කොයි තරම් නම්
නෑ කීවද,
බක පණ්ඩිතයි නුඹ,
කී කිසි දෙයක් නාහන,
ඇඟිල්ලක්
කපාගෙන අද,
නෑ කීවද,
බක පණ්ඩිතයි නුඹ,
කී කිසි දෙයක් නාහන,
ඇඟිල්ලක්
කපාගෙන අද,
වැටෙන්නට
නොදී රැකගත්
කඳුළු ගුලි ඇහැ අග,
හැඬුම් ආයාසයෙන්
වැළකුව
මට පෙනෙයි
සැසැලෙන දෙතොලද,
නොදී රැකගත්
කඳුළු ගුලි ඇහැ අග,
හැඬුම් ආයාසයෙන්
වැළකුව
මට පෙනෙයි
සැසැලෙන දෙතොලද,
ඔව් ඉතිං ඔබ
චණ්ඩි කෙල්ලක්...!
චණ්ඩි කෙල්ලක්...!
වහා දිව පැන
ඔබේ අත ගෙන,
උරා දෙතොලින්
විෂ නසන සඳ,
ඔබේ අත ගෙන,
උරා දෙතොලින්
විෂ නසන සඳ,
සිහින් හුස්මක්
එකවර
ඉකියකට පෙරළෙයි,
ඉකියකට පෙරළෙයි,
ඇසිල්ලට පෙර
පෑ චණ්ඩිකම්,
ඔබටද අමතකයි,
මහ හඬින්
ඉකිලයි...!
නාඩන්න සුදු
දැන්,
සියලු ඇට්ටර
දඩබ්බරකම් මැඩ,
ඔබ සතැපවිය හැකි
උරහිසක් මා සතු වෙයි..
සියලු ඇට්ටර
දඩබ්බරකම් මැඩ,
ඔබ සතැපවිය හැකි
උරහිසක් මා සතු වෙයි..
~ බිලව්ඩ් රයිටර් ~
මෙහෙමත් ලියනවද මට කවි හැබෑටම??????????????????????????????????????
ReplyDeleteඅනුන්ට ලියූූ කවි තමන්ගේ කරනොගෙන විඳවීම අතහරිනු
Deleteඑහෙම වෙන්නේ කොහොමද ? හුහ්.. මේක අයිති මට! කට වහගෙන හිටු!!!
Deleteබුහාහාහාහ්හා ! හැබෑට ?
Deleteconsoling writer
ReplyDeleteYes !!!
Deleteකා ගැනද ලිව්වේ?
ReplyDeleteෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ් ! එයා එයා !
Delete