතුල් වෙන්න ඕනි කියල... අපි මෙහෙම හිතමු.. අපි එක අන්තෙක ඉඳල තවත් අන්තෙකට යනවනේ. එතකොට අපි ඒ යන පාරේ අතරමග හඳුන්වන්නේ කොහොමද.? උදාහරණයක් විදිහට කොළඹ ඉඳල ගාල්ලට යනකොට අපි කෙලින්ම ගාල්ලට යන්නේ නෑනේ. තව ගොඩක් ගම නගර පහු කරනවනේ. අපට ඕනි නම් අතර මග නවතින්නපුළුවනි. කැමති නම් විතරක් ගාල්ලට ගියහැකි...:> ඉතින් මිතුරු කමේ ඉඳල ආදරේ සීමාව හොයාගෙන යන කෙනෙක්ට වුනත් අතර මග නවතින්න පුළුවන්. එතකොට මම කියන බැඳීම මේ අන්ත දෙකින් එකකටවත් අයිති නෑ නේද?

      Delete
    2. අය්යෝ පැතුම්... ගමනක් යද්දි නම් අතර මඟ නවතින්ට පුලුවනි. ඒ නවතින තැන නිශ්චිත තැනක්නෙ. නමක් පිහිටීමක් තියෙන. ආදරේ එහෙමද?

      Delete
    3. එක හරි නමුත් මම කියන්නේ ආදරේ ගැන නෙමෙයිනේ.. ආදරේ සීමාව නොයික්මවපු තැනක් ගැනනේ..ඒ කියන්නේ ආදරේ පෙනෙන නොපෙනෙන මානයේ.

      Delete
  2. පැතුම්...

    “අපි අහගෙන ඉන්නම් ඔයාගේ කතාව කියන්න“.....

    අන්තිමටම අපි බලමු...මොකද වෙන්නෙ කියල....:)

    හදාගන්න බැරි වැරදි බොහොම ටිකයි තියෙන්නෙ මේ ලෝකෙ....ඒත් එහෙම වැරැද්දක් හිතේ තදකරගෙන ඉන්නවට වඩා..ගොඩක් හොඳයි...කාටමහරි කියන එක...
    චුට්ටක් හරි සැහැල්ලුවක් දැනෙයි...
    ඉතින් අපි බලන් ඉන්නව....ඔයාව අහන්ඉන්න....

    ReplyDelete
    Replies
    1. හොඳයි නිසපු. එහෙනම් අහගෙන ඉන්න... මේ මගේ කතාව. මට ලියන්න පුළුවන් හොඳම විදිහ

      Delete
  3. මාත් එක ආදරේකින් මට්ටු වෙලා හිටියේ ඒත් ඊළඟට හිතට දැනුනු ආදරේත් මම වින්ඳා හැබැයි කෝම ලඟින් හිටියත් කවදහරි දාලා යයිනේ කියන සිතුවිල්ලත් ඇතිව... එහෙම කරපු නිසා අද මම සෑහෙන්න සතුටින්(හැබැයි දෙවෙනියට ලැබුනු ආදරේ මම නොදැනුවත්ම ගොඩාක් කලින් මට ලැබෙමින් තිබුනු දෙයක්)

    ReplyDelete
  4. මම කිව්වෙ... ආදරේට වෛර කරන්න ගත්තු තීරනේ වැරදි එකක්.

    ReplyDelete