Monday, July 18, 2016

හිත ආදරෙන් බැඳෙනු හැකි




පිට මැදට මුදාහල
තෙතම තෙත වරලක
කෙස් අගිස්සෙන් වෑහෙන
පුංචි දිය බිඳකට වුව
ජීවිත කතාවක්
තනන්නට
පාර පෙන්විය හැක

ඇටකටු පවා පුපුරණ
ගිණිම ගිණි මද්ධහනක
උඩු තොලක් මත පිපුණ
දා බිඳිති පෙලක් හා
හිත ආදරෙන්
බැඳෙනු හැක

~ හාෆ් බොයිල්ඩ් රයිටර් ~

2 comments:

  1. ජීවිතේ යම් දිනෙක
    එපා යැයි අත් හල සුලු දෙයක්
    තවත් මොහොතක මහා ලොකුවට
    අවැසි වේ අපෙ ජීවිතයටම....

    ජයවේවා!!!

    ReplyDelete