Sunday, January 22, 2012

අලුත් වසරට සුපිරි ගැම්මක් [1]

අලුත් වසරට සුපිරි ගැම්මක්

ඔන්න ඉතින් මේ ස්ටොරිය වෙන්නේ 2012 අවුරුද්දේ අලුත් දවස් හාහාපුරා කියල මේ ලෝකේ පාට හොයන වෙලාවේ.

31 වෙනිදා

ඒ කියන්නේ 2011 දෙසැම්බර් 31 ට මාසෙකට කලින් ඉඳන් ප්ලැන් කරලා කරලා එදා හවස වෙද්දීත්  ප්ලැන් කරලා කරලා ඉවරකර ගන්න බැරි  වුන  කොට උඩ තිබුන  අපේ වැඩසටහන[වැඩසටහනෙහි  න්‍යාය පත්‍රය පොස්ටින්ග් එක කියවද්දී වැටහේවා]  යාන්තම් ක්‍රියාවට නංවන්න කියල ගැන්සිය මීවිත පිරුවා. [ඔන්න ඔය අතරේදී තමා ස්ටොරිය පෙරලෙන්නේ... පොඩ්ඩක් වටේ ගිහින් ආවෙ නැත්තම් රසයක් නෑනේ]  ඔන්න එහෙනම් නෝනාවරු මහත්වරු සීට් බෙල්ට් පැළඳ ගන්න අපි වටේ යන්නයි යන්නේ [හුදෙක් විහිළුවක් පමණි : කතාවට කොහෙත්ම අදාලම නැත]

 [ඉතින්  දෙයියනේ හිතකින් කොහොමද මුන්ගේ නම් කියන්නේ] ඔන්න ඔහේ ඕනේ කෙන්ගෙඩියක් බෝලයක් වෙන්න කියල හිතාගෙන අන්වර්ථ නාමවත් භාවිතා කරනවා.] 

හවස 7.30 ට ඇති.

"පීප් පී......පී"

ගේට්ටුව ඉස්සරහ හොන් එකක් මැරෙන්න පණ අදිනවා. මම නිකමට ඔලුව දැම්මේ කවුද කියල නොදැන නෙමෙයි. [ඇයි අප්පා මැරෙන්න පණ අදින හතුරෙක්ට වුනත් වතුර පොදක් දෙන්න කියල ගොඩාක් ඉස්සර අහපු බණ කතාවක තිබුන [සැ.යු -  මතක ඇති කාලෙකින් බණක් නොඇසුවාට මා දැන් අධර්මිෂ්ටයෙක්  බව නොසිතන්න].

ජුලා : වරෙන් වරෙන් නිර්වස්තරේ වහගෙන විජහට
මම : මොකටද බන් ?
ජූලා : විල්සොන් මාමගේ දුවට බබා හම්බෙවෙන්න කිට්ටුයි. උඹව එක්කන් එන්න කිව වින්නඹු වැඩේට [අනේ මූ ඒක කියපු තාලේ කට ඇද කරලා]
මම : හරි හරි බන් ඉඳින්

[දැන් ඉතින් දෙයියනේ නොගිහින් කොහොමෙයි]

කියල T -ෂර්ට්  කෑල්ලක් දවටගෙන මමත් රෝද තුන උඩින් ඉඳගත්ත [අහ් කියන්න බැරි වුනානේ.. කලින් මැරෙන්න පණ ඇදල තියෙන්නේ බෝනිත් අයියගේ අණට විතරක් කීකරු දැන් දැන් ජුලාගේත් අණටත්  හුරු වේගෙන යන ආටා ඒක. ]   අප්පට සිර මෙන්න බොලේ තව 4 දෙනෙක් පිටිපස්සේ ඉඳගෙන..
කොහොම කොහොම හරි ටවුන් එකට කිට්ටු වුණා. [පස් දෙනෙකු තුන් දෙනෙකුට ඇති ඉඩ ප්‍රමාණය බෙදා ගත් ආකාරය සිහියට නගා ගැනීමට උත්සහ කරන්න]


ජුලා : මචන් පැතුමා
මම  : ම්.ම්
ජුලා : ටක් ගාල දෙන්නෙක් පැනපන්
[හත්වලාමේ මුන් මාව මරන්නද හදන්නේ]

ජුලා : ඉස්සරහ ලොකු අයියල හිටියොත් හෙම

[හරි හරි එහෙම සීන් එකකට නෙමේ]
මම : ඕකේ බොස් .. ඉස්සරහ හෝල්ට් එකේ බහිනවා

[මු බෝනිත් අයියගේ දෙයිය  ස්ලෝව් කරා].

තදියමට බස් එකෙන් බහින බැහිල්ල බහින්න ගිහින් තව පොඩ්ඩෙන් කැළණි ගඟට දිවි පිදු  මිතුරෝ වෙනවා] ඇයි අප්පා කොන්ද නමාගෙන පනින්න එපායේ

දැන්  මාර්ග නීති තද හින්ද අපි  දෙන්නෙක් මග බස්සල ගියා. නැත්තම් නව වසරේ උදාව සමග තව බොහෝ දේ සිදුවන්නට තිබිණ, ඒක අතකට ඒක උනා නම් එකක් කියල හිතෙන්නේ දැන් තමයි අප්පා.

 මං මුන් කොහේ ගියාද දන්නේ නෑ. [හැබැයි එද්දී පිටිපස්සේ තේ වතුර පාට ද්‍රව්‍යක් අඩංගු බෝතල්  කීපයක් නම් තිබුණා]

මමයි ගයියයි තමයි සරණාගතයෝ වෙලා පාලම ගාව නැවතුනේ [දැන් මං දන්නවා මු අනිවා උගේ අජුත love  ස්ටෝරි ඒක දිග හරිනවා කියල] කොච්චරවත් මුගේ කතාවට හරස් කපන්න හැදුවත් අනේ දෙවියනේ මම අසමත් විය.... අහෝ දුකකි තව මොකක්ද එකකි !!!

කොහොම කොහොම හරි අවශ්‍ය කළමනා ටික රැස් කරගෙන අපි දැන් නව වසර ලැබීමේ ප්‍රීතිය සමරන්න රෙඩි වුණා.

කෝ ගනින් බලන්න බොන්ගෝ ඒක කියල මමත් ක්‍රීඩාවට එන්ටර් වුණා. [මම තමා ඉතින් කවදත් එදා ඉඳන් "නිල බොන්ගෝ ප්ලේයර්"] මගේ අතිජාත මිත්‍ර බ්‍රොසංක තමයි නිල ඔක්ටෝපැඩ ශිල්පිය.

මොකද මන්ද වෙනද යස අගේට රිදම් එකට ප්ලේ කරන කොලුවාට අද පොඩ්ඩක් ටැපලෙනවා... 
හෙමින් යන සින්දුවට remix ටයිප් එකේ music දෙනවා. 
මම, බ්‍රොමාර, සුද්ද [දැන් වැඩිය අපිත් එක්ක නෑ]  එතකොට අපේ මලයා [එක බඩවැල කඩාගෙන අපු මගේ සහෝ] ගයියා, ජුලා, ඩබලා.. ජැකා මල්ලි  තමා ඉඳ හිට හරි  සෙට් වෙලා සින්දුවක් කියල ආතල් එකේ ඉන්නේ. [සැ.යු : මෙවන් අවස්ථාවල අර මම කිව බෝතලේ පිහිටෙන් නම් නෙමෙයි. 100% සුපිරි සිහියෙන් පිරිසිදු සිතෙන්]  

හොඳම හරිය...  11.50 (ප.ව) ඇති.

රුවක් ඇදෙනවා
කවුදෝ එනවා
මීවිත ඇඳිරිය
දෑස වසනවා

සින්දුව කියල පැය බාගෙකට විතර පස්සේ  පාරේ ඇත කොනේ ඉඳන් රුවක් ඇදෙනවා සිරාවටම.
ඔලුවක් පේන්නෙත් නෑ.

ඉතුරු හරිය ඊළඟ පොස්ටින් එකෙන් කියන්නම් හොඳේ.  දිග වැඩියි අප්පා

 එහෙනම් දෙවෙනි එකත් දැන්ම කියවනවානම් මෙතනින් කියවලම ඉන්නකෝ

1 comment:

  1. ඇයි අෆ්ෆා මෙහෙම කතා දෙකට කඩන්නේ...?

    ReplyDelete