හුස්ම ගිලිහෙනා වූ
අවසන් නිමේෂයක,
අංශු කැබලිති වලට
විසිරී,
බිඳෙන්නට
ආත්මය'යැයි කියා
දෙයක් වේනම්,
එකී සියලු අංශු තුල
අතැර දමා
යා නොහිව
ලතවෙනා,
අල්පයක් වූ
නාම මාත්‍රිකයින් අතර
ඔබ
ඉහළින්ම
හිඳිනු ඇත...
අවසන් නිමේෂයක,
අංශු කැබලිති වලට
විසිරී,
බිඳෙන්නට
ආත්මය'යැයි කියා
දෙයක් වේනම්,
එකී සියලු අංශු තුල
අතැර දමා
යා නොහිව
ලතවෙනා,
අල්පයක් වූ
නාම මාත්‍රිකයින් අතර
ඔබ
ඉහළින්ම
හිඳිනු ඇත...
~ ග්‍රීඩි රයිටර් ~
ලේ, ඇටමිදුලු පසා කරගෙන
ReplyDeleteප්‍රේමය
සෛල-න්‍යෂ්ටි ඇතුලටත්
කාන්දු වෙන්ට
දුන්නාම නුඹට,
අනේ මට නිදහසේ මැරෙන්ටවත් නොදෙන හැටි...
මොහොතක්
ReplyDeleteමොහොතක් පාසා
අවැසිනම්
මියැදෙන්නට
හොඳම තැන
ඒතැනයි
ප්‍රේමයක මුල