Friday, May 6, 2016

රළු පිරිමි පපු





රළු පිරිමි පපුවක
රොද බැඳුණු
මුහුලස අතර
දෙතොලගින්
කිමිදෙන්න
ඉතිං ඔබ එන්න

කැරලි කෙහෙරැලි
කොණ්ඩයක
බොරපාට ඇස්වල
ආදරය තවරාගෙන
ඇඟිලි තුඩගින්
ඇවිදින්න
ඉතිං ඔබ එන්න

~ ඩ්‍රීමින්ග් රයිටර් ~

2 comments:

  1. මේකප් දියවෙලා,
    මුහුණේ රැළි මතුවෙලා
    හන්දියේ කොලු රැලම
    මෙමට සරදම් කළා ..
    sinhalabloggala.

    ReplyDelete