ස්ථානයක් හරි හැටි පැවසීමට නොදත් කොහේ හෝ ජනාකීර්ණ වෙරළක් අසබඩ තැනුණු බංකුවක බොහෝ වෙලාවක් එකම ඉරියව්වේ ක්ෂිතිජ ඉම දෙස නෙත් යොමාසිටි මගේ සිතද තිබුනේ සිතිජ වලල්ලෙනුත් එපිටය.
ඒකාකාරී මුහුදු රැල්ලේ ඝෝෂාවත් කොල්ලෝ කුරුට්ටන්ගේ කෑකෝ ගැසිමුත් පසුබිමින් බොහෝ දුරට මගේ කල්පනා දැහැනට බාධාවන් එක් කළහ.විටෙක සුළගෙ අවේගකාරි හඬද, සැපට හැදුනු බල්ලන්ගේ බිරුම්ද, වෙළෙන්දන්ගේ කන්දොස්කිරියවන්ද, අතොරක් නොමැතිව ඇසෙන්නට විය. එවන් බොහෝ ශබ්ධ රටා වලින් නොබිඳුණු මගේ දැහැන හදිසියේ සවනත වැකුණු සිනාවක දොන්කාරයකින් මුළුමනින්ම බිදී ගියේය.
සත්තකින්ම ඒ ඇයමද ? එය එසේම නම් ?.......
ඒකාකාරී මුහුදු රැල්ලේ ඝෝෂාවත් කොල්ලෝ කුරුට්ටන්ගේ කෑකෝ ගැසිමුත් පසුබිමින් බොහෝ දුරට මගේ කල්පනා දැහැනට බාධාවන් එක් කළහ.විටෙක සුළගෙ අවේගකාරි හඬද, සැපට හැදුනු බල්ලන්ගේ බිරුම්ද, වෙළෙන්දන්ගේ කන්දොස්කිරියවන්ද, අතොරක් නොමැතිව ඇසෙන්නට විය. එවන් බොහෝ ශබ්ධ රටා වලින් නොබිඳුණු මගේ දැහැන හදිසියේ සවනත වැකුණු සිනාවක දොන්කාරයකින් මුළුමනින්ම බිදී ගියේය.
සත්තකින්ම ඒ ඇයමද ? එය එසේම නම් ?.......
හිස ඔසවා ඒ සිනාවේ අයිතිකාරිය සොයා මගේ මනස වෙහෙසවන්නට විය. මා හිඳගෙන සිටි තැනට පියවර කීපයක් එපිටින් තාරා ගමනින් ඇවිදි ඇය සොයා ගැනීමට මට මිනිත්තු කීපයක් ගතවිය. තම ආදරණීය ස්වාමියාගේ හා පවුලේ උදවියගේ ආදරයට පාත්‍ර වූ ඇය දැකීමෙන් මගේ සිත අතීතය තුලින් බුර බුරා නැගෙන්නා වූ ගිනි දැල් වලින් දැවෙන්නට විය. ඇගේ ඉදිරියට නෙරා ආ කුස විදාපෑවේ තව නොබෝ දිනකින්ම ඇය උතුම්වූ මාතෘත්වයට හිමිකම් කියන්නයක් ලෙසය. සත්තකින්ම ඒ ඇයමද ?. මා පෙම් කල ඈමද ?
ඈ දුටු කෙනෙහිම මගේ හිත නොසන්සුන් වෙන්නට විය.දෙකන් පෙති රත්වීමත් සිහින් වැලිකැට චිරි චිරි හඬින් සවන් මතට වැටෙන්නාක් මෙන් ඇසීමත්, සර්වාංගයම හිරිවැටීමත් දෙතොල් මත පිපි දාඩිය බින්දුත් හදවතේ අසාමාන්‍ය ස්පන්දනයත් ඒ බව මට ඒත්තු ගැන්වීය.ඒ මීලඟට විඳින්නට සිදුවෙන කුරිරු වේදනාව නිසැකයෙන්ම අත්විඳීමට සිදුවෙන බැව් මා අත්දැකීමෙන්ම දන්නා නිසාවෙනි.ඒ සමගම ක්ෂණයෙන් මගේ දෙපා වෙව්ලන්නටත් හිස අභ්‍යන්තරයෙන් ඉවසා දරාගත නොහැකි වේදනාවත් මතුවූ නිසා දෑතින්ම හිස බදාගෙන පහත්වී දෙකකුල් අතර රඳවාගතිමි. වේදනාවට දෙනෙතින් කඳුළු කැට පනින්නට ඇත, දත් විලිස්සෙන්නට ඇත.භාහිර ලෝකයේ ශබ්ධ මට විකාර අපැහැදිලි ස්වරුපයෙන් ඇසෙන්නට විය. හිසබදාගත් දෑතින්ම සවන පත් වසා ගත් මම දෙනෙත් තදින් පියා ගතිමි.
දකින බොහෝදෙනෙක් මා පිළිබද විවිධ අර්තකථනයන් දක්වන්නට ඇත. කම් නැත.... කාලය මිනිත්තු කීපයක් ගත වෙන්නට ඇත.
හදිසියේ තිගැස්මකින් අවදි වූ මා වේදනාවෙන් මිරිකී ගිය දෑස් හැරියෙමි. ස්වේත වර්ණ පටලයක් මගේ දෘෂ්ටිය යන්තමට අහුරා තිබිණි.සම්පූර්ණයේම සුවනොවූ හිසේ කැක්කුම නිසා මට මහත් අපහසුවක් දැනිණි. ඒ වන විටත් රක්ත වර්ණයෙන් අවට ලෝකය ගිලගනිමින් තිබෙද්දී මුළු වෙරලම පාලු ස්වභාවයක් ඉසිලීය. තම තමන්ගේ පා සටහන් පමණක් වෙරළ මත ඉතිරි කරමින් සියලු දෙනා වෙරළ තනිකර ගොස් සිටියහ. ලොම් හැලුණු නාටු බල්ලෙකුත් වෙරළේ තැනින් තැන සිටි කීපදෙනෙකුත් හැරුණු කොට එහි අන්කිසිවෙක් නොවීය. මා කල්පනා කලෙමි. බොහෝ දුරට කල්පනා කලෙමි. මීට සුළු මොහොතකට පෙර බොහෝ කලබලකාරී ස්වරුපයක් ඉසිලු වෙරල මෙතරම් ඉක්මනින් සන්සුන් වුයේ කෙසේද යන්න කල්පනා කලෙමි. අවසානයේ හිසේ කැක්කුම තවත් දරුණුවත්ම මා ඒ සිතිවිල්ල බලෙන් යටපත් කරගත්තෙමි.හුන් ඉරියව්වෙන් මතවත් හෝරාවක් පමණ ගෙවාදැමු මා දවසක නිමාව සටහන් කර අවරට ගොස් සැඟවුණු හිරුගේ චායාව දුටු තවත් එක සාක්ෂිකාරයෙක් වීමි.
දෙපා වලට වාරු වී හිඳහුන් තැනින් නැගිට අවසානයක් නොවන ගමනක තවත් එක පියවරක් තබන්නට සැරසුනෙමි.
මා බොහෝ වෙලාවක් ඇවිදින්නට ඇත. සමහර විට සැතපුම් ගණනාවක්..... එසේ ඇවිදින බොහෝවිට නිතර නිතර මා මුමුණන දේ මට මතක නැත. අවබෝධයක් නැත. නමුත් මා මුමුණන බව දනිමි.
හිතවත් පාඨකය, උක්ත සඳහන් පුද්ගලයා පිළිබද ඔබට යම්කිසි ප්‍රතිරූපයක් මවාගැන්මට අපහසු වුවා යැයි සිතමි.ඔහු පරාජිත ප්‍රේමවන්තයෙක් නොවේ, හොරෙක්වත් මං පහරන්නෙක්වත් නොවේ. සැබවින්ම ඔහු උන්මත්තකයෙකි.යම් කිසි දෙකින් කම්පනයක් අත්විඳි සැනින් පෙරකී වේදනාව නිතර නිතර විද හුරු වූ කරුමක්කාරයකි. ඔහු ඒ වේදනාව විඳින්නේ මිනිත්තු කීපයක් කියා සිතුවත් ඒ හෝරා කීපයක්ය. මේ අසරණයාට එය වටහාගැනීමට නොහැක. එය දන්නේ ඔහු එසේ සිටිනවා දකින අයත් දැන් ඔබත් පමණි. එහෙතුවෙන් වෙරළේ විපර්යාසය ඔහුට තේරුම් ගැනීමට නොහැකි විය. ඔහු අවදි වන විට හෝරා කීපයක් ගතවී තිබිණ.
දෛවයේ කෘර සැඩ පහරට හසුව ගසාගෙන ගොස් කෙදිනකවත් නොපැතූ නොසිතු ලෙස ජීවිතයේ උන්හිටිතැන් අහිමු වූ මිනිසෙකි. මීට වසර කීපයකට පෙර මධ්‍යම පාන්තික පවුලක ඉපද තනිවම ජීවිතය සැලසුම්කල ඔහු තමන්ගේ ආදරණීය බිරිඳ මවක් වන ලකුණුත් තමා පියෙක් වන ලකුණුත් දැක ඉතාමත් සතුටට පත්ව තවත් වගකීමෙන් ජීවිතය තව තවත් පිළිවෙලට ගොඩනැගු ආදරණීයසැමියෙකි.ඇයට ඔහුවත් ඔහුට ඇයත් හැරුනුකොට ඔවුන්ගේ ජීවිතය වුයේ තවමත් නූපන් බිලින්දෙකි.
නමුත් සුතිකාගාරය දෙසින් පැමිණි මුහුණේ බලාපොරොත්තු කඩවුණු සේයාවක් සනිටුහන් වූ වෛද්‍යවරු පැවසු ආරංචිය ඔහුගේ ජීවිතය අවාසනාවේ අඳුරු ගුහාව වෙත ඇද දැමුවේය.
"අයි ඈම් වෙරි සොරි මිස්ට"
"ඇයි ඩොක්ටර් ?"
"කලබල වෙන්න එපා... අපට........ ඔයාගේ..... නෝනවත්...... දරුවවත්..... බේරගන්න.... බැරිවුනා....."
"මො.......න.....වා.....ඩොක්ටර්........එහෙම වෙන්නේ කොහොමද ?"
"අයි ඈම් වෙරි සොරි මිස්ට අයි ඈම් වෙරි සොරි"
බොහෝ වෙලාවක් රෝහලේ ලී බංකුව මත හිඳගෙන සිටි ඔහු ජීවිතයේ යතාර්ථය අවබෝධ කරගන්නට යත්න දැරීය. දකින්නා වූ දේ අසන්නා වූ දේ මායාවක්ද නැතිනම් සැබෑවක්ද යන්න තෝරා බේරා ගැනීමක ඔහු නිරතවී සිටියේය. සුතිකාගාරයේ දෙසින් එන ට්‍රොලියක ශබ්දය ඔහුගේ කල්පනාව බිඳදැමීය. සුදු රෙදි කඩකින් වසාමෝචරිය දෙසට ගෙන යන මෘත දේහය දැක ඔහුගේ හදවත ගැලවෙන තරම් වේදනාවකින් ගැහෙන්නට විය.ඇටේන්ඩන්ට් ගේ නොසැලකිල්ලෙන් අසල පුටුවක ගැටුණු ට්‍රොලියෙන් පහතට මෘතදේහයේ අතක් කඩා වැටෙන්නට විය.
පෙරදින පන්සලෙන් ආශිර්වාද කොට ඇගේ සුරතෙහි බඳින ලද පිරිත් නූල තවමත් එලෙසමය. වෙනසකට ඇත්තේ ඒ සුරත දැන් සුදුමැලි වී තිබීමය...... ඔහුගේ හැසිරීම් ක්ෂණයෙන් වෙනස් වෙන්නට විය. මහා හයියෙන් හඬාගෙන ට්‍රොලිය පසුපස දිව ගොස් දේහය බදාගෙන ඉකිගසමින් හැඬුවේය. රෝහල් සේවකයෝ ඔහුව අස්වැසීය. ඔහුට කිසිවක් මතක නැත.
හිතවත් පාඨකය, අපි දැන් උක්ත සඳහන් උන්මත්තකයා පසු පස ලුහු බඳිමු.
පිලී ගඳ ගහන බෝට්ටුවකට පිටදී මම රැය ගෙවා දැමුවෙමි.උදෑසන නොහික්මුණ පුද්ගලයෙක්ගේ පා පහරක් මගේ නින්දට බාධා කළේය.
"නැගිටපන් පිස්සා"
"දවසම කාලකන්නි කරනවා"
"දුවපිය කිව්වේ"
බෝට්ටුවේ අයිතිකරුවෙන්නට ඇත. දවල් දවසත් ඔහේ ගතවිය. සිගමන් යැද ඉල්ගෙනකන්නට වූවමනාවක් නොවුනත් යන්තම් හෝ මගේ කුසගින්න නිවිණි. ඒ මොනවයින්දයි මට මතක නැත. අනන්තය පෙනෙන තෙක් මග වැටී ඇති හෙයින් සුපුරුදු ගමන ඇරඹීමි. මා මුමුණන්නට ඇත. පිළිවෙලක් නොවූ ගමන් රටාවක් මා කෙරෙන් දිස්වන්නට ඇත.
පුදුමයකි.......මේ නම් ඇයමය.
මට පිටුපා තාරා ගමනින් ඇවිදින්නේ ඇයම විය යුතුය.
අවනත නොවූ සිත, දෙපයට වීරිය හා ජවය ගෙනාවේය.
වහා දිවගොස් ඇයගේ අතින් අල්ලා ගතිමි.
"ඔයාට මං කොහෙවත් යන්න දෙන්නේ නෑ....ඔයා කොහෙද ගියේ."
මා එසේ කියන්නට වචන සෙව්වෙමි. මා එසේ නමුත් පැවසීමට පෙර යටිගිරියෙන් කෑ ගැසූ ඇයගේ උදව්වට පැමිණි අවට සිටි හැඩි දැඩි පිරිමින් මට තඩිබාන්නට ගත්හ. පෙම්වතියන් ඉදිරියේ වීරයින් වනු පිණිසත් සමහර පෙම්වතුන් මට තඩිබාන්නට ඇත. වැල්ලේ බිමවැටි වකුටු වූ මා ඔවුන්ගෙන් බේරීමට තැත් කලෙමි. ඇස් වලත් මුව තුලත් වැලිකැට පිරෙන්නට විය. ලේ බින්දු උණුසුම් වැලි තලය තෙත් කළේය. සුපුරුදු හිසේ කැක්කුමත් ඊට අමතරව පා පහරවල්වල වේදනාවත් මගේ ගත සම්පුර්ණයෙන්ම අඩපණ කරන්නට සමත් විය. මා තදින් දෙනෙත් පියා ගතිමි.
මිනිත්තු කීපයක් ගත වෙන්නට ඇත.
බොහෝ දෙනෙක් මා වටේ සිට කෑකෝ ගසනවා ඇසී නිද්‍රාවෙන් මා අවදි විය.බොහෝ දෙනෙක් මාදෙස සතෙක් දෙස බලන්නාක් මෙන් බලා සිටිනු දුටුවෙමි.
"කොහෙද යන පිස්සෙක්"
කවුදෝ කියනවා ඇසුනි.
ඇත්තටම මම
පිස්සෙක්ද ?