Tuesday, May 10, 2016

මම ඔබේ දුෂේයින් නොවෙමි



මා සොඳුරු අල්තීනායි...!!!
නුඹ කියනා පරිදි
මෙතැන් සිට මම,
ඔබේ දුෂ්... 
දුෂේයින් නොවෙමි,

ඒ කියනා වූ
පොප්ලර් ගස් තිබෙන්නේ
කොයි ඉසව්වේ'දැයිද නොදනිමි...

මා දන්නා අයිලයක් නැත,
මා දන්නා ශිල්පයක් නැත,
කොටින්ම,
ස්ටෙප්ස් තෘණ බිම්
කුමන පැහැයක්
ගනිත්දැයි නොදනිමි...

එහෙයින්ම
මින් මත්තට ඔබ,
අල්තීනායි නොවනු ඇති සේම,
මම දුෂ්... 
දුෂේයින්ද නොවනු ඇත...
 
ඔබ මෙතරම් කියන
එකී "ගුරු ගීතය"
අදක් වන තුරු
කියවා නැති සේම
කුමන ඉරණමක් අප හට
අත්වෙත්දැයිද නොදනිමි...

එහෙයින් ඔබ මෙතැන් සිට
අල්තීනායි නොවනු ඇත
මම දුෂේයින් නොවනු ඇත...

~ කන්ෆියුස්ඩ් රයිටර්

2 comments:

  1. කියවලා ම බලහං.......... පට්ටම පට්ට........ (කවිය හොදේ...)

    ReplyDelete
  2. පද පේලි ටික අපූරුයි.. ගුරු ගීතයත් අනිවාර්යයෙන්ම කියවන්න ... :)

    ReplyDelete