Saturday, April 23, 2016

හිමායිත බීර බඳුන්



තැබෑරුම්
මේසය මත ඇති
හිමායිත බීර බඳුනක
බඳ අතැර
පහළට රූරා යන
සීත හිම දිය
බිඳිති අහුරකි...

ශෝකාන්තයකින් එල්බ
මදානුරාගී
එලිය වපුරන,
කැන්ඩ්ල් එලි
තීරු කිහිපයකි,
මෙතෙකැයි
කිව නොහැකි
විප්පයෝගී
දුකකින් තැවෙන...

~ ඩ්‍රන්කන් රයිටර් ~

3 comments:

  1. එළස්................... සුපිරිස්.........

    ReplyDelete
  2. නියමයි
    මමත් ආසයි මදුවිතට, හැම උගුරකින්ම නිවෙන්නේ .......

    ReplyDelete
  3. සුපිරි !

    ReplyDelete