ඇහැ පියා ගත්තට තුන් කාන්දෙන් වැක්කෙරෙන දාඩිය හන්ද, නින්ද නෙමෙයි ජෝක්
එකටවත් අහලකට එන්නේ. පට්ට රෑ කරුවලෙත් මෙච්චර රස්නේ හැදෙන්නේ ඉර දෙයියන්ගේ
අහවල් හැඟීම නළලට මෝදු වෙලාද දන්නේ නෑ. කරන්ඩයි කියල අහවල් රාජකාරියක් නැති
එකේ මහා රෑ දෙගොඩ හරියක් වෙනකම් ගෙදෙට්ට වෙලා ටීවී එක දාගෙන බැලුවේ
ජිල්බෝල හොද්ද වගේ යන නා නා ප්‍රකාර චැනල් වල ආත භූත බල බලා
සර්වප්‍රකාරයෙන් සංසාරෙම කලකිරිලා.
අල්ලපු ගෙදර ඇන්ටි බැඳලා ඉන්න මාමගේ මාමා කෙනෙක්ගේ ඩෙඩ් පාර්ටි එකට ගෙදර අය පාන්දරින්ම ගිය පාර තවම ආවේ නෑ. තනිකම, භීතිය, පාළුව වගේම තව තව අමන කුපිත කුජීත හැඟීම් කන්දරාවක් මාව වෙලාගෙන හිටියට, ගෙදර කවුරුත් නැති නිසා තනිකරම පාලක මධ්‍යස්තානේ පාලනය මගේ අතේ තිබුන එක හෙන ත්‍රිල් එකක් වුනා. හාල් පොත වගේ වටින ආච්චිගේ පරණ කුඩ කබලෙන් අටවගත්ත ඇන්ටනා කට්ටට අහුවෙන චැනල් දෙක තුන සැරින් සැරේ මාරු කර කර මම ගෙව්වේ අමන කරුමයක්. නිර්ලජ්ජිත කටුක ආර්ථික උද්ධමන විපර්යාසයේ අතුරු විපාක හින්දා ඇතිවෙච්ච අපේ බඩේ කොරේට ආණ්ඩුවේ ස්පිරිතාලවල බෙහෙතුත් නෑ. ඉතින් හත්වලාමේ "උන්ට හෙන ගැහුවත් අපට මොකද" කියන ආදර්ශ පාඨය අදහන දේශප්‍රේමී මැති ඇමතිවරු ඉන්න රටේ ජීවත්වෙන එක කොච්චර භාග්‍යසම්පන්නද කියලා මට අවබෝධ වුනේ විනාඩියෙන් විනාඩියට යන "නිල් අහස දෙවනත් කරන ප්ලේන් අහස පුරා සැරිසරනව දකිද්දී හිතට හරිම ආඩම්බරයි නේද අප්පච්චි" කියල යන ඇඩ්වටීස්මන්ට් පෝලිම දැකලා.
ගෙඹි පැටව් හිතුමතේ වීදි සරණ, ගොළුබෙල්ලන් අවලමේ යන පලගැටියන් ලයින් දාන, කළු කපුටන් වෙට්ටු දාන, බේබද්දන් සූර් කරන පට්ට රෑ එකොළහට විතර හදිසියේ කවුරු හරි දොරට තඩිබාපු සද්දෙ ඇහිලා මගේ අක්මාව නොහිතු විදිහට අකර්මන්‍ය වුණා. හදවතේ අභ්‍යන්තර පටක වලට රුධිරය සපයන සිහින් කේශ නාලිකා අග්ගිස්සේ මරණ භය කියන එක හිරවෙලා හදවත ගැහෙන්නේ නිකන් දොරට තඩිබාන එකාගේ ඕනේකමට වගේ කියලයි මට හිතුනේ. හදිසියෙවත් මොන කරුමෙකට හරි මේ ගැහිල්ල නතර වුනොත් එපා කියන්නයෑ. දන්න කියන දෙයියන්ගේ නම් ටික හදිසියේ මතක් කලාට මතක් වෙන්නේ නෑ. ඒක හින්දා "ලෝක ධාතුව රැක ගන්න අම්බානක් දෙවි දේවතාවුනි..මාගේ නිර්මල ජීවිතය රැක දෙන්න" කියලා මම පොදු අමත්‍රණයකින් යාඤා කළා.
"මහත්මයා ගෙදර කවුද...කරුණාකරලා දොර අරින්න"
"ක..ක...කවුද...?" තව සුළු මොහොතකින් රටට දැයට අහිමි වෙන අග්‍රගන්‍ය ලේඛකයෙක්ගේ දෛවය එකට කැටිකරලා ගුලිකරලා දිය කරලා ඉරණමට භාරදෙන ගමන් මම ඇහුවේ වෛබ්රේට් වෙන උඩු හනුවයි යට හනුවයි මැද්දේ තිබ්බ ඇට නැති දිව චප්ප නොවී එහාට මෙහාට කරලා.
"කරුණාකරලා දොර අරින්න"
"ක...ක....කරුණාකරලා කව්ද කියන්න"
"අනේ අයියේ....පිංසිද්ධ වෙයි දොර අරින්න..අපි එෆ් එම් චැනල් එකක ටීවී චැනල් එකකින්...අනේ අයියේ ප්ලීස්...ප්ලීස්..ප්ලීස්" හුට්ටප්පර හතයි මල් ලෑලි හතරයි කිව්වලු. එහා පැත්තෙන් හෙන අසරණ නාරි ලතා වොයිස් කට් එකක් දොරේ යතුරු හිල අස්සෙන් ඇවිත් මගේ කන් අඩිය පසාරු කරගෙන ගිහින් හදවතේ නොගැඹුරු අර්ධ ශුෂ්ක පටකයක තැනක තැන්පත් වුනේ ඇයි කියලා මම හිතන්න ගියේ නැත්තේ මගේ හදවතම එවලේ හෙන භීතියකින් ඇවටියෙල් වෙලා තිබ්බ හින්දා.
"මෙ...මෙහ් මෙහ්..නංගි...ඉ..ඉ..ස්සෙල්ල මට කියන්න ඔයාල මොකක් හරි සේනාවකින්ද එහෙම නැත්තම් මොකක් හරි බලකායකින්ද කියලා" ඇයි හත්වලාමේ මේ දවස් වල ටීවී එකේ පෙන්නන හදිසි සේනා බලකායවල් වල ආක්‍රමණ, වැටලීම් හින්දා මං අන්දකයිප්පු වෙලා හිටියේ මේ උන්වත්ද කියලා. බැරි වෙලාවත් අපේ ආච්චි අදහන ගම්බාර දෙයියන්ගේ ලොවෙත් නැති පිළිමේ දැකලා අපේ ගෙදර අයටත් මිත්‍යාදෘෂ්ටික දේශද්‍රෝහී ජාතිවාදී අන්‍යාගමික කුජීත ලේබලයක් වැදෙන්න බැරි නෑ, ඒක හන්දා කෝකටත් තෛලය හෙනරාජ තෛලය කියල මම මුලින් ඒ ගැන ඇහුවේ ඒකයි. හැබෑවටම උන් ඒ සේනාවෙන් නම් ඇත්ත කතාව නොකියන එක වෙනම කතාවක්, ඒත් ඒවගේ වොර්ඩින් එකක් කලින් දාපුහාම නිකන් හිතට ලාමක සුමුදු සනීපයක් දැනෙන හින්ද වෙන්න ඇති මගේ කටින් එහෙම පිට වුනේ. ඇඩ්රිනලින් හෝමෝනය කුපිත වුන හින්දා වෙන්න ඇති කකුල් දෙක සට සට ගාලා ගැහෙන්න ගත්තේ...
"අනේ නෑ අයියේ...අපි එකේම බලකායක් නෙමෙයි...පිංසිද්ධ වෙයි දොර අරින්න....අනේ අරින්නකෝ" ඒ පාර නම් අර නංගි කිව්වේ දත් කැක්කුමට හක්කේ පුළුන් තියාගෙන වගේ. මට ඒ ස්වරය ඇහිලා අම්බානක දුක හිතුනා..පෙර දැනුම් දීමකින් තොරව කියන්නත් කලින් උණුවෙන කවි හිතේ කොනකින් අනුකම්පාව වෑහෙන්න ගත්තයින් මං ඕනේ පොකිරිස්සෙක් කිලෝ එකයි කියලා දොර ඇරියා"
ඔහෙප්පලයන් කිව්වලු, ඒ කෘ එක දැකලා මගේ ඇස් දෙක නළලේ ඇලුනා. හෙන තඩි කැමරාවයි, තඩි මයික් පොල්ලයි තව අනම් මනම් ගැජමැටික් ගොඩයි. වෙව්ලුව වෙව්ලිල්ලට ගැටේ බුරුල් වෙලා ඇඳන් උන්නු සරම ගැලවෙන්න ගියා. බොහොම අමාරුවෙන් කකුල් දෙක දෙපැත්තට පළල් කරා මැන්ඩියට ඉන්නවා වගේ. ජඩ ගේමක් දීලා හොඳම හරිය දෝතින් කවර් කරගෙන විලිසන්ගේ බේරගත්තට පස්චාත් භාගය ඒ තඩි කැමරාවේ කාචේ සිපගන්න එක වලක්වන්න මට කොහොමත් බැරි වුනා.
යන්තම් ජාමේ ඇබිත්තක් රැකගෙන සරමේ කැහැපොට ගහන ගමන් මම මේ කෘ එක කොහෙන් කොහොම කඩාපාත් වුනාද කියලා විස්තර අහන්න කට ඇරියා විතරයි....,
"අනේ අයියේ ඉස්සෙල්ලම මට වතුර වීදුරුවක් ගෙනත් දෙන්නකෝ පිං සිද්ධ වෙයි...පිං සිද්ධ වෙයි" කැමරාව කර තියාගෙන හිටපු ඉලන්දාරියා දොට්ට පැනපු දිව ඇතුලට දාල කෘන්තක දතේ කොනක් පෙන්නලා හරිම අහිංසක විදිහට හිනා වුනා. ඒත් එක්කම "අනේ මටත් අයියේ....අනේ මටත්.." කියලා හැම එකාම මගේ පස්සෙන් ආපි. අන්තිමට කුස්සියේ ටැප් එකට අක්කාගේ රට ඉඳි පාත්තියට වතුර දාන හෝස් පයිප්පෙ ගහල වීදුරු වලට පුරෝ පුරෝ උන්ට වතුර පෙව්වා පැය කාලක් විතර.
"හරි අයියේ මෙහෙමයි මට ඉස්සෙල්ලම කියන්න ඔයා අහන රේඩියෝ චැනල් එකයි බලන ටීවී චැනල් එකයි මොකක්ද කියලා"
මොක බැලුවත්, කෝක ඇහුවත් කෝකේ යන්නෙත් මං ලියන අගක් මුලක් නැති සෙන්ටිමෙන්ටල් පජාත රයිටර් කතා වගේ මෙලෝ රහක් නැති එව්වනේ. නොකියෙව්වොත් තරහ වෙනවා වගේ ලයින් එකක් තියන හින්දා වදෙන් පොරෙන් දෙතුන් දෙනෙක් ඇවිත් කියවලා හිත සනසවලා යනවා..ඒක වෙනම කතාවක්. ඒ වගේ තමයි නිකන් තියන කන් දෙකට ඇහෙන දෙයක් ඇහිච්චාවේ කියලා රේඩියෝ එක දාන්න කලින් මීටර් කරලවලා අහුකර ගන්න එෆ් එම් තමයි මම අහන්නේ. කෝකටත් සන්තකේටම අහුවෙන චැනල් දෙක තුන, දහය විස්ස ගණන් කරලා අන්තිමට සීය ආපු මල් මල් එෆ් එම් එකේ නම මම කිව්වා. ප්‍රශ්නේ අහපු නංගිගේ කට නිකන් මී කතුරට අහුවුණා මීයාගේ පස්චාත් බාගේ වගේ වුනා.
"අනේ අයියේ වඳින්නම් අපි එලියට ගිහින් ආයේ ඇවිත් දොරට තට්ටු කරන්නම් කලින් ආවේ නෑ වගේ. අයියා දොර ඇරලා අපිව ඇතුලට අරං අපි ප්‍රශ්නේ අහනකොට ගත් කටටම කියපන් උඹ අහන්නේ "එෆ්.එම් හිඟන" කියල., අනේ අයියේ උදේ පාන්දර ඉඳන් අපේ එෆ්ම් එක අහන එවුනුයි අපේ චැනල් එක බලන එවුනුයි හොයන්න බුදු කට්ටක් කන්නේ රත්තරන් අයියේ. අනේ කියන තැනකට වඳින්නම් අතිනුත් වැඩිපුර ගානක් දෙන්නම් රත්තරන් අයියේ එහෙම කියපන් අපිට විනාඩියක් ෂූට් කරගන්න.
මගේ ස්වාරාලේ ඉදිමෙනවා වගේ දැනුනා. දිව ගිලිලා ගලනාලේ හිරවෙනවා වගේ දැනුනා. ඒ අහිංසකයා කිව්ව කතාව අහලා ඇස් දෙකෙන් කඳුළු පන්නා. ඒ අහිංසකයෝ ටික රේඩියෝ චැනල් එක ගොඩ දාගන්න විඳින දුක් කන්දරාව ගැන හිත හිත ඉන්නකොට කෘ එක දුවලා දුවලා ඈතට ගියේ රටක් රාජ්ජයක් අල්ලගත්තු සරණාගතයෝ ටිකක් වගේ.

:D :D :D
ReplyDeleteඉතින් ඊට පස්සේ..??
ඊට පස්සේ නිමි අප්පා
Deleteඩෙඩ් පාටි එක? මොකක්ද බොලේ ඒ?
ReplyDeleteඩෙඩ් පාර්ටි එක කියන්නේ මළ ගෙදරක් සයු අක්කේ.
Deleteහිකිස් උන්ට පිස්සුද මන්දා බන් පාරේ ඉන්න උන්ට සල්ලි බෙද බෙදා යන්නේ!
ReplyDeleteකවුද දන්නේ බං
Deleteමමත් මේ ආවේ උම තරහ වෙන නිසානේ මලේ. රැසක් නැති පොස්ට් කියවන්නේ එකයි නේ.
ReplyDeleteඇයි බං ඔය එකකින්වත් අපෙන් මොනවත් අහන්නේ නැත්තේ.අඩුම ගානේ දන්නා එකෙකුගෙන් වත්.
අසාර් අයියා ඉතින් ඉන්නේ එරෝප්පෙනේ
Deleteඉතින් උඹ සරමේ ගැටේ තදට ගහගෙන ආයෙම පාරක් දොර ඇරියා?
ReplyDeleteඋඹත් කාලීන මාතෘකාවල් හොයාගන්නවා ලස්සනට!
ආයෙත් අහලා අතේ පිච්චියක් නැතුව ඉන්නකොට මේවගේ එවුන් වටිනවනේ ඩුඩ් අයියේ
Deleteඉතින් ඊට පස්සේ රයිටර් ඒ රේඩියෝ නංගි කියපු විදියට කිව්වද?
ReplyDeleteනිකන් සල්ලි දෙනව නම් ඉතින් මොකද මේ කාලෙට...
යා යා කිව්වා කිව්වා
Deleteනිකන් දෙනවනම් තමිල්නාඩුවත් ගන්නම් කිව්වලු
මං හිතුවෙ අර කට්ටිය දොරට තට්ටු කරද්දි රයිටර් බය උන බයවිල්ලට මොකක් හරි අසනීපයක්වත් හැදෙයිද කියල...
ReplyDeleteඇයි හත්වලාමේ තනියම ඉන්නකොට කවුරු හරි ඇවිත් මට අතවරයක් එහෙම කලෝතින් මොන දෙයියන්ට කියන්නද
Deleteහිකිස් හැබැටම අයියේ ඔය මොන චැනල් එකෙන්ද :) :පී
ReplyDeleteඅයියේ ඈ...අයියේ...මම...!!
Deleteඅර අර චැනල් එකෙන් අයියෝ
මාත් රේඩියෝ එක හොයල මකුළු දැල් ටික කඩල සුද්ද කරලා ගන්න ඕනේ. ආ.. වතුර බැරල් එකකුත් ලැස්ති කරලම තියන්න ඕනේ දැන්මම. උන් ටික අල්ලලා ඔබන්න හරි බැරියැ ඒකෙ. ඇයි බං සල්ලි කියන්නේ සෙල්ලන් ද.. :D
ReplyDeleteඔව් ඔව් අද කාලේ හැම රේඩියෝ චැනල් එකකටම එක රේඩියෝ එකක් තියාගෙන ඇහුවත් පාඩු නෑ බං
Deleteඅඩේ..අපේ පැත්තේ එන්නේ නෑනේ ඔහොම එකෙක්වත් කියක් හරි හොයාගන්න මේ දුර්භික්ෂ කාලේ!
ReplyDeleteඋඹ ඉතින් රේඩියෝ අහන්නේ නෑනේ නාඩියා
Deleteයකෝ, උඹේ අහල පහලින්වත් යන්න බයයි වගේනේ මල්ලියේ... මොන කතා කියයිද මන්දා..
ReplyDeleteතඹේකට බය වෙන්න එපා අක්කේ..රයිටරේ කතාවක් වැටෙන එක ඇරුනාම වෙන කිසි දෙයක් වෙන්නේ නෑ.
Deleteඒක නෙවෙයි බං.. උඹ කසාදේ කොර ගත්තද? එහෙම උනාට පස්සෙ ඒ උන්දැ මේ කතාවල චරිතයක් වෙන්ඩ ඕනෙ නේද? උඹ තාම තනිකඩ ස්ටැයිල් එකෙන් ලියන්නෙ.
ReplyDeleteඋන්දෑ උකුල උඩ තියාගෙන තමයි තිසා අයියේ ලියන්නේ..හෙහ් හෙහ් හෙහ්...
Deleteමම බැන්දේ ලැප් කෙල්ලක්නේ තිසා...එයාගෙන් නම (Dell)
මේ ඇත්ත කතාවක්ද පැතුම් ?
ReplyDeleteයා යා සරා අයියේ ඩෙෆීනිට්ලි සත්‍යයි
Deleteඇත්තමයි පැතුමෝ... මේ දවස්වල යන්තම් හරි බැලුවොත් බලන්නෙ හිරු ටීවී එකනේ.... හයියෝ ඔය විනාඩි ගානේ කෑල්ල යනවා අහුවුනොත් මම ටීවී එක ඕෆ් කරලා දානවා.... හි හි.... ඒ තරම් විකාරයි...
ReplyDeleteඒ වුනාට තමන්ගෙ කියල ටී වී චැනල් එකකුයි එෆ් එම් චැනල් එකකුයි තියෙන එකම එක්කෙනානෙ,කාටද ආඩම්බර.
Deleteෂ් ෂ් කට කට...හිරු අක්කේ....මම මේ නම නොකියා හිටියා ජීවිතාශාව හින්දා මෙයා ඇවිත් ගෙඩිය පිටින්ම අතැරලා...ඔන්න කිව්වා මෙන්න වැන්දා මම නම් නෑ ඔව්වට.
Deleteඇයි ඇයි අර අක්කටයි අර රජාටයි තව ගොඩක් අයටයි තියනවා නේදෝ
මොකක්ද බං ජිල්බෝල හොද්ද කියන්නෙ. බොලා ඒක හදල තියෙනවද?
ReplyDeleteනියම වචන සෙට් එකක් දාල ලස්සනට ලියල තියෙනව මල්ලි වෙනද වගේම.
ඇත්තටම ඔය චැනල්වල එවුවො මොකාට සල්ලි දෙනවද මංද යකෝ අපි ගාවට එකෙක්වත් එන්නෙ නෑනෙ.
ඇයි අයියේ ජිල් බෝල හොද්දට මොන පහේ අඩුම කුඩුම දාල හැදුවත් මෙලෝ රහක් නෑනේ.. කොටින්ම කියනවනම් ජිල් බෝල හොද්ද කියන්නේ මෙලෝ රහක් නෑ කියන එකනේවෑ.
Deleteහැම චැනල් එකකටම එක රේඩියෝ එක ගානේ ගෙදර තියාගෙන අහන්න ඕනි හෙහ් හේ හෙහ්
:D :D :D :D :D :)
ReplyDeleteහොකිස්......උඹේ ජාමේ යන්තම් හරි බේරුන එක ලොකු දෙයක්...
ReplyDeleteආයෙත් අහලා තරුවා
Deleteඋඹ බේරිච්චි එක නෑ මං කිව්වේ සරම බේරිච්චි එක ලොකූම දෙයක්.. හැක්...
ReplyDeleteඔව් ඔව් සරම තමයි වැදගත්ම දේ දේශා
Deleteකඩල වලින් හදල බලන්න ඕනේ...
ReplyDeleteකඩල වලින් මොනාද බං හදන්නේ ගොටුද ?
Deleteමාරයාගේ වඩේ පෝස්ට් එකේ ඉඳන් ඇවිත්
Deleteමෙතන ඒක දාල...
හරි කමක් නැහැ ..උබ නියමෙට වදින්න ඕනේ තැනට
දීල තියෙනවා බන්..මෙහෙම හරි ඔය වගේ දේවල්
ගැන කතා කරන්න ඕනේ....
මහ 2.50 මිනිස්සු ඕවගේ රජ කරන්නේ..අනිත්
එක 2.50 රසය හොයන මිනිස්සුන්ට ඕව නොදීත්
බැහැ ...
හැබෑටම ඔව්වා වෙනවා ඇත්තේ ඔය ක්‍රමේටම වෙන්න ඇති. :D
ReplyDeleteයා යා අයියේ ඕනේ මීට පොඩ්ඩක් ඇති. එච්චරයි
Deleteදැන් ඉතින් සල්ලි දීලවත් බැලෙව්වෙ නැත්නම් කවුද ඕවා බලන්නෙ.....?
ReplyDeleteපතෝල නිහාල්ගෙ දුවයි එළබට්ටගේ පුතයි නිවේදක නිවේදිකාවෝ, අයිතිකාරයා කුඩු අහවලා....නැත්නම් රත්තරං උකස් අම්මණ්ඩි....
හෙහ් හෙහ් හේ....සිරා සිරා වැඩේ කියන්නේ ඕක එකින් එකට බෝ වෙන එක
Deleteඑක දවසක් මාත් ගෙදර ඉස්සර ඉන්න කොට ඔන්න ඔය චැනල් එකකින් ඇවිත් අහපි මෙන රේඩියෝවද අහන්නේ කියලා.අනේ ඉතිං දෙයියනේ කියලා තිබ්බා ඒ අය ආපු වාහනේ එයාලා මොන එකේද කියලා.ගෙදර රේඩියෝ එකක්වත් නෑ අල්ලපු ගෙදර කපිල මාමා දාන එක්ක තමයි අපිට ඇහෙන්නේ.මාත් ගත් කටටම ඒ නම කිව්වා. එපාර ඉතිං ලස්සන මග් එකකුයි, කැප් එකකුයි ලැබුනා...
ReplyDeleteහප්පා උන් මහා මැටි මෝඩ හරක් රලක්නේ බට්ටි අක්කේ.
Deleteහිඟන FM ඇහුවොත් සල්ලිම තමායි..............
ReplyDeleteඅපි ඇහුවොත් බඩුම තමයි
Deleteඅනේ!! පව් අසරණයෝ.
ReplyDeleteඒක නෙමෙයි පැතුම් දොර අරින්න කලින් වෙච්ච ටික තමයි මරු
පෙර සුදානම තමයි හැමදේටම කලින් වැදගත් වෙන්නේ.. මිනිහෙක් වුනාම බය තියෙන්නත් එපැයි නෙහ්
Deleteඑෆ්එම් කාරයෝ අපිට වඩා හිඟන්නෝ. මොකද උන්ගේ චැනල් නිකංවත් අහන්නෙ නැතිකොට බලෙන් සල්ලි දීලා අස්සන කාලයන් මේක
ReplyDeleteඅපේ රටේ මාධ්‍ය කලාවේ නව ප්‍රවනතාවය
Deleteමම මේ කල්පනා කරන්නේ රම්බා හිටියනම් මෙතන මොකක් වේවිද කියලා!!
ReplyDeleteරයිටර්ට පුළුවන් වේවි කතාව මොඩිෆයි කරලා ගන්න..
හා හාහ් හා රම්බා හිටියා නම් වෙන දේ ඔයාට පුළුවන්නේ රූ අක්කේ.
Deleteඅම්මපල්ල ඇත්ත. මාත් ලියන්න හිටියෙ ඔය ගැන. තාම බැරිවුනා.
ReplyDeleteහාහ් හාහ් හා ඒකනේ රාජ් අයියේ.
Deleteමදැයි ඔයින් ගියා :D
ReplyDelete