Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Wednesday, March 16, 2022

"ආදරේ බව එපමණ"

 


මිරිඟු මුතුසර

පය බැඳී ගිගිර

නිම්නාද හඬ
ඇහෙන දහවල,

ආදරේ යහමින්
බෙද බෙද ඔබ,
අප ඇවිද ගිය
පාරක,

"ආදරේ බව එපමණ"
කනට ළංවී කොඳුරනු
රහසින් මෙන් ඇසිණ

~ ලයින්ග් රයිටර් ~

Tuesday, April 20, 2021

රහස්, රස තැන්

සඟවා රහස්,
රස තැන්
රළු ඇස් ඟඟුල්
පත්ලෙහි,
මෙතරම් කාලයක් "ඔබ"
රහසක්ව පැවතිණි,
ඉපැරණි කඳුලකින් ලියැවුණු
බොහෝ කවි කතා විනි
එතරම් කාලයක් ඔබ හා,
ප්‍රේමයක් විණි
~ ලයින්ග් රයිටර් ~

Thursday, January 18, 2018

රිදවාගනු පිණිස

 

 

 

නොලියන්නයැ'යි මතු

"දුක හිතෙන කවි" යළි,

පුන පුනා ඔබ,

ඇමතුමකින්

කොඳුරයි,

 

"නොගොසින්" හිඳින්නැ'යි,

දෙතොලින් කිව නොහී

යම් දෙයක් ගැන,

එ'කවි'මුවින් මිමිණෙයි,

 

නොගොසින්ම ඉන්නට

බැරි ගමන් ඇති බවට,

යා යුතුම ගමනින්

අඩක් නිමකළ බැවින, 

 

මේ කවිකඩත් ඔබට,

රිදවාගනු පිණිසමයි..!

 

~ හර්ටින්ග් රයිටර් ~

සත්‍යාදරී ස්නේහී



 


ඉතිහාසයේ සරනා
සත්‍යාදරී ප්‍රේමී,

යටගියාවක ගිලිහුණු
නපුරු කඳුලක් ඇහැරී,
ඔබ සොයයි මිතුරී,
සුසුම් සසලයි
ස්නේහී,

කාලයේ කළු වැලි
තලා සොය සොය,
මතක රැස් කඳ
වළලනා යුවතී,
වමත මුදුවක්
පළඳිනා ගැහැණී,


කල්ප නින්දෙන්
අවදිවනු මැනවි... 



~ ප්‍රීහිස්ටොරික් රයිටර් ~

Tuesday, November 14, 2017

බිසී මී !




වරින් වර ඔසවා හිස
පා කරමි ඈතට ඇස,

හිස්ය, හිස්ය,
ඒ හිස්කම...
 
කිහිප සැරයක් වැරදුණ
කන්තෝරු සටහන් අස,
අවුල් වී ගිය සියක් වැඩ
ග‍ොඩගැසුණු රාජකාරිය,


නොදන්වා පෙර ඔබ
නා බැවින් කන්තෝරු අද,
තදින් පියවර ගතයුතුය
නොදී කිසි බුරුලක් හෙට..! 



~ ඇක්ෂනිස්ට් රයිටර් ~

Pic | https://photos.smugmug.com/Professional/EPO/EPO-The-Office/i-nHz7F5j/1/bcf3d596/L/epo-L.jpg

Wednesday, November 8, 2017

මට පුරුදු


දෙතොල'ගුළු
සිඳ බිඳ,
සිනාසීමටය
ඔබ ගිය පසු
ඉතා අපහසු,

කවියකට
දුක පවරා,
නිහඬව හිඳීමය,
එදා සිටම,
මට පුරුදු


~ ස්ට්‍රෝන්ග් රයිටර් ~

 Pic | https://i.pinimg.com/originals/09/04/9b/09049b745eaebbf24d01c5ce932a8880.jpg

උගන්වා නැත්තේ ඇයි ?

නෙක පැහැති
සුවඳැති මල්,
හොවා ඇකයෙහි,
වරින් වර
එකිනෙක ගෙන,
බිම දමා පාගයි ඔබ,

කොක් හඬලා සිනාසෙයි,
මහ හඬින් වැළපෙයි,
කිසිවක් සිදුනූන ලෙස
නිහඬව ඉන්නයැයි අයදියි,


සිය දහස් වෙනි වරටද
ඔබ පසුකර හමාගිය මම,
ඒ කාන්තාර සුළඟයි...


වියරු වූ විට ප්‍රේමය,
මේ ලෙසිනි මෙලෙසැයි,
හද රිදුම් පමණැයි,
කිසිවෙක් කිසිවිටක මට
උගන්වා නැත්තේ ඇයි..!

 
~ කන්ෆියුස්ඩ් රයිටර් ~

වෙන වෙනම, ගමන්


සනුහරෙන්
වෙන්වී,
තනි තනිව
වෙන වෙනම,
ගමන් අරඹනු
පිණිසව,


~ සෙපරේටඩ් රයිටර් ~

 


මව් තන බුරළු

තබා තම තුරු පත් හිස
දෙනියෙ ඇළ ඉවුරත,
උණ පඳුරු
පෙම්වතියන් මුමුණති,
පෙමින් දිය දහරාවක
ගීතය..


යහමින් ගත හළාගත්
සේපාලිකා, කපුරු
මල් මුසු සුවඳක්,
සැක කළ හැකියි
පිය නගන බව,
සැඳෑ සාදය වෙත
මුදු සිහිල් සීතල
සුළඟක්,


පළමු වෙඩි පහරින්
ළය දැදුරු වුණ,
මුව මවක
සිරුරක් දැවෙයි,
අසල ගිණි මැලයක,


විතෙන් විත මධු
බඳුන් සපිරෙන'තර,
බිඳෙන් බිඳ
කටගැස්ම හිස්වෙයි,
ඈතින් වැයෙන
ඝන්ඨා නාද මැද,


ගහකින් වැටෙන පතටත්,
මායා'ඳුරු සෙවණැලිවලටත්,
රවටා ගනිති, රැවටෙති,
මුව පුතණුවන්
රෑනක හිත්,


මව්දෙන එතැයි ඇතිවුණ
තැවුල් සංකාවෙන්ද,
බැට කකා ඉල් මස
කුරිරු සීතල
චණ්ඩ සුළඟින්ද,
උනුන් උන් තුරුළුව නිදති
ඈ මියැදුන තැනම
තැන්නෙහි ලැග,
මව් තන බුරුල්ලක්
සිහිනෙන් දැක දැක,
හාමතින්
කිරි බඩගින්නෙම...


~ හන්ටඩ් රයිටර් ~

Friday, October 27, 2017

මග කී තාරුකා

මා සෞම්‍යාදර
හිතෛෂිවන්තිය,

වසත් සමයක්ව
වෙස්වලාගෙන පැමිණි,
"ගිම්හානයක්" අතර මැද,

වියළී කෘශව දුබලව,
පෙති පත් හැලී ගිය,
නම නොදත් මල්
උයනක් මැද හිඳ,
සුස්මන් වගුරුවමි,


ආ මගක් ගැන
නිච්චියක් නැත,
යා යුතු මගක් වුව
පැහැදිලිව නැත,


විසල් ප්‍රේමයක
සොහොන් සළකුණු මිස,
ඔබෙ නිල් දෑස මෙන් මට
මග කී තාරුකා නැත.


~ ස්ට්‍රේන්ඩඩ් රයිටර් ~

Tuesday, October 24, 2017

බිළිඳු කෝළම්

අඩ අඳුරු
විදුලි පහනක,
මද එළිය හා මුසුව
මහ රෑක මැදියම අවදිව,
බිත්ති මත සෙවණැලි
මවයි දෑතින් ඔබ,

"ඔන්න ඔන්න
දැක්කද බස්සෙක්"
"මේ මෙන්න මේ
වළහෙක්"


ගෙදර ගෙන ආ
කන්තෝරු අධික වැඩ,
මගේ තනියට
පසෙකින්ය ඔබ,


ගිණුම් වගු හා
ලේඛන ගණන් මට,
පිට පිටම පටලයි
කිහිප සැරයක්ම,


හෙටත් බැනුමක්
අසනු පිණිසව,
හදාගත යුතුය හිත,


කන්තෝරු "මහතැන" මට
කමාවුව මැන,
හිත එකලාසයක් නැත
මෙ'බිළිඳු කෝළම් අස


~ ඕවර් වර්කින්ග් රයිටර් ~
 
Pic | Internet


Monday, October 23, 2017

ඔබ ලියුම් එවිය යුතු ලිපිනය

කුඩා කඳු වළල්ලක්
මැදි කොට
තැනූ පටු මාවතක,
බිම අතුල මුදු
රෝස තිරුවාණය,
විලෝ තුරු
වියන හිසටය,

දෙපස නිල් මල් ගොමුවද,
ඔබ කැමැතිම
කැමේලියා පඳුරුද,

හඳුනාගැන්ම පහසුය,
කෙළවර තිබෙයි පොකුණක්,
අද්දර පෙනෙයි කුටියක්


...................................

මුදු සුළං
සරැළිතක බාරේ,
විලෝ තුරු
සෙවණ පාරේ,


ඔබ කැමති නමකින්
"ආමන්ත්‍රණය" කොට,


විහඟ බිඟු ජනපදය,
ශේෂ කඳු නිම්නය,

යන ලිපිනයටය,
ඔබ ලියුම්
එවිය යුත්තේ...

 
~ එඩ්‍රස්ඩ් රයිටර් ~

Friday, October 20, 2017

ළමැද මැද සාද

 

 

කෙටිම කෙටි
ඇස් පැටලුමකට
ඉනික්බිති,
ඉතා දිගු සාදයකි
ළමැද මධ්‍යයෙහි,

 

 "ගිහිං එන්නම්" යැයි
නොකී තෙපුලෙහි,
උපසිරසි දිස්වේ
මුතු නීල නයනෙහි,

 

 ඉතිං
සැණකෙළි ප්‍රීතියකි,
මහද ගැඹරෙහි,
බර අඩි තබ තබා ඔබ
රඟනා බැවින්
එ'පත්ලෙහි. 

 

~ ෆෙස්ටිව් රයිටර් ~

 

Pic | http://www.rediff.com/movies/special/the-best-moments-in-hindi-films-in-2016/20161226.htm

 

Thursday, October 19, 2017

කියන දේ නාහනකම

මහා හයියෙන්
වැහැපු හවසක,
මගෙන් පොඩි
බැනුමකුත් අහගෙන,
නාගෙන ආ ගමන්මය ඔබ
පුරව ගත්තේ
අයිස් මග් එක,

සාලයේ අසුනක
හරිබරි වී වාඩිගෙන,
රව රවා හොරැහින් මට
පෙන්වයි තව
හයිරන්කාරකම,

"හදා ගන්නවකෝ, නැති ලෙඩ,
කියන දේ නාහනකම"

මතුර මතුරා තනියම,
පිපිරුණේ මම බොරුවට,
 
ඔබේ උඩු තොල'ග රැඳි මෘදු
සුදු හිම කිරම පැල්ලම,
බදා ඇදගෙන
තුරුල්ළට ඔබව,
සිපගත හැකි විදිහකුයි
සැලසුම් කලේ මම

~ ප්‍රිටෙන්ඩින්ග් රයිටර් ~



Pic | www.istockphoto.com/photos/woman-eating-ice-cream

ඇග්නස්


"මහ සභා රැස්වීම,"
අවමංගල
ආධාර සමිතිය,

නර කෙස් ගස් අරක් ගත්
හිස් ගෙඩි කිහිපයක දුර,
සභාවේ මැද,
බිමට බර දෙනෙතිනි,
ඇග්නස් හුන්නේ
හැමදාම නුඹ, 

සතලිස් හත්
වසරකට පෙර,
යෞවන සමාජය,
මුලසුන හෙබවූයේද මම,
සභා ගර්භය මැද
නිහඬව එදත් ඔබ,

"අනුශාසක කතාව"
ඔබේ "මරණෙට",
අවමංගල කමිටුව
පවරා තිබුණේද මට,

දෙඅත් ළයේ බැඳ
නිසලව,
පියාගෙන අැස් නිහඬව,
අදත් ඇග්නස්,
එදා වාගෙම නුඹ !


~ සීක්‍රට්ලි වීපින්ග් රයිටර් ~

Friday, October 13, 2017

වටොරෙහි මල්




සුදු පාට පසුබිමක
අයාලේ විසිරුණ ,
ලා පැහැති
නිල් නිල් මල්,

දෙදණට මදක් කොට
හිර ගවුම් වාටියෙහි අග,
සඟවමින් මැහුමක
ලෙහී ගිය නූලක රැල්,

රවාගෙන මට
ගස්සා ලඟින් ගිය,
තප්පරේකට පසුවයි
පතබෑවුණේ ඔබ,

අන්න ඒ
මොහොතෙදියි මම,
පිපෙණු දුටුවේ
වටොරෙහිද මල්...

 ~ ස්ලැප්ඩ් රයිටර් ~



Thursday, October 12, 2017

රහසින් කළ පව්



 

ආනාපානසති, සමථ
විදර්ශනා භාවනාදී,
සියලු වැඩසටහන්
මා පැවැත්වූ අතරතුරදී,

 

 අර්ධ පර්යංකයෙන්
බිත්තියට පිට දී,
හුන්නේ ඇයයි
බණ මඩුව කෙළවර,
දැහැනකින් ධ්‍යාන ගතවී, 

 

සිල්ගත් උපාසක හිස් ගෙඩි
සියක් බාධක පවුරු මගහැර,
වටාපත මත හැපී විසිරි බිඳුණ,
ඇගේ ළය සීතල හුස්මක්ය,
මේ මහා නස්පැත්තියට මුල,

 

ධර්මයේ ගාථා අතර,
පැරණි බණ පොත්
පුස්කොල ගර්භ මැද,
පෙම් කවි ලිය ලියා සැඟවීම,
රහසින් කළ පවකි
ඈ රූ කටු කුරුටුගෑම.

 

 ~ ඩිස්රෝබ්ඩ් රයිටර් ~


රතු පාට ලදරං ටකරං බස්


ඉතිහාසයක ගැඹුරු දුර
ගොඩකර දමන්නට,
නොහැකිවී ලතැවෙන
ඝනාලේපිත 'තීන්තස්ථර'

උසස්පෙළ අවසාන දවසක
බස් රියක පසුපස අසුනක,
'කුරුටු' ගෑ අපි අපේ නම්වල
ඡායාවකිය හිත්වල,

උපාධියෙන් ඉක්බිතිව
දෙවෙනි පත්වීම ගමට,
ම'ප්‍රිය බිරිඳ හා පුතුද
අතීතෙන් ලද කදමලු බරද,

රතු පාට ලදරං ටකරං බසය,
අතීතෙන් පැන ආ
යගදාවක් විලස,
තලා පෙලා හදවත මැඩ
දුක් සුසුම් ගිලිහෙන'තර,

"හා ! හා !! පුතා බස්වල,
සීට්වල, යන එන තැන්වල,
බලි කුරුටුලන්නෑ
හොඳ ළමෙක් වුණහම..!"


ඇසෙයි තරවටුවක්
බිරිඳගෙන් පුතුට,
පණ ඇද ඇද දුවන
ලංගම ඇන්ජින්
සද්දෙට මුසුව

~ ශොක්ඩ් රයිටර් ~


Pic | http://sltbbus.blogspot.com

Friday, October 6, 2017

"නාලක" "විජිත"




දුවයි මාවයි ගෙදර තනිකොට
ආපහු එන ගමනකුත් නැති කොට,
මගේ ඇස් දෙක මට තව
අදහගන්නට බෑ තමයි "නාලක",

බල්ලෝ රෑනක් උඩු බුරපු දවසක
"බ්රාස්" ගාගෙන ආව ජීප් එක,
ගෙනා මූසල පයින්ඩේටම
අවුරුදුම කීයක් ගතවුණාවද,

උඹේ හැඩරුව බැල්ම කැටි කොට
ගමේ උන් විරු පිළිමෙ හැදුවට,
එතැන පහු කර කර ආව වාරෙට
පිච්චුණේ මැරි මැරි, මමයි තනියම

කුස්සි කළමනාවෙන් පටන්ගෙන
නිදි පැදුරේ අඩුපාඩු
හොයනකොට "විජිත",
දුකක් තනියක් නොදැනීම
ඇත්තක් නම් තමයි "නාලක"

ඒ වුණත් හංදිය පහුකර
උඹේ ඇස්දෙක දිහා බලාගෙන
බඩක් උස්සන් ක්ලිනික් යන්නට
කියාපන් දෙවියනි පුලුවන්ද මට


~ දිස් ඊස් නොට් රයිටර් ~



Friday, September 22, 2017

මම, සිදුහත් !



ගෙවා පසුකර මග
හඹා ආයෙන්,
සංසාර දුර
කල්ප ලක්ෂ්‍යයක්, 

ඇසතු ඇස් පාමුල
වැතිරගෙන,
වඩවමිනි වීරිය
ප්‍රේමධ්‍යානයක්,


දුෂ්ක්‍රක්‍රියා කොට
ඉක්මී ගියාවද,
බෝ සේ දිගු
කාලයක්,


ඔබෙ රුදු නපුරු
පිළිවෙත අස,
බුදු බව නොලදිමිය
මම, සිදුහත් !


~ ෆේල්ඩ් රයිටර් ~