Saturday, April 30, 2016

ඩයිනමයිට් !!!




කෙතරම්
බලගතු වුවද,
පුපුරා යා හැකි
නිහඬතාවයක්
අභියස,
හව්හරණක්
නොමැතිව
කරබාගෙන
සිටීම හැර,
ඩයිනමයිට්
කරලකට
කළහැකි
අන් දෙයක්
නොමැත...

~ බ්ලාස්ටඩ් රයිටර් ~

Friday, April 29, 2016

අවසන් නිමේෂය




හුස්ම ගිලිහෙනා වූ
අවසන් නිමේෂයක,
අංශු කැබලිති වලට
විසිරී,
බිඳෙන්නට
ආත්මය'යැයි කියා
දෙයක් වේනම්,
එකී සියලු අංශු තුල
අතැර දමා
යා නොහිව
ලතවෙනා,
අල්පයක් වූ
නාම මාත්‍රිකයින් අතර
ඔබ
ඉහළින්ම
හිඳිනු ඇත...

~ ග්‍රීඩි රයිටර් ~


Thursday, April 28, 2016

ගිවිසුම




මෙතුවක් කල් අපි
ගිවිසගත් පරිදිම,
එකම මාවතක
ඇවිදන් ගියද,
ඔබට කැමති
තැනකින්
හැරෙන්නට
අවසරය ඇත..,

ඉනික්බිති
අවැසි නම්
තනි මගක වුව
යන්නටද පුළුවන,
එතැනහිදිත්
යොදුනක් පසු පසින්
අනවසරයෙන් හෝ
ඔබ හඹා එන්නට
එවිට මට පුළුවන....

~ ෆලෝවින්ග් රයිටර් ~

Wednesday, April 27, 2016

සොයා දෙන්න


සොයා දෙන්න...!!!

අවසන් වරට
දකින විට ප්‍රේමය,
උණුසුම් හාදු
වරුසාවකින්
තෙමි සිටි අතර,
අතැර නොයනා වගට
ගිවිස ගත්තා වූ
පොරොන්දු අහුරක්
අත දරාගෙන
සිටියේය...

~ සර්චින්ග් රයිටර් ~

Tuesday, April 26, 2016

සුබ්‍රමනියම්



සාලයේ එක පෙලට
නිදා හිඳිනා සිරුරු
හතරක පහක
දුරක් පමණෙකි
සුබ්‍රමනියම් මට
ඔබේ ලඟට

ජනෙල්
කාවුලෙන් පැන
දීපාවලි හඳ,
ඔබේ මුහුණ
මත නතරව
අදත් පෙනේ මට,
සුබ්‍රමනියම්
ඔබ අවදිව...
~ අවේක්න් රයිටර් ~

Monday, April 25, 2016

නොකියනා වූ කතා



කොහේදෝ
යන අතරමග
අහඹුවක් සේ
තුරුලු වෙන,
හැම මලකටම
නොකියනා වූ
එක් කතාවක්
හුළඟකට ඇත

~ අන්ටෝල්ඩ් රයිටර් ~