Thursday, April 14, 2016

අමානුෂික මෙහෙයුම




ත්‍රස්තවාදී
කැප්පෙටියා අතු
මකුළු ජනපද
සොයා පහර දෙන
අති අමානුෂික වූ
මෙහෙයුමකි,
සාලයේ
වහළ අහසෙහි...

අන්තිම
මොහොතෙදිත්
සටන අත් නොහළ
මකුළු විරුවෙක්
කඳවුරු බඳියි
ටීපෝවක කකුල්
කැබිනට්ටුවට
යාකර...

~ ඩිස්ට්‍රෝයින්ග් රයිටර් ~

4 comments:

  1. විශිෂ්ටයි.. රෝල්ඩ් ඩාල්ගේ මකුළු මෙනෙවිය මතක් වුණා.

    ReplyDelete
  2. වැඩෙි තියෙන්නේ අපේ එවුන් මකුලු දැල් කඩන විදිහට
    වෙන තැනක දැලක් බැදගන්නවත් අන්ඩක් ඉතිරි වෙන්නේ නැති ඒකනේ මේ කාලේ

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. අපූරු නිමැවුමක් රයිටර්

    ReplyDelete