Sunday, July 16, 2017

මතක නුවර




මා නොදන්නා
පපුවකට තුරුළුව,
හාදු වරුසාවකට
තෙමි තෙමි,
නම නොදන්නා
නුවරක,

ඔබ යෙහෙන්
සතුටින් ඇති,
මෙ'මතක නුවරින්
නික්ම යා ගත
නොහැකිව,
ඔබ තදින්
අල්වාගෙන
හිඳී තැනක,
විහින් සිරගතවය
මම,

මධාරාවනි පරසතු,
ඔබ එදා ඒ කී පරිදිම,
පිපුණ කුසුමක සුවඳට
ගතු හිමිකම් කියන්නට,
වැදූ බිම් කඩකට
කිසිසෙත් අයිතියක් නැත.

~ හොස්ටේජ්ඩ් රයිටර් ~

2 comments:

  1. ඉතින් තවත්
    ඒ සුවඳම සිත සිත
    තැනෙක සිරවී ගුළිවී
    හිඳුමෙන් පලක් ඇතිවෙද ?

    ජයවේවා!!!

    ReplyDelete
  2. අයිතියක් කුමටද
    උරුම නම් යම් දෙයකට ?
    නොපා දෑතම හකුලා
    උන්නු හින්දා නොවද
    පරවෙන්න බලාගෙන
    තුරුළු පැතුවේ
    වෙන උරෙක ?

    දැන් ඉතින් බලා සිටිය යුතු
    උඹට හිමි
    ආදර ගීත - පාවෙන අයුරු ,
    හාදු වැසි - කොපුල් පැහැකරන'යුරු
    වලාකුල් වල පැටලී !

    ReplyDelete