Wednesday, July 27, 2016

නුඹ දැන ගත යුතුය



හැමදාම
කවි නැති වග
ඉතිං දුප්පත් හිත
නුඹ දැන ගත යුතුය...

ඒ වාගේ දවස්වල,
එකම බත් පිඩ
සියක් වර අනනට
බැලු බැලු අත
බලාගෙන හිඳුමට
හොරෙන් ඉකිබිඳ
තනිව හැඬුමට
අහෝ හිත නුඹ මට
සහය විය යුතුය

~ හෙල්ප්ලස් රයිටර් ~

4 comments:

  1. හැමදාම කුමකට
    කවි පදය මා හට
    කවි පුබුදනා නුඹ ලගට
    වී හිදිමි ලැබ සතුට.....
    -------හිත-------

    ජයවේවා!!!

    ReplyDelete
  2. කවි නැතුවාට කම ්නැත...
    කුරුටු ගී හෝ දානු මැන..

    ReplyDelete
  3. අමාවකත් තියෙනවනේ ඉතින්.

    ReplyDelete