Saturday, April 16, 2016

හීන කඳු



කොතරම්
හීන කඳු
තිබුණාද අපිට
බිම ඉඳං අහසට
අනන්තය තෙක්
ඇදෙන...

කවදාක හෝ
දවසක
ඒ මුදුන මත සිට
මහා හෙල
ගැඹුරුම තැනට
ඇද වැටුණොතින් හෙම
කෙසේ හිඳී දැයි මම
හිතෙනවා නම් ඔබට...

මේ දැන් ඇවිත් ළඟට
මෙතනින් හිඳ ගන්න..

හුස්ම විතරක්
වැටෙනා හදක
විලාපය අතරින්
ඉඳහිට,
ඔබ හා මම
දුරු අතීතෙක
සිහින මවනායුරු එක්ව
පෙනේවි බොඳව
කඳුළු ඡායා මැදින්
පැහැදිලිව

~ බ්‍රෝකන් රයිටර් ~

No comments:

Post a Comment