පෙරේදා ගෙදරට සීනි ඔතලා ගෙනාපු පත්තර කඩදහිය හෙනම හෙන වුවමනාවෙන් කියවන්න
හිතාන මම මිදුලේ හිටෝපු බංකුව ගාවට අවේ මෙතුවක් කියවීමෙන් සම්පුර්ණ වෙච්ච
මගේ ඉතුරු බාගෙට තව පොඩ්ඩක් එකතු වෙන්නේනැතෑ කියලා හිතාන. අඹ ගහට අංශක
එකසිය පහක විතර ඇලට් එකක් දාගෙන පත්තර කඩදහියේ තියන එව්වා කියවල මගේ ඇස්
ගෙඩි දෙක අඹ ඇට සයිස් වුනා.."හැට දෙහැවිරිදි මිත්තනියට අනූ තෙවැනි වියේ
පසුවන සීයාගෙන් අතවර", "අලුත බැඳපු බිරිඳ විසින් සැමියා දුෂණය කෙරේ", "ලෝක
විනාසය අමු කෙප්පයක් - වෙනවයි කියපු උන්ට හෙන ගහනවා (ප්‍රවීණ ජොතිශ්‍යවේදී
සයිමන් මහතා අවධාරණය කරයි),"ගණිකා වෘත්තිය නීතිගත කලේ නැත්තම් අපි
ප්‍රසිද්ධියේ වහ බොනවා - ප්‍රවීන නිලි අකාලිකා කියයි. ","නීතිගත කලොත් අපි
ප්‍රසිද්ධියේ නිරුවත් වෙනවා - "අපි ගැහැණු" සමිතියේ මහිලාවෝ වීදි බසිති",
"එංගලන්තයේ ඩීසල් මිල ඉහල යයි - ඉදිරි දින කීපයේ ලංකාවේ දීප ව්‍යාප්ත බස්
වර්ජනයක්, බස් සංගම් අනතුරු අඟවයි."
පත්තර කඩදහිය කියවල අකුරක් අකුරක් ගානේ ගන්න තියන ආදර්ශ ටික ලෙසටම හිතට අරන් හුස්මක් ගත්තේ රට ගැන හෙන ආඩම්බරෙන්. ඒ එක්කම අයිස්ක්‍රීම් නලාවක් වගේ එකක් නතර වෙන්නේ නැතුව "පෝප්...!, පෝප්..!! කියලා කෑ ගහන සද්දේ ඇහුනට මම ඉනි වැටට උඩින් පොඩ්ඩක් ඉස්සිලා බැලුවේ අන්දකයිප්පු වෙලා. ඇයි යකෝ, තවම උදේ පාන්දර පින්න වෙලිලත් නෑ, මිනිස්සුන්ට අයිස්ක්‍රීම් කවන්න මුට තියන තදියමක්. ගේ ඉස්සරහ පාරදිගේ පිඹගෙන ආව පුස් බයිසිකලයක් බරාස් ගාලා අපේ ගෙවල් පාරට හැරෙව්වා. තව පොඩ්ඩෙන් පැදපු එකාගේ හතර හන්දි වද මල වගේ කරගන්නවා බොරළු වැල්ලේ බිම පතබෑවිලා. බයිසිකලේ පදින එකා මොකා වුනත් ඌ පදින්නේ පොල්ල උඩ හිටගෙන කියලා පේනවා, ඌ දෙපැත්තට පැද්දෙනකොට පිටි පස්සෙන් තව එකෙක්ගේ ඔලුවක් පේනවා. පාතින් තව එක්ස්ට්‍රා කකුල් දෙකක් එහාට වැනෙනවා මෙහාට වැනෙනවා. අම්මපා ඇත්තටම මේ හුටමේ දෙන්නෙක් ඉන්නවද නැත්තම් උදේ පාන්දර අවේලාවේ එලි බැහැලා පින්නට මගේ මොලේ පෙඟිලා අoඤකොරොස් පේනවද කියලා හිතා ගන්න බැරුව මම ඇස් දෙක උල් කරගෙන ඒ දිහාවම බලාගෙන හිටියා.
ඔහේප්පලයන්....බයිසිකලේ දෙන්නෙක් ඉන්නවා කියහන්කො, පිටිපස්සේ ලැගේජ් එක උඩ අයිස්ක්‍රීම් පෙට්ටිය, අපේ ගමේ අයිසුත් නැති ක්‍රිමුත් නැති අයිස්ක්‍රීම් විකුණන වීරේ අයියා බයිසිකල් සීට් එකේ ඉඳගෙන කකුල් දෙක දෙපැත්තට දාගෙන රම්බාගේ උරහිසෙන් අල්ලාගෙන. රම්බා පොල්ලේ ඉඳන් හති දාගෙන බයිසිකලේ පාගනවා හැන්ඩ්ල් එක අල්ලාගෙන. රම්බාගේ මුනෙන් එකයි හිනාව..මාව දැක්ක ගමන් මුනට ආව හිනාව හපාගෙනම රම්බා ඉස්සරහට ආවා. වැස්ස කාලෙට පාර දිගේ ගලාගෙන එන වතුර පාර නවත්තන්න ගෙට ඇතුලුවෙන පාර ගාවින් දාපු පොඩි ගැට්ට උඩින් දානකොටම අවාසනාවට "චකස්" ගාලා බයිසිකලේ චේන් එක පැන්නා. රම්බාගේ කට ඔට්ටපාළු ගිලපු උගුඩුවෙක්ගෙ වගේ වුනා, දිව දොට්ට පැන්නා, ඇස් දෙකේ කළු ඉංගිරියාව නළල දිහාට ගියා. බයිසිකලේ පොල්ලේ වැදිලා උගේ හොඳම හරිය රොටී කන්න ගලේ අඹරපු ලුණුමිරිසක් ගානට පොඩි වෙන්න ඇති, මගෙත් ඇඟම හිරි වැටිලා ගියා...එහෙමම ටික දුරක් ගියපු බයිසිකලේ ගැරඬියා යනවා වගේ මිදුල පුරා ගිහින් අක්කගේ ඇන්තූරියම් පෝච්චියකුත් සෙත්තපෝච්චි කරගෙන කොට්ටම්බා ගහේ කඳට හේත්තු වුනා.
මම එතනට යනකොට වීරේ මාමා වැටුණු තැනම ඉඳගෙන හිටියේ උන්දැට හොඳටම අමාරුවේද කොහෙද. රම්බා කොර ඇන ඇන ඇවිත් මං ලඟින් දන ගහ ගත්තා. මං හිතන්නේ පොරගේ බඩ කොර වෙන්න ඇති ඇක්සිඩන්ට් එකෙන් හොඳම හරිය මැද පොල්ලේ වැදුණු පාරට..බිම ඉඳගෙන ඉඳපු රම්බා කට හද හද මොනවා හරි මට කියන්න තෙපර බෑවා.
"ර..ර..යිටර්..මට.....මට හරි පුදුමයි රයිටර්..."
"හෑ...!! .ඇයි රම්බා උඹ වැටුන එකද පුදුම....?" ඌව නැගිට්ටන්න හදන ගමන් මම ඇහැව්වා..
"නෑ බං සෝරෝ ගැන පුදුම....."
"හැඃ...ඉතින් සෝරෝගෙයි උඹේ වැටිල්ලෙයි තියන සම්බන්දෙ මොකක්ද..සෝරෝ බයිසිකල් පැද්දේ නෑනේ...අශ්වයෙක්නේ පැද්දේ.....!!!"
"ඉතින් ඒක තමයි බං සෝරෝට කොහොම රිදිල්ලක් රිදෙනවා ඇත්ද නේද බං...?"
"රම්බා.....මම උඹට බඩ කොරවෙන්න තව පාරක් දෙන්න කලින් කියකෝ සෝරෝට රිදෙන්නේ මක්ක හින්දද කියලා තටමන්නේ නැතුව...."
"ඇයි බං අර කන්ද උඩ ඉඳන් මිනිහා අශ්වයාගේ පිටට පනිද්දී උගේ හොඳම හරියට දැනෙන්නේ සුලුපටු වේදනාවක් කියලද උඹ හිතන්නේ...මට මේ අඟල් දෙකක් උඩ ඉඳන් වැටිලා මෙච්චර අමාරුනම්....උට කොහොම ඇද්ද නේද බං ....?"
රම්බා සිරාම සිරා මූඩ් එකෙන් කියපු කතාවේ ඇත්තක් නැත්තෙමත් නෑ තමයි. ඒත් මේ වෙලාවේ ඒ වගේ දාර්ශනික ටෝකක් ඔලුවට එන්න තරම් මේකා දියුණු වෙලා තියන එක ගැන නම් මට අන්තිම සන්තෝසයි. දෙන්න එක්ක එකතු වෙලා වීරේ මාමව වත්තන් කරගෙන ඇවිත් අඹ ගහ ළඟ බංකුවේ ඉන්ඳේව්වා. අයිස් ක්‍රීම් බයිසිකලේ ඉස්සරහ රෝදේ රීම් එක අටපට්ටම වගේ වෙලා. වෙසක් එකට සව් කොළ ටිකක් අලවල අගේට ඉටිපන්දමක් පත්තු කරලා වහලේ එල්ලන්න තිබ්බා.
"හරි හරි උඹ දැන් වීරේ මාමාගේ බයිසිකල් කට්ටේ නැගලා පිඹගෙන ආවේ මොකෑ කියහන්කෝ"
මං ප්‍රශ්නේ ඇහැව්වේ රම්බාගෙන් වුනාට වීරේ මාමා පැනලා උත්තර දුන්නේ රම්බා දිහා පට්ට නෝක්කාඩු බැල්මට් එකක් දාගෙන උට රවාගෙන.
"රයිටර් ළමයට කියන්න පුතේ, අද පාන්දර මම බඩ රස්සාව කරගන්න සයිකල් කට්ට අරන් පාරට එනකොට මේ කොල්ල දුවගෙන ඇවිත් නාහෙන් අඬන්න ගත්තානේව උන්ගේ ආච්චි අම්මට අන්තිම අමාරුයි පණ යන සයිස්, ඉතින් හන්දියට ගෙහුං වාහනයක් එක්කන් එන්න බයිසිකලේ දියන් බුදු මාමේ කියලා.....පුතාට කියන්න පුතේ ඒක අහලා මටත් තනි ඇහැට ඇඬුණා. මොකද කියනවනම් මේකාගේ ආච්චි ගැටිස්සි කාලේ ගෙට වුනේ මං වඩාගෙන ඉඳිද්දී....."
වීරේ මාමගේ මුනේ අවලන් ඉලන්දාරි හිනාවක් මතු වුනා....
"වැලි කෙලියේ ඉඳන් අපි දෙන්නා ගජ මිත්‍රයෝ...ඉතින් මටත් වාවන්නේ නැතුව ගියා කොලුවෝ උන්දැට විපතක් කිව්වම..උදව්වක් නොකර ඉන්න බැරි වුනා. මුට බයිසිකලේ දීලා මු මේ බයිසිකල් කට්ට කොහේ හරි දාලා ආවොත් පොඩි එවුන් හැමදාම සාගින්දරේ...මට මේ බතල ගෙඩිය දාගෙන පාගන්න හයිය හත්තිය නෑනෙව..ඒපාර මම කිවේ මමත් දාගෙන යන දිහාකට පාගපන් කියලා...ඒ ආව ගමන තමයි මේ" වීරේ මාමා කියාගෙන කියාගෙන යනවා.
"නෑ නෑ රයිටර් ආච්චිට ඉහෙන් බහින ලෙඩක් නෑ....මම ආවේ උඹව මුණ ගැහෙන්න... පොඩි සම්තින්ග් එකක් ලැබෙන ස්වයං රැකියා ටයිප් එකේ වැඩක් තියනවා, ඒක ගැන උඹත් එක්ක කතා කරලා වැඩේට එන්ටර් වෙන්න පුලුවන්ද අහන්න, පයින් එන්න ගියොත් පරක්කු වෙනවා බං. මොකද පරක්කු වෙන්න වෙන්න වැඩේ ඩවුන් වෙලා දෙල් වෙනවා"
මාසෙට සත පහක ගතමන්ට් එකක් නැතුව ඉන්න එකේ මේක මොකක්ද කියලා බලලා එන්ටර් වුනොත් නරකම නෑ කියල මගේ යටි හිත මොර දෙන්න පටන් ගත්තා.
"හ්ම්...හ්ම්...හරි කියපන්කො මොකක්ද වැඩේ කියලා එහෙනම්....?"
"මෙහෙමයි රයිටර්...වීරේ මාමේ උඹත් අහගනින්..උඹටත් වැදගත් වේවි...අපේ ගමට අලුතෙන් ආව එන්.ජී.ඕ. එකකින් රස්සා දෙනවා. මමත් ඉතින් ඒ පැත්තේ කරක් ගහල බැලුවාම උඹට මට අපිට ඊසි ගතමන්ට් එකක් ගන්න කනා පිනක් සෙට් වුනා..., වැඩි කෙලියක් කරන්න නෑ..උදේ පාන්දර ගියා, නිකන් හම්බෙන කෑම එක කාලා පොත අත්සන් කරලා රුපියල් පන්සීයයි දවල් කෑම පැකට් එක අරගෙන එවුන් ගිහින් දාන තැනට ගිහින් උන් දෙන බෝඩ් කෑලි, බැනර් උස්සගෙන ගිරිය යටින් කෑගහන්න විතරයි තියෙන්නේ"
ඒක අහපු වීරේ මාමගේ කට දෙකොන දෙකන ගාවට ගියා, මටත් උන් හිටි තැන් අමතක වුණා..වීරේ මාමට සන්තෝසේ දරා ගන්න බැරුව අඩියකුත් පොලවේ ගහලා
"යමන් කොල්ලෝ යමන්, මම එක පයින් කැමතියි...අයිස් ක්‍රීම් විකුණලත් දවසට රුපියල් තුන්සීයක් හම්බෙන්නෙත් කලාතුරකින් බොලන්..උඹල මොකෑ කියන්නේ...උඹල යන්නේ නැත්තම් මට සැට් කොරලා දියන්.."
අන්තිමට කොහොම හරි තුන්දෙනාම වැඩේට එක පයින් කැමති වෙලා යෝජනාව සභා සම්මත කරගත්තා. "අපිටත් දවසක හඳ පායනවා, එදාට අපි මල් පැණියෙන් නානවා" වීරේ මාමා අමාරුව පැත්තක දාලා රවුමක් හෙම කැරකිලා සින්දු කෑල්ලකුත් කිව්වා.
තුන් දෙනාම රම්බාගේ ආරංචිය අහගෙන දරාගන්න බැරි සන්තෝසෙත් එක්ක එන්.ජී.ඕ ඔෆිසිය පැත්තට ආවා අටපට්ටම වෙච්ච බයිසිකල් රෝදේ වින්කලේට දීගෙන යන්න හිතාගෙන. ඉස්සරහට කරන්න යන රස්සාවෙන් හම්බෙන පඩියෙන් වීරේ මාමගේ බයිසිකලේ හදල දෙන්නත් රම්බා පොරොන්දු වුනා. කොහොම කොහොමෙන් හරි කයිය පිට වින්කලේ ගාවට ඇවිත් ඉස්සරහ රෝදේ වින්කල් බාසුන්නැහේ අතට දුන්නම බකල් ඇරලා දියන් කියලා, බාස් උන්නැහේගේ ඇස් ටොම්බා සයිස් වුනා.
"අනේ මල්ලියේ මම නම් ඔහොම එකක් හදන්න දන්නේ නෑ අම්මාප...මගේ ජීවිතේට ඔහොම එකක් හදලත් නෑ..ඕකේ බකලේ අරින්න මහන්සි වෙනවට වඩා සැපයි බං ස්පැනර් එකක් අරන් ඔලුවට ගහගෙන ගහගෙන ගිහින් මැරෙන එක.