කතිකා කරගත් පරිදි ගනුදෙනුවෙන් හරි අඩක් අහවර වූ කල්හි ඉතිරි අඩ සම්පුර්ණ කරනු පිණිස ලැබුණු යතුර අතැතිව මා පටු කොරිඩෝව දිගේ ඇවිදගෙන ගියේ කාමර අංක "නමය" සොයා ගනු පිණිසය. බාගවිට නමය නපුරු විය හැක. එනමුදු විකල්ප නොමැති බැවින් එයම තෝරාගත යුතුව ඇත. අඳුරු බිම්ගෙයක් වැනි කොරිඩෝව දිගේ ඇවිද යන විට වාදනය වූ මිහිරි ඉංග්‍රීසි ගීතයේ මාත්‍රාව හදවත ස්පන්දනය වූ මාත්‍රාවට වඩා බොහෝ පහල අගයක් ගත්තේය. එකිනෙකට බොහෝ ඈතින් පිහිටි කෙටි වීදුරු කවුළු තුලින් පෙරී ආ සඳ එලිය, අඳුර පරයා ටෙරාසෝ බිමෙහි ගුප්ත රටා මවමින් තිබිණ. අරමුණ කරා මා ඉදිරියට තබන සෑම පියවරක්ම, බොහෝ දෙනෙකුගේ ජීවිතවල අනාගතය තීරණය වන තීරණාත්මක සාධකයක් බවට පරිවර්තනය වෙමින් තිබිණ. මින් පෙර නොදුටු ඇයගේ නමද මාගේ නමද එම ලැයිස්තුවේ ඉහලින්ම සටහන් වීමට නියමිතව තිබුන අතර සෙසු නම් ඊට පසුගාමිව තිබිණ.
මැදගිල්ලෙන් අගුල් දා තිබු දොරටුවට කීප වරක් තට්ටු කර, අතැති යතුරෙන් දොර පළුව විවර කරගෙන මා කාමරය තුලට බට කල්හි නාසයට දැනුන මිහිරි සුගන්ධය, දල්වන ලද හඳුන්කුරක දුමක් නිසා හටගත්තක්ද නැතිනම් අන් කුමක් නිසා ගටගත්තක්ද යන්න පැහැදිලි නැත. කෙසේ වුවත් තව්සන්ගේ පවා දැහැන් බිඳීමට සමත් සිත කළඹන අනුරාගී උත්තේජකයක් ඒ සුවඳ තුල කැටිවී තිබුන බවනම් ඉඳුරා පැවසිය හැකිය. හිසට ඉහලින් නෙත් යොමුකළ කල බිත්තියේ තිබු ඔරලෝසුවේ රාත්‍රී දහය සටහන් වීමට මිනිත්තුවක පමාවක් සටහන් වී තිබුණි. ගිවිසුමට අනුව පැයක් වැනි කෙටි කාලයක් තුලදී ගනුදෙනුකරු වන මාගේ අවශතා සපුරා ගත යුතුය. ඒ සඳහා ඇයද සුදානමින් සිටින වග සැකහැර දැනගැනීමට කාමරය පුරා මා දෙනෙත් වෙහෙසුවෙමි. සිවු කොනේ දැල්වුණු බිත්ති පහන් වලින් ප්‍රභාශ්මිත වූ මන්දාලෝකය, අනුරාග සිතිලිවිලි මවෙතින් බලෙන් පැහැරගන්නා බව හැඟුනි.
සයනයට යාබදව දිලිසෙන මතුපිටක නිමාවකින් යුත් ටීපොවක් මත වූ දල්වන ලද ඉටිපන්දමක ආලෝකය තුලින් මා ඇගේ ආරාධනාත්මක ගනුදෙනුකාර දෙනෙත් දුටුවෙමි. ඇය දුටු කෙනෙහි මාගේ මුව මත සටහන් වූ සිනාව කවර හැඩහුරුකමක් ගත්තාදැයි නොදනිමි. බොහෝවිට හැඟීම් විරහිතව ඒ සිනාව කෘතීම ස්වරුපයක් ගන්නට ඇතැයි විශ්වාස කරමි. පය උස්සා ඉදිරියට පියවර තැබීම වෙනදාට වඩා ආයාසකර විය. නිසැකවම මා ඇය දෙසට පියවර තැබුවේ දෙපා බිම අද්ද අද්දා විය යුතුය. මා ඈ වෙතට කිට්ටු වී සයනය අසල තිබුන පුටුව මත හිඳ ගත්තේ ටයි ගැටය මදක් ලිහිල් කරමිනි. ඈ මා දකින සෑම අවස්ථාවකදීම පුරුදුකාරයෙක් ලෙස හැසිරීමට මා කෙතරම් උත්සාහ කලද අත්දැකීම් විරහිත අතීතය විසින් ඊට බාධා පැමිණවීය. මාගේ දෙනෙත් දෙස එක එල්ලේ බැලු ඇගේ මුව මත දඟකාර සිනාවක් සටහන් විය. උඩුකුරුව දුහුල් ඇඳුමක් ගත දවටා, සයනේ වැතිර සිටි ඇය ඇඳ වියල මත තිබු සාළුවක් ගෙන ළමැදට තද කරගෙන හදිසියේ නැගිට සිටියාය.
"කොහෙද යන්නේ" නොරිස්සුම් සහගතව මම විමසුවෙමි.
"වොෂ් එකක් දාගන්න"
"හ්ම්ම්...ගොඩක් වෙලා ගන්නවට මම කැමති නෑ" මම අකමැත්තක් මෙන්ම බොරු හදිසියක් මවා පෑවෙමි.
"හ්ම්ම්..නෑ..ඉක්මනින් එනවා"
ඇය නාන කාමරයට ගොස් දොර වසනු වෙනුවට අඩවන් කරන ලද දොර පියන මත රැගෙන ගිය සාලුව රැන්දුවාය. ඇගේ ගත ගල්වන ලද සුවඳ විලවුන්වල සුවඳ ඇය නාන කාමරයට ගොස් බොහෝ වෙලාවක් යන තුරුත් මා වටා සැරිසැරීය. කරාමය තුලින් ගිලිහෙන ජල බින්දු ටයිල් පොලව මත වැටෙන හඬට පසුව මොහොතකින් සුමුදු ෂැම්පු සුවඳක් හැමීය. ලැබුණු අවසරයෙන් මා අත තිබුණු දුරකතනයේ කැමරාවෙන් ඇයගේ කුටියේ චයාරුප දෙක තුනක් ලබා ගතිමි. සයනය අසල පිහිටි මේසයේ ලාච්චුව තුල වූ කොපි පොත පුරා මුතුවන් අකුරුවලින් කුරුටු ගෑ කවි කීපයක් හැරුණුකොට සෙසු පිටුවල ලියා තිබුනේ ඇගේ ජීවිතය යැයි මා අනුමාන කලද නිසැකවම ඒ බව තහවුරු කර ගැනීමට කාල වෙලාව හරස් විය. අන්තිම පිටුව පෙරලද්දී චායාරුප කීපයක් අතරින් ඇයත් ඇගේ පෙම්වතා යයි සිතිය හැකි ඉලන්දාරියෙකුගේ චයාරුපයකුත් කුඩා සිඟිත්තෙකුගේ චායාරුපයක්ද මගේ අවධානය දැඩිව පැහැර ගන්නට සමත් විය. හදිසියේම නාන කාමරයේ දොර කිරි කිරි හඬ නැගුවෙන් මා අත වූ පොත ලාච්චුව වෙත විසි කලේ සයන මත උඩුකුරුව දිගා වෙමිනි.
නාන කාමරයෙන් එලියට පැමිණි ඇගේ ළමැද හරහා දෙදනට බොහෝ ඉහලින් සාලුව එතී තිබුනද, නාරි දේහයේ වැඩි වපසරියක් ආවරණය කිරීමට එයට නොහැකි විය. ඇය තෙත බේරෙන වරලස පිට මැදට මුදා හැර සෙමින් පැමිණ සයනයේ මා අසලින් වැතිර ගත්තාය. වරලස දීප්තියෙන් බබලන්නට වූ අතර එවෙතින් හැමූ සුගන්ධය, නන්නත්තාරව හැල්මේ දුවන අසම්පුර්ණ ජීවිත සනහාලන්නට උත්තේජකයක් වන්නේ මන්දැයි තේරුම් ගැනීමට මා හට එතරම් අපහසු නොවින. කුෂන් මෙට්ටය මත වැටී තිබුණ මාගේ වමත ඇය තදින් ග්‍රහණය කරගත්තාය. සයන මත ඇලයකට හැරී ඇය දකුණතන් මාගේ ඇඟිලි තෙරපන්නටත් වමතින් මාගේ භාහුවේ ඉහල සිට පහළටත් රිද්මයානුකුලව පිරිමදින්නට විය. මට ඇය කෙරෙහි ඒ මොහොතේ ඇති නොවිය යුතු අනුකම්පාවක් දැනින. මා අගේ දෑස් දෙස හොරැහින් බැලුවෙමි. හීනියට මෝදු වූ කඳුළු කැටයක් ඇගේ ඇසක් අග්ගිස්සේ නලියනවා දුටුවත් ඒ කුමක් අරබයාද යන්න මම නිසැකවම නොදැන සිටියෙමි. බොහෝ විට ඇගේ ජීවිතය පිළිබඳව මෙන්ම ඇගේ හැඟීම් සියල්ල පිළිබඳවත් ඒ නිහඬ කඳුළු කැටය එදා මෙදා තුර සාක්ෂි දරනවා විය හැක.
"මොකද කරන්නේ..ඇයි මෙච්චර වෙලා ගන්නේ...?" ඇය කුතුහලය මිශ්‍ර සිහින් හඬකින් විමසුවාය.
"මට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද.....?" සැලසුමට අනුව සිදුවිය යුත්ත ලෙස පමා කිරීමට වුයෙන් එසේ කල්මැරීමට මා උපක්‍රමශීලී වුනෙමි.
"කතා කරන්න.?..මට...?..කතා කරන්නද මෙච්චර වියදම් කරලා මාව හොයාගෙන ආවේ..?" ඇය එකම වැකියක් ප්‍රශ්න තුනකට ගොනු කලේ විමතියෙනි.
"මං කියනදේ අහන්න මට ඕනි නෑ ඔයත් එක්ක එහෙම හැසිරෙන්න..කරුණාකරලා මම කියනදේ තේරුම් ගන්න...මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. මට ඕනි ඔයා ගැන විස්තර ටිකක් ගන්න....සමාජවිද්‍යා පරීක්ෂණයකට" ඇදබෑවේ මුසාවක් වුවත් ඇයට නොහැඟෙන සේ කීමට වගබලා ගත්තේ මින් මත්තට සිදුවීමට යන දේ මා හොඳින් දන්නා නිසාවෙන්, එමඟින් ඇය මදකින් හෝ පමා කිරීමට හැකිවේයැයි මට ඒත්තු ගිය නිසාවෙනි. ඈ මවෙත හැරී ගත දවටා සිටි සාලුව රැඳි තිබු ගැටය මුදා හැර සයන මත උඩුකුරුව වැතිරුනාය.
"මහත්තයා මේ..විකාර නැතුව මට බණ දේශනා කරන්නේ නැතුව ආව නම් ආව වැඩේ කරගෙන යනවද.........." ඈ පැවසුවේ කැරකෙන පංකාව දෙස බලමිනි.
"........මම මීට කලින් ඔයිට වඩා උපාසක බබාලා දැකලා තියනවා...හොඳ හිතින් කියන්නේ.....මට බණ දේශනා කරන්න විතරක් එන්න එපා...මොකද මට දැන් ඔව්වා අහලා තිත්ත වෙලා තියෙන්නේ...තමුන් අහන්න යන දේත් මම හොඳට දන්නවා..කොහොමද ඔයා මේ රස්සාව පටන් ගත්තේ..?. ඇයි ඔයාට හරි තීරණයක් ගන්න බැරි වුනේ මේ ජරා රස්සාවෙන් මිදෙන්න.?.ජීවිතේ ආයේ පටන් ගන්න පුංචි හරි උත්සාහයක් ගන්නේ නැද්ද....? ඔය ටේප් එක තමයි ඕවගේ එවුන්ගේ කටේ තියෙන්නේ..මහත්තයා මේ ........කරුණාකරලා මාව යකා අවුස්සන්නේ නැතුව මාව මරාගෙන කාපන්..දෙයියන්ගේ නාමෙන් මාව මරාගෙන කාපන්."

ඇයට අන්තිම වචන පිටවෙද්දී හැඬුම් ආවේය. සත්තකින්ම මේ මෙහෙයුම අත්සන්කර භාරගැනීම පිලිබද මා බොහෝ සේ පසුතැවෙන්නට වීමි. දෙනෝදාහක් දෙනා ඉදිරියේ නිරුවත් වුවා වැනි හැඟීමක් මට දැනුන අතර ගිනියම් වී දියාරු වූ හැඟීම් පර්වතයක් සේ ස්ථාවර කර ගැනීමට මා මහත් උත්සාහයක යෙදුනෙමි. මා මාගේ ජීවිතය සරිකරගැනීමට මේ රැකියාව කලයුතු වුවා සේම ඇයද ඇගේ ජීවිතය ජීවත් කරවීම සඳහා මේ රැකියාව කල යුතුව ඇත. කෙකුගේ රැකියාවක් තවත් කෙනෙකුගේ රැකියාවක් පිලිබඳ දැඩි තීරණයක් ගන්නා විරල අවස්තාවකට මා මුහුණ දෙමින් සිටියෙමි.
ආශ්වාස ප්‍රාස්වාස හමුවේ වේගයෙන් උස්පහත් වන ඇගේ නග්න ළමැද අසාමාන්‍ය ලෙස ගැහෙන්නේ ඇය කෝපයෙන් පසුවන නිසා විය යුතුය..එසේ නොවන්නට ඇය මළකඳක් මෙන් නිසලය.මොහොතකට පෙරාතුව අපහසුවෙන් දරාගත් පුපුරා පිටාර යන්නට තැතනු මාගේ හැඟීම් හද පතුලේ මහත් සටනක යෙදුනේ ඇගේ මුවගින් සිහින් ඉකි එකින් එක පිටවෙද්දීමය..සැලසුම් සහගතව සිදුවිය යුත්ත පෙර පරිදි පමා කල යුතු වුයෙන් මා ඇය වෙත හැරී ටයිපටිය ගලවා දමා කමිසයේ බොත්තමක් සෙමින් පැන්නුවේ ඇය වෙත ආරාධනාත්මක බැල්මක් හෙළමිනි. ලැබුණු අවසරයෙන් ඇය සයන මත බඩගාගෙන පැමිණ මගේ හිස බදාගත්තාය. ඉනික්බිතිව මාගේ බඳවටා දෑත යවා කලිසමේ බඳ පටිය සෙමින් ලිහිල් කලාය.
"ඔයා මෙතන ඉන්නේ එක හිතකින්....එක හැඟීමකින් නෙමෙයි. ඇත්තම කියනවනම් ඔයා මේ කරන්න යන දේ ගැන පසුතැවෙනවා. මම හරිනේ ...?...!" එවර ඇය සන්සුන් වූ සෙයකි. ඇය පැවසුවේ මාගේ කන්පෙත්තක් සෙමින් විකමිනි......"ගණන් ගන්න එපා...මෙහාට ආව හැමෝම එහෙම තමයි..ටික දවසකින් ඔක්කොම හරි යනවා" ඇය මුවගින් නක්කලේට සිනාසුනද ඒ සිනහව තුල කිසියම් අනුරාගී බවක් ගැබ්ව තිබුනා යයි මට හැඟිනි.
" ඉස්සෙල්ල මට කියන්න ඔයා මේ දේ කරන්නේ එක හිතකින්ද එක හැඟීමකින්ද..?" මම පෙරලා ප්‍රතිඋත්තර දුන්නේ හදවතට වහල්වූ හැඟීමක පීඩනයට ගොදුරු වූ නිසාවෙනි. දෙදෙනා දෙදෙනාට නැගු ප්‍රශ්නාර්ථ හමුවේ ඇය මෙන්ම මාද නිරුත්තර වීමු. ඇය සුසුමක් හෙළුවාය. සුසුමකටත් වඩා එය හීල්ලුමකි. අප දෙදෙනා අතර පරතරය බොහෝ සේ අඩුවුයෙන් ඇගේ හීල්ලුමේ කැටිව තිබුණ උණුසුම මා සවන් පෙති හිරි වැට්ටුවේය. ගිනියම් වූ අගේ හදවතේ නලියන වේදනාව කෙතරම්දැයි පසක් කරගැනීමට මාහට එය සෑහුනි.
"ජීවිතේ කියන්නේ සෙල්ලමක් මහත්තයා........" ඇයගේ දෙනෙතේ ගැබ්ව තිබුනේ සතුටක්ද, දුකක්ද එසේත් නැතිනම් කිසියම් පසුතැවීමක්ද යන්න මට තෝරා බේරා ගැනීමට නොහැකිවිණි. ඇය සිනාසුනාය, වරෙක හීල්ලුවාය. "......අද මං දිනනවා..හෙට ඔයා දිනනවා..සමහර විට අපි දෙන්නම දිනනවා,...එහෙම නැත්තම් දෙන්නම පරදිනවා...වටේ ඉන්න මිනිස්සු මේ සෙල්ලම දිහා බලා ඉන්නවා...හිනා වෙනවා...චෝදනා කරනවා අපහාස කරනවා...ඉතින් උන්ගෙන් බේරෙන එකම සෙල්ලමක් නෙමෙයිද මහත්තයෝ" ඇය ගිරිය යටින් සිනාසුනෙන් මා වික්ෂිප්ත වීමි.
"මට විනාඩියක් දෙන්න..." කියමින් න් මා නැගිට නානකාමරය දෙසට පිය නැගුවේ හැඟීම් වලට වහල් නොවී ගනුදෙනුව මෙතෙකින් හමාර කලයුතු නිසාවෙනි. ඇය මදෙස දවා හළු කරවන තරම් බැල්මක් හෙලීය. සිත තුල ජනිතවූ හැඟීම් ආයාසයෙන් හදවත තුල අකර්මන්‍ය කොට දුරකථනය ගෙන යැවිය යුතු කෙටි පණිවිඩය යැව්වෙමි.
"evry thngs al rght...its ur chance"
මා නාන කාමරයෙන් පිටතට පැමිණෙන විට පොලිස් නිලධාරීන් කීපදෙනෙක්ද නිලධාරිනියන් කීපදෙනෙක්ද පැමිණ සිටියහ. සයන මත ඇතිරිල්ල විසිරි ගොස් ඇත. බොහෝ දුරට ඇය පලා යන්නට උත්සාහ අරන්නට ඇත. ඇද වියලට හිස තබාගෙන විලංගු ලු දෑත උකුල මත තබාගෙන ඇය ඉකිබිඳිමින් සිටියාය.
"වෙල් ඩන් ඉන්ස්පෙක්ටර් යූ ඩිඩ් දැට්....වෙයිට් ෆොර් ද ප්‍රොමෝෂන්" සෙසු සගයින් මට සුභ පතන්නට වුවත් මා හැඟීම් විරහිතව ඇය මෙන්ම වික්ෂිප්තව සිටි නිසා එතරම් ඒ පිළිබද සැලකිල්ලක් නොදැක්වීමි.
ඇඳ මත ඉකිබිඳින ඇයගේ දෙනෙත් රත්පැහැයෙන් නලියමින් තිබිණ. නිසැකවම ඒ දෑස දෑස් වෛරයෙන් මට සාප කරනයුරු මා හොඳින් දුටුවෙමි.
පෙර පරිදිම ඉතා අපහසුවෙන් මා ඇයට ලං වුනෙමි.
"මට සමාවෙන්න..මම කලේ රාජකාරිය"
මා එය කියා අවසන් වනවාත් සමගම ඇය අප්‍රසන්න අයුරින් කාරා මගේ දෙපතුල මුලට කෙළ ගැසුවාය. එකෙනෙහිම කාන්තා පොලිස් නිල්ධාරිවරියන් ඇයගේ කෙස් වැටියෙන් අල්ලාගෙන කාමරයෙන් පිටතට රැගෙන ගිය අතර සෙසු මා මිත්‍ර සගයින් අවඥාවෙන් සිනාසෙන හඬ ඇසිනි
මා තැබූ පියවෙරෙන් ඇයගේත් මගෙත් තව බොහෝ දෙනකුගෙත් ජීවිත එසේ තීරණය වුවද ඒ පිලිබඳ නිවැරදි අර්ථකතයක් දීමට අදවෙන තුරු මා අපොහොසත් වුනෙමි