Tuesday, May 31, 2016

තෙමෙන්න





"තෙමෙන්නැයි"
කිය කියා
ඇදහැලෙන
වැස්සට
කුමට ඉහලා
ලතවෙම්ද කුඩ

~ වෝටර් ෆ්රූෆ්ඩ් රයිටර් ~

Monday, May 30, 2016

සඳක වැළපුම





වැසුව පසු
"
දොර"
වැළපෙයි
"
සඳ එළිය"
දොරකඩ

~ ක්ලොස්ඩ් රයිටර් ~

Sunday, May 29, 2016

නටඹුන්ව යන ප්‍රේම ඉතිහාසයන්




හදිසියේ හටගත්
ප්‍රේම ඉතිහාසයන්
'හටගත් පරිදි
හදිසියේම
නැති වන්නේ නැත...

ඇතුල් හද බිත්ති
දුබලව, සුන්බුන්ව,
එකක් මත එකක්
ගරා වැටෙනා තෙක්,
එකී ප්‍රේමය
නැති වන්නේද නැත...

එහෙත් එවන් වූ
ප්‍රේමයක අංශුවක්
ඉතිරිව ඇති හදවතක්,
කවදාක හෝ සුන්බුන්ව
නටඹුන් වන්නේද නැත...

~ රුයින්ඩ් රයිටර් ~

Saturday, May 28, 2016

චුරු චුරුව






දිගු කලකට පසු
දැකීමෙන් සතුටුව
අත් හැර නොයයි අහස
තවමත් ඒකයි චුරු චුරුව

~ රේනි රයිටර් ~

Friday, May 27, 2016

පිළිල ප‍ෙම





කෙතරම් කීවද
ප්‍රේමයෙන් වග,
පිළිලයට
ගැරහුමක් මිස,
ගසකින් හිමි
සෙනෙහසක් නැත...

~ පැරසිටිකල් රයිටර් ~