My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Sunday, January 29, 2012

මිස් කෝල් ප්‍රේමය..

මිස් කෝල් ප්‍රේමය..



ආදරය මහා පුදුමාකාරය... විටෙක භයන්කාරය... නෙතඟට කඳුලක් එක්කල හැකි සේම ආදරයට මුවගට සිනහවක්ද එක්කල හැකිය.. තව බොහෝ දේ එක් කිරීමටත් තියන සබ්බ සකලමනාව නැත්තටම නැතිකර දමන්නටත් මේ පුදුමාකාර වූ ආදරයට හැකිය. සමහරු විහිලුවකට ගන්නා අතරේ  තවත් සමහරු දේවත්වයෙන් පුද දෙන්නේද මේ ආදරයමය. ජීවිතයේ අතරමන් වුවන්ට ආදරය මහත් පිලිසරනකි. හිතකට ආදරයක් දැනෙන්නට මහා වෙලාවක් ගත වෙන්නෙත් නැත.. ඒ වගේම මහා මෙරක් තරම් ආදරය නැති වෙන්නත් ඒතරම්ම වෙලාවක් යන්නෙත් නැත. එකයි මේ ආදරය "පුදුමාකාර" කියන කුලකයේ තවත් අවයවයක් වෙන්නේ.


මා දාර්ශනිකයෙකු නොවේ . මා නවකතා කරුවෙකුද  නොවේ. මා කෙටි කතා කරුවෙකුද නොවේ. මා බ්ලොග් ලියන්නෙකි.  මෑතක සිට බ්ලොග් ලියන්නෙමි.
බ්ලොග් අවකාශයේ අහම්බෙන් ලැබුන සබැදියාවක්මත ක්ලික් කිරීමෙන් බ්ලොග් කරුවෙකු වීමි. පුදුමාකාරය...
කිසිවක් ලබා ගනු පිණිසවත් මඩිය තරකර ගැනීමවත් පිණිස නොව මා බ්ලොග් ලියන්නේ. මට හම්බ කරගන්නට බොහෝ දේ ඇත. ඒ මුදල් නොවේ. මේ පොස්ටින්ග් කියවන ඔබ සේම ඔබ මෙහි පහල රඳවා තබා යන වචන කීපයක කමෙන්ටු මට හම්බකර ගැනීමට අවශ්‍ය වේ. කොතරම් දුරට සාධාරණ වේද නොදනිම්. නමුත් මට අවශ්‍ය එපමණකි.  මා ලස්සනට ලියන්නට නොදනිමි. උපමා ගලපන්නටද නොදනිමි. විටෙක ලියන භාෂාවෙන්ද, විටෙක කයිවාරු භාෂාවෙන්ද බ්ලොග් ලියන මම තවමත් ආධුනිකයෙකි. මේ ඉසව්වට නවකයෙකි...
මට දුර යන්න ඔබේ සහයෝගය අවශ්‍ය වන්නේ එබැවිනි. 


මහදැන මුත්තාගේ ලොකු ටෝක් අවශ්‍ය නැත. එහෙනම් මගේ ප්‍රේම ජවනිකා වලින් මට වැරදුනු තැන් මේ ඉස්සව්වේ තවත් දිග වෘතාන්තයක් දිග හරින්නයි මේ සුදානම. මීට පෙර ලියු ලත් තැනම ලොප් වුන මගේ ප්‍රේමයත් එවැන්නකි.
දිනය හරියටම මතක නැත. නමුත් උසස් පෙළ විභාගය සඳහා සුදානම් වුණ මාස කීපයකින් එකක් බව මතකය (සමහරු උසස් පෙලට සුදානම් වන්නේ සාමාන්‍ය පෙළ ලියන කාලයේදීය.. නමුත් මා අන්තිම මාස හයේ සිට සුදානම් වීමි.. මගේ ප්‍රතිපලය හා කිසිවක් මේ බ්ලොග් ප්‍රකාශය වෙත ඍජුව බල නොපාන හේතුවෙන් ප්‍රතිපලය පිළිබද කිසිවක්  නොඅසන්න). අහ් හරි... හරියටම මාසය මැයි මාසය. ඔව් මැයි මාසයම තමා...

ගමේ දන්සලට හරි හරියේ ලක ලැස්ති වෙන ඒ කාලයේ එක් දිනක උදෑසන ආ අහඹු මිස් කෝල් ඒක නැත්තම් අද මෙසේ මේ බ්ලොග් ප්‍රකාශය නැත.

යන්තම් දහය පහු වෙන්න කලින් නමයයි පනස් පහට විතර  නැගිට දනී පනි ගා දත කට මැදගත්තෙමි. අම්ම බෙදා තිබුන බත් පංගුව ගිල දැමු මා, ටි ෂර්ට් එකක් පටලාගෙන  මගේ මවුන්ටනේ කිහිල්ලේ ගහගෙන ගෙයින් පිටට දවසේ මංගල අඩිය තියනවත් එක්කම මගේ සහෝ.



"අයියේ.. මේ නම්බර් ඒක දන්නවද"

"මොන"

"මේ මේක 081 XXXXXXX"

"කෝ දෙනවා බලන්න"

එතකොටම මෙන්න බොලේ ලියුම් කවරයකුත් ආවා ඒ නොම්බරෙන්ම.
දනී පනි ගා ඇඟිලි ජන්ගමේ බොත්තම් අතර යැවූ මං හනි හනිකට කෙටි පයින්ඩේ  කියවන්නට වීමි.


"Hi . Dinu ... dont  worry ... Mama  amaa"  (අමා ඇගේ ඇත්ත නම නොවේ.)


 හැරෙන තැපෑලෙන් මමත්


"Mama  nam  dinu  nemei .... oya  kawuda  ....?"


විනාඩියක් හිටියා නො රිප්ලයි... දෙකක් හිටියා.. ම්...හු...

"විජහට කියනවකො නොම්බරේ දන්නවද කියල"  මල්ලි බර බරේ දැම්ම.


"ආ ඔව් ඔව්.. මම ටෝක් කරන කෑල්ල.. අද මට ෆෝන් ඒක ඕනි"


මමත් කෙප්පයක්  දැම්ම...

හත් වලාමේ කියන බොරු වලට හෙනවත් ගහයිද දන්නේ නෑ (ඒවායේ ප්‍රති විපාකද දන්නේ නෑ අද තවමත් තනිකඩව ඉන්න සිද්ද වෙලා තියෙන්නේ) දෙවීයෝ දනිති අපි නොදනිති.

වෙන මොන දෙකට ගේමට හිටියත් මලය ලව් සීන් වලට බොක්කෙන්ම සප් එක දෙනවා.
මම නැවතත් මවුන්ටනේ කිහිල්ලේ ගහගෙන පඩිපෙළ බැස්සේ පස්ස බලන්නෙත් නැතුවයි.


"මොනවද ඔයි...ඕක තියල යනවකෝ"  


මල්ලි දීලත් බෑ නොදීත් බෑ වගේ කියනවා යන්තම් ඇහුණ. සමහර විට මේ උගේ මරාලයක්ද දන්නෙත් නෑ.
"නෑ නෑ උට කොහෙන්ද කෙල්ලෝ". මගේ හිත මටම මිමිනුව. මේ නම් මම සිරාවටම  සිරා ලයින් පාර දාන බාලිකාවේ නිශා වෙන්න ඇති කියලයි මම හිතුවේ.


එයා කොහොම හරි මගේ නම්බරේ හොයා ගන්න ඇති. ෂා ෂා ෂා .... එල එල.

මගේ ජන්ගමේ ලොකු  එකක් නොවේ. නොකියා 2100 එකක්. ඒ හා හාපුරා  කියල මගේ අත ගත්ත මගේ ප්‍රථම ජන්ගමේ..


මල්ලයි මායි සහයෝගයෙන් හවුලේ තමයි ඕක පාවිච්චි කරන්නේ. මං පන්ති යන දවසට මං ගාවත් එයා පන්ති යන දවසට එයා ගාවත් ඉන්න තමයි කොන්දේසිය වුනේ.


හැබැයි සල්ලි දන්නේ අම්ම හරි තාත්ත හරි.. මාසෙකට රුපියල් පනහක් වගේ තමා එත්. සමහර මාස වල එකත් නෑ.


උත්තර බඳින්න ගියොත් ප්‍රශ්න කෝටියයි.. ඒක හන්ද ශේප් එකේ සැහැල්ලු ගියරයකට දාල පාගල වේගේ වැඩි වෙනවත් එක්කම පට පට ගාල ගියර් ටික කඩාගෙන මම මාරු වුනා.


කඩේ ගාව කොල්ලෝ සෙට් එක ගාවට ගියා විතරයි තවත් ඇමතුමක්.


"හප්පට සුර ... මූ දැන් මාර බිසී පොරක් වෙලානේ... යකඩෝ... කෑල්ලක් වත් දාගෙනද"


කට තියාගෙන ඉන්න බැරි එකෙක් කියනවා ඇසින. කියන්නේ මට නොවේ වගේ පාලම් ගැට්ටට හේත්තු වී  මමත් හැල්මේ ආව කෝල් එක අන්ස්වර් කරන්න ගත්ත.


"හෙලෝ"

මිහිරි කටහඬක් අවකාශය දිගේ තරන්ගයක්ව ඇවිත් නැවත මගේ ජන්ගමේ මල බැඳුනු පීකර අතරින් මට ඇසෙන්නට විය.


ඇසිපිය සැලෙන පමණටම හදවතද ගැහෙන්නට විය.


කටහඬ ලස්සන යක්කුත් ඉන්නවා කියා මා අසා තිබුනට මේ නම් යකෙක් වෙන්න බෑ මයි කියල මට හිතුනේ..
අනේ දෙයියනේ මෙකි නම් යකෙක් වෙන්න එපා කියලයි මම හිතුවේ.


"හෙලෝ"

"ඔය කවුද"

ම.....


මට වචන අමතක විය.. හින්තෙරුවෙන්ම මේ නම් කෙල්ලෙක් බව දැන් නම් සක්සුදක් සේ පැහැදිලි හින්ද මමත් කනේ තියාගෙනම උන්නා.

" ආ ආ....මේ දිනුගේ අයියද එයාට පොඩ්ඩක් ෆෝන් එක දෙනවද අයියේ"

හඩේ අප්පේ මේ කෙල්ල හරි ෆෝවඩ්නේ  අප්පා.


"සොරි wrong නම්බර්"  කියා කට් කරන්නටද සිතින..


නමුත් මගේ හිත කිවේ "ටෝක් කරපන් ටෝක් කරපන්" කියායි.

"හෙලෝ ප්ලීස් ඔය කවුද කියනවද" මම දිනුගේ අයිය නෙවෙයි"


"ඔහ් සොරි"

අහෝ දුකකි..."බීප් බීප් බීප් " කෝල් එක කට් විය.


නොයෙකුත් වැඩ රාජකාරීන් අතරේ දවස ගෙවුන.  ඉරත් බෑ බෑ කියා කියා පල්ලම් බහිනවා.
එත් එක්කම වට පිටාවේ තැන තැන රඳිලා තියන එළියත් ඉර හොයාගෙන යනවා. හවස ඇලෙන් නාගෙන තෙත පිටින්ම මවුන්ටනේ නැගී මා ගෙදර බලා පාගන්නට ලැස්ති වුනා.. යන අතර මැගදී "ටිටික් ටිටීක් " ......wow ..........  මෙන්න මගේ ආගන්තුක තැනැත්තියගෙන් කෙටි පයින්ඩයක්... SMS  එකක්. හනි හනිකට කකුල බිම අද්දා මවුන්ටනේ නවත්තගත්ත මම සීතලට වෙව්ලන අතැඟිලි අතරින් SMS  එක කියවුව..


ඔයා කවුද ? ඔයාගේ ඇත්තම විස්තර මට කියන්න"

එකේ තිබ්බේ එහෙම...

ඊට පසු අපි අපි  ගැන බොහෝ දේ හුවමාරු කරගතිමු...මාස 4 කට අඩු කාලයකදී අපි දුරකථනය හරහා බිහිවන තවත් එක අසම්මත පෙම් යුවලක් වීමු.....


මා ඇයටද ඇය මටද ආදරය කළෙමු.   (ඔන්න දැන් ඉතින් ලියන බාෂාවෙන් ලියවෙනවා)
මා කිසි දා ඇය දැක නැත. ඈද කිසිදින මා දැක නැත. නමුත් අපි පෙම්වතුන් වීමු..


ජිවිතයේ ප්‍රථම වතාවට අසම්මත ආදරයකට හදවතින්ම ආදරය කලෙමි. සැබවින්ම ආදරය කලෙමි. ඔහේ රස්තියාදු ගසමින් උන් මම ටිකෙන්  ටික හිමින් සීරුවට ආදරය කරන්නට ඉගෙන ගත්තෙමි. ආදරය විඳින්නට ඉගෙන ගත්තෙමි. ඇත්තටම මා ඉගෙන ගත්තා නොව මට එසේ කරන්නට මගේ හිතත් ඇගේ ආදරයත් බල කරන්නට ඇති. කාන්තාරෙක ඉපදුන සමනලයෙක්ට පරවුන මලක් වුවත් මහා මෙරක් වටිනවා විය යුතුය.  (කාන්තාරේ කොහෙන්ද සමනල්ලු, පරවෙන්නවත් කාන්තාරේ මල් කොයින්ද. කමක් නෑ. මගේ හිතට ඒක පාරට අවේ කාන්තාරේ සමනලයා.) මට ඕනේ වුනේ මං ගැන පුංචි හැඳින්වීමක් කරන්න විතරයි.

එදා මහා වැස්ස දවසක්.. බක් මහා අකුණු මැයි මාසේවත්  අතැරලා යන්න සුදානම් නෑ වගේ.  හරියට මමත් එයාව අතැර යන්නට ලැස්ති නෑ වගේ.


"පැතුම්"

"ඇයි වස්තු"

"ඔයාට කවද හරි මම නැති වුනොත්"

"ඇයි එහෙම අහන්නේ"

"මම කියන්නේ ඔයාට අපි දුරයි කියල හිතුනොත්"

"මට එහෙම හිතෙන්නේ නෑනේ"

"මං කියන්නේ හිතුනොත්"

"හිතුනොත්..... ම් ම් ම් .. ලඟට ගන්නවා"

දැඩි නිශ්ශබ්ද තාවයක්....

පුපුරු ගහන අකුණු නොතකා අපි අපේ ෆෝන් වලින් ආදරය කලේ එහෙම.

කෙල්ලන්ට සමහර දේ දරාගන්නට බැරිය.  මේ මා කියන දෙයක් නොව. හැමෝම කියන දෙයක්.
හැමදේම දරාගන්න කෙල්ලොන්ද සිටිති.

නමුත් මේ කතාවේ නායිකාවට මෙසේ දරා ගැනීමේ හැකියාවක් නොවුන බව මා දැන ගත්තේ සිහින් ඉකි බිඳුමක් මගේ කනට ඇසෙද්දිය.

"පැටියෝ"

"ඇයි අඬන්නේ මැණික"

"නෑ"

"නැත්තේ මොකද ඇයි කියන්නකෝ මේ"


"බීප් බීප් බීප්"


දෙයියනේ ඇයි කට් වුනේ. මටත් පිස්සුනේ ඇයි මං මේ ගොරවන වෙලාවේ මේ කෙල්ලට කෝල් කලේ.

එළියේ මහා සද්දෙන් අකුණක් පිපිරී ගියේය. මගේ හිත ඇතුලෙත් එවැනිම අකුණු පිට පිට පුපුරන්නට විය.


එවලෙහිම.. මට ඇමතුමකි.


"ඇයි රත්තරන් කට් වුනේ"


"මට කියන්න ඇයි ඔයා අරේම කිව්වේ"


"රත්තරන් රත්තරන්.. තියාගනින් උඹේ රත්තරන්"


"තෝ අයෙම සැරයක් මේකිට කෝල් කරලා අහු වුනොත් මම තොට හොඳ වැඩක් කරනවා"


"මම නරක මිනිහය කියන්න එපා"


කකුල් දෙක පන නැති විය. උගුර හිර වෙන්නාක් මෙන් දැනින.
කටේ ඉතුරු වූ  කෙල බිඳක් ඇත්දැයි සොයමින් දිව වෙහෙසෙන්නට විය.

මින් පසු කිසි දිනක ඇගේ දුරකථනය ක්‍රියාත්මක වුවේ නැත.


"ඔබ අමතන ජංගම දුරකථනය සමග මේ අවස්ථාවේ සම්බන්ධ විය නොහැක"

මා ඇයට කතා කරීමට උත්සහ කල හැම විටම අසන්නට අකමැතිම වචන ටික නැවත නැවත ඇසෙන්නට විය.

පසු කලෙකදිත් යාලුවෙකුට හෝ ඇමතුමක් ගත්විට මේ අඬහැරය ඇසෙන විට මට ඇයව සිහි වෙයි. පපුව පත්තු වී යි..


"මට ඇය කතාකල  නිවසේ දුරකතනයටද කතා කලෙමි. එයත් භාවිතයෙන් ඉවත්කර ඇත"

කර ගත දෙයක් නොහැකිව මා ලතවුනෙමි. නමුත් මා පිස්සෙක් නොවුවෙමි. දුකට ගස් පල්ලේ කානු පල්ලේ බිබී  කාලකන්නියෙක් නොවුනෙමි.

නමුත් එදා සිට මා ආදරයට වෛර  කලෙමි.
  

6 comments:

  1. සුසුම් අහුරක බර දරන්නද,කදුලු බින්දුව ගිලිහුනේ...............
    නොලැබෙන වග දැන දැනත්,නුඹ ඇයිද මට පෙම් කලේ....................

    සමහර අතීතයේ දේවල් අමතක කරල ජිවිතේ සැනසීමෙන් ගෙවන්න පුළුවන් කියල හැමෝම කිව්වට..,ඒත් ඒ දේවල් එහෙම ලේසියෙන් අමතක කරන එක ලේසි නෑ..මොකද අපි ඒවා ජීවිතේම කරගෙන හිටපු නිසා..
    "අතීතය සිහිනයක් පමණයි,සැබෑ සුවදක් නෑ"
    ඇත්තටම ඒ දේවල් හීනයක් උනා නම් කොච්චර හොද ද?

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි විමු... හීනයක් වුනානම් කොච්චර හොඳයිද. එහෙනම් මේවගේ දුකක් නෑනේ

      Delete
  2. අදයි මම මේ පැත්තට ආවේ....

    “කර ගත දෙයක් නොහැකිව මා ලතවුනෙමි. නමුත් මා පිස්සෙක් නොවුවෙමි. දුකට ගස් පල්ලේ කානු පල්ලේ බිබී කාලකන්නියෙක් නොවුනෙමි.

    නමුත් එදා සිට මා ආදරයට වෛර කලෙමි.“

    හපොයි....වෙරි බෑඩ්....:o
    ඔයා ඔයාටත්...ඇත්තටම කවදමහරි ඔයාට ආදරේකරන කෙනෙකුටත් කරන ලොකු අසාධාරණයක්...නේද...?..:)

    ReplyDelete
  3. සාදරයෙන් පිලිගනවා මේ පැත්තට "නිසපු"

    බැඳීම් වැඩි වෙන තරමට දුක වැඩියිලුනේ.. ආදරයෙන් කරන්නේ තවත් බැඳීම් ඇතිකරන එකනේ. ඉතින් ආදරය නැති වුනාම දුකකුත් නෑනේ

    ReplyDelete
  4. ඈ ඒ මොකෝ වුනේ??

    ReplyDelete
  5. "නමුත් එදා සිට මා ආදරයට වෛර කලෙමි. " මේ දේ නම් වැරදියි....

    ReplyDelete