Friday, April 22, 2016

නිහඬව හිඳින්නට



ඇති තරම් කාලයක්
නිහඬව හිඳින්නට
ඔබටද පුළුවන
නුඹ ඇවිත් හිඳ
කොනිත්තා ගිය,
හදවතෙහි තැන්
යලි යලිත් පිරිමැද
පාරවා ගන්නට
එවිට මට පුළුවන

ඉතිරී පිටාරේ යන
ගඟුල් දිය වේලි,
පිපාසෙන්
ජීවිතය අයැදින,
දවස් එක දෙක හෝ
අතරින් පතරද
ජීවිතයකට
උදාවිය යුතුමය

~ ඩ්‍රවුට් ඇෆෙක්ටඩ් රයිටර් ~

3 comments:

  1. // ඉතිරී පිටාරේ යන
    ගඟුල් දිය වේලි,
    පිපාසෙන්
    ජීවිතය අයැදින,
    දවස් එක දෙක හෝ
    අතරින් පතරද
    ජීවිතයකට
    උදාවිය යුතුමය//
    මේ ටික වැදුන නියමෙටම...අපි හොයන්නෙ වසන්තයමනෙ, කෝ එතකොට ජීවිතේට නිමිති, කවි ලියන්න නිමිති...?

    ReplyDelete
    Replies
    1. කවි තමයි මුල ඔක්ක‍ොටම.... කවි ලියන්න ඕන නෑ එතකා‍ෙට

      Delete