My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Tuesday, February 21, 2012

ඩොන්ගල් අයියාගේ පොල්ල

එදා මෙදා තුර ජීවිතේ මට ලැබුණු ගොඩක් දේවල් ලැබිල තියෙන්නේ හරි අමුතු විදිහට. කොහොමද කියනවනම්  ගොඩක්  දේවල් අතට ලැබෙන්න ඔන්න මෙන්න තිබිල මග හැරිලා  ඒ දේවල් ගැන බලාපොරොත්තු නැතිකරගෙන ඉන්න කාලෙක තමයි මට ඒ දේවල් හම්බවෙලා තියෙන්නේ.

සපත්තු දෙකක් ගත්තා එකත් එහෙමයි

කොම්පියුටරයක් ගත්තා එකත් එහෙමයි.

පස්සේ කාලෙකදී පෙන් ඩ්‍රයිව් එකක් ගත්තා එකත් එහෙමයි.

ප්‍රින්ටරයක් ගත්තා එකත් එහෙමයි

තව ගොඩක් දේවල් තියනවා. එත් ඒවා මෙහෙම දාන්න ගියොත් අර ගෙදරකට ගැරඩියෙක් ඇවිත් වෙච්ච කතාවේ අනික වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියන හන්ද ඔය ඇති.

දැන් මං මේ කියන්න යන කතාවත් එහෙම එකක්.

මේ කතාව කියවල  අනිවාර්යයෙන්ම ඔබ මා ගැන නිගමනයක් දෙනු ඇත. "ඒ උඹ තරම් මෝඩයෙක් මෙලොව තවත් නැත යනුවෙනි."

[පැතුම් කියන්නේ  හරි අමුතු මනුස්සයෙක්. සමහර දේවල් ගැන ඕනෙවට වඩා හිතනවා. සමහර දේවල් හිතන්නත් කලින් කරලත් ඉවරයි] මේ කතාව පුරාම මා මෝඩයෙකි. පුත්තලම් බුරුවෙකි


මේ අසමජ්ජාතියා නොහොත් ඩොන්ගල් අයියා මට මුලින්ම මුණගැහෙන්නේ 2008 අවුරුද්දේ මැද භාගයේ. (අපි ඔහුව ඩොන්ගල් අයියා කියා හඳුන්වමු)

කොහොමද කියල කියනවනවා නම්...


දුක් විඳලා විඳලා බලාපොරොත්තු ඇති කරගෙන නැති කරගෙන නැකත් බලල ගත්තු කොම්පියුටරයෙන් මම සෑහෙන්න හම්බ කළා. සෑහෙන්න කීවට එච්චරමත් නෙවෙයි. ඒ වුනාට ඒ කාලේ එක මට ලොකු ගානක්. මම ගොඩක් සන්තෝසෙන් හිටියේ. හම්බකලේ මෙහෙමයි. ඔය කියන කාලේ මම හීනියට   ව්‍යාපාරයක් කර කර හිටියේ. ඒ කියන්නේ "සිංහල ඉංගිරිසි ටයිප් සෙටින්ග් හා යන්තම් ග්‍රැෆික් ඩිසයින්" වලින් ගමේ එක එක්කෙනාගේ ලියුම් කියුම්, ඉල්ලුම්පත්‍ර, පෙත්සම්, දැන්වීම්, ආරාධනා පත්‍ර, සමිති සමාගම් වල අයවැය ලේඛන හෙම ටයිප් සෙට් කරලා දීල තමයි.


කොච්චර සල්ලි වලට ආස වුනත් සමහර දුප්පත් මිනිස්සුන්ගෙන් නම් මම සත පහක්වත් අයකලේ නෑ. විලියොන් ආතා තමන්ගේ ඉඩම තන්හාකාරයෝ  බලහත්කාරයෙන් අල්ලගත්දී ආණ්ඩුවේ උස් තැන් වලට යවපු ලිපි, අයෙම සෝමා නැන්දා සමුර්ධිය හදා ගන්න ලියන ලිපි, බාලසුරිය අයියගේ සැත්කමට ආධාර ඉල්ලලා ලියපු ලිපි මම කලේ සත පහක්වත් ගන්නැතුව. මම මේ ටික කිව්වේ මගේ ධාර්මිස්ඨකම පෙන්නන නොවෙයි.
මම ඊළඟට ලියන වාක්‍යට පෙර සුදානමක් ගන්න. ඔය කියපු ධාර්මිස්ඨකම හන්ද ගමේ කීදෙනෙක් මගෙන් වැඩේ කරගෙන

"එන්නම් පුතේ"  කියල ගිහින් ඇත්ද.?..

එදාට පිනක් දහමක් කළා කියල හිත හදා ගන්නවා ඇරෙන්න මොකද මම රෙද්ද උස්සන් පස්සෙන් පන්නන්නයෑ

"දීපිය සල්ලි" කිය කියා

කොහොමෙන් කොහොම හරි මගේ බිස්නස් එක නැගල යනකොට ව්‍යාපාරයට පොඩි ප්‍රචාරණයක් දෙන්න කියල ඉතින් මමත් A4 කොලවල ලස්සනට නම් ගම් දාල දැන්වීමක් ප්‍රින්ට් කරලා ගම වටේම ගහල, අහල ගම්වල හන්දිවලත් ඇලෙව්වා.
ෂාහ් : ප්‍රමෝෂන් අයිඩියා එක නියමෙට වැඩ. හිටු කියල ප්‍රතිපල.

උසස් පෙළ කරන කාලේදී නම් උදේට ඉස්කෝලේ යනවා හවස ඇවිත් අර වැඩ කරනවා. උදේට ඉස්කෝලේ යනවා හවස ඇවිත් වැඩ කරනවා අම්මයි තාත්තයි ටිකක් අකමැත්තෙන් තමයි හිටියේ ඉස්කෝලේ වැඩ පාඩු කර ගන්නවා කියල. මේවා නොකලත් කොහොමත් පාඩු වෙන හන්ද මම පාර්ට් ටයිම් වැඩේ දිගටම කරගෙන ගියා.

කලින් කියපු දැන්වීමක් බලල තමයි ඩොන්ගල් අයිය මාව හොයාගෙන ඇවිත් තියෙන්නේ.
කොහොමෙන් කොහොම හරි එදා කවුද කින්ද මන්ද කියල අහනකොට තමයි දැනගත්තේ මේ මගේ පරණ ස්කොලේ මට උගන්නපු හොඳම ටීචර් කෙනෙක්ගේ පුතෙක් කියල.
ටීචර්ට කරන ගරු කිරිල්ලක් වශයෙන් මමත් ඩිස්කවුන්ට් පිට වැඩේ ලස්සනට කරලා දුන්න. රස්සාවකට ඉල්ලුම් කරන්න අයදුම්පතක් තමයි හදන්න තිබුනේ..

ඉතින් ඔහොම කාලයක් යනකොට මේ ඩොන්ගල් අයියා නිතරම එයාගේ එක එක ලියුම් කියුන් සහතික හදන්න අරව මේවා කරන්න නිතර නිතර ආවා ගියා. වැඩි දුර ඈතක නෙමෙයි අල්ලපු ගමට අල්ලපු ගමේ. ඉතින් මගේ ගමේ යාලුවෙක් වගේ ඒ අයියා ෆිට් වුණා. අනික එයා මට තව තව වැඩ අල්ලලා දුන්න.

දැන හඳුනා ගැනීමෙන් බොහෝ කාලයකට පසු....


 (මේ කියන කාලය තුල මා බොහෝ අත්දැකීම් වින්දෙමි, හඳපානේ වැලි ගොඩ දැමීම වගේ ත්‍රාසජනක සිද්දි වලට මුහුණ දුන්නේ මේ කාලයේ. ඒ කාලය ගැන කතා පසුවට කියමි)

දිනය හරියටම 2009.01.03.  අපි ප්‍රදීප් අයියලාගේ ගෙදර බ්ලොග් ගල් වගයක් ඇද ඇද හිටියේ. එතනත් දිග කතාවක් තියනවා එක පස්සේ කියන්නම්.

මට කෝල් එකක් ආවා

"හෙලෝ පැතුම් මල්ලි, කොහෙද ඉන්නේ" 

"යාලුවෙක්ගෙ දිහා ඇයි අයියේ"

"චාන්ස් එකක් තියනවා"

"මොකද කියන්නේ මිස් කරගන්න එපා"

"මොකක්ද අයියේ"

"ස්ටාෆ් පැකේජ් තියන ඩොන්ගල් ගන්න පුළුවන් අහවල් කොම්පැනියෙන් මගේ යාලුවෙක් ඉන්නවා."

ෂාහ් මේකනම් නියම කතාවකි. විස්වාශ කරන්න මගේ හිත මේ මොහොතට ඩොන්ගල් එක මගේ කොම්පියුටරයට හයි කරගෙන බොහෝ දුරක ගොස් සිටියෙමි

"හෙලෝ හෙලෝ පැතුම්"

"ආ ඔව් අයියේ කියන්න. කොහොමද ගණන් එහෙම"

"ස්ටාෆ් පැකේජ් හන්ද 3000 ට දෙන්නේ, 
මම ඔයාලගේ ගෙවල් කිට්ටුව ඉන්නේ. දැන් සල්ලි දුන්නොත් සතියකින් වැඩේ ෂුවර්" 

"හරි අයියේ එහෙනම් හරි මං දැන්ම එන්නම්"

ඒක කොච්චර ක්ෂණික තීරණයක්ද

දහසකුත් තව කීපයකුත් බලාපොරොත්තු හිතේ තියාගෙන මගේ කුළුඳුල් ඉන්ටර්නෙට් හීනය හැබෑ කරගන්න ඔන්න ඔහොමයි මම ගෙවල් පැත්තට පියවර තිබ්බේ.

හඳපානේ වැලි ගොඩ දමන හින්දා අතමිට බොහෝ සරුය. අතේ මිටේ සල්ලිත් නිතරම තිබුන. එකතු කරගත්තු රුපියල් 5000 කින් මම රුපියල් 3000 හදල ඩොන්ගල් අයියාට දුන්න.

එත් එදා අපේ අම්ම කියපු කතාව ඇහුවනම්*......

සතියකුත් ගතවුනා. අම්මෝ එක කොච්චර හෙමින්ද ගෙවුනේ.

මගේ සිහිනය ඉටු වෙන්නේ අදයි. දහයට විතර උදෙන්ම නැගිටලා මම ගත්ත ඩොන්ගල් අයියට කෝල් එකක්.

"මල්ලි තප්පරෙන් ගන්න මම පොඩ්ඩක් බිසී"

ආයේ පැයකින් ගත්තා

"මල්ලි අරුව කන්ටැක්ට් කරගන්න බෑනේ. හෙට අනිවා වැඩේ ෂුවර් මම ගෙදෙට්ටම බඩු ගෙනත් දෙන්නම් "

පහුවදාටත් එලි වුනා. මිනිහ මොකක්ද පෙට්ටියක් අරගෙන එනවා.
අදනම් මගේ ඩොන්ගලේ ගේනවා වගේ.  ෂාහ් මු කොච්චර හොඳ පොරක්ද.....

මනුස්සය මට කාර්ඩ් රීඩරයකුත් අරන් එනවා

"මල්ලි මේක මං පාවිච්චි කරන්නේ නෑ ඔයාට දෙන්නයි ගෙනාවේ" .

මමත් ඉතින් තැන්ක්යූ කියල  කට *** වගේ හදාගෙන ගත්තා.

"මල්ලි මාර සීන් එක අරකට තව ඩිපොසිට් 1000 ක් තියන්න වෙනවා. උට එක කලින් අමතක වෙලා."

"අහ් එකත් එහෙමද ඉන්නකෝ එහෙනම් "

කියල ඉතුරු 2000 න් 1000 ක් ගෙනත් දුන්න.

එදත් ඩොන්ගල් අයියා ලියුම් වගයක් හදාගෙන ගියා. මට කාර්ඩ් රීඩරයකුත් දුන්න හන්ද මම නොමිලයේම සේවාව සැපයුවා.

"එහෙනම් එන්නම් මල්ලි"

කියල මු යන්න ගියා

සතියක් ගෙවුන. මාසයක් ගෙවුන.  ඔය දවස් ටිකට මම මුට ගත්ත කෝල් වලට ගීය සල්ලි එකතු කළා නම් අලුතෙන් නම්බු පිට ඩොන්ගලයක්  ගන්න තිබුන. හරියටම මාස 2 ක් වෙන්නත් ආවා

මුගේ ෆෝන් එක නෝ අන්ස්වර්. මම ගෙදර හොයන් ගියා. මු ගෙදරත් නෑ.

මුගේ ෆෝන් එකට empty  massege  යවල   delivery රිපෝර්ට් එක ආව ගමන් තමයි මුට කෝල් කරන්නේ. ඇයි කොයි වෙලේ බැලුවත් මුගේ ෆෝන් එක off.

දහ අට සන්නිය නටල නටල යන්තම් කතා කළා.

"මල්ලි වැඩේ ටිකක් අමාරුයි අරක ගන්න අමාරුයි තව 900 යනවලු මොකද කියන්නේ මං ආපහු සල්ලි දෙන්නද"

"මොකටද 900 ක්"

"මගේ යාළුවා දැන් ඒ කොම්පැනියෙන් අස් වෙලා. ඉතින් ගෙන්න ගන්න අමාරුයි.
උඹට වුණ පොරොන්දුව ඉෂ්ට කරන්නත් එපැයි"

"මොන මගුලක්ද අයියේ මාව අන්දන්න ලැස්ති වෙන්න එපා."

"අපෝ පිස්සුද මල්ලි. මං එහෙම කරනවද ඔයාට ?"

නහයට උඩින් වතුර ගියාට පස්සේ ඊට උඩින් ගියත් එකයි නැතත් එකයි. ඉතින් මම දුන්න 4000 ටත් ඔය බණේම තමයි

"හරි මම 900 ක් අරන් අද එන්නම්. හැබැයි මට සතියක් ඇතුලත භාණ්ඩේ ඕනේ"

මාගේ ඒකායන බලාපොරොත්තුව ඩොන්ගලයක සාඩම්බර හිමිකරුවෙකු වීමය. මගේ තීරණ ඒ හීනය විසින් තමයි පාලනය කලේ

කොහොම හරි එකත් දුන්න. අයෙත් කෝල් ගන්න දන්න සන්නි ඔක්කොම දාල බැලුවත් බැරි වුනා. දැන් මාස හරියටම 5 ත් පැනල.

ගෙදරින් එහෙන් බනිනවා. මෙහෙන් විලි ලැජ්ජාව. කොල්ලෝ නම් උට නෙලන්න යන්න කතාව.

අන්තිමේ දෙකෙන් එකක් බේරගන්න කියල හිතාගෙන සෙට් එක එක්ක
උන්ගේ ගෙදර ගියා

ගෙදරින් අහපුහම අදට රට ගිහින් සති 2 ක් ලු. උන්ගේ ආච්චි අම්ම  කිව්වා.   


නොදකින් &$%$^@)(*& පුතා. මක බෑවිලම පලයන්. සත්තයි මගේ හිතෙන් එහෙමම කියවුන.

"ආච්චි මේ............. උට..........." කියල ඩබල පටන් ගන්න හදනකොටම මං උගේ පිටට ගහල යමන් කිව්වා.

පුදුමයි ඒකා මගේ අණට කීකරු වුනාමයි

++++-------------+++++

එදා වෙන තුරු අදටත් මගේ හීනය සුනු විසුනු කර දැමු ඩොන්ගල් අයියා ජීවතුන් අතරද නැද්දයි මං දන්නේ නෑ.

මට පොලිසි යන්නට බැරිදැයි කාට හෝ සිතෙන්නට පුළුවන. නමුත් මගේ මෝඩ කමට මොන පොලිස්සිද කියා සිතා  හා තවත් එකම එක සිද්ධියක් නිසා මට පොලිසියෙන් පිහිටක් පැතීමට නොහැකි විය. -


"පුතේ ඔය ලමයව විශ්වාසද"

"ඔවු අම්මේ අර අම්මත් දන්න අර ටීචර්ගේ පුතානේ"

"එක හරි. කාගේ පුතා වුනත් ඔහොම එකපාරට විශ්වාශ කරන්න එපා"



එදා අම්මා කියූ දේ ගැන නොසිතු මම අදටත් පසුතැවෙමි

අන්තිමට ඩොන්ගල් අයියා මට  පොල්ලක් තැබුවේය. මු පොලු කාරයෙක් බව අහලින් පහලින් දැනගන්න විට මා බොහෝ ප්‍රමාද වැඩිය.

එයින් පසු මා කා ගැනවත් එක එල්ලේ විශ්වාශ නොකරන්නට නම් පුරුදු වුනෙමි. ඒ මදැයි...
 

23 comments:

  1. හයියෝ පැතුම්....අපි කාටත් ඔයවගේ දේවල් වෙනව....ඇත්තටම මටත් වෙලා තියෙනව...මටනම් සල්ලිවලදි ඔහොම වෙලා නෑ..ඒත් අපේ මව්නි(අම්ම)දුරදිග නොබල එකසැරයක් විශ්වාස කරල සල්ලිවගයක් ණයට දීල කාලයක් අපි නැත්තටම නැතිවුනා.....

    ජීවිතේ වෙන හැමදෙයක්ම වෙන්නෙ හෙඳටයි කියල ඒකෙන් පාඩමක් ඉගෙනගමු......:)

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක වුනා...බ්ලොග් එකේ පොි වෙනසක් කරල නේද.....
      ලස්සනයි......

      Delete
    2. ඒක තමයි නිසු... ඕනෙම කෙනෙක් විශ්වාශ කරන්න කලින් දෙපාරකට වඩා හිතන්න වෙනවා.

      ...බොහොම තැන්කියු..

      Delete
    3. පැතුම්.........මට ඔයාගෙ අළුත් පෝස්ට් එක පේන්නෙ නෑනේ.....

      Delete
  2. ඔය වගේ දේවල් කාටත් වෙනවා පැතුම්... ලෝකෙ ඉන්න හැම මනුස්සයම එක වගේ නෑනෙ.විස්වාස තියන්න පුළුවන් මිනිස්සු ඉන්නෙ අතලොස්සයි. වුණ දේ පාඩමක් කරගෙන හිත හදා ගන්ට තමයි තියෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. ඔව්... ඔන්න ඔහේ හිත හදා ගන්නවා

      Delete
  3. මමත් මුල්ම ඩයලොග් කැම්පස් පැකේජ් එකක් අරං මාස 3 ඔය කට්ට කෑවා....sri dialog කියලා ඩිස්ප්ලේ එකේ එනවද කියලා රෑ එලිවෙනකං ඒක දිහා බලං හිටියා...මාස 3 කට පස්සේ ඇක්ටිව් උනේ....පොලු කාරයෝ එමටයි...

    ReplyDelete
    Replies
    1. මොනා හරි දෙයක් ගැන බලාපොරොත්තුවෙන්ම ඉන්නකොට ඒ දේවල් ලැබෙන්න ගොඩාක් කාලය ගත වෙනවා

      Delete
  4. පුදුම අයියෙක් තමා එයානම්...

    ReplyDelete
    Replies
    1. මාර පුදුම අයියෙක් තමයි. අයිය කියන නම ගැලපෙන්නේත් නෑ.

      Delete
  5. Life is a big learning curve don't worry! :)

    ReplyDelete
    Replies
    1. සිරාවටම... වැඩේ කියන්නේ... ඉගෙන ගෙන ඉවර වෙනකොට වලපල්ලට යන්න තමයි වෙන්නේ .

      Delete
  6. යකෝ උඹ ගොන් ගහක නේ.සති දෙකෙන් වැඩේ කරලා දෙනවා කිවුවනම් මාස 5 ක් වෙනකන් හිටියේ.බලපාන් උඹට අං එනවද කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් බං මං ඒක තමයි මුලින්ම මං ගැන කිව්වේ පුත්තලම් බුරුවෙක් කියල. (එවකට, දැන් නම් නෑ හැබැයි..)

      ටීචේර්ගේ පුතා හන්ද මුකුත් කියන්නත් බෑනේ මචන්. මොකද මාව ශිෂ්‍යත්වේ පාස් කරලා දුන්න ටීචනේ.

      Delete
  7. අපේ ගෙවල් පැත්තේ බුවෙකුත් මට තිබ්බ ඔය වගේ පොල්ලක්!
    කපල් පැකේජ් පොල්ලක්!:P

    ReplyDelete
    Replies
    1. ඔව් බං. පොලු කාරයෝ හැමතැනම. බලන්නෙම කාට හරි පොල්ලක් තියන්නමයි.

      Delete
  8. ගියදේ ගියා, ආයෙත් ඔහොම වැඩ නොකරන්න දැන් දන්නවනේ, ඒක ම මදෑ!

    ReplyDelete
    Replies
    1. ඒක නම් සිරා. අයෙනම් මගේ හරකාවත් ඕවගේ වැඩ නම්..............

      Delete
  9. උඹ නාඩන් උඹ නාඩන් උඹට ඕව හොඳ පාඩම්....:D

    ReplyDelete
  10. ඔක්කොම වෙන්නෙ හොදටනෙ කියල හිත හදා ගන්න. මොනා උනත් හොද පාඩම

    ReplyDelete
  11. දෙපාරක් තුන් පාරක් ඔහොම වෙනකොටවත් හිතුනේ නැද්ද දෙයියනේ මේකා පොලු කාරයෙක් කියල..
    ආ... අමතක උණානේ..පුත්තලම් බූරුවෙක් කියල කිව්වා නෙහ්....?

    ReplyDelete
  12. හික් හික්... හිනාවෙනව මිස කියන්න දෙයක් නැත.

    ReplyDelete