Wednesday, March 9, 2016

ස්ට්‍රෝක්







වම් පෙණහැල්ලට
මිලි මීටර් දෙක තුනක්
දකුණතට වන්නට
අතැර දැමු ඉසව්වක
එක්තරා හදවතක් ඇත
කල්පෙකින්
ගොඩ නොවැදුණු
එකී හදවතට
අයිති වූ කුටීරයකට
රුධිරය ගෙන යන,
දුර්වල නහරයක අග
කෙලවරම තැන,
ඔබ ලියා දුන් කවියක
පදපෙළක් සිරවී ඇත

~ හාර්ට් පේෂන්ට් රයිටර් ~

2 comments:

  1. හප්පට සිරි බයිපාස් එකක්වත් කරමුද මල්ලි?

    ReplyDelete
    Replies
    1. අඩුවට සෙට් කරලා දෙන්න බැරිද ගිමා අයියෙ....

      Delete