Wednesday, July 13, 2016

මිනී සෙන්ට්



මං ආස ඒ
මිනී සෙන්ට්
සුවඳට...

"ජයතිලක" අපි
මුණ ගැහුණදා
මතකද...?

මහ වැස්සෙ
මූසලම හවසක,
දුරින් නෑදෑ වෙන
කෙනෙකුගේ
මළ ගෙයක

කොයි තරම් නම්
අපුල වූවද,
මං ආස ඒ
නහය හාරන,
සුවඳට...

මෙන්න මේ දැං අපි
මුණ ගැහුණා වාගෙම,
අපේ ඇස් මේ දැන්
පැටළුණා වාගේම
දැනෙනවා මට එතකොට
මිනී සෙන්ට් සුවඳක්
හමනකොට

~ ඩයිඩ් රයිටර් ~

5 comments:

  1. අගේ ඇති කවුරුත් නොලියන දෙයක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්.... තෑන්ක්ස් මචං

      Delete
  2. වෙන් වීමක් හමු වීමක් වෙන හැටි

    ReplyDelete