රයිටර්ට හෙන කාලෙක ඉඳන් ඕනේකමක් තිබුනා පොඩි රහස් එක්ස්පෙරිමන්ට් ටයිප්
එකේ වැඩක් කරන්න. ඉතින් මම කලේ මුලින්ම හැදුවා ෆේස් බුක් ගිණුමක්..සුවර්
එකටම ෆේක් එකක් කියලනේ අහන්නේ ? ඔව් ඔව් ඒකනේ ප්‍රශ්නේ ? කොල්ලෙක්ගේ
නමකින්ද..නෑ නෑ
කෙල්ලෙක්ගෙ නමකින්..එතකොට මොකක්ද ඒ ෆේක් එක..? හරි හරි ඒවා ඔක්කොම මම
කියන්නම්. ඔන්න කොහොම හරි ෆේස් බුක් ගිණුම හැදුවා කියමුකෝ. එතනින් නතර වුනේ
නෑ, හැදුවා බ්ලොග් එකකුත්..මුලින්ම කවියක් ලියලා දැම්මා. යාලුවන්ගේ බ්ලොග්
වලට ගිහින් කමෙන්ට් හෙමත් දැම්මා. ඒ මගේ ෆේක් බ්ලොග් එක පොඩ්ඩක් කට්ටිය
අතර හිට් කරන්න. වැඩේ සාර්ථකයි.
මම රඟපෑවේ බූට්
එක කාපු කෙල්ලෙක් විදිහට. කතා දෙක තුනක් ලිව්වා (ආත්ම කථන) ඔක්කොම පොස්ට්
5යි. ඊට පස්සේ අමාරුම
වැඩේ කෙල්ලෙක් විදිහට සමාජගත වෙන එකනේ. කොච්චර අමාරු වුනත් මම එක කළා.
කොච්චර සාර්ථකයිද කියනවනම් බ්ලොග් එක හදලා සති දෙකයි ෆලෝවර්ස්ලා පනස්
ගානක්. ෆේස් බුක් එකේ ෆ්‍රෙන්ඩ්ස්ලා සීයකට කිට්ටු වෙන්න ආවා. ෆේස් බුක්
ගිණුමේ නම් මම තමයි රික්වෙස්ට් යැව්වේ මුලින්. ඒත් බාගෙකට කිට්ටු වෙන්න
ඒ ෆේක් එකට රික්වෙස්ට් ආවා. දවසකට රික්වෙස්ට් උපරිම පහකට කිට්ටු වෙන්න
තිබුනා. දාපු ස්ටේටස් වලට හොඳ කමෙන්ට් තිබුනා. එක දෙයක් විශේෂයෙන් කියන්න
ඕනා. මොකද කියනවනම් කවුරුවත් කැත විදිහට වචනෙකින්වත් ෆේක් ගිණුම එක්ක චැට්
කලේ නෑ. මගේ යාළුවො ගැන ආඩම්බරෙන් ඒ දේ කියන්න ඕනේ. ගොඩක් දෙනෙක් උදව් කළා. අලුත් උදවියට අත දෙන්න පරණ උදවිය එකපයින් නෑ බෑ නොකියා කැමති වුනා. වෙන්න ඕනේ ඒක තමයි.
ඉතින් මම මොකක්ද බලාපොරොත්තු වුනේ මේ ෆේක් එකෙන්.
1. මට ඕනි වුනා කෙල්ලෙක් විදිහට මට ලියන්න පුලුවන්ද බලන්න. අලුත් කතාවක් ගොඩ නගන්න. කෙල්ලෙක් විදිහට, අලුත් විදිහට හිතන්න. (පවනි තරංගාගේ - මතක වස්තුව වගේ එකක් ලියන්න)

2.
මගේ ඔරිජිනල් බ්ලොග් එකේ අලුත් වැඩක් විදිහට පොඩි බයිට් වැඩක් සෙට් කරන්න.
(ඒ කියන්නේ හොඳම යාළුවො, විහිලු දන්න උදවියට පොඩි බයිට් එකක් සෙට් කරන්න),
කැත විදිහට, අප්‍රසන්න විදිහට නෙමෙයි පිර්යක් ඇතුව. බයිට් කරලා ඒක ලස්සනට බ්ලොග් එකේ හෙළිදරව් කරන්න.
3. කොල්ලෙක්ට වඩා කෙල්ලෙක්ගෙ බ්ලොග් එකක් හිට් වෙන්න පුළුවන් වගේම ලේසියි කියන එක හරියටම තක්කෙටම බලා ගන්න
4. අනික මේ සයිබර් අවකාශය ඇතුලේ කොච්චර නම් ෆේක් ජීවිත, රියල් ජීවිත රවට්ටනවා ඇත්ද කියල බලන්න.
5. අනික ඒ ෆේක් චරිතය මගේ බ්ලොග් එකේ කතාවකට රියල් විදිහට සම්බන්ධ කරගන්න.. (ඒක පොඩ්ඩක් සංකීර්ණයි)
මම මේ වැඩේ කලේ සති දෙකයි. අකමැත්තෙන් වුනත් මගේ යාළුවො දෙතුන් දෙනෙක් බයිට් කළා. මම හිතනවා උඹලා මගෙත් එක්ක අමනාප වෙන්නේ නැතිවෙයි කියලා. විහිළුවක්නේ කලේ. දුර දිග යන්න කලින් වැඩේ නැවැත්තුවා. ඒත් බයිට් කරලා හෙළි කරන වැඩේ මහා කුජීතයි කියලා හිතුන හින්දා මම අතැරලා දැම්මා. අන්තිමට ඉතුරු අරමුණු වලින් බාගයක්චකබ්ලාස් වෙලා ගියා බ්ලොග් එකයි ෆේස්බුක් ගිණුමයි වහලා දැම්මම.
කෙල්ලෙක් එක්ක ෆේස්බුක් එකේ චැට් කරන එක අමන වැඩක් නෙමෙයිනේ. කොල්ලෝ කෙල්ලෝ එක්ක චැට් කරන්නේ නැතුව කවුරු එක්ක චැට් කරන්නද අප්පා. උඹලා අප්සට් ගන්න එපා හොඳේ. මම මෙහෙම ෆේක් එකක් හදාගෙන කට්ටියව බයිට් කළා කියලා කිව්වම මුලින්ම, මගේ හොඳ යාළුවො සෙට් එකක් (බ්ලොග් ලියන) මට පලු යන්ඩ බැන්නා. යකෝ ඕවගේ වැඩ කරන්න එපා අරකය මේකය කියලා. ඒක අහලා මට හෙන පජාත හැඟීමක් ආව මම හෙන අවලම් වැඩක් කළා වගේ. එවලේම බ්ලොග් එකයි, ෆේස්බුක් එකයි මකලා දැම්මා.

මතක තියා ගන්න ඔබේ ජීවිතේට ලංවෙන සියලු දෙනා රියල් උදවිය නෙමෙයි. විශ්ෂයෙන් සයිබර් ලෝකයෙන්. ෆේක් ජීවිතයකට ඔබේ ජීවිතය බිල්ලට ගන්න බැරිකමක් නෑ. පරිස්සම් වෙන්න. ඒ ගිණුමෙන් මම ගොඩක් දේවල් තේරුම් ගත්තා.
උඹලා බයිට් වුනා වගේ දැනෙනවානම් මට මේල් එකක් හරි ෆේස් බුක් මැසේජ් එකක් හරි දාපන්. මම කියන්නම් ඒ ගිණුමයි බ්ලොග් එකයි මොකක්ද කියලා.
අපේ තරුවා මේ වගේම පොස්ට් එකක් ලියලා තිබුනා මේ වගේ පරීක්ෂණයක් ලෙසටම කරපු එකක්
සුභ ආරංචියක් තියනවා හෙළි කරන්න. මේ මාසේ මම බඳිනවා ඈ. ඒ ගැන වෙනම පොස්ට් එකක් ලියන්න හිතාන ඉන්නේ. වැඩ ගොඩයි. එහෙනම් අපි ප්‍රාධුර්භූත වුනා. වෙඩිමෙන් පස්සේ හම්බෙමු
සුභ ආරංචියක් තියනවා හෙළි කරන්න. මේ මාසේ මම බඳිනවා ඈ. ඒ ගැන වෙනම පොස්ට් එකක් ලියන්න හිතාන ඉන්නේ. වැඩ ගොඩයි. එහෙනම් අපි ප්‍රාධුර්භූත වුනා. වෙඩිමෙන් පස්සේ හම්බෙමු