Friday, August 5, 2016

වරක් වෙන්ව ගිය පසු




වරක් වෙන්ව ගිය පසු
නැවත වෙන්වීමක් නැත,
එහෙයින් යළි යළිත්
අහිමි වීමක් ගැන
කිසි බියක් නොසිතාම
හිතේ හැටියට ඔබට,
පෙම් කරන්නට
මට හැකිය...

~ අන්කන්ඩිෂනල් රයිටර්~

Wednesday, August 3, 2016

හිත නවතින එකම එක තැන



අතීතය
හරහාම
දිවෙන
එක්තරා
මාවතක
හැමදාම
හිත නවතින
එකම එක
තැනක් ඇත

~ එන්ටෑන්ග්ල්ඩ් රයිටර් ~

Tuesday, August 2, 2016

ඔබේ තද දුඹුරු ඇස්




වහා ඇබ්බැහිවෙන සුළු
ඔබේ තද දුඹුරු ඇස් හා
ස්නේහයෙන්
බැඳෙන්නැයි
බල කළාවූ
ඉතිහාසයක
පැටලී හිඳිමි

~ ඇඩික්ටඩ් රයිටර් ~

Monday, August 1, 2016

මට මා අහිමි වන තැන



ඒ කවි, කතාවල පරිදි
මට මා අහිමි වන
එක්තරා වූ
තැනක් ඇත...

එතැන සිට නුඹ,
හිඳිනා තැනට
සුවිසාල වූ
දුරක් ඇත...

ප්‍රියාවිය,
ජීවිතය නම්,
එහි, නමක් නැති
සමහරක් කවිද ඇත...

~ අන්ක්නෝවුන් රයිටර් ~