Thursday, November 3, 2016

ඇය වගේ නෙමෙයි මම... !!!



"ඇය වගේමයි මම"... ,
කතාවට මුළපිරුවේ
එහෙමය,
මුණගැහෙන්නට ආ
මුල් දවස්වල ඔබ...

නන්නාදුනන
ගැහැණු සිරුරක,
සෙවණැල්ලක්ව
ඔබට හෙවණක් වීම,
කොයි තරම් නම් අපුලද
ඩමියක්ව ඉන්නට සිදුවීම‍...

ඇගේ ඒ ඇස්
මගේ දෑස් තුළ දැකීම,
ඇගේ චුම්බනාණුසුම
මගේ දෙතොලෙහි සෙවීම,
කවදාද ඔබ සිපගත්තෙ
හැබෑවට හරියට මාව...

ගිලගත්තායින් පසුව
හාත්පස අඳුරු කලුවර,
වැළඳ ගන්නේ ඔබ
පෙමින් ඈවය,
ඉනික්බිත් ඔබට ඇසුණේ
ඉකි ‍බිඳෙන හඬ
පමණක්ය...

"ඇය වගේ නෙමෙයි මම"...

එතැනින් කතාව,
එහෙම නවත්වන්නයි
තිබුණෙම එදා මට...

~ දිස් ඊස් නොට් රයිටර් ~

1 comment:

  1. සමහර කතා එහෙම නවත්තන්න ලැබෙන්නේ නෑනේ..

    // ~ දිස් ඊස් නොට් රයිටර් ~ // දෙන් හූ ද හෙල් ඉස් දිස්?

    ReplyDelete