Monday, July 17, 2017

විශ්වයෙහි ඔබගේ "පැවතීම"



මහ රෑ දෙගොඩ මැද,
මනසාලින්දයට
සපැමිණ,
රහසින් රඟයි ඔබ
නුරා නූපුර
රැඟුම් රංගන,

පසුදා රැය පහන්වී,
බොහෝ දවසක්
ඉක්මුනද,
දෑසින් මකාලිය
නොහැක්කකි,
ප්‍රිය ඔබේ රුව,

විශ්වයෙහි
ඔබගේ "පැවතීම",
රහසිගත රහසක්ව,
ලොවෙන් සඟවාලීමට
සිදුවීම,
අතිශය වෙහෙසකර
කටයුත්තක්ය,
දැන් දැන් මට,

~ ටයර්ඩ් රයිටර් ~

No comments:

Post a Comment