My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Friday, February 17, 2012

අසම්පූර්ණ පොපොච්චාරණය

කොයි තරම් දුක හිතේ හංගගෙන හිටියත්, නෑ නෑ මට දරාගන්න බැරි තරම් දුකක් නෑනේ. ඉතින් එහෙව් එකේ ඇයි මං දුක් වෙන්නේ. හිතාගන්න බෑ නමුත් මටවත් නොතේරෙන හිතේ කැකෑරෙන දුකක සේයා පටලයක් මගේ හදවතේ අඳුරු පැත්තේ පැටලිලා කියල නම්  මට තේරෙනවා. එත් කවුද දෙවියනේ මේකට වග කියන ඕනේ......?  ඔව් මං දන්නවා "ඔයා". ඔයාම තමයි මේකට වග කියන්න ඕනි. තනිකම පාළුව ඉහ ඉත්තාවේ මට ඔච්චම් කරනකොට අර කියපු සේයා පටලය කටු අත්තක් වෙලා මට අරියාදුවට වගේ හිතේ දුර්වල තැන් හොයා හොයා රිදවනකොට.....ඉතින් මම දෛවයේ සරදමට ලක් නොවෙනු පිණිස කුමක්නම් කරම්ද. ජීවිතයෙන් පලා යා යුතුද. ? එසේත් නැතිනම් මේ දුකෙහිම ගිලෙමින් මගේ හදවතේ  අන්තිම ලේ බින්දුවත් ගිනි කාෂ්ටක පොලව සිපගන්නකම් සටන් කල යුතුද ?

මම මේ සටහන අකුරු කරන්නේ හරියටම පෙම්වතුන්ගේ දිනයේ හීතලම හීතල හැන්දෑවක හෙන්දිරික්ක මල් පිපුන වැට ළඟ තියන ලී කොටේ උඩ ඉඳගෙන. කඳුළු හිත යට හංගගෙන එකපාර්ශවියව පෙම්වතුන්ගේ දිනය  සමරන සුවහසක් පෙම්වතුන් පෙම්වතියන් අතරේ මමත් අද නිහඬවම පෙම්වතුන්ගේ දිනය සමරනවා. ඒ මං නොදැකපු ඔයාගේ ආදරේ හිතෙන් මවාගන්න උත්සාහ කර කර....

ඔයත් අද දවස කොච්චර සන්තෝසයෙන් සමරන්න හීන මවන්න ඇත්ද.?. අද උදේ ඉඳන් ඔය පුංචි ඇස් අග්ගිස්සෙන් කඳුළු කැට කීයක් නම් කොපුල් සිපගෙන යන්න ඇත්ද ?. ඒ ගලපු හැම කඳුළු කැටයක් ගානෙම මට සාප වෙයි. මම ඔයාට කලේ ලොකු වැරද්දක්......ඔව්. මම දැන් ඒ වැරැද්ද නිවරද්දක් කරන්න උත්සාහ කරන්නේ නම් නෑ. මොකද ඒ ගන්න හැම උත්සාහයකදීම ඔය නිල් පාට පුංචි ඇස් රතු පාට වෙනව කියල මම දන්නවා. "කෙල්ලෙක් අඬනවා මට බලන් ඉන්න බෑ" කියපු මමම ඔයාව කොච්චර අඬවන්න ඇත්ද ?.

ඔයා කියන විදිහට මම "ආදරය අඳුනන්නේ නැති ගලක් වගේ හිතක් තියන නපුරුම නපුරෙක්"
ඒක මම දන්නවා. ඒක තමයි ඔයාව මෙච්චර ඇඩේව්වේ. ජීවිතේ කිසිම කෙල්ලෙක්ට ආදරේ කරලා නැති මට ඔයා ඉස්සෙසේලම ආදරෙයි කිව්වා. කිසිම වටිනාකමක් නැතුව ඔහේ ගෙවිල ගිය මගේ ජීවිතේ ඔයාගේම කරගත්ත. ඒත් මං ? ඔයා වෙනුවෙන් මොනවද කලේ.?. ඔයා මගෙන් ඉල්ලපු ආදරෙවත් මම ඔයාට දුන්නද.. ඇයි මේ තරම් මම අත්මාර්ථකාමියෙක් වුනේ. මං ඔයාට "ඒකපාර්ශවික ආදරකාරි" කියල ඔච්චම් කළා. එදා ඔයාට මොනවා හිතෙන්න ඇත්ද.?

අපි පටන් ගත්ත යාළුකම, මිතුරුකම මේ තරම් දුරක් යාවි කියල මම හිතුවේ නෑ. ඇත්තමයි. අදට ටික දවසකට කලිනුත් මම හිතාගෙන හිටියේ ඔයා කරන්නේ විහිළුවක් කියල.

ඔයා මට හම්බුන විදිහ... අපි අතරේ තිබුන බැඳීම ගැන අපි දෙන්නට  ඇරෙන්න වෙන කාටවත් තේරුම් ගන්න බෑ කියල මම දන්නවා. කාටවත් කීවට කවුරුවත් හරියට තේරුම් ගන්නේ නෑ කියලත් මම දන්නවා. ඉතින් අපේ හමුවීම කෙසේ වීද යත් සටහන් කරනු වස් ගන්නා සෑම උත්සාහයක්ම අර්ථ ශුන්‍යවන නිසා, අපි අපේ හදවත් වලින් විතරක් ඒ අතීතය විඳිමු. එවන් සුන්දර අතීතයක් ඔබ සමග විනා අන් කවරෙක් සමගවත් බෙදා ගන්නට මගේ හිත ලොබ කම් කරයි. ඔබට ඔබවත් අහිමි කල. මට මාවත් අහිමි කරගෙන යන ඒ නොයිඳුල් අතීතය ඔබට මෙන්ම මටද වදයක් වූ දිනක ඒ අතීතය අපේ හදවත් වල ගැඹුරුම ඉසව්වක රහසේම සම සමව බෙදාගෙන වලදමා අපේ ආදරයේ සොහොන් කොත් ඉදි කරමු.

මට මේ මොහොතේ හිතෙන සියලු දේ මීට කලින් නොතේරුණේ මන්ද. මගේ දුර්වලකමද. ? නැති නම් මගේ මෝඩ කමද. ?

ඔයා මං ලියපු කවි වලට ආදරේ කරන්න ඇති. මම කියපු කතා වලට ආදරේ කරන්න ඇති. ඒත් ඒ ආදරේ කරපු හිත කවමදාක හරි මේ පිස්සාටත් ආදරය කරයි කියල මම හිතුවේ නැත්තේ ඇයි දෙවියනේ... එහෙම කලින් දැනුනානම් මෙතරම් දුකක් අපේ හදවත් වල ඉතිරි නොවනු ඇත. මේ තරම් කඳුලැලි මෙලොව නොදකිනු ඇත.

මං මේ කවිය ලියුවේ හිතට ආපු සිතුවිල්ලක් හන්ද. කවුද හිතුවේ මේ කවිය ඔයාගේ හිත මෙච්චර දුරකට අරන් ගිහින් අතරමං කරයි කියල.

" ඔය හිත ලග දොඩමලු වෙන්න මොහොතක්
ඔබ නොදන්නවා වුනාට
ඒක හිතක් පෙරුම් පුරනවා
නොදන්නවා වගේ ඉඳල දැන ගත්දාට
දුක හිතේවි
එත් කඳුලක් නම් වැටෙන්න එපා
හිනාවුණ ඔය දෙනෙනිතින්
පහු වෙලාවත් මං හන්දා" 


ඔයා මං ගැන හිතන්න පටන් ගත්තේ මේ කවිය හන්දලු. ඔයා කිවේ මං ඒ කවියෙන් කිවේ ඔයයි මමයි ගැනලු. මේ කවිය ඔයාට එව්වේ ඔයා මගේ කවි වලට ගොඩක් ආස බව මම දන්නා හන්ද. ඉතින් මම ලියන හැම කවියම මම ඔයාට යවනවා. මේ කවියේත් මම විශේෂයක් දැක්කේ නෑ. කවුද එත් හිතුවේ මගේ කවිවලට වගේම මගේ හිතටත් ඔයා ආදරේ කරයි කියල.


අන්තිමට මම හීනෙකින් වත් නොහිතපු වෙලාවක ඔයා මට ආදරෙයි කිව්වා. අවාසනාවකට මට ඔයාගේ ආදරේ තේරුම් ගන්න බැරි වුණා. ඔයා මගෙන් ආදරේ ඉල්ලලා කොච්චර ඇඩුවද.? මම ඔයාට මගේ හිතේ එහෙම දෙයක් නෑ කියල කියන්න කියන්න ඔයා දිව්රලා කිව්වේ මං ඔයාගේ ජීවිතේ කියල. ඔයාට ආපුහු හැරෙන්න බෑ කියල.

"කිසි දිනක හැබැහින් දැකපු නැති කෙනෙකුගේ හිතකට මේ තරම් මැරීගෙන තවත් හිතකට ආදර කරන්න පුලුවන්ද ?" මම අහපුහාම ඔයා කිව්වේ

"මං ආදරේ කරන්නේ රුපයට නෙමෙයි හදවටයි"  කියල...

කලින් වතාවකුත් නොදැකපු රුවක හිතකට ආදරේ කරලා දුක් වින්ද හොඳටම ඇති. එක පාරක් වැටුන වලේ අයෙමත් සැරයක් වැටෙන්න මගේ හිත සුදානම් නෑ.


මං පෙරදින වින්ද වේදනාව ඔයාටත් මටත් අයෙම විඳින්න වෙයි කියල මම බය වුණා.

මගේ ආදරණීය පාඨකයන්ගෙන් මම ඉල්ලා සිටිනවා මා සාධාරණද අසාධාරණද කියා නිගමනය කරන ලෙස....

අන්තිමට මම ද්වේශ සහගත ලෙස ඔබගෙන් ඈත් වුණා. මං ගැන අමතක කරලා ඔයාගෙම අලුත් ජීවිතයක් හදාගන්න කියල විතරක් කෙටි පණිවිඩයක් යවල  හරියටම මාසයක් ඔයාගෙන් එන දුරකථන ඇමතුම් වලටත් කෙටි පණිවිඩ වලටත් උත්තර බඳින්නේ නැතුව මම නිහඬවම උන්න.  ඔයාගෙන් පනිවිඩ කීයක් ආවද. ඇමතුම් ? මම කොච්චර දරුණුද ?

අන්තිමට ඔයා මට කතා කරන එක නැවැත්තුව. මං හිතුව ඔයා හිත හදාගන්න ඇති කියල... මේ වෙනකොටත් මම ඔයාගේ ආදරේ තේරුම් අරන් නෑ.

කෙල්ලෙක්ගෙ හිතක් තේරුම් නොගන්න තරම් මම අදක්‍ෂයෙක් වුණා. ඇත්තටම කෙල්ලෙක්ගෙ හිත මේ තරම් සංකීර්ණද ? හරියටම  පෙම්වතුන්ගේ දවසේ මහා රෑ එකට විතර ඔයාගෙන් ආපු මැසේජ් එකට මට ඔයාව හොයාගෙන එන්න හිතුන. ඒ ඔයාට ආදරෙයි කියල කියන්න නම් නෙමෙයි. (කියවන ඔබ මා ගැන කුමන ආකල්පයෙන් සිතුවත් කම් නැත) ඔයාට ඇත්ත තේරුම් කරලා ඔයාගේ ජීවිතේ ඔයා දුක් වෙන එක නැති කරන්න.

"ඔයා  මගෙන්  ඈතයි .  ඒක  මං  දන්නවා  ඒත්  හිත  ඒක  පිලිගන්නේ  නෑ   මොන  හේතුවක්ද  මන්ද .. "

ඔයා එහෙම කියල දිග මැසේජ් එකක් එව්වම ඔයා තවමත් මං ගැන හිත හිත දුක් වෙනවා කියල මට දැනෙනකොට ඔයා ගැන පව් කියල හිතුණා. ඔයාගේ හැම කඳුලකටම වග කියන්න ඕනේ මං නේද කියල හිතුණා.

හැම රැයක් රැයක් ගානේ අඩලා  අඩලා කොට්ටේ පොගන ඔයාගේ කඳුළු කැට මට ඒක පාරටම නවත්තන්න බැරි වෙයි. ඔයාගේ වාසනාවට හරි අවාසනාවට හරි මගේ හිතේ ඔයා ගැන ආදරයක් හිතිලා නෑ. එතකොට මං මෙච්චර වෙලා කියෙව්වේ මොන අහවල් කෙන්ගෙඩියක්ද. ආදරණීය පාඨකයාණෙනි මටත් ඇයටත් වැරදුන තැන එතනයි. නැත ඇයට වැරදුනේ නැත. වැරදුනේ මටය. කරන තරමක් මෝඩ වැඩ කර කර ඇගේ හිත රිදෙව්වේ මමයි.

අහේතුකව හිතකට බලාපොරොත්තු දුන්නේ මමයි (ඇය කියන විදිහට)

නමුත් මා අද ඒක දෙයක් දනිමි. එනම් ගැහැණු ළමයින් ආදරය ගැන ඕනෙවටත් වඩා හිතන බවයි. මා එහි වරදක් දකින්නේ නැත. නමුත් මට තේරුම් ගන්න නොහැකි බොහෝ දේ ඒ ආදරය තුල ගැබ්ව ඇති බව මා දනිමි.

සිතුවිලි අතින් ඔබ මට වඩා පොහොසත්ය. ආදරය අතින්ද එසේමය.

අවාසනාවකට මට ඔබේ ආදරය වටහා ගන්නට තරම් වාසනාවන්ත නොවූවෙමි.  සමහර විට මට ඔබෙන් තරම් ආදරයක් මතු කිසි දාක නොලැබෙනු ඇති. කම් නැත. මට උවැසි වන්නේ ඔබ සතුටින් සිටිනු දැකීමය. මගේ හිතේ ඔබ ගැන ඇති වුයේ ආදරයක්ද අනුකම්පාවක්ද ?

මතු දිනක මා ඔබ හමු වීමට එන බව ඔබ දනී. නමුත් මා කියන්නේ නැවත නැවතත් මා ගැන අහිතක් නොහිතන ලෙසය.


මගේ හිතත් අසම්පූර්ණ අගක් මුලක් නැති මේ සටහන වගේමය. ඉතින් අසම්පුර්ණ හිතේ ප්‍රතිරූපය අකුරු වලට නැගුන කල සම්පූර්ණ සටහනක් නම් කෙසේ නම් ලියවෙන්නද ?

- ප.ලි -

සමහර විට මම ඇයට  ආදරය කරන්න ඇති. නමුත් එය හංගගෙන මා මෙතෙක් වෙලා උත්සාහ කලේ පාඨක ඔබට   කුමක් කියන්නටද ?. හුදෙක් මා ආදරණීය වංචාකාරයෙක් පමණක් බව නොවේද. ?. මාගේ ක්‍රියාකලාපයන් සාධාරණිය කරණය කරන්නට නොවේද?. හිතේ ආදරයක් ඇති නමුත් නැති බව මා කියා ආදරෙයි නොකියා කියුවා නොවේද. ?..

මා වංචාකාරයෙක් නොවේද ?

21 comments:

  1. සැර බුට්‌ පාරක් වගේ!:-/

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බන්. මේකට බුට් පාරක් කියල කියන්නත් බෑ

      Delete
  2. පැතුම්.....

    ඔයා මාව ඇඬෙව්ව...14වෙනිද මගෙ බ්ලොග් එකේ පෝස්ට් එක කියෙව්වනේ....

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි පැතුම්...පුළුවන්කමක් තියෙනවනම් එකපාරක් ආයෙමත් ළඟටගන්න උත්සහ කරන්න...ප්ලීස්....මේක ඉල්ලීමක්.....කොච්චර අමාරුවුනත් හරි....එකම එක වතාවක්.....

      Delete
    2. අඩන්න එපා නිසපු. කෝ කෝ දැන් කඳුළු පිහිද ගන්න......

      මම කලිනුත් කිවේ එක තමයි. මේක කියවපු කවුරුවත් මාව හරියට තේරුම් ගන්නේ නෑ කියල. මගේ හිතේ තියන දේ දන්නේ නෑ කියල...

      Delete
    3. අහන්න පැතුම්....හොඳට තේරෙනව ඔයා ඉන්නෙ දෙගිඩියාවකින් කියල...

      කෙනෙක්ට තමුන් වැරැද්දක් කලා කියල තේරුම් ගියාම ඒකෙනා එයාගෙ හිතින් ඒ වැරැද්දට විඳවන තරම් දෙන්න පුළුවන් ලොකු ඳඬුවමක් මේලොකෙ කොහේවත් නෑ.“

      මං හරිනේද????

      Delete
    4. ඕනෙවටත් වඩා ඔයා හරි. විඳවීම තරම් ලොකු දඬුවමක් නෑ මේ ලෝකේ

      Delete
  3. හ්ම්ම්..අවුල් උන හිතකින් තීරණ ගන්න එක හොඳ නැහැ...මේ පෝස්ට් එක පුරාම මට පෙනුනේ දෙගෙඩියාවක්‌.................., අනේ මන්දා...

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. ඔයා ටිකක් විතර තේරුම් අරන්.

      Delete
  4. ඕව හිතේ තියාගෙන ඉන්නකොට ප්‍රශ්න වැඩි බං........ඕක කියල දාපන් තාම පරක්කු නෑ....

    ReplyDelete
    Replies
    1. උඹත් මචන් හරියට තේරුම් අරන් නෑ...
      මට එක මිට වඩා පැහැදිලිව කියන්න තේරෙන්නේ නෑ බන්...


      හිතක ආදරයක් බලෙන් ඉන්දන්නන් බලෙන් උදුරලා දාන්නත් කාටවත්ම බෑ නේද.. ඉතින් මගේ හිතේ එහෙම දෙයක් නැත්තම්.........

      Delete
  5. යන එකාට යන්ඩ දිලා..පිනක් දහමක් කොරගනින්...යකො දැන් ඇති වැලපුනා..තව කියක් නම් බොට ඉස්සරහට හම්බවෙයිද...දැං උබ කියන්ඩ හදන්නේ මුදේ මාලු කොච්චර හිටියත් හිත ගියේ එකාටයි කියලනේ...ඔවා මිත්‍ය මචො ප්‍රෂ්ණෙං එලියට ඇවිත් පොඩ්ඩක් හිතපං ලොකේ නැවතිලා නෑ තවම කැරකෙනවා...ජය

    ReplyDelete
    Replies
    1. එල කිරි........ උපදේසෙට ස්තුතියි රජෝ...


      මේ මචෝ ඇත්තටම ලෝකේ තවමත් කැරකෙනවද සිරාවටම ?

      Delete
  6. මේ දුක විඳින පළමු එකත උඹ නෙවෙයි ආවසාන එකත උඹ නොවෙයි.වැලපිලා වැඩක නැහැ.හිත හදාගන්න ට්‍රය් කරපන්.

    ReplyDelete
  7. හ්ම්ම්........ තම්න්ගෙ හෘද සාක්ෂිය තරම් සැරට දඬුවම් දෙන්න පුළුවන් කෙනෙක් කොහෙවත් නෑ...මොනා කරන්නද, එකම වරද දෙපාරක් වෙන්න දෙන්නෙපා..

    ReplyDelete
    Replies
    1. එකම වරද දෙපාරක් වෙන්න ගිහින් ඔයින් නැවතුනා. ආයෙම තුන්වෙනි පාරටනම් කොහොමත්ම නෑ.

      Delete
  8. ඇඩෙනවා මචං, මටත් ඔය ටිකමයි,
    අපේ හිත් අපි නොදන්න තැන් වල නැවතිලා
    අපිටත් හොරා බලාපොරොත්තු කන්දකුත් එක්ක,
    ඒ කන්ද සුසුම් වැස්සෙන් නාය යන කොට
    ඒ බලා පොරොත්තු සදහටම වැලලෙන කොට
    මේ ලෝකෙටත් හොරා පුංචි හිතත් අරං
    අපි කොහේ කියලා යන්නද........

    ReplyDelete
  9. ආයෙමත් ලඟට ගන්න අයියේ මට කියන්න වෙන මුකුත් හිතට එන්නේ නෑ.... හිතට ආදරේ දැනෙනවනම් ඒ ආදරේට ආදරේ කරන්න... යථාර්තය වටහා ගත්තම හරි... කවදක හරි දාලා යනවනේ කියලා ලංවෙන්න එතකොට හිතේ දුකක් නෑ...

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. කොල්ලො කොච්චර උත්සාහ කලත් බෑ කවදාවත් කෙල්ලකගෙ හිත හරියටම තේරුම් ගන්න

    ReplyDelete