Friday, April 1, 2016

හිස්ව ගිය අවකාශ





සොඳුර හිස්වූ මේ
අවකාශය තුළට,
ඔබද, මාද,
සෙසු චරිතද,
ඕනෑකමින්
ඇතුලු කර,
බැඳ තබා
"
මේ ආදරය" යැයිද
"
මේ විරහව" යැයිද
"
තව කොතෙකුත්
කරුණු කාරණාද"
බලෙන් සන්නාම
ගත කොට,
ජීවිතය මේ'යැයි
උගනමින්,
විඳවමින් සිටිමු...

~ සෆරින්ග් රයිටර් ~

1 comment:

  1. උඹව ආයෙත් සයිබර් ලෝකේ දකින්න ලැබීම සතුටක් මචන්, උඹේ ආර තමා බන් ගති, හැබැයි උඹේ කතන්දර පොත තම ඉවර නැති බව තම මගේ හැඟීම. ජය මචන්.

    එක එක ප්‍රවර්ග
    නුඹලා තනාගෙන
    ජාති වශයෙන්
    බෙදෙන කල
    මේ හම්බයාය
    මේ කොච්චියාය
    මේ දෙමලාය
    මේ අරුය කියන කල
    ජාතියක් ලෙස
    සිංහලයන්ද
    උන් උන්ම
    මේ රොඩියා ය
    මේ හාලියාය
    මේ බෙරවාය
    වශයෙන්
    තවත් උප කුලක
    තනති සොඳ

    ReplyDelete