Monday, May 9, 2016

සොහොන් කවි




නන්නාදුනන
මළ සිරුරු
සුවෙන් නිදනා
සුසානයක,
මිනී මල්
සුවඳ වෑහෙන
සොහොන්
කොත් හිසක් මත
ලියා යමි දුක්
කවක් මම...

ඉතිං ඔබ අමනාපව
අදත් නිදන්නට ගිය වග
මගේ හද මැදලස
සොහොන් පාලුවක්
පමණෙකි ශේෂව...

~ සෙමෙට්‍රි කීපින්ග් රයිටර්


2 comments:

  1. ශේෂ උන දේ එක්ක ඉන්න එක තමයි අමාරුම.

    ReplyDelete