Sunday, March 20, 2016

දික්කසාදය



ඔබේ කන්තෝරු
මේසය මත තිබුණ
බොහෝ කඩදාසි මත
ඔබ කුරුටු ගා තිබුණ,
"
ඉංග්‍රීසි අකුර",
ඔබගේත්, මගෙත්,
අප දරුවකුගේත්
මුලකුරක් හෝ,
නොවන බැව්
දැන සිටියෙමි ..

එහෙත් සති
කිහිපයකට පසුව,
ඒ මේසය මතම
ඔබ ගෙනවිත් තිබුණ
දික්කසාද
ඉල්ලුම් පත්‍රය,
එ ඉංග්‍රීසි අකුර
නිසාවෙන් යැයි
දැන් හොඳාකාරව දනිමි...

ඉනික්බිතිව හමුවුණ
නොයෙක් තානායම් බිල්ද,
දුර බස් ගමන් ගැනද,
කමිස කොලර අග තිබුණු
රතු තොල් පැල්ලම් ගැනද
ඔබගෙන් තවදුරටත්
ප්‍රරශ්න කිරීමකින් තොරවම
ස්වේඡ්ඡාවෙන්
පිළිතුරු සපයාගතිමි

~ ඩිවෝර්ස්ඩ් රයිටර් ~

1 comment:

  1. ඩිවෝස් පේපර් එකට අත්සන දාලා යන එක කාට කාටත් හොදයි කියලයි මට නම් හිතුනේ.

    ReplyDelete