Sunday, March 27, 2016

අනිසි බිය



කවිද,
කවිය වූ ඔබද,
'හැර යයිදෝයි
අනිසි බියකින්
පසුවෙමි...,

වෙර වීරියකින්
රැක ගත්තා වූ
බොහෝ දෑද
බොහෝ පිංසේන්ඩු
වීමෙන් අනතුරුවද
'හැරදමා ගිය කල්හි,
පදාස ගැලැවී වැටී
ඔද්දල්වූ ජීවිතය,
ඔබේ සැනසුම්
සුසුමන් පිරි වදනකින්
ප්‍රකෘති තත්වයකට
පත්කර ගැනීමේ
නොපසුබට වූ
නිහඬ උත්සාහයක
යෙදී සිටිමි...


~ ස්ට්‍රග්ලින්ග් රයිටර් ~

2 comments:

  1. අපූුරු සංකල්පනාවක්..
    ස්ට්‍රග්ලින් රයිටර්ට ඉක්මනට සැනසුම උදා වේවා..

    ReplyDelete