ඇය ශාන්ත පීටර් මාවත ඔස්සේ මගීන් රැගෙන, බිග් ටවුන් වෙත ඇදෙන අශ්වකරත්තයක
අසුන්ගේ කුර හඬටත්, ඊට අනුරුපිව ඇසෙන යකඩ පට්ටම් ගැසූ රෝද යුගල වෙතින්
නික්මෙන හඬටත් කන් දීගෙන සිටියේ ශාන්ත පීටර්ස්හි "ලුෂියා සාහිත්‍ය සමාජය"
නිකුත් කරන මාසික කෙටි කතා සඟරාවක් කියවමිනි. එතරම්ම ඕනෑකමකින් නොවුනද,
පසෙකින් ශ්‍රවනය වී කෙමෙන් හීන වී ගිය අශ්ව කරත්තයේ හඬ, දෙසවනින්
මුළුමනින්ම වියැකී මද වෙලාවක් යනතුරුද එහි ගමන් මග මනසින් සටහන් කළේ
පුරුද්දට වුවද, ඇය එමගින් ළමාකාලය තුල විඳි ආශ්වාදය පුන පුනා ලැබුවාය.
ජෝශප් නම් මහල්ලාගේ නිවස අසල ඇති කල්වර්ට් බැම්ම මතිනුත්, මේරි ඈන්ගේ ඇපල්
වත්ත මැදින් වැටී ඇති මද බෑවුමද ඇය නිසැකවම උපකල්පනය කලද යාර කීපයක්
ඔබ්බෙන් ඇති තෙරේසා දෙව්මැදුරට යාබද අතැර දැමු කුලී නිවස අසල අශ්ව කරත්තය
නැවතුනු වග ඇයගේ අවධානයෙන් ගිලිහුනේ, ඇය අතැති සඟරාව ඇගේ පුර්ණ අවධානය
ඩෑහැගෙන තිබු නිසාවෙන් විය යුතුය.
යොවුන් වියට සමුදෙමින් පසුවූ නැන්සි කුඩා කාලයේ සිටම ගුප්ත කතා මෙන්ම රහස් පරීක්ෂක කතා කියවීමට වැඩි කැමැත්තක් දැක්වූ අතර යම් සිදුවීමක් දෙස බලා තර්කානුකුලව ඒ ගැන සිතා සියුම් අනාවැකි මෙන්ම හෝඩුවාවන්ද පවා පළකරන්නට පුළුවන් අපුරු හැකියාවක් ඇය සතුව තිබිණි. වරෙක තම පියාගේ කමිසයේ තැවරී තිබුණු කහට පැල්ලමක් දැක ඔහු පාම් වතුයාය මැදින් වැටී ඇති පාම් වීදිය හරහා එන්නට ඇතැයි පැවසුවාය. තවත් වරෙක තම සීයා අසනීප වුයේ මීයන්ට දමන වස කැවීමෙන් බව ඇය පැවසුවේ රෝහල් වෛද්‍ය වාර්තාව නිකුත් වන්නටත් පෙරාතුවය. වික්ටෝරියා නදියේ ඉවුරක ගැට ගසා තිබු අඟුල කිසිවෙකු විසින් ගිල්ලවා නැති බවත් කිඹුලෙකුගේ පහර දීමක් නිසා සිදු වුවක් බව ඇය පැවසුයේ අඟුලෙහි බඳේ තියුණු දත්පාරවල් සියුම්ව නිරීක්ෂණය කරමිනි.
තාවකාලික පැසසුමක් විනා ඇගේ මේ හැකියාවන් අගය කිරීමට මෙන්ම දිරි ගැන්වීමට දැනුමක් ඇති අයෙක් නිවස තුල නොවුනද ඇය එමගින් අපුර්ව වින්දනයක් ලැබුවේ යම් යම් කරුණු කාරණා තනිවම ගවේෂණය කරමිනි. ඇයගේ හෝඩුවාවක් ඔස්සේ යමින් අශ්ව හොරෙක් සොයා ගැනීම පිළිබද කාලයක් ගම පුරා කතාවුනද, මෑතක් වන විට බොහෝ දෙනෙක්ට ඒ ගැන අමතකවී ගොස් ඇති සෙයකි. ඒ ගිණිය නොහැකි තරමේ හොරකම් ශාන්ත පීටර්හි නිතර නිතර සිදුවෙන නිසා විය යුතුය. ජීවිතය ලුහුබඳින කාලය විසින් බොහෝ දේ යටපත් කරන්නා සේම ඇගේ හැකියාවනුත් කෘතිමව යටපත් කර ගැනීමට සිදුවුයේ ගමේ විසු මිත්‍යාදෘෂ්ටිකයින් ඇගේ හැකියාව, දෙවියන් විසින් පරිත්‍යාග කරන ලද්දක් යයි කියමින් ගම් වැසියන්ගේ රෝගා පීඩාදිය සුවකිරීමටත්, යාග හෝම පැවැත්වීමටත් ඇයට බලකිරීමත් සමගය.
කුඩා සාලයේ මැදට වන්නට තැනු ගිණි උඳුන වෙතින් ආ, අවසාන මාංශලය තෙක් දැවුණු ෆයින් අතු කැබලිවල සුවඳ ඇගේ නාස් පුඩු තුල දැවටෙමින් ඒත්තු ගැන්වුයේ එය නිවී යාමට ආසන්න බවය. ඇය වහා නැගිට උඳුන අසල තබා තිබු වියලි දර මිටියෙන් අතු කැබලි කීපයක් උදුන තුලට ඇතුළුකර, තනි කවුළුවක් සහිතව තෙරේසා දෙව්මදුර පෙනෙන පරිදි තනා තිබු වීදුරු ජනේලය අසල පුටුවක හිඳ ගත්තේ සාහිත්‍ය සඟරාව රස විඳීමේ අටියෙනි. කවුළුවෙන් එපිට එතරම් අන්ධකාරයක් නොවුනෙන් මීදුම පටල අතරින් වුවද සැතපුම් කාලකට නොදුරු සීමා ප්‍රදේශයක් පැහැදිලිව වෙහෙසකින් තොරවම ඇසට හසුකර ගත හැකිවිණ. එහෙයිනි දෙව් මැදුර යාබද කුලී නිවස අසල සිදුවෙමින් තිබු සිදුවීම ඇය අහඹුවකින් මෙන් දුටුවේ. කවුරුන් හෝ, හොරකමේ ගිය පුද්ගලයෙකු අල්ලා ගනු පිණිස සෝදිසි කරන්නේ යැයි මුලින් සිතුනද ඊට හාත්පසින් වෙනස් යමක් එහි සිදුවනු ඇතැයි සිතීමට, කුතුහලය මෙන්ම පරිචය විසින් ඇයව මුලික වශයෙන් පෙළඹවූවත්, කාන්තාවන් සතු සුලභ ඕපාදුප විමසීමේ රුචිය එහිදී ප්‍රභල වුවා කියා යමෙකුට පැවසිය හැකි වුවද නිසැකවම වුයේ යටපත්වූ ඇගේ ගවේෂණය කිරීමේ ආශාව දැඩිව මතුවීමය.
සීතලෙන් ආවරණය වනු පිණිස අඳින කළු කබා පැළඳ, හිස තෙක්ද වසාගත් පුද්ගලයින් කීප දෙනෙකු ඔබ මොබ ඇවිදමින් කලබලයෙන් අවට යමක් විපරම් කරනු පෙනිණි. ඒ සමගම තවත් අශ්ව කරත්තයක් සෘජුකෝනාශ්‍රාකාරයට කුට්ටි කරන ලද කුඩා පැතලි කළුගල් අතුරන ලද ශාන්ත පීටර් මාවත මත තුනී හිම තට්ටුව කපාගෙන දැඩි ඝර්ෂණයක් යොදමින් සෙමින් බිග් ටවුන් දෙසට ඇදෙනු ඇයට ඇසුණි. එය සුපුරුදු ලෙස ජෝශප් මහල්ලාගේ නිවස අසල කල්වර්ට් බැම්ම මතිනුත් මේරිඈන්ගේ ඇපල් වත්ත මැදින් වැටී ඇති බෑවුම් සහිත මාවතත්, සෙන්ට් තෙරේසා දෙව් මැදුර අසල පාලු කුලී නිවසත් පසුකර බිග් ටවුන් වෙත බාධාවකින් තොරව ඇදෙනු ඇය සීරුවට බලා සිටියේ කෙළ පිඩක් හෝ නොගිලිමිණි.
එකී අශ්ව කරත්තය දර්ශන පථයෙන් මෑත්ව ගිය හෙයින් ඇයගේ කුතුහලය නැවත පෙර ජවනිකාව වෙත යොමු වුයේ ක්ෂණිකවය. ඉනික්බිතව ඇය ජනේල වීදුරුව මත නාසයද, නළලද, දෙතොලද ගෑවෙන සේ බොහෝ ලංවී උවමනාවෙන් ඒ දෙස බලන්නට වුයේ දෙඅල්ලෙන් දෑස වටා ආවරණය කරගනිමින්ය. ඇගේ මුවින් නික්මුණ උණුසුම් ප්‍රාශ්වාස ධාරා නිසා වීදුරුව මත ජලවාෂ්ප ස්ථරයක් බැඳුනෙන්,කෙතරම් කුතුහලයකින් ඇය පෙලුනිද යත්, ප්‍රාශ්වාස කිරීමේ අන්තරය පවා උවමනාවෙන්ම පමාකරන බවක් ඇවෙතින් දක්නට ලැබිණි.
අශ්ව කරත්තය අසල සිටි පිරිසෙන් එක් අයෙක් නැවත එයට ගොඩ වූ අතර යලි මොහොතකට පසු ඔහු එයින් පිට වුයේ තවත් පුද්ගලයෙකුද සමගිනි. විශේෂිත වූ කාරණය නම්, ඒ අමුත්තාගේ දෑත් පිටුපසට කර එකිනෙක බැඳ තිබු අතර කරත්තයෙන් බිමට පනිද්දී සමබරතාව ගිහිලි ඔහු හිම තට්ටුව මතට ඇද වැටුණෙන් එබව පැහැදිලිවම පෙනිණි . එහෙයින් ඔහු යටත් පිරිසගේ ග්‍රහණයට නතුව ඇති බැව් නැන්සි නම් වූ කල්පනාකාරීව කුතුහලයෙන් මෙතෙක් වෙලා ඒ දෙස බලා සිටි ඇයට ඒත්තු ගියේය. මෑතකදී විල්ෂයික් නාට්‍යාගාරයේ තිරගත වූ "ස්නොව් ඇන්ඩ් ද තීෆ්" නාටකය ඇයට සිහි විය. එහි කතාවෘර්තයට අනුව දාමරිකයින් හඹා යන "සිවිල් ක්‍රයිම් හන්ටර්" කෙනෙකු වන්නට තමාටත්නොහැකි මන්දැයි ප්‍රශ්නාර්ථමුඛ්‍යව තවමත් එදෙස බලමින් ඈ සිතුවේ ගවේෂණයක ආරම්භක පියවර තැබීමට නොහිම් ආශාවෙන් නලියමිනි.
චිත්තවේගවල බල කිරීම හමුවේ හදිසියේම ඇයට පහල වු ඒ අදහස නිසා මොහොතකට පසු ඇය උන්නේ නිවසින් යාර කීපයක් ඈතින්ද කුලී නිවසට යාර කීපයක් කිට්ටුවෙන් පිහිටි කුඩා පර්වතයක් වසා පැවති ඝන හිම කණ්ඩියකට මුවා වෙමිනි. දැඩි සීතලෙන් පීඩා විඳිමින් වුවද ඈ පයින් ගසක් අසල වැවී තිබු පඳුරකට මුවා වුයේ නිර්භීත වික්‍රමයක් කිරීමේ අසීමාන්තික ආශාව මුසු පොපියන දෙනෙතින් වුවද කිසියම් භීතියක සලකුණුද ඇයව මන්දගාමී කරමින් තිබුණු මොහොතකය.

Contd. with Comments
කමෙන්ටුවෙන් කමෙන්ටුව, කතාව ගොඩ නැගීමට පාඨක ඔබට බාරයි.