Sunday, July 9, 2017

පහන් ටැඹ




මෙපමණක් යැයි
කිව නොහැකි,
ප්‍රභාලෝකය
විහිදෙන,
'පෙම්
පහන් ටැඹ
අතහැර,
නික්ම යයි නම් හෙට
මේ කොදෙව්වෙන්
ඔබ,

ඉදින් මින්මතු දිනක,
බලා වැළපෙනු
පිණිස වුව,
නන්නාදුනන
අහසක,
නම් කළ යුතුද අප,
අප නමින්
දිලෙන්නට,
කිසිදු තරුවකුදු
අද..!

~ ප්‍රරඩික්ටඩ් රයිටර් ~

1 comment: