Sunday, January 22, 2012

මට හිතුනේ මෙහෙමයි.

 මේක නම් මට හිතුන දෙයක්.
 
මම weekend  එකේ ගෙදර යද්දී තමා මේ සීන් එක වුනේ හොඳේ. කොළඹ ඉඳන් 57km  ඇවිත් යන වෙලාවම යනවා ඉතුරු 2km  යන්න. ඔය වෙලාවට තමයි බස් එකේ ඩ්‍රයිවර් එක්ක කෙළගන්න හිතෙන්නේ සින්දු කියන්න හිතෙන්නේ. [අනේ මගේ කට].
ඔන්න ඉතින් වෙලාව උදේ 8.15 ට ඇති.  මේ අහිංසක කොල්ලගේ බලාපොරොත්තු මල් පල ගැන්විලා ඉහේ මල පිපෙන සීන් එක උනේ මෙන්න මේ හෝරාවේදී. වෙන මොන මගුලක් වත් නෙමෙයි. private  බස්  කට්ටක් ස්ටෑන්ඩ් එකට අවා.. හොඳවයින් ඔක්ෂිජන් ටිකක් මගේ පෙනහළු වලට පුරෝගෙන නැග්ග බස් එකට. 8.20 යි වෙලාව, තවම එතනමයි. 8.35 යි. තවම එතන. අනේ ඉතින් 8.40 ට තමා ඩ්‍රයිවර්ට අක්සිලේටර පොල්ල  පාගන්න මතක් වුනේ. මම හිතුව අනේ මු අපි ගැන හිතල මේක කොරා කියල.   මොන........! පිටිපස්සෙන් ලංගමයක් දුම් දාගෙන එනවා. සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියනවා කියල 9 වසරේදී ඉගෙන ගත්ත දේ ඇස් පනාපිටම ගම්‍ය වුණා. [බර වැඩිද මන්ද] 
ප්‍රයිවට් බස් එක හැටට හැටේ එනවා.  දැන් මෙහෙම යන අතරමගදී සිරිතක් වශයෙන් මේ ගොල්ලෝ කවුරුත් මග තියන දේවාලෙට පඬුරක් දාල දෙවියන්ගෙන් ආශීර්වාදය හෙම අරන් තමයි  යන්නේ. බස් ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා ඇරුනම ගොඩක් බෞද්ධයෝ මේ සිරිත කරන්න පුරුදු වෙලා ඉන්නවා.... ඇත්තටම එහෙම කලාම දෙවියන්ගේ ආශීර්වාදය ලැබෙනවා කියන එක කවුරුත් දන්නවා.
 
දැන් සීන් කොන් එක මේකයි.
 
මම යමින් හිටපු බස් එකත් "බ්රාස්" ගාල බ්රේක් පාරක් ගැහුවා,, දේවාලේ ළඟ පිං කැටේ ගාව.  කොන්දා [අපි මෙහෙම කියමු ආදරේට,,, කොන්දොස්තර නම දිග වැඩි හන්ද නෙමෙයි] දඩි බිඩි ගාල බස් එකෙන් පැන්නා. දුවල ගියා පිං කැටේ ලඟට,.. සෙරෙප්පු දෙක  බාගෙට ගලවාගෙන [ඊට වඩා හොඳයි සෙරෙප්පු දාලම ගියා නම්,] සාකුවෙන් කාසියක් අරන් පිං කැටේට දාල පට පට ගාල තුන් පාරක් වැඳලා ඒ වෙනකොට ටික දුරක් ගිහින් තිබුන බස් එකේ ආයේ එල්ලිලා සුපුරුදු කාරිය පටන් ගත්තා.
 
ඇත්තමයි මට නම් මේ සීන් එක දැකපුහම මෙහෙම එකක් මතක් වුණා..
 
මට නිකමට හිතුන අනේ දැන් මේ කොන්දා මොනවා ප්‍රර්ථනා කරන්න ඇත්ද පඬුර දාල කියල...
 
මට හිතුනේ මෙහෙමයි.
 
"අනේ දෙවියනේ වැඳ වැඳ ඉන්න වෙලාවක් නෑ... පිටි පස්සෙන් ලංගමේ එනවා.. පරක්කු වුනොත් අද ට්‍රිප් එකෙන් වැඩක් නෑ.. ඒක  හන්ද මට පට පට ගාල මේ පඬුර වෙනුවෙන් පිහිට වෙලා  ආශීර්වාදය දීල ඉස්සරහින් නගින්න ඉන්න ලංගමේ කෑලි ටිකත්  මේ බස් එකටම සෙට් වේවා........."
 
මට නෙවෙයි මේක දකින ඕන කෙනකුට එහෙම හිතෙන එකත් හිතෙනවා. ඒක මට ෂුවර්..
 
අනේ ඉතින් .... ජීවන තරඟය....මෙහෙන් මිනිස් ජීවිත... අරෙහෙන්  සදාචාරය මේ ඔක්කොම එකකට එකක් අනුගත වෙන දිනයක් නම් කවදා එයිද ?
 
අන්න එදාට ඔබෙත් මගෙත් රටෙත් අනාගතේ සුපිරිම සුපිරි වෙයි     
මම නොදැක්කට ඕවගේ දේවල් තව රටේ කොතනත් වෙනවා.
 
පඬුරක් නොදා හිතින් හිතුවත් ඇති පිහිට ලැබෙන්න කියල [ පඬුරු නොදැම්මට දෙවියෝ තරහ වෙන්නේ නෑ]

මෙහෙම කරද්දී ලැබෙන ආශීර්වාදෙත් නොලැබෙන ඒක අහන්නත් දෙයක්ද. ?
 
හිතන්න දේවල් ගොඩයි. ඉතින්  හිත හිත ඉන්නකෝ

3 comments:

  1. Replies
    1. ඇයි... කියවලා කියවලා මහන්සිද?

      Delete
  2. නෑ නෑ... එහෙම නෙමෙයි.. දෙයියනේ මෙන්න මේ රුපියල් පහ තියාගන්න. මං ඊලඟ ටර්න් එකට එනකොට ඉල්ලන්න තියෙන ඒව ඉල්ලන්නම්කෝ.. දැං අරූ එනවා. ඊට කලින් යන්න ඕනෙ.

    ReplyDelete