My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Wednesday, January 25, 2012

කොට්ටාගේ කොටු පැනීම 2

නිකමට අපට කොට්ටාව මීටර් වුණා.
බලනකොට මු බංකුවේ නෑ.  මම හිතන්නේ විනාඩි 10 හෝ ඊට අඩු තමා, වැඩි වෙන්න නම් බෑ....මු මාරු වෙලා.
එතකොටම තමා මාරම මාර සීන් එක වුනේ. කොල්ලෝ ඔක්කොම ෆුල් මොංගල් වෙලා, 
හීන් දාඩිය බින්දු එක දෙක තොල් උඩ මතුවෙද්දී කෙල ගිලෙන්නතුව යන්න පටන් ගත්තා.
(ඔන්න ඔහොමනෙ අපි කතාව නැවෙත්තුවේ)

කියෙව්වේ නැත්තම් පලවෙනි එක  මෙතනින්
කතාව මෙලෝ රහක් නෑ වගේ වුනාට අහන්න බලන්න... මොකද මම තවම ප්‍රවීණ  පොරක් නෙමෙයිනේ.
අපි ටික ටක හැදෙමුකෝ.

වෙලාව රෑ 1.00 ට විතර ඇති මගේ හිතේ.
අවුරුදු 35 ක විතර ගෑනු කෙනෙක් පොල්ලක් අරගෙන කෑ ගගහ මොනවද කියා කියා මොකෙක්වද හොයනවා. අපට මීටර් නෑ.
ඔන්න මේ ගනු කෙනා රුමාගේ කඩේ ඉස්සරහටත් අවා. ගමකට ගහන සයිස් එකේ ඉන්න අපේ සෙට් එකේ එකෙක්වත් නෝකතා නෝසිනා.


"කෝ අර කොල්ලා? අර විට කන පොඩි කොල්ලා.
කෝ ඔය කාලකන්නියා, අර පහල ******* ගෙදර නැවතිලා ඉන්න ****** ගේ කොල්ලා? අර මිටි එකා...
ඕක අහු වුනොත් මම.. අද  ඕකට ******......"


ගෑනිත් ආවේශ වෙලා වගේ කියවගෙන යනවා.  නිකන් හරියට තමන් නිදි මරල නිදි මරල  ආරක්ෂා කරපු, වගාව විනාශ කරපු ඌරෙක්ව මරන්ඩ හොයනවා වගේ.  අපි අන්දුන් කුන්දුන්...
අපේ  එවුන්  තුන් හිතකින්වත් අපේ කොට්ටා මේ ගෑනිගේ අපබ්‍රංස කතාවට  කොහොම හරි  සම්බන්ධයක් ඇති කියල හිතුවේ නෑ.
විශ්වාශ කරන්න මේ ගෑනි එයාගේ භූමිකාව කඩේ ඉදිරිපිට රඟ දක්වල යනවත් එක්කම කොට්ටා රොකට් එකක් වගේ අපිවත් පෙරලගෙන, වැටි වැටි රුමාගේ කඩේ තේ හදන අඳුරු කාමරය ඇතුලට  රිංග ගත්ත. අපි ශේප් එකේ ගිහින් අහනකොට මූ මහම මහා අලුකුත්තේරු හිනාවක් දාගෙන කියනවා.
"ඇයි බං මොකද ? මොකක්ද සීන් එක.
අර ගෑනි ගියාද? කියල.
සඳුදට කලින් අඟහරුවාදා එනවා කියන්නේ ඕකට තමයි
මූ සීන් එක දන්නේ නෑ. එත් ගෑනි ගැන දන්නවා.

අඩෝ මේ වල් **** කතා නැතුව  කියපන් සීන් එක පැහැදිලිව 
නැත්තම් තව පොඩ්ඩකින් පොලිසි යන්න ලැස්ති වෙලා හිටපන්

අපේ සෙට් එකේ හිටපු තදයා වන ඩබලා එහෙම කියල ඉවර වෙන්නත් කලින් උගේ ඇඟිලි පහක්  කෝට්ටගේ කම්මුල සිප ගත්ත. ඩබල ගැහුවේ තරහකට නෙමේ  ඌ ගැහුවේ ඇත්තටම මේ කතාව දැන ගන්න තිබුන හදිස්සියට.
අපි පුදුම වුනේ නෑ. අපේ ගැන් එකේ ඉවසීම අඩුම එකා තමයි ඩබලා. ඒකට ඉවසීම පුරුදු කරන්න පුලුවන්නම් මාළුන්ට පියාඹන්න උගන්වන එක නතින්ග්.
කොට්ටා ඇස් රතු කරගෙන කියල මට අඳුරේදීම දැක්කා..
දැන් මූ පාපොච්චාරණය කරනවා.


"මෙහෙමයි සීන් ඒක.. මචන්." 


කොට්ටා සිහින් ඉකියක් අස්සෙන් කතාව පටන් ගත්තා.
අපි දැන් මරණ දඬුවමට මුහුණ දෙන්න නියමිත වැරදිකාර මිනිහෙක් ස්වයං පාපොච්චාරණයක් කරනවා වගේ කන් දෙක හතර කරගෙන මදි පාඩුවට කටත් ඇරගෙන අහන් ඉන්නවා.


"මට...... බොකක් සෙට් වුණා බං......  ඉතින් .......මම පහල තියන ටොයිලට් ඒකට ගියා."

"ඉතින් අපට කියල යන්න තිබුනනේ"   අපේ එකෙක් මැදින් ඇඩ් එකක් දැම්ම


"උඹලට  කියා කියා ඉන්න වෙලාවක් තිබුනේ නෑ. අන්තිම අමාරු වෙලා ගියේ බං"

 තප්පර දහයක් විතර කතාව නවත්තල ආයෙම පටන් ගත්තේ ඩබලගේ අත ඉස්සෙනවා දැකල.


"ඔක්කොම කරලා ඉවර වුනාට පස්සේ තමයි බං ටැප් එක ඇරියේ.."

අපි ඔක්කොටම "බකස් ගාල හිනාවක් ගියා.. " අපේ ඩබලත් බඩ අල්ලාගෙන හිනා වෙනවා.

"වතුර නෑ කියල උඹල එකෙක්ට කෝල් එකක් දෙන්න හදනකොට තමයි මතක් වුනේ මගේ ෆෝන්***** බංකුව උඩ කියල"
ඒ වෙනකොටත් බංකුව උඩ රුමාගේ ජන්ගමයයි කෝට්ටගේ ජන්ගමයයි පුට්ටු වෙලා තිබුන.

"එතකොටම අර ගෙදර ගෑනිට අමාරුවක් හැදිලාද කොහෙද  ටොයිලට් ඒකට ලඟට ඇවිත් දොර අරිනවත් එක්කම මම ඇතුලේ ඉන්නවා දැකල කෑ ගහගෙන එහාට වුනා. මම ඩබල් එකේ කලිසම අතට අරන් දුවල අවා."
අපේ එවුන් ඔක්කොම පස්සට වුනා නහය අතෙන් වහගෙන

"හරි හරි බං මම හෝදගෙන ආවේ ඇල පාරට ගිහින්..."

මූ දිව හපාගෙන කියපු තාලෙට අපිට බඩ යන්න හිනා.
ඒ ගෑනි රුමාගේ කඩේ පහල තිබුන ගෙදර කුලියට හිටිය කෙනෙක්.... මහා රෑ මේ ගෑනිටත් වුවමනාවක් හැදිලා ටොයිලට් ඒකට ඇවිත්.

"එකත් එකටම ඒ ගෑනි හිතන්නැති උඹ බලහත්කාරකමක් කරන්න මේක ඇතුලේ හැංගිලා ඉන්න ඇති" කියල. මම කීවා.

"මටනම් සැක අර ගෑනි යහතින් ආව එක බං.  ඔන්න බලපන් තොවිලයක් නටන්න වෙන්නේ නැත්ද  කියල හෙට දිහෑ".... රුමා කියනවා.

"මුගේ බෙට්ටේ ගඳට ඒකිට බය අමතක වෙන්න ඇති බං"... බ්‍රොසංක ඇඟට නොදැනී කියල මාරු වුනා.


එලි වෙන්නත් කිට්ටුයි.

පහුවදා උදෙන්ම කට්ටිය ප්‍රශ්නේ විසඳන්න අර ගෑනු කෙනාගේ ගෙදර ගියා.
කතාව කිවම අපේ පෙර පිනට කෝට්ටගේ පිනට ඒ ගෑනු කෙනා ඇත්ත තත්වය තෙරුන් ගත්තා..
එත් උදේ දහය වෙන්නත්  කලින් ගමේ හොඳ හොඳ කතා පැතිරුණ එක නම් නවත්තන්න අපට බැරි වුනා.
හොඳම සීන් එක තමයි අපි ප්‍රශ්නේ විසඳලා එද්දී
විල්බට්  මාමා  කොට්ටා දිහා නොන්ඩි බැල්මක් දාල මෙහෙම කියනවා


ඈ බොල කොල්ලෝ මම මෙතන අවුරුදු 4 ක් ඉන්නවා එත් මට බැරිවුනානේ මොකවත් කරගන්න.


එදායින් මාස 6 ක් විතර යනකන් කොට්ටා අපේ ගමේ හිටියේ නෑ. පහුවදාම ගමේ ගිහින් මාස 6 කට පස්සේ තමයි ආවේ.

ප.ලි -
කොට්ටා ගැන හීනෙකින්වත් නොසිතු කට කතා ගම පුරාම අසන්නට ලැබුණි. එමෙන්ම අපගේ උපකතා නායිකාවත් ඒ බෝඩිමේ මාසයක්වත් නොසිටින්නටත් ඒ කට කතාම හේතු වෙන්නට ඇති.
 
(කොට්ටා පිටගම් කාරයෙක් වුනත් අපේ ගම උගේ ගම කරගෙන මලගෙවල්, මගුල් ගෙවල්, පොදු වැඩ උගේම කාරියක් ලෙස නොපිරිහෙලා ඉටු කිරීමට මෙන්ම පසු කලකදී මෙලෝ දෙයක් නොසිදුවුවා සේ අපිත් එක්ක රස්තියාදු ගහන්නත් තරම් හිත හොඳ කොල්ලෙක් විය)


   

4 comments:

  1. Replies
    1. කියන්න නම් කතා එමටයි... අපි හිමින් සීරුවේ එකින් එක කියවමුකො

      Delete
  2. පිස්සු හැදෙනවා අයියේ පට්ට සීන් එක මට තාමත් හිනා

    ReplyDelete
  3. මේ පාවිච්චි කරලා තියෙන උපමා උපහැරන නම් නියමයි.

    ReplyDelete