My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Friday, January 20, 2012

ලත් තැනම ලොප් වුන මගේ ප්‍රේමය

ඔන්න ඉතින් මේක තමයි මගේ පලවෙනි පොස්ටින්ග් එක.

මේක මට වෙච්ච සිද්ධියක්.

මම සාමාන්‍ය පෙළ කරන කාලේ English වලට Class ගියේ බුලත්කොහුපිටිය කියල නගරයක තිබුන පන්තියකට. ගෙදර ඉඳන් අම්බානක දුරයි උනත් යන්න වෙනවා මොකද මට ඒකාලේ English උණක් තිබුන. අනික කොහොම හරි exam එකට "A" එකක් ගන්න මාරම මාර ට්‍රයි එකක් දුන්න. ඔන්න ඉතින් class එකේ අපේ ස්කොලේ මගේ ෆිට් යාලුවෙකුත් හිටිය අසේල කියල. මේ ලඟදි ඌව contact කරගන්න බැලුව. වැඩේ හරි ගියේ නෑ. ඔන්න ඉතින් අපි දෙන්න class එක පටන් ගන්න කලින් පස්සෙම පෝලිමට වෙලා ඉඳගෙන ඉන්නවා. කයිවාරු ගහ ගහ.. "පයිතගරස් නම් මහා පිස්සෙක් බන්. අයිසැක් නිව්ටන් ඊට හපන්" [කොහෙද ඉතින් ගණන් බැරි වුනාම පයිතරස් පලියි.. විද්‍යාව බැරි වුනාම නිව්ටන් පලියි.] ඔය වගේ අනම් මනම් වල්පල් තමයි අපේ subject වෙන්නේ.
කොහොම හරි ඔහොම ඉඳගෙන ඉන්නකොට කෙල්ලෙක් එනවා පේනවා. අපි හිටියේ දොර ලගම තියන බංකුවේ.
මෙන්න බොලේ කරුමෙක මහත. මෙන්න මේකී අපි දිහා බැලුව [අපි දිහා කීවට මං දිහා :P]. මේ දවස් වල මල් සරා හූ කියා කියා අපේ දිහා නක්කලේට වගේ බල බල දුවන කාලේ.
කෙල්ල බැලුව විතරයි තිබ්බ නේද මල් සරා එපා කියද්දී මගේ පපුව මැදටම හෙන තඩි ඊතලයකින්. මොන කරන්නද දැන් ඉතින්....

සංසාරේ අපටමයි වෙන්නේ කියල එදා ඉඳන් ගේමට බැස්ස. කොහොම කොහොම හරි අවුරුද්දටම එකම එක දවසයි class එක cut උනේ. එත් මාරම මාර අප්සෙට් එකකින් තමයි. එත්වෙන පන්තියක් එදාට දාල. ඒත් අනිත් හැම දවසෙම ගියා. දැන් මම හැමදාම කලින් නැගිටලා හැඩ වැඩ වෙලා පන්ති යනවා. ආදරේ කොච්චර දෝර ගැලුවත් හාල් පොතට වගේ තිබුනේ හම ගියපු ඩෙනිම් දෙකකුයි t-shirt කෑලි දෙක තුනක් විතරයි. ඕක ඇඳගෙන ගිහින් ඉතින් අරුත් එක්ක [අසේල]. පිස්සු තමයි කියවන්නේ. මොන වුනත් exam එක ගොඩ දාගන්න අපි දෙන්නටම මාර ඕනේකමක් තිබුන.

ඔන්න දැන් කෙල්ලත් ටික ටික මට ටින් ටින් වේගෙන වගේ යන්නේ. අසේලය කියනවා "මචන් කෙල්ල උඹට answer වගේ, තව පොඩ්ඩක් බොක්කෙන් කරපන්" කියල.
මූ පිස්සු කතා කරනවා, මගේ බොක්කෙන් විතරක් නෙමෙයි ආමාශේනුත් ආදරේ දොරේ ගලනවා.[වයසේ වැරැද්ද ] ...

තීරණාත්මක දවස

ඔන්න ඉතින් අද නම් ආදරේ යුද්දේ ප්‍රකාශ කරනවා කියල හිතාගෙන පන්ති ගියා. එදා class එකට අලුතෙන් කොල්ලෝ දෙන්නෙකුත් ඇවිත්. උන් දෙන්නගෙන් එකෙක් මං ලඟයි අනිකා මට පිටිපස්සෙනුයි ඉඳගත්ත. එදා සර් අපට පේපර් එකක් ලියන්න දීල bank එකට ගියා ටක් ගාල එන්නම්  කෑ නොගහ පේපර් එක ලියන්න  කියල. අනේ පව් සර්.
සර් පව් කියල හිතුනේ සර් අපි ගැන හිතන් ඉන්න හැටි හිතිලා. අපිනේ දන්නේ අපේ උන්ගේ  පැටිකිරිය
මගේ හිත ගත්ත කෙල්ල ඉඳගන්නේ කෙල්ලොන්ගේ පේලියේ ඉස්සරහම. අපි ඉන්නේ අනිත් පැත්තේ පිටිපස්සෙම දිගම බංකුවේ. මට දර්ශනේ  [එයාව = කෙල්ලව ] හොඳට පේනවා. පේපර් එක පැත්තකින් තියල මම මගේ පෙම දිහා බැලුව. දෙන දෙයියෝ ගෙටම ගෙනත් දෙනවා කියන්නේ මේකට තමා. කෙල්ල මට මොකක්ද කියන්න හදනවා. අම්මේ මගේ හිතේ සන්තෝසේ වැක්කෙරෙනවා. බිම දිගේ ගලාගෙන යනවා. [වැරදියට හිතන්න එපා ඉතින්] මම shape එකේ අසේලයට කිව "මචන් මම enter වෙන්නත් කලින් ඒයා enter වෙන්නයි යන්නේ. එයා හරි ෆොර්වර්ඩ් වගේ මචන්" කියල.

"මචන් අද මල් සරා උඹට හොඳ පාඩමක් උගන්වනවා" කියල අසේලය මට නොන්ඩි බැල්මට් එකක් දැම්ම... විනාඩියක් විතර පේපර් එකේ කුරුටු ගාල ආයෙම බැලුව. මෙන්න මෙයා ආයෙම හිනා වෙනවා. එතකොටම අසේලය මට කනට කරලා කියනවා

"මචන් shape එකේ පිටිපස්ස බලපන්" කියල. මමත් නිකමට වගේ බැලුව. ඉවරයි ඉවරයි. මාස 4 ක් පුරාවට බ්ලොක් ගල් ඇදල ඇදල කොන්ද හම ගහගෙන හදා ගත්තු මාලිගාව දඩන් බඩන් ගාල ඔලුවටම කඩාගෙන වැටුන.
අලුතෙන් අව කොල්ල මගේ ඔලුවට උඩින් එයාට [මගේ වෙන්න හිටපු කෙල්ලට] message යවනවා. එයා [මගේ වෙන්න හිටපු කෙල්ල] ඒවාට reply දෙනවා.
මම wrong number එකකට රැවටිලා... අනේ ඇත්තට මේ කෙල්ලෝ. මේකා එක්ක යාලු වෙලා ඉඳගෙනනේ මටත් පනාව දාල තියෙන්නේ.
නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕව හොඳ පාඩම්. අවසනාවක මහතතතතත.......... අද මේකා පන්ති ඇවිත් තියෙන්නේ දඹුලු ගිහින් අර මොකාදත් මරාගෙන එන්න වගේ තමයි.
එතකොටම සර් අව. මගේ ඇස් බොඳ වෙනවා අසේලය දැකලද කොහෙද පිටට තට්ටුවක් දාල දැන් ඉතින් හිත හදා ගනින් මචන්.. දුක තමා කියල කියනවා වගේ
මං දිහා දුක හිතෙන බැල්මට් එකක් දාලා පේපර් එක ලියන්න ගත්ත. මට මොන පේපර්ද. අසේලය එපා කියද්දී සර් එහා මෙහා වෙනකන් ඉඳල පන්තියෙන් පැනල ගෙදර ආව.
ලත් තැනම ලොප් උන මගේ ප්‍රේමය.... එදායින් අවසන් විය.

අහ් එයාගේ නම කියන්න බැරි උනානේ එයා "ධනුෂි "

සුන්දරම සුන්දර ඒ අතීතය නැත්තම් අපිට අද පිස්සු හැදිලා. 

හා නැද්ද හා..........?

අයෙත් මේවගේ අන්දරයකින් හම්බෙමුකෝ.......

3 comments:

  1. නුඹ බොහෝ දුර ගිහින්
    මං හැරී බලන සඳ
    මං හිටියේ හිටපු තැන.....
    ආදරෙයි ද කියලා
    යලි යලිත් අහන්නැ
    දන්නවා ඇතිනෙ දැන්
    ආදරෙයිද කියලා

    ReplyDelete
    Replies
    1. නුඹ බොහෝ දුර ගිහින්
      මං හැරී බලන සඳ
      මං හිටියේ හිටපු තැන.....
      ආදරෙයි ද කියලා
      යලි යලිත් අහන්නැ
      දන්නවා ඇතිනෙ දැන්
      ආදරෙයිද කියලා


      එල කවිය විමු..

      Delete
  2. හපොයි දෙවියනේ.... බ්ලොග් එක ලත් තැනම ඇයි මේ ලොප් උනු කතාවක් ලියලා?

    ReplyDelete