පැය ගානක් බඩකින්නේ ඉඳලාම බුරිය පිටකොන්දට ඇලිලා. අජපල් අවුරුදු නැකත් හදපු උත්තමයගේ ආච්චිගේ චීත්තෙ මතක් කර කර මම කුස්සියට ආවේ ජයග්‍රාහී එකොලොස් වෙනි වතුර කෝප්පෙ ගහලා මුං කැවුමක් හරි බිබික්කමක් බඩට දාගන්න. ඒත් අන්තිමට, මටම ඒ උත්තමයා ගැන පව් කියලා හිතුනේ, හත්වලාමේ දැන් මේ මං වගේම පීචන් ඩයල් කීදාහක් ඔය මනුස්සයට බනිනව ඇත්ද කියලා හිතුන හින්දා. බොහොම අමාරුවෙන් උන්දැට යදින එක නවත්තල, කැවුම කාලා වතුර ටික බිව්වේ ලබන අවුරුද්දෙත් නැකත් පත්තරේ හදන්න උන්දෑ ජීවත් වෙලා ඉන්න ඕනි හන්දා.
ආහාර දෙසාබෑමේ නැකත් වෙලාව උදා වෙන්න දැන් ඔන්න මෙන්න. අපේ ගෙදර බිත්තියේ පණ ඇද ඇද දුවන ඔරලෝසුවේ, හුචක්කු විනාඩි කට්ටට අනුව නම් හරියටම තව තප්පර තිහයි. මම ගිනිපෙල්ලක් පත්තු කරගෙන, අවුරුද්දේ නැකත් ගානට එක ගානේ ගෙනාපු රතිඤ්ඤා හතෙන් ඉතුරු වුන හතරවෙනි එක අරගෙන මිදුලට බැස්සේ දුප්පත්කම හිත මැද දරාගෙන, කඳුළු පිරුණු ඇස් දෙක, කලිසම් වාටියේ අතුල්ලන ගමන්. කඳුළු පිහින්න ගිහින් තව පොඩ්ඩෙන් ඇහි පිහාට්ට කලිසමේ සිප් එකේ පැටලෙනවා. හරියටම තප්පරේට රතිඤ්ඤා කරල පත්තු කරලා මිදුලට දාලා පැත්ත නොබලා ගේ ඇතුලට දිව්වේ, "මාව කාපන්, මාව කාපන් කියන්නැහැ" බැබලි බැබලි තිබ්බ කිරිබත් පිඟානටයි හත්මාලුවටයි බැටේ දෙන්න.
දුවලා ගිහින් කිරිබත් පිඟාන අතට ගන්නවත් එක්කම රතිඤ්ඤා කරල පත්තු වුනා ඇහුණා. ඒත් දෙයියනේ, ආච්චිට හාල් ගරන්ඩ, මේ ඇහෙන නවතින්නැති සද්දේ නම් එන්නේ පත්තු වුන රතිඤ්ඤා කරලේ දෝංකාරෙවත්, අල්ලපු ගෙවල්වල රතිඤ්ඤා සද්දෙවත් නෙමෙයි කියලා මට ලාවට ලාවට සෙන්ටිමෙන්ටල් වෙනකොට, මෙන්න බොලේ අපේ ආච්චි චීත්තෙ කැහැපොට ගහගෙන කාටද දෙස් දෙවොල් තියනවා. මමත් නිකමට වගේ හොම්බ දාලා බැලින්නම් මිදුලේ වනලා දාපු ආච්චිගේ පරණ චීත්තයක් රැල් රැල් වෙලා ශැල්ලඩේ වගේ. ආච්චි සුන්බුන් වෙච්ච කඩමාල්ල දිහා බල බල, රතිඤ්ඤ දාපු එකාගේ අම්මා මුත්තා මතක් කර කර බනිනවා.... බනිනවා, අම්බානක කිබුහුම් යවනවා..... බනිනවා...අම්බානක කිබුහුම් යවනවා. මං ආච්චිගේම මුනුපුරා වෙච්චි කොට, උන්දැට කිබුහිම් නොගියොත්නේ පුදුමේ.
මම කාලා අත හෝදනවත් එක්කම රම්බාගේ ගෙවල් දිහායින් හෙන සද්දෙට රතිඤ්ඤා වැලක් පත්තු වෙන සද්දේ ආවා. මං හිතන්නේ උන්ට තක්කෙටම නැකත ලැබුවේ දැන්. එතකොටම මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා.
""Machan, raitar weri butiful niw iyar....aaaa..! gedara oralosuwe batari bahala ban, welawa yanawaa horayi. alam eka wadune na...ithin uyanna parakku una." (මචං රයිටර්, වෙරි බිව්ටිෆුල් නිව් ඉයර් ඈ.. ගෙදර ඔරලෝසුවේ බැට්රි බැහැලා බං, වෙලාව යනවා හොරයි. එලාම් එක වැදුනේ නෑ..ඉතිං උයන්න පරක්කු වුනා. "
මමත් හා හපුරා කියලා අවුරුද්දට වැඩ ඇල්ලුවේ, ඌ එවපු බ්‍රොන්කයිටිස් මැසේජ් එක සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා. අනේ ඉතිං මේ දුක මම කාට කියන්නද. ඉතුරු වෙලා තියන රතිඤ්ඤයක් කටේ පත්තුකරගෙන මැරෙනවා මිසක්.
--------------------------------------------------------------------------------------------------------
පහුවදාම අපේ ගෙදර උදවිය පුංචි අම්මලාගේ දිහා නෑගම් යන්ඩ කියලා පාරට බැස්සා. අරං යන්ඩය කියලා විශේෂ දෙයක් නැතිකොට, ඉතුරුවෙච්ච කැවුම් කොකිස් ටික කාඩ් බෝඩ් පෙට්ටිවලට දාල අලුත්ම අලුත් ගිෆ්ට් ව්රැප් කොළවලින් ඔතමු කියලා යෝජනාව දැම්මේ අපේ අක්කා. අම්මාපා මට ජීවිතේ පලවෙනි වතාවට එක කුසේ උපන් සහෝදරිය ගැන මහා පුදුම ආඩම්බරයක් වගේ එකක් ඇති වුනා. කොහොම කොහොම හරි රෙදි කඩාගෙන, සෙරෙප්පු කඩාගෙන, දාඩිය පෙරාගෙන බරට බරේ උස්සන් එන අපේ නෑදෑ පිරිවර දැකලා පුංචිගේ නිකට බෙල්ලේ. අපරාදේ කියන්ඩ බෑ සිරියාවන්ත හිනාව. ඒ ටිකම මදැයි මහන්සිය මැකිලා යන්ඩ. අපි බරට බරේ ගෙනාපු තෑගී පාර්සල් ලිහනකොට තමයි පුංචිට බඩ යන්නේ දෙපිටින්. අවුලක් නෑ ඉතින් ආයේ මෙහෙ එන්නේ ලබන අවුරුද්දටනේ.
මං ගෙට ගොඩ වෙනකොටම බාප්පා මං දිහා හෙන පජාත ටයිප් බැල්මකින් බැලුවා.
"පුතාද අර ඉන්ටොනෙට් එකේද මොකේද ලියනවා කිව්වේ, අපේ කෙල්ල කියනවා මම අහගෙන"
මම එකපාරට ගෙටවෙච්ච ලමිස්සියක් වගේ ඇඹරි ඇඹරි සුලඟිල්ල කටේ දාගෙන , "ඔ..ඔ...ඔව් බාප්පේ..මම තමයි" කියලා, යටිබඩට දැනිච්ච මෙව්වා එක දරාගෙන කිව්වා.
"හොඳයි හොඳයි..හැබෑටම කොහෙද ඔය ඉන්ටෝනෙට් එක තියෙන්නේ..ආඩම්බරයි ආඩම්බරයි පුතේ...ලියවන පට්ටලේක රස්සාවක් හොයා ගන්න එකත් අද කාලේ හැටියට ලේසි පහසු දෙයක් නෙමෙයිනෙව..?" බාප්පා කින්ඩියට හිනා වෙනවා මම දැක්කා. අනේ වලාමේ...මේවගේ උතුම් නෑදෑයෝ ලබන්ඩ මම ගිය ආත්මේ කොහොම පිනක් කරන්න ඇත්ද...?
අවුරුද්දේ කියලා බලන් නැතුව, බාප්පා ඇඳන් උන්නු සරම ඔලුවෙන් ගලවලා උගේ බෙල්ල වටේම ඔතලා හොම්බට දෙකක් ඇනලා පැනලා දුවන සයිස් කේන්තියක් මට ආව. උගේ හිතේ මම ලියවන පට්ටලෙක වැඩ කරනවා කියලා. කවදා හරි, ඔව් කවදා හරි, ලංකාවේ පත්තරේක එඩිටර් කෙනෙක් අහම්බෙන්වත් මගේ බ්ලොග් කට්ට කියවලා දුක හිතිලා මට පත්තරේට ලියන්න කතා කරනකම් මම බලාගෙන ඉන්නවා. මු ඉඳගෙන ආච්චිගේ චීත්තෙ මල් ගණන් කරනවා.
එතන මගෑරලා මම කුස්සිය පැත්තට ගියා නිකමට වගේ. නිකමට කිව්වට එහෙමටමත් නෙමෙයි. පුංචිගේ හුරතල් නංගිලා දෙන්නා කොයි කියලා බලන්න. අපේ කට්ටියම කුස්සියේ තැන තැන ඉඳගෙන තේ පැන් සංග්‍රහය භුක්ති විඳිනවා. අපේ ආච්චි කුස්සියේ තියන නා නාප්‍රකාර සුකුරුත්තම් අල්ල අල්ල බල බල, පුංචි එක්ක දබ කයිවාරුවේ.
"මේක ගත්තේ කොහෙන්ද දුවේ..?"
"අහවල් දිහායින් නැන්දම්මේ"
"එතකොට මේක ගත්තේ කොහෙන්ද දුවේ"
"ආ ඕක අහවල් එකට එහා අහවල් එකෙන් නැන්දම්මේ"
"ඈ දුවේ..හරි අපුරූ තේ මඩිය..,මං මේ කල්පනා කලේ මම මේවගේ පාට එකක් කොයිදී හරි දැක්කා වගේ..මේක ගත්තේ කොයින්ද දුවේ...?"
"ආ දන්නැද්ද...ඉතින් ඔය අපේ එක්කෙනාගේ වැඩනේ නැන්දම්මේ..එයා ගෙදර ඕක හැදුවේ..ඕකේ අනික් එක වැලේ වනලා ඇති ඕන්."
"වැලේ...ඒ මොකෝ දුවේ මඩිය වැලේ වනන්නේ..?" ආච්චිට සැකේ හින්දමද කොහෙද අහපි.
"නෑ නෑ මඩිය නෙමෙයි...නැන්දම්මා දැක්කයි කිව්ව අනික් එක" අපේ කුතුහලේ ඩබල් ට්‍රිබල්, ෆ්රෝබල් කරලා පුංචි කියපි. අපේ අක්කා තේ කෝප්පේ හපාගෙන කතාව අහගෙන.
ඔය අස්සේ කැහිල්ලට වගේ මමත් නිකමට වගේ ජනේලෙන් හොම්බ දාල බැලුවා රෙදි වැල දිහා. කාලා වරෙන්කො කැකිරි කිව්වලු..රෙදි වැල මැද මහා තේජසින් වැජඹී වැජඹී තිබුන දේ දැකලා මට ඔක්කාරෙට ඇවිත් ඔලුව කැරකෙන්න ගත්තා. මයිසුර් විතරක් ඈ පරිප්පු කියන්නේ කියලා මම ආපහු කතාව පැත්තට හැරුනේ, ඒක නම් කොහොමටවත් වෙන්න බැරි හින්දා.
"මේ අලුත් අවුරුද්දට දුවලා දෙන්නට පොලෙන් අන්ඩර්පෑන්ට්ස් දෙකක් අරං ආවා.. ඇඳලා බැලින්නම් ලොකුදුවට මදි.... ඉතිං ආපහු ගිහින් දෙන්න යෑ.... අහක දාන්නේ මොකටද.. සල්ලිනෙ.. අපරාදෙනේ... නැද්ද හා..... අපේ එක්කෙනා එකෙන් මඩියක් හැදුවා.... අපරාදේ කියන්න බෑ.... යස අගේට පෙරෙනවා" පුංචි හෙන උජාරුවෙන් කියපි.
අක්කට බිබී හිටපු තේ උගුර ඉස්පොල්ලේ ගියෙත්, අපේ ආච්චි පපුව අල්ලාගෙන බිම ඉඳ ගත්තෙත්, මගේ කකුල් දෙක පණ නැතිවුනෙත් හරියටම එකම තප්පරේදී කියලා, කලන්තේ හැදිලා ඇහැ පියවෙන්න තප්පරේට කලින් හින්තේරුවටම මම දැක්කා.

ෆුටාම ෆුටා ඌයි..:D
ReplyDeleteහාහ් හාහ් හා
Deleteඑයෑක්කා.. :/
ReplyDeleteඕනෑම බ්ලොගයක ඇති ඕනෑම ලිපියකට ඔබ කමෙන්ට් දැමිය යුත්තේ ඔබගේ බ්ලොගයට පෙරළා කමෙන්ට් ලබාගැනීම සඳහා නොව....ඕනෑම බ්ලොගයක ඇති ඕනෑම ලියවිල්ලක් ගැන ඔබේ හිතට දැනෙන සිරා හැඟීම ඔහුට/ ඇයට පැවසීමටය..!!
Delete(රයිටර්)
මම බොලාගේ බ්ලොග් එකේ කැමතිම මේ මේකට..!!
ඇක්කා..!
Deleteඑහෙනම් හැමදාම ඇවිත් ඔය ටික විතරක් කියව කියව හිටු.
ඉයැක්ක
Deleteයකෝ චූ බිව්වා හා සමානයි... මැරියං මැරියං උඹ බීලා :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඉද්දකින් බං රයිටර් ආයේ එහෙ පස් පාන්නේ නෑ
Deleteපුටුවෙනුත් පෙරලුනා බං අන්තිම ටික කියෙව්වහම... රහට තියෙන්නේ ඇති නේ!
ReplyDeleteහාහ් හාහ් හා..
Deleteචිකෙයියා බං
එහෙම තමයි හැදෙන මිනිස්සු....
ReplyDelete(හිතට ආව අනිත් ටික කීමට නොහැක)
Deleteඅරපිරිමැස්ම හා මෙව්වා එක.
Deleteහා හා ඒ ටික මම හිතා ගන්නම්කො ඈ
උඹ නං සුපිරි ලියන්නෙක් බං :D :D
ReplyDeleteහාහ් හාහ් හා (ඇක්කා කතා)
Deleteඅනේ..අනේ...
ReplyDeleteහා හා හා හා
Deleteඋඹලා එතකොට ජන්ගියකින් තේ පෙරලා බිව්වා ඈ? රහයිද බන්?
ReplyDeleteපිස්සුද බං බොට
Deleteගූ කතාවක්. කිසි ගතියක් නෑ. කවදාවත් කවුරුවත් නොකරන විස්වාස කල නොහැකි දෙයක් නිසා කතාව කුජීතයි.
ReplyDeleteකවුරුවත් කවදාවත් විස්වාස නොකරන දේවලුත් ඉඳහිට වෙනවා කියලා මම හෙන විශ්වාසෙන් කිව්වොත් මචං
Deleteමහාචාර්ය නන්දසේන රත්නපාල මහත්මයා ලියපු ලිපි දෙක තුනක් කියවන්න ඇනෝ.
Deleteනොදකිං වල් රයිටරයා. උඹ කරපු විදියට කලිසං වාටියේ කඳුලු පිහින්න පුලුවන්ද බලන්න ගිහින් කොන්දත් ඇදුනා,
ReplyDeleteහිනා කාලා මැරෙනවා ඕයෙ ආච්චි බැණගෙන තමන්ටම කිඹුහුම් යනකොට. කොච්චර වුනත් හැදිච්ච ආච්චි කෙනෙක්. නැතිනම් කිඹුහුම්යන්නේ ආච්චිගේ දුවට හරි ලේලිට හරි.
බ්‍රොන්කයිටිස් මැසේජ් එක විස්තර කරපංකො පොඩ්ඩක්.
ඔන්න උඹෙන් තමයි ෆ්‍රොබල් කියන වචනෙ ඉගෙන ගත්තේ රයිටර්.
හප්පට සිලි. අනිත් ජාතියේ එව්වා ගෙනාව නම් මඩි දෙකක්ම හදාවි.
හාහ් හා හා එව්වා දන්නේ නෑ ඩුඩ් අයියේ. උඹ මක්කටෙයි කොරලා බලන්ඩ ගියේ
Deleteආච්චි දන්නේ නෑනේ ඒ අලුකුත්තේරු වැඩේ කලේ කවුද කියලා. හෙහ් හෙහ් හෙහ්
අර මං යටින් සිංහලෙන් දාලා තියෙන්නේ ඒ මැසේජ් එක තමයි බං අයියේ
හා හා..හා යේ...යේ රයිටර් විසින් ඩුඩ් සර්ටත් ඉංග්‍රීසි උගන්වන ලදී
ඔහෙප්පලයන් අන්න දවසේ කතාව...
එල ඩූඩ්, හැඩේ එහෙමත් තියන නිසා පටි කපල ගන්න විතරයි තියෙන්නේ.
Deleteහෙහ් හෙහ්.. තිසා අයියත් ඩුඩ් අයියගේම පලුවක් වගේ
Deleteකම්බි රාමුව තියෙන එව්වත් තියෙන්නෙ, තිසර. උඹ මාත් එක්ක තරහ නොවෙනවා නම් රහසක් කියන්නද පහත් හඬින්?
Deleteඔන්න පහත් හඬින්(උඹේ නම කියවන ගානේ මට මතක් වෙන්නේ ඔන්න ඕවා එකක් බං) end of secret. :D
පැතුම්, මම අර මෙසේජ් එක දැක්කා. බ්‍රොන්කයිටිස් මෙසේජ් කියන යෙදුම ගැන ඇහුවේ. ඒකත් උඹ ඔය ෆ්‍රොබල් වගේ නිර්මානය කරපු එකක්ද?
හප්පා ඩුඩ් අයියේ..කම්බි තියන එව්වත් තියනවෙයි...?
Deleteහෙහ් හෙහ්...අයියෝ තිසර කිව්වලු. හාහ් හා හා...
බ්‍රොන්කයිටිස් කියන්නේ අසනීපයක් නේද ඩුඩ් අයියේ..නිකන් ලියාගෙන ලියාගෙන යනකොට කටට ආව එකක්නෙව. :)
තිසරට දන්වලා යවන්න වෙයිද මන්දා? :D
Deleteබ්‍රොන්කයිටිස් කියන්නේ ස්වසන පද්ධතියෙ අසනීපයක්. කැස්ස හෙම හැදෙනවා. මම කිව්වේ ඒක උඹ මෙසේජ් එකට යොදාගෙන තියෙන ලස්සන ගැනයි.
ඇත්තටම පැතුම්, තිසර කිව්වාම උඹට මතක් වෙන්නේ මොකක්ද? උත්තර දෙන්න අකමැතිනම් ඕන් නෑ.
යැව්වොත් නරකමත් නෑ නේ ? අපි දෙන්නා (විශේෂයෙන් බොලා) මෙතන උන්දැට මඩ ගහන්න බලාගෙන ඉන්නවා කියලා දැනගත්තොත් ආයේ මෙහෙ එන එකකුත් නැති වෙයිද දන්නේ නෑ...!
Deleteමට මතක් වෙන්නෙත් ඉතින් උඹට මතක් වෙන, අර වටේට කම්බි තියනවයි කිව්ව එව්වයින් වහන ගෝලාකාර, වටකුරු එව්වා තමයි
මට මේකෙන් පේන්නෙ උඹලා අම්බානට සාහිත්‍යයට ලැදි පොරවල් කියලා... මොකද මගේ නම ඕකට සම්බන්ධවෙන්නේ තරමක දුරින්... තිසර කියන්නේ හංසයින්ටනේ.. හංසයෝ උපමා කරලා තියන එකනේ දැන් උඹලට මතක් වෙන්නේ. මගේ නම ඇසූ සැණින් හංසයන්ව මතක් නොවී කෙලින්ම වටකුරු ඒවා මතක් වෙන්නේ පට්ට සාහිත්‍යකාරයන්ට කියන එකයි මගේ අදහස.
Deleteමම කොහෙ හරි කොමෙන්ටුවක් කෙටුවා මතකයි සැලළිහිණි සංදේශය ඉස්කෝලෙ උගන්නන කාලේ මට සිද්ධ වෙච්ච අකරතැබ්බ "නිසි පුළුලුකුල රියසක'යුරු තිසර තන" කියන කවි පදය හින්දා.
කම්බි දාපුවා, නැති ඒවා ඇති කරලා පෙන්නන ඒවා, උරිස් පටි ඇති නැති, ඉහලට උස්සා තබන, අලවන මෙකී නොකී තව චතුස්කෝටියක් වර්ග 'තිසරපට' තියනවා.
හෙන්රි.. තිසරණ කිව්වහම උඹට මොනවැයි මතක් වෙන්නේ?
තවත් ප්‍රශ්නයක්... මට බයේ බෑ දැන් මගෙ නම දැක්කහම මතක් වෙන්නේ ඒවා නම්, ඒවා දැක්කහමත් උඹට මාව මතක්වෙයිද කියලා... :)
DeleteUP 8 උඩු අන්න ලොවෙත් නැති ප්‍රශ්නේ හාහ් හාහ් හා..!!!
Deleteඅපි සාහිත්‍යයට ලැදි තමයි බං.
Deleteඅනේ ඒ කතාව ආයිම දාපංකො තිසර. අර සැලළිහිණි සංදේශ කතාව.
තිසරණ කිව්වාම නේ? උඹ එහෙම අහන්න කලින් මතක් වෙවී තිබ්බ ඩිෆෝල්ට් එක නෙවෙයි දැන් මතක් වෙන්නේ, බලාපං උඹත් කරන වැඩ!
හුටා, අර කිව්වා වගේ එහෙමත් වෙන්න බැරි කමක් නෑ තමයි දැන්. ආඩම්බර වෙයං. :D
මල්ලි මේ දවස් වල ක්ෂය රෝගේ හැම තැනම. පරිස්සමින් තේ බීපන්. :P . ජය...!
ReplyDeleteඅඩේ අයියේ තේ කොළ වලින් ක්‍ෂය රෝගය බෝවෙනවද ඈ..? තේ බොන්නත් බයයි දැන් නම්
Deleteඉළ ඇදෙනව බං හිනාවෙලා...උඹත් රසකර කර ජංගියෙන් පෙරපු තේ බිව්වා ඈ...
ReplyDeleteඅගේට පෙරෙනවා නේද බං
හාහ් හාහ් හා :)
Deleteඅර මඩියෙන් හොදට තේ පෙරෙනවද දන්නේ නෑ නේ බං.. සිරා බං උඹනම්..
ReplyDeleteඇයි අපේ පුංචිම කීවේ යස අගේට පෙරෙනවා කියලා හෙහ් හෙහ් හෙහ්
Deleteසිහ්...හොඳ වෙලාවට මම තේ බොන්නෑ :)
ReplyDeleteහෙහ් හෙහ් කොහෙවත් ගිහින් දැන් කොහොමෙයි තේ බොන උදවියත් තේ බොන්නේ
Deleteශා.... අරපිරිමැස්මෙන් ජීවත් වෙන මිනිස්සු :)
ReplyDeleteකිව්වත් වගේ ඕක මට තේ බොනකොට මතක් වෙලා තේක අනිත් පැත්තට රිවස් වෙන එකක් නෑ දෙයියනේ කියල මන් තේ බොන්නේ නැති නිසා .... හිකිස් ;)
අරපිරිමැස්ම...!! තේ කෝප්පේ පස්සට රිවස් වෙන්නේ නැති වේවා
Deleteහෙන රහයිද....
ReplyDeleteඉද්දකින් බොල
Deletehik ...maru wade
ReplyDeleteහාහ් හාහ් හා
Deleteහෆොයි බොට හොඳ වැඩේ හුරතල් නංගිල ඉන්න ගෙවල්වලිං තේ බොන්න යනවට.
ReplyDeleteමේක ලියන එක ලියවනපට්ටලේකට වඩා අන්තයි බං.
ආයෙත් අහලා...පට්ටලේ වැඩකරන එක ලේසියි බං අයියේ
Deleteහපොයි හපොයි...මේ රයිටර්ට වෙන්නෙ ඔහොම වැඩමනේ :D
ReplyDeleteහාහ් හා මටමනේ වෙන්නේ, නිකන් හරියට මේ ලෝකේ ඉන්නේ මං විතරයි වගේ
Deleteඑළ බන් හිනාව නවත්තගන්න බැහැ මට ..නියමයි...
ReplyDeleteහික්ස් හාහ්හ් හාහ් හොහ්
Deleteඊඊඊඊඊඊඊඊ...ක්කාකාකාකාකා............ මෙයා රස කර කර බොන්න ඇති.... ඕක්.....
ReplyDeleteකලන්තේ හැදෙන්නේ රස හින්දා තමයි හෙහ් හෙහ් හෙහ්
Deleteඉඩකින් උඹ දන්නැද්ද ගෙම්බො මේ වැඩ කරන ගමන් හිනා උනාම මේකෙ ඉන්න උන් එක්කො මාව අයින් කරනවා නැත්නම් පිස්සන් කොටුවට ගෙනියනවා කියලා...
ReplyDeleteහාහ් හා ඔතනින් අයින් කලොත් තමයි අවුල..!! කොහොමත් ඉතින් පිස්සන් කොටුවේ ක්ලින්ක් එකට මාසයක් ගානේ යන නිසා ඒක නම් අවුලක් නෑ.. :D :D :D :D
Deleteසතියක් විතර පාවිච්චි කරල මඩිය හදන්න තිබ්බෙ !
ReplyDeleteඈක්කා යකෝ !!
හාහ් හාහ් හා...එක දවසක් ඇඳලා බලලා හැබැයි...
Deleteඔඕඈඇක්
චික් මූ නම් හදන්න බැරි මහ ජරා එකෙක්.. මටත් තේ එපා උනා..
ReplyDeleteහාහ් හාහ් හා...අපි දන්නේ නෑ ඔව්ව ඈ..
Deleteහපොයි දැන් ඉතින් තේ බීලත් හමාරයි!!
ReplyDeleteමට බනින්න එපා ඈ. මම නෑ ඔව්වට
Deleteඅනේ, පුතේ :D විලි ලැජ්ජාවේ සන්තෝස යි මට නං. අවුරුද්දට ගිය හැම ගෙදරකින් ම තේ කෝප්පයක් නං වැරදුනේ නැහැ.
ReplyDeleteහාහ් හා හා...කාටද කියන්න බැරි ඒ එක ගෙදරකවත් එහෙම මඩියක් නොතිබ්බ කියලා
Deleteඅනේ වාසනාවන්! ලබන සැරේ ඉඳන් තේ එක බොන්න ඉස්සරලා ගොට්ට බලනවා!!!
ReplyDeleteබොන්නට පෙර මඩිය බලනු. හෙහ් හෙහ් හෙහ්
Delete//ඕනෑම බ්ලොගයක ඇති ඕනෑම ලිපියකට ඔබ කමෙන්ට් දැමිය යුත්තේ ඔබගේ බ්ලොගයට පෙරළා කමෙන්ට් ලබාගැනීම සඳහා නොව....ඕනෑම බ්ලොගයක ඇති ඕනෑම ලියවිල්ලක් ගැන ඔබේ හිතට දැනෙන සිරා හැඟීම ඔහුට/ ඇයට පැවසීමටය..!!//
ReplyDeleteකියන්න ආපු දේත් අමතක වුණා.. මේක තමා මම දැකපු ලස්සනම මොඩරේෂන් එක!
ස්තුතියි තහා
Deleteewwwwwwwwww වෙලාවට මම තේ නොබොන්නේ.
ReplyDeleteඅඩේ කෙල්ලෝ ගොඩක් තේ බොන්නේ නෑනේ
Deleteහෆොයි ඕයි බලනවා පොඩ්ඩක් මම ජීවතුන් අතරද කියලා . . මම හිතන්නේ මේඅක් කියවලා මම හිනා වෙලා මලාද කොහෙද . . .
ReplyDeleteඋඹ මේ කමෙන්ට් එක දැම්මේ කියවන්න කලින් නම් සමහර විට මැරිලා. කියෙව්වට පස්සෙනම් බොලා මැරිලා නෑ. හෙහ් හෙහ් හෙහ්
Deleteලියවිල්ල ලෙල්ලටම සුපිරිය.ලොකු නංග ඇදල බලපු එකක් නිසා බේරිල ඇවිල්ල මෙහෙම ලියන්න ලැබුන.
ReplyDeleteපුංචි ඇදල බලපු එකක් වුනා නම් මක්කෙයි වෙන්න තිබුනෙ කියල මට හිතාගන බැහැ.
Aththatama andala balapu ekak neda???Appe kalawarenko..
Deleteහප්පප්පේ.. කෙන්ජි මුන්දැ මටත් තේ බීම එපා කරවන්නයි යන්නේ. හෙහ් හෙහ්.
Deleteආයෙත් අහලා ඇනෝ හෙහ් හේ
ඔයානම්..........................................
ReplyDeleteආ හා... ඔයා දැන් පුංචිගෙ ගෑල්ලමයින්ට බැල්ම ඩානව නේඩ....-_-
ආ එහෙම තමයි ඉතින් අපිත් කොහෙන් හරි ගොඩ යන්න එපැයි
Deleteමම මේ දහ අතේ කල්පනා කරන්නේ උඔ මේව හොයගන්නේ කොහොමද කියලා.
ReplyDeleteහෙහ් හෙහ් අත්දැකීම්වල ඉතින් අමුතුවෙන් හොයන්න දෙයක් නෑනෙ දයා අයියේ
Deleteඅයියෝ බන් ඕක මොකක්ද මම බීලා තියෙන්නේ ඇඳන් ඉන්න අමුඩෙන් පෙරාපු රා.
ReplyDeleteහික්ස් රා අප්පට උඩු බං... අමුඩේ ඉතින් තමන්ගේ මැට්ටන් තම්මැට්ටන් වෙච්චි කොට අවුලකුත් නෑ නෙහ්
Deleteහයියෝ... ඉල ඇදෙනවා බං හිනා වෙලා.. :D :D
ReplyDeleteහෙහ් හෙහ් හෙහ්
Deleteඋඹේ යාලුවට පව් වැඩේ. වෙලාව වරද්දපු එක. හොඳ යාලුවෙක් නම් උඹ නැගිට්ට වෙලේ උටත් කෝල් එකක් දීල බලන්න තිබුන නේ.
ReplyDeleteඋඹ මෙතන පොස්ට් දාන්නේ හරියට මාසයක් හොඳන්නේ නැතිව ඇන්දා වගේ නේ. මේක ඇඳලා ගලොපු එකක් නේ. ඔන්න උඹලගේ පුංචි ගෙනම් තව කමක් නැහැ.
(මේක ඇත්ත කතාවක් ද බං)
පව් වැඩේ නේන්නම්. අවුරුද්දට ඉතින් වැඩ වැඩියිනේ අසාර් අයියේ..හැමෝම නැකතට වැඩ කරනවනේ..
Deleteමාසයක් ඇන්දත් දවසක් ඇන්දත් කිළුටුයිනේ අසරෝ.. පුංචි.ඊයෑක්
රයිටර් වනාහි මා වූ කල ඇත්තක් නොවේ කියා කෙසේ නම් කියම්ද :D
අඩේ කෝ බන් රම්බගෙ නංගි චාරුලතා පේන්න නැත්තෙ...සිරාගෙ ජීවිතේ පළවෙනි වතාවට සිංහල අලුත් අවුරුද්ද අහිමි වුනේ මේ වතාවෙදි..දුක තමා...
ReplyDeleteචාරු ලතාට යකෙක් ගැහුවනෙ.. සිරා අයියා දන්නේ නෑනේ.. අයියා ඒ කාලේ මේ පැත්තේ ආවේ නෑනේ ටුවර් එක හින්දා.
Deleteමොනවා කරන්නද ඉතින් ජීවිතේ සමහර අරමුණු දිනා ගන්න කැපකිරීම් කරන්න වෙනවා
:D :D මොනව වුනත් අරපරිස්සමෙන් වැඩ කරන එක වටිනවානෙ.
ReplyDeleteරයිටර්ට අවුරුද්ද පටන් ගන්නකොටම හොඳ අත්දැකීමක්.
අරපිරිමැස්ම තමයි හොඳම මැස්ම කියනවනේ හේ හේ හෙහ්
Deleteඅවුරුද්ද සුබයි..සුභම සුභයි
අඩේ තේ එකේ රස වැඩි වෙලා ඇති බොල
ReplyDeleteකෝරලේ වලව්ව
හෙහ් හෙහ් නැතුව නැතුව...මම නම් බීවේ නෑ බං හැබැයි :P
Deleteඊක්ක්ක්ක්....
ReplyDeleteඒත් අයියෝ හිනා නොයනවානම් තමා පුදුමෙ. හික් හික් :D කාටද හෆ්ෆා මෙව්වා හිතන්නෙ??? මඩිහක් හදන්න :D :D
කවදාත් වගේ හාස්‍ය රසය උපරිමයි .... (Y)
අරපිරිමැස්මෙන් ජීවත් වෙනකොට කාටද ඔයවගේ දෙයක් අහක දාන්න හිතෙන්නේ ඈ
Deleteඅනේ රත්තරන් අය්යේ ඔයාගේ මේ ලිපි කියෙව්වාම මගේ බ්ලොග් එකේ මම ලියන්නේ මොනවද කියලා මට හිතුනා අය්යේ. ඔයාලා හරිම ප්‍රවීණ උගත් අය. මම එහෙම නැහැ. මම තනිකරම බ්ලොක්කරණයට ආධුනිකයි අය්යේ. ඒ නිසා මම හා හා පුරා කියලා පටන් ගත්තු බ්ලොග් එකට දැන් ලිපි දාගෙන යනවා. මම දන්නේ නැහැ ඒවා හොඳයිද නරකයිද කියලා. අනේ අය්යේ මාව වරදවා වටහාගන්නේ නැතුව මට අනුකම්පා කරලා මගේ බ්ලොග් එකට ඇවිල්ලා ඒ ලිපි කියවලා හොඳ නරක ගැන කියලා අදහස් දාලා මාව දැනුවත් කරන්න මගේ සුදු අය්යේ. ඔයා එනකම් මේ නංගි මඟබලා ඉන්නවා මගේ රත්තරන් අය්යේ...
ReplyDeleteඅනේ ෂුටි නංගි පට්ටෝ..ඔයාගේ බ්ලොග් එක රවුන්ද කියලාවත් බලන්න යන්න දෙන්නේ නෑ වස්තුවේ...මම මේ හෙන සෝ තාපෙන් ඉන්නේ ඔයාගේ එකට ඇවිත් කමෙන්ට් එකක් දාන්න..ඔයාගේ දුක මට තේරෙනවා...ඒත් ඔහේ එන්න දෙන්නේ නෑ නංගි පට්ටෝ...වයිරස් ගාඩ් එකෙන් බ්ලොක් කරනවා.
Deleteපැතුම් මල්ලියෝ මේ කමෙන්ට් එක නම් මම දාන්නේ ඔයාව මම මගේ බ්ලොග් එකට ගෙන්වා ගැනීමේ පරිම පවිත්‍ර චේතනාවෙන් යුතුවමයි. අනේ මල්ලියෝ මගේ බ්ලොග් එකට ඇවිල්ලා මගේ ලිපි වලටත් කමෙන්ට් කරන්නකෝ අනේ. ආඩම්බරකාර කමයි මහන්තත්ත කමයි නැතුව.
ReplyDeleteඔහෙප්පලයන්.....ඔයා අක්කෙක්ද...? අනේ මට හිතෙන්නේ වෙන කවුරු හරි කියලමයි :/
Deleteචෑහ්. මටත් තේ කෝප්යක් බොන්ඩමයි හිත.
ReplyDeleteඅදමයි බං උඹේ රයිටරේ පැත්තෙ ආවෙ. අනික් පෝස්ට් ටිකත් කියවන්ඩ යනවා. උඹට ජය!
නිමාඩු පාඩු දවසක කියපන්, සෙට් වෙලා යමු පුංචිලගේ ගෙදර තේ ඩිංගක් බීලා එන්ඩ.. හොහ් හොහ් හොහ්
Deleteමචන් නියම ලිවිම.. කියවන අයට තේ බොන කොට හොදටම මතක් වෙන්න රස කරලා ලියල තියන්නේ නේද???
ReplyDeleteආලේ රයිටර් ඔයිට වඩා හොදයි අෆ්ෆා සල්ලි දීල කඩෙන් තේ එකක් බිල ගියානම්. සිනා සාගරේ ගිලි යනවෝ :D
ReplyDeleteහික්..හික්..මඩියක් හැදුවේ නැත්නම් ඒක අපරාදෙනේ....වැඩේ හොදයි ..
ReplyDelete