රයිටර්ට හෙන කාලෙක ඉඳන් ඕනේකමක් තිබුනා පොඩි රහස් එක්ස්පෙරිමන්ට් ටයිප්
එකේ වැඩක් කරන්න. ඉතින් මම කලේ මුලින්ම හැදුවා ෆේස් බුක් ගිණුමක්..සුවර්
එකටම ෆේක් එකක් කියලනේ අහන්නේ ? ඔව් ඔව් ඒකනේ ප්‍රශ්නේ ? කොල්ලෙක්ගේ
නමකින්ද..නෑ නෑ
කෙල්ලෙක්ගෙ නමකින්..එතකොට මොකක්ද ඒ ෆේක් එක..? හරි හරි ඒවා ඔක්කොම මම
කියන්නම්. ඔන්න කොහොම හරි ෆේස් බුක් ගිණුම හැදුවා කියමුකෝ. එතනින් නතර වුනේ
නෑ, හැදුවා බ්ලොග් එකකුත්..මුලින්ම කවියක් ලියලා දැම්මා. යාලුවන්ගේ බ්ලොග්
වලට ගිහින් කමෙන්ට් හෙමත් දැම්මා. ඒ මගේ ෆේක් බ්ලොග් එක පොඩ්ඩක් කට්ටිය
අතර හිට් කරන්න. වැඩේ සාර්ථකයි.
මම රඟපෑවේ බූට්
එක කාපු කෙල්ලෙක් විදිහට. කතා දෙක තුනක් ලිව්වා (ආත්ම කථන) ඔක්කොම පොස්ට්
5යි. ඊට පස්සේ අමාරුම
වැඩේ කෙල්ලෙක් විදිහට සමාජගත වෙන එකනේ. කොච්චර අමාරු වුනත් මම එක කළා.
කොච්චර සාර්ථකයිද කියනවනම් බ්ලොග් එක හදලා සති දෙකයි ෆලෝවර්ස්ලා පනස්
ගානක්. ෆේස් බුක් එකේ ෆ්‍රෙන්ඩ්ස්ලා සීයකට කිට්ටු වෙන්න ආවා. ෆේස් බුක්
ගිණුමේ නම් මම තමයි රික්වෙස්ට් යැව්වේ මුලින්. ඒත් බාගෙකට කිට්ටු වෙන්න
ඒ ෆේක් එකට රික්වෙස්ට් ආවා. දවසකට රික්වෙස්ට් උපරිම පහකට කිට්ටු වෙන්න
තිබුනා. දාපු ස්ටේටස් වලට හොඳ කමෙන්ට් තිබුනා. එක දෙයක් විශේෂයෙන් කියන්න
ඕනා. මොකද කියනවනම් කවුරුවත් කැත විදිහට වචනෙකින්වත් ෆේක් ගිණුම එක්ක චැට්
කලේ නෑ. මගේ යාළුවො ගැන ආඩම්බරෙන් ඒ දේ කියන්න ඕනේ. ගොඩක් දෙනෙක් උදව් කළා. අලුත් උදවියට අත දෙන්න පරණ උදවිය එකපයින් නෑ බෑ නොකියා කැමති වුනා. වෙන්න ඕනේ ඒක තමයි.
ඉතින් මම මොකක්ද බලාපොරොත්තු වුනේ මේ ෆේක් එකෙන්.
1. මට ඕනි වුනා කෙල්ලෙක් විදිහට මට ලියන්න පුලුවන්ද බලන්න. අලුත් කතාවක් ගොඩ නගන්න. කෙල්ලෙක් විදිහට, අලුත් විදිහට හිතන්න. (පවනි තරංගාගේ - මතක වස්තුව වගේ එකක් ලියන්න)
ඉතින් මම මොකක්ද බලාපොරොත්තු වුනේ මේ ෆේක් එකෙන්.
1. මට ඕනි වුනා කෙල්ලෙක් විදිහට මට ලියන්න පුලුවන්ද බලන්න. අලුත් කතාවක් ගොඩ නගන්න. කෙල්ලෙක් විදිහට, අලුත් විදිහට හිතන්න. (පවනි තරංගාගේ - මතක වස්තුව වගේ එකක් ලියන්න)
2.
මගේ ඔරිජිනල් බ්ලොග් එකේ අලුත් වැඩක් විදිහට පොඩි බයිට් වැඩක් සෙට් කරන්න.
(ඒ කියන්නේ හොඳම යාළුවො, විහිලු දන්න උදවියට පොඩි බයිට් එකක් සෙට් කරන්න),
කැත විදිහට, අප්‍රසන්න විදිහට නෙමෙයි පිර්යක් ඇතුව. බයිට් කරලා ඒක ලස්සනට බ්ලොග් එකේ හෙළිදරව් කරන්න.
3. කොල්ලෙක්ට වඩා කෙල්ලෙක්ගෙ බ්ලොග් එකක් හිට් වෙන්න පුළුවන් වගේම ලේසියි කියන එක හරියටම තක්කෙටම බලා ගන්න
4. අනික මේ සයිබර් අවකාශය ඇතුලේ කොච්චර නම් ෆේක් ජීවිත, රියල් ජීවිත රවට්ටනවා ඇත්ද කියල බලන්න.
5. අනික ඒ ෆේක් චරිතය මගේ බ්ලොග් එකේ කතාවකට රියල් විදිහට සම්බන්ධ කරගන්න.. (ඒක පොඩ්ඩක් සංකීර්ණයි)
මම මේ වැඩේ කලේ සති දෙකයි. අකමැත්තෙන් වුනත් මගේ යාළුවො දෙතුන් දෙනෙක් බයිට් කළා. මම හිතනවා උඹලා මගෙත් එක්ක අමනාප වෙන්නේ නැතිවෙයි කියලා. විහිළුවක්නේ කලේ. දුර දිග යන්න කලින් වැඩේ නැවැත්තුවා. ඒත් බයිට් කරලා හෙළි කරන වැඩේ මහා කුජීතයි කියලා හිතුන හින්දා මම අතැරලා දැම්මා. අන්තිමට ඉතුරු අරමුණු වලින් බාගයක්චකබ්ලාස් වෙලා ගියා බ්ලොග් එකයි ෆේස්බුක් ගිණුමයි වහලා දැම්මම.
කෙල්ලෙක් එක්ක ෆේස්බුක් එකේ චැට් කරන එක අමන වැඩක් නෙමෙයිනේ. කොල්ලෝ කෙල්ලෝ එක්ක චැට් කරන්නේ නැතුව කවුරු එක්ක චැට් කරන්නද අප්පා. උඹලා අප්සට් ගන්න එපා හොඳේ. මම මෙහෙම ෆේක් එකක් හදාගෙන කට්ටියව බයිට් කළා කියලා කිව්වම මුලින්ම, මගේ හොඳ යාළුවො සෙට් එකක් (බ්ලොග් ලියන) මට පලු යන්ඩ බැන්නා. යකෝ ඕවගේ වැඩ කරන්න එපා අරකය මේකය කියලා. ඒක අහලා මට හෙන පජාත හැඟීමක් ආව මම හෙන අවලම් වැඩක් කළා වගේ. එවලේම බ්ලොග් එකයි, ෆේස්බුක් එකයි මකලා දැම්මා.
මම මේ වැඩේ කලේ සති දෙකයි. අකමැත්තෙන් වුනත් මගේ යාළුවො දෙතුන් දෙනෙක් බයිට් කළා. මම හිතනවා උඹලා මගෙත් එක්ක අමනාප වෙන්නේ නැතිවෙයි කියලා. විහිළුවක්නේ කලේ. දුර දිග යන්න කලින් වැඩේ නැවැත්තුවා. ඒත් බයිට් කරලා හෙළි කරන වැඩේ මහා කුජීතයි කියලා හිතුන හින්දා මම අතැරලා දැම්මා. අන්තිමට ඉතුරු අරමුණු වලින් බාගයක්චකබ්ලාස් වෙලා ගියා බ්ලොග් එකයි ෆේස්බුක් ගිණුමයි වහලා දැම්මම.
කෙල්ලෙක් එක්ක ෆේස්බුක් එකේ චැට් කරන එක අමන වැඩක් නෙමෙයිනේ. කොල්ලෝ කෙල්ලෝ එක්ක චැට් කරන්නේ නැතුව කවුරු එක්ක චැට් කරන්නද අප්පා. උඹලා අප්සට් ගන්න එපා හොඳේ. මම මෙහෙම ෆේක් එකක් හදාගෙන කට්ටියව බයිට් කළා කියලා කිව්වම මුලින්ම, මගේ හොඳ යාළුවො සෙට් එකක් (බ්ලොග් ලියන) මට පලු යන්ඩ බැන්නා. යකෝ ඕවගේ වැඩ කරන්න එපා අරකය මේකය කියලා. ඒක අහලා මට හෙන පජාත හැඟීමක් ආව මම හෙන අවලම් වැඩක් කළා වගේ. එවලේම බ්ලොග් එකයි, ෆේස්බුක් එකයි මකලා දැම්මා.
මතක තියා ගන්න ඔබේ ජීවිතේට ලංවෙන සියලු දෙනා රියල් උදවිය නෙමෙයි. විශ්ෂයෙන් සයිබර් ලෝකයෙන්. ෆේක් ජීවිතයකට ඔබේ ජීවිතය බිල්ලට ගන්න බැරිකමක් නෑ. පරිස්සම් වෙන්න. ඒ ගිණුමෙන් මම ගොඩක් දේවල් තේරුම් ගත්තා.
උඹලා බයිට් වුනා වගේ දැනෙනවානම් මට මේල් එකක් හරි ෆේස් බුක් මැසේජ් එකක් හරි දාපන්. මම කියන්නම් ඒ ගිණුමයි බ්ලොග් එකයි මොකක්ද කියලා.
අපේ තරුවා මේ වගේම පොස්ට් එකක් ලියලා තිබුනා මේ වගේ පරීක්ෂණයක් ලෙසටම කරපු එකක්
සුභ ආරංචියක් තියනවා හෙළි කරන්න. මේ මාසේ මම බඳිනවා ඈ. ඒ ගැන වෙනම පොස්ට් එකක් ලියන්න හිතාන ඉන්නේ. වැඩ ගොඩයි. එහෙනම් අපි ප්‍රාධුර්භූත වුනා. වෙඩිමෙන් පස්සේ හම්බෙමු
සුභ ආරංචියක් තියනවා හෙළි කරන්න. මේ මාසේ මම බඳිනවා ඈ. ඒ ගැන වෙනම පොස්ට් එකක් ලියන්න හිතාන ඉන්නේ. වැඩ ගොඩයි. එහෙනම් අපි ප්‍රාධුර්භූත වුනා. වෙඩිමෙන් පස්සේ හම්බෙමු
හපොයි රයිටරුත් කරන වැඩ :D!
ReplyDeleteඉතින් ඔය පරීක්ෂණයෙන් හොයා ගත්ත නිගමන තොරතුරු ටිකත් කිව්ව නම් හොඳයිනෙ.
අනෙක ඕකට රික්වෙස්ට් එවපු අයගෙන් කොච්චරක් ෆෙක් ඇතිද!
හැබැයි දැන් ඉතින් ටික දවසක් යනකල් බයිට් වුන අයට අහුනොවී ඉන්න වෙයි :p
මේ සයිබර් අවකාශය ඇතුලේ කොච්චර නම් ෆේක් ජීවිත, රියල් ජීවිත රවට්ටන්න පුලුවන්ද කියල හොයා ගත්තා
Deleteකොල්ලෙක්ට වඩා කෙල්ලෙක්ගෙ බ්ලොග් එකක් හිට් වෙන්න පුළුවන් ඉඩකඩ වගේම චාන්ස් එකක් තියන වග තක්කෙටම දැන ගත්තා.
අනික්වා කරගන්න බැරි වුනා ගිමා. මම බැනුම් ඇහුවනේ.
යකෝ කාව කාවද බයිට් කලේ??????? මොකක්ද බ්ලොගේ නම????? ම්මාත ගිහින් හිටියද බොල වස ලැජ්ජාව
ReplyDeleteහෙහ් හෙහ් හෙහ් මම බොට මැසේජ් එකක් එවන්නම් කොමා.
Deleteදැන් ඉතින් නිගමන ටිකත් කියපන් මලයා.
ReplyDeleteවැඩේ හරියටම කරගන්න බැරි වුනා නලීන් අයියේ. අතරමග නවත්තලා දැම්මා එකක් දෙකක් හොයා ගත්තා
Deleteඅම්මා ගහයි.... සිරාවට? බදිනවද? එලනේ ඕයි... :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අඩෝ..........මම දන්නවා.
Deleteමූ තමා අර අප්සරා ලියනගේ............ අඩෝ බස්සා උඹ නම් මරු
හා නැද්ද? මේ කියන විදිහට ඒක තමා... මොකද දෙකම මකලා!
Deleteඔව් ඔව් රජෝ මම පින්තුර දාන්නම්කො ඈ..
Deleteඅප්සරා...? කට කට
අහ්හ්... අප්සරා..??? අර "කඳුළු මතින් නැගිටින, ජීවිතය ජීවත් කරවන අහිංසක කෙල්ලෙක්..." අප්සරාද????
Deleteඕං බං රජා ඇනගත්තනං අපිට ඇහෙන්න කියපං. සන්තෝසේ බෑ රජා ඇනගත්තයි බං... ඒකනේ කියන්නේ මූට චීත්ත කෑල්ලක නූලක් වත් පේන්න බෑ
Delete"කඳුළු මතින් නැගිටින, ජීවිතය ජීවත් කරවන අහිංසක කෙල්ලෙක්..." හෙහ් හෙහ් මේකත් මතකයිද අප්පා...?
Deleteදේශකයා අඩෝ රජාට අපහාස කරලා රාජ උදහසට ලක් වෙන්න එපා ඈ. අපි හෙම දන්නේ නැ ගෙවල් පැත්තේ "සුදු" අස්පයෝ කැරකුනොත් හෙම.
අමතක වෙන්නේ කොහොමද බොල, මගේ සිය වෙනි ෆොලෝවර් නේ....... ;)
Deleteඅඩේ සොරි වෙලා සමා වෙන්න ඕනි ඈ...? මම ඔක්කොම අන්ෆලෝ කරන්නම් ඈ.
Deleteඋඹ බයිට් කරපු උන්ගෙන් බේරිලා හිටහන් කොල්ලෝ එහෙනම් . . හික් හික් හික්
ReplyDeleteඑච්චර දරුණුවට බයිට් කලේ නෑ දුකා අයියේ. මුං හම්බෙච්ච දවසක මට නෙලයිද හැබෑටම ?
Deleteමේ එක්ස්පෙරිමන්ට් එකේ හැටියට මේක බඳිනවයි කියන එකත් ෆේක් ද දන්නෑ.
ReplyDeleteඇත්තටම එහෙම එකක් වෙනවනං සුබ පැතුම් !
රයිටර් තියරි තමයි ඉතින් වෙඩිමටත් ප්‍රසා අයියේ
Deleteඅපි නම් නමට ෆේක්!!! :p :p :p කාටවත් හානියක් නොකර එක්ස්පරිමන්ට් කලාටනම් ඒ හැටි වරදක් නෑ.. ඒත් කවුරුහරි අපහසුතාවට පත්වෙනවානම් තමා හොද නැත්තෙ !!
ReplyDeleteවෙඩිමට සුභ පැතුම්!!!! අලුත් මනමාලිගෙ පින්තූරයක් එක්කම දාන්නකෝ බලන්න බ්ලොග් එකෙ.;)
ඔව් ඉතින් හාටවත් හානියක් කලේ නෑ අප්පා. දාන්නම් දාන්නම් පොටෝ ඈ
Deleteසුභ පැතුම් වලට ස්තුතියි ඈ
ෆේක් නං ඇති බං අනන්තවත්.. :)
ReplyDeleteආයෙත් අහලා... අනන්ත අප්‍රමාන
Deleteආ සුබ පතන්න බැරි වුනානේ.. ජය මගුල් ඈ..!
Deleteතැන්කූ චනා ඈ
Deleteතොට සාදු... ෆේක් හදනවට හොඳම දඬුවම ලැබේවි කසාද බැන්දම :P
ReplyDeleteහිහි...හී... ජය මංගලං ඈ....
හෙහ් හෙහ් පිස්සුද බොල... කවුද බං කසාදෙ දඬුවමක් කියලා හිතන්නේ ඈ
Deleteමට සැක මූ කසාඳ බැන්දම ෆේක් වැඩි වැඩියෙන් හදයි කියල...
Deleteබදිනකම් හැමෝම හිතන්නේ ඔය වගේ සුන්දර විදිහට තමයි මල්ලි... රිංගලම බලන්න ඕනි කූඩුවේ රඟ....හික්ස්...
Deleteහෙහ් හෙහ් බැඳලාම බලමුකෝ එහෙනම් නෙහ්
Deleteසුබ මංගලම් පැතුම් මල්ලි..
ReplyDeleteෆේක් කිව්වාම ඉතින් අපිත් නමින් ෆේක්නේ.ෆේක් ඉන්න එකෙන් කාටවත් වදයක් නොවෙනවානම් එච්චරයි කියලයි මම නම් හිතන්නේ,ඔයාගේ එක්ස්පෙරිමන්ට් එකත් ඒ වගේ නම් ඉතින් අවුලක් නෑ.. :D
අපොයි ඔව් අක්කේ. කුරා කුඹියෙක්ට වත් හානියක් කලේ නෑ
Deleteඇත්ත කියපිය...තෝ නේද මේ ලගදි ආපු අප්සරාවි...ඇහ් බොල වල් නරියෝ තව පොඩ්ඩෙන් මටත් නිකන් මොකද්ද එකක් කරනවා නේද බොල...ගෙම්බා...
ReplyDeleteඅඩේ පාටියක් ඕනි...හැපි වෙඩිමක් පැණි හදක් සහ පසු විපරමක් ලැබේවා.....
හෙක් හෙක් මම උඹට කියන්නම්කො..ඈ..
Deleteහරි හරි පාර්ටි දෙන්නම් තරුවා..තැන්කු කිව්වා සුභ පැතුමට
සුබ පැතුම් ඈ. මයි කන්ග්රැදුලෙසන්ස් :D
ReplyDeleteතැනක් යු ඈ
Deleteඅඩේ මටත් වෙලාවකට හිතෙනවා වෑයෙන් පාරයි ... පොරොවෙන් පාරයි ගහගෙන කෙල්ලෙක් වෙන්න බං
ReplyDeleteසිරාවටම
ට්‍රයි කරලා බලහන් බං
Deleteවැයෙන් ඔලුවට ගහගනින් මචං.
Deleteමට තියන ප්‍රශ්නේ වෑයෙන් කරන දේ පොරවෙන්ම කරන්න බැරිද කියලා බං.
Deleteහේ හේ මම මේ බ්ලොග් කෙළියට සෙට් උනෙත් එහෙමනේ බං. පෝස්ට් එකක කියලත් ඇති. මට කියාගන්න බැරුව අයි ලවු යු අප්සරා ;) <3
ReplyDeleteඅප්පට උඩු ඒකනේ මම දැන්නේ විස්තරේ දන්නේ.. අප්සරා මලා. දැන් ඉතින් හිත හදා ගනින්
Deleteඋඹ ඔය බඳින විදියට නම් අපි බැඳලා දික්කසාද වෙලත් ඉවරයි නේ බං. පොටෝ කෑලි ටික දාපන්කෝ අපටත් බලන්න ;)
Deleteහෙහ් හෙහ් දික්කසාදයක් නම් කොහොමත් බලාපොරොත්තු වෙන්නේ නෑ රෙපෝ මම.
Deleteපැතුම්ට සුභ පැතුම්!!!! වෙඩින් එකේ පින්තූර දාන්නකෝ අපිටත් බලන්න :)
ReplyDeleteඑල ඈ... තෑන්ක් යූ
Deleteමේකා කරන වැඩෙන් දැන් කෙල්ලන්ගේ බ්ලොග් පැත්ත පලාතක මේ කොල්ලො ගෙන්නගන්න බැරි වෙනවා, හැබැයි මලේ ඔය ප්‍රේමයෙන් පැරදුන දුකට උදව් කරන්න තමයි කස්ටිය සෙට් වෙන්න ඇත්තේ නැත්නම් ඉතින් ඔය තරම් ඉක්මනට ඔච්චර කට්ටිය එකතු වෙන්නෙ නෑනේ...
ReplyDeleteමොන පිස්සුද...අප්පා..කෙල්ලොන්ගේ බ්ලොග් වලට බඹරු ඇදෙන්නේ සූ ගාලා...හෙහ් හෙහ් හෙහ්
Deleteඅනේ මල්ලියේ සුභ පැතුම්... හැපි මගුලක්ම වේවා... ඉස්සෙල්ල කියන්න බැරි උනා...
Deleteහෙහ් හෙහ් තෑන්ක් යූ ඈ අක්කේ
Deleteඋඹද අර සල්?
ReplyDeleteහෑ ඒ පාර උඹත් හිරේ වැටෙන්නද යන්නේ?
සල් මල් ?
Deleteඅමාරුවේ....පික්සුද බං...?
අම්මා ගහයි කී බෝඩ් එකෙන්! උඹ බඳිනවා?????????????????????????
ReplyDeleteහපොයි. වෙන්න තියෙනවා නම් යමක් වලක්වන්න බෑ. විශ්ණුත් බට කොළ කෑවා කියනවනෙ අපලේ ගෙවෙනකල්!
මොනවා කරන්නද. ජීවිතේ හැටි ඔහොම තමා! එන හැටියකට මූණ දීපං.
කොහොම හිටපු එකෙක්ද!
කොහෙන්ද උඹ ඉන්ෂුවරන්ස් එකක් ගන්න යන්නෙ?
හෙහ් හෙහ් හෙහ් කී බෝඩ් එකෙන් කිව්වා.? අපෝ සුභ පතන්නේවත් නැති හැටි අම්මාප
Deleteඉන්ෂුවරන්ස් එක ගැන නම් තවම හිතලා නෑ ඩුඩ් අයියෙ :)
මෙන්න ඒකෙ මුල:
Deletehttp://deshakaya.blogspot.com/2013/02/blog-post_4633.html
Dude February 11, 2013 at 6:24 PM
බොට පිස්සුද දේෂ්? ප්ලාස්ටික් හන්දා තමයි අම්මා කී බෝඩ් එකෙන් ගහන කොට කීබෝඩ් එක කැඩිලා ඔලුව ඉතුරු වෙන්නෙ. යකඩෙන් හැදුවොත් වෙන දේ හිතාගනිංකො.
'අම්මා ගහයි බැට් එකෙන්' යන යෙදුම මේ මොහොතේ සිට 'අම්මා ගහයි කී බෝඩ් එකෙන්' යයි සංශෝධනය කල බවත් හෙන්රිබ්ලොග්වෝකර් ද ඩූඩ් වන මා මේ මොහොතේ සිට බ්ලොග් ලිවීම සඳහා එම යෙදුම බාවිතා කරන බවත්, සියලුම සිංහල බ්ලොග් කරුවන්ද මා අනුගමනය කරන ලෙස ඉල්ලා සිටින බවත් මෙයින් දැනුම්දෙනු ලැබේ.
අම්මා ගහයි කීබෝඩ් එකෙන් කිව්වලු!
අම්මා ගහයි කීබෝඩ් එකෙන් කිව්වලු ! ඒ යෝජනාව මා ස්ථීර කරනවා
Deleteබොලා බදිනවයි,,එහෙනම් සුබ මංගලම් ඇ,, !!!
ReplyDeleteයා යා මේ සතියේ..තෑන්ක් යු ඈ
Deleteඅඩෝ සුභ වෙඩිමක් වේවා.
ReplyDeleteඋබ දන්නවද? මට බුකියේ කෙල්ලෙක් මටම රික්වෙස්ට් දැම්මම සැකයක් තියෙනවා. මැතක වූ සිද්ධි නිසා සැකේ තවත් වැඩි.
චැට් එකේ චැට් කරපු විදිහෙන් හිතා ගනිනි.
සුභම සුභ වෙඩිමක් වේවා !!!
අපි නම් 12-12-13 :)
හෙහ් හෙහ්...එල කිරි ඈ... සැකයක් හිතෙන්න ඇති. ඒ වුනාට හැම පැත්තම ශේප් කළා.
Deleteඑල කිරි අවුරුද්දේ අන්තිමටත් වෙඩින් කේක් පාරක් දැම්මහැකි
මගේ ඔරිගීනල් facebook එකත් fake කියලා කියනවා.දෙන id එකේ photo එකක් එවන්න කියලා කියනවා.මටත් අපේ ස්කොලේ යාළුවොත් එක්ක 150 විතර හිටිය.සතියකට.request නම 10 වැඩිය දැම්මේ නෑ.මම අන්තිමට ස්කර්බග්ට ඩොන් ගහ ගන්න කියලා නිකන් හිටියා.
ReplyDeleteකෝච්චර කල් හැංගිලා ෆේක් විදිහට හිටියත් කවදා හරි එලියට එන්න වෙනවා. ඒක සුවර්.
Deleteවෙඩිමට සුභම සුභ පැතුම් ඈ.....!!!
ReplyDeleteෆොටෝ කෑලි ටිකක් එහෙමත් දාන්නකෝ ජෝඩුව බලා ගන්නත් එක්ක.... :)
තැන්කු ඈ.. හරියෝ පොටෝ කෑලි දෙක තුනක් දාන්නම්කො
Deleteනියම එක්ස්පරිමන්ට් එකක් තමයි ඒක. කට්ටියව ගිනි පිග් ලා කරගෙන නේද?
ReplyDeleteබඳිනවයි කිව්වා? සුභ මංගලම් ඈ?
නියමයි කියලා හිතුවට භයානක ප්‍රතිපල ගොඩක් තියනවා
Delete1. හොඳම යාළුවො තරහ වෙනවා
2. යාළුවො අතර තියන විස්වාසේ නැති වෙනවා
3. නරක නාම ගෑවෙනවා
ඕකී මෙකී නොකී ගොඩක් දේවල් වලට මුණ දෙන්න වෙනවා
මගෙනුත් සුබ පැතුම් කොල්ලෝ.... හි හි... ඊට පස්සේ රයිටර් සහ චාරුලතා අතුරුදහන් වෙන එකක් නෑ නේද....?
ReplyDeleteසුභ පැතුමට තැන්කු අක්කේ...නෑ නෑ බැන්දට පස්සේ ඒ දෙන්නවම ආස්සරේ කරනවා වැඩිවෙයි මීට වඩා..බොරුනම් බලන්නකෝ ඈ බැන්දම
Deleteඑහෙනම් මේ ඇඹලයත් පැණි හැලියට බහින්නයි යන්නෙ.....!?
ReplyDeleteඅපෙනුත් සුබ පැතුම්....!
හෙහ් හෙහ් පැණි ? ඇඹලයා..?
Deleteස්තුතියි ඈ සුමිත් අයියේ
ඔබ බැඳීම පිලිබඳ මගේ බලවත් කනගාටුව! ඔහොම තමයි බං ජිවිතේ ගණන් ගන්න එපා!!
ReplyDeleteඅයියෝ සරා!!!! :p
අපෝ බං කනගාටු වෙන්න එපා බොල...
Deleteහෙහ් හෙහ් සරා අප්සරා මලා
ෂැහ්..!
ReplyDeleteමගේ අලුතින් බ්ලොග් පිටුවටත් එකතු කරගත්තනෙ ඔය බ්ලොග් එක.. බලන්න ඉතින් හොඳ හිතින් කලාම දෙයක් එකෙක් මදිවට ගෙම්බො දෙන්නෙක්ම.. :D :D
අර වෙඩිම සුබම වෙඩිමක් වේවා යනු මගේ ප්‍රාර්ථනයයි..! ;)
හෙහ් හෙහ් සොරි අප්පා නන්දු අක්කේ...සුභ පැතුමට තැන්කු ඈ
Deleteඇඩෙනවා...
ReplyDeleteබඳිනවා????????????
මගේ උණුසුම් සුභ පැතුං ඈ....
ජයවේවා!!!!!!!!!!!!!
හික් තරියාටත් කල්පනාවක් පහල වෙලා වගේ.. හෙහ්...
Deleteතෑන්ක් යූ තරියා එල කිරි ඈ
Deleteකාන්තාවගේ දෘෂ්ඨි කෝණයෙන් ලිව්වට කමක් නැහැ. ඒත් පැතුම් සැබෑ ජීවිතයෙදි කාන්තාවක් වගේ මිතුරන් බයිට් කිරීම නම් හරියි කියලා මම හිතන්නෙ නෑ. යාලුවන්ගේ දෝෂාරෝපණයත්, ඊට පස්සෙ උඹ එක නැවැත්තුව එකත් හොඳයි.
ReplyDelete"සුභ මංගලම්" කියලා පතනවා උඹට. මනමාලි, උඹේ ලිවීමේ හැකියාව දන්න, ඒකට අතහිත දෙන එකියක් වේවා කියලත් පතනවා. එහෙමනම්, ඉතා සොඳුරු සති කීපයකට පසු නැවතත් හමුවෙමු.
තිසරයා නං ලෙසටම දීලා තියෙන්නේ.. +++++++++++++++++++++++++++++
Deleteඔව් තිසා...කට්ටිය කිව්වට පස්සේ මටම හිතුන වැඩේ කැතයි කියලා. එකයි නවත්තලා දැම්මේ.
Deleteසිරාවටම තක්කෙටම කිව්වා අයියේ උඹ, මගේ මනාලි මගේ ලිවීමට අතහිත දෙන මගේ ලඟින්ම ඉන්න ප්‍රර්ථනා කරන කෙනෙක්. ගොඩක් ස්තුතියි ඈ
බැඳි සමුලුවේ සාමාජිකත්වයට සාදරයෙන් පිලිගනිමු !!!
ReplyDeleteහෙහ් හෙහ් ගොඩක් ස්තුතියි සරත් අයියෙ
Deleteලොකු දෙයක් මේ වගේ උන් හිර කරල දාන එක... නැත්නං අනිත් උන් අමාරුවේ දානවා.. හෙක්.. එහෙනං සුභ මංගලම් ලොක්කා...
ReplyDeleteහෙහ් හෙහ් බොලාල හරහටමයි හිතන්නේ නේ....උඹලා සුභ පැතුවට පස්සේ හිනාවෙයි. බලහන්කො බොරුද කියලා
Deleteඅනේ ඉතින් මාත් අනිත් අයගෙන් අහල සොයල බලල ඇඩ් කරගත්තා අලුත් බ්ලොග් කාරියක් කියල හිතාගෙන .
ReplyDeleteඒත් ඉතින් කවුරු එකතු කර ගත්තත් බොහෝ වෙලාවට මම අනුගමනය කරන්නෙ ඔහු හෝ ඇය කතා කරනකම්
මම කතා නොකර ඉන්න එකයි . මෙතනත් කලේ ඒක. මම ඉතින් බලා හිටියා මේ අලුත් යෙහෙලිය අඳුන ගන්න :D
දන්න කියන හැමෝටම කතා කරන්න ගියේ නෑ අප්පා. එතකොට මාට්ටු වෙනවනේ.. ඒක හොඳයි..කතා කරනකම් කතා නොකරන එක, අලුත් යෙහෙළිය දැන් මළවුන් අතර :)
Deleteනව දිවියට සුබ පැතුම් මල්ලී...
ReplyDeleteඅර වැඩේ නම් හරි නෑ කියලයි මටත් හිතෙන්නෙ...
ගොඩක් ස්තුතියි අක්කේ... ඔව් අක්කේ හරි නෑ කියලා හිතුන. ඒකයි නවත්තලා දැම්මේ දුරදිග යන්න කලින්.
Deleteමාත් හදවතින්ම සුබ පතනවා පැතුම් මලයාට...අර අප්සරා ලියනගේ නේද ෆේක් එක, මාත් අහු උනානෙ නෙ ඒකට! :D :D
ReplyDeleteහෙහ් හෙහ් තරහා නෑනේ...? ගොඩක් ස්තුතියි අක්කේ
Deleteතරහ නම් නැ...මං අනේ පව් කෙල්ල කියලා, friend suggestion පවා කළා :P :P
Deleteහෙහ් හෙහ්..අලුත් අයට අත හිත දෙන එක හොඳ දෙයක්නේ ෆා අක්කේ
Deleteහේ හේ මරු වැඩ තමයි කරන්නේ මේ රයිටරයත්..මට ඔය කියන අප්සරාද පැස්බරාද මතක නෑනේ බොල. මගේ එකේ හිටියදවත් කියලා...
ReplyDeleteහේ හේ බදිනවා කියන එක නම් ඉතිං අමූලික ඇත්තක් තමයි...:P:P
හ්ම් හ්ම්ම් ඔයාට රික්වෙස්ට් එකක් එව්වේ නැද්ද කොහෙද අප්පා.
Deleteබඳින කෙනා ඔයා දන්නවනේ බස්ටි අක්කේ.
අනේ මමත් ප්ලෝ කරලද?
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ඔව් ඔව් ගයනි අක්කේ ඔයා ෆලෝ කරාවගේ මතකයි.
Deleteමාත් අහුවුනාද ඇ...? අවුලක් චැට්වලට සෙට්වෙන ඕනෙම එක්කෙනෙක් එක්ක වචනයක් හරි කතාකරන එක යුතුකමක්.
ReplyDeleteනෑ නෑ දයා අයියා අහුවුනේ නෑ..ඔව් කතා කරන්නැතුව ඉන්නකොට මල පනිනවනේ
Deleteමම එක දවසක් අව තමා බ්ලොග් එකට චැට් එකනම් සෙට් වුනේ නැහැ. වැඩ වැඩි කම නිසා. වල් රජා තමා අප්සරා ගැන කිවුවේ.
ReplyDeleteමේ උඹ බඳින්නේ නැහැ කියල හොඳටම දන්නවා. මේකත් උඹේ තවත් කුපාඩි වැඩක් වෙන්න ඇති.
තෝ මැරියන්.
අපොයි බං කසාදෙට කලින් මැරෙන එක හෙන අපරාදයක්නේ..
Deleteමම මැරියන් කිවුවේ උඹට නෙවෙයි බං රොබින් හුඩ් එකේ ඉන්න මැරියන් නාග ගැන.
Deleteලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.
ReplyDeleteජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.
ස්තූතියි,
මම ඔබේ හිතවත් අභීත
බුවහා හා හා !! ඒ ඔයාද?. අපි හොඳටම රැවටුනා.
Deleteහොඳ ලිපියක්. ඔන්න ඔය කරනේ නිසා මගේ ෆේස් බුක් එකේ ඉන්නේ නැදා සනුහරේ විතරයි.
ReplyDeleteඑහෙම සුභ මංගලම් වේවා!!!
මට FB ත් නැහැනේ..:D
Delete
ReplyDeleteයකෝ රහස් රැක්ක උන් ගැන වචනයක් වත් නැහැ
එහෙනම් ඈ ?
(දැන් මේක නොදකින්න මන් තාම දාගෙන රහස් රකිනවා..
හයියෝ සල්ලි ..:D )