Monday, October 14, 2013

"සරමෙන් බැරිනම් අමුඩෙන්"


ගමේ ගෑණු ටික එකතු වෙලා පිහිටවගත්තු "සීතා බලකාය" සංගමේ හදිසි වැටලීම් හින්දා ගමේ කොල්ලෙක්ටවත් නිදහසේ පාරට තොටට බහින්ඩ බෑ. මගුල... හිටපු ගමන් ගෙවල්වලට පැනලා සුදු රෙද්දක් ඔලුවට දාලා කොල්ලෝ පැහැරගෙන යනවා. කොල්ලෝ විතරක් නම් මදැයි පණ යන්ඩ ඔන්න මෙන්න තියන සීයාලත් අරං යනවා. කාන්තාවන්ගේ  මානව අයිතිවාසිකම් කඩ කරන හැම එකාටම "සීතා" දඬුවම් දෙනවාලු. බලකායේ ජාතික තේමාව "ලිප්බොක්කෙන් ඔබ්බට ගිය චීත්තයට හෙට දවසක්". සීතා බලකායේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හැටියට මුලික කාන්තා අයිතිවාසිකම් කියලා කියන්නේ,

1. කෙල්ලන්ට බූට් තියන කොල්ලන්ට එරෙහිව නැගී සිටීම,
2. බිරිඳගේ සති අන්ත සාප්පු සවාරිය, ඩිනර් අවුට් එක වර්ජනය කරන සැමියන්ට එරෙහිව සටන් කිරීම
3. දර පලා, වලන් හෝදා, ගෙදර දොර වැඩවලට උදව් නොකරන සැමියන්ට දඬුවම් දීම
4. අසල්වාසී කාන්තාවන් සමග වැඩිපුර අල්ලාප සල්ලාපයේ යෙදෙන ස්වාමියන්ට දඬුවම් දීම
5. වාර්ෂික සංවත්සර, උපන් දින, විවාහ සංවත්සර අතපසු කරන සැමියන් චෝදනාවට ලක්කිරීම
6. සැමියන්ගේ අනියම් බිරින්දෑවරුන්, තම සංවිධානයට බලෙන් බඳවා ගැනීම,
7. පිරිමින් බීමට ඇබ්බැහි කරන හන්දි වල, ටවුන්වල  තියන බාර් කුඩු පට්ටම් කර බිමට සමතලා කිරීම
8. පුරුෂයින්ගේ ශරීර මේද තට්ටුව වැඩි කර ස්ථුල භාවය වැඩි කරන හරක් මස් කඩ ගිණි තබා සැමියාගේ සෞඛ්‍ය රැක ගැනීම.
9. මාසික පඩිය මුළුමනින් අතට ගෙන වියදම් කළමනාකරණය කිරීමේ බලය කාන්තාවන්ට ලබාගැනීම

තව ලොට්ටයක් තියේ මට නම් මතකත් නෑ.

අපේ රම්බා, උගේ කෙල්ල සකුන්තලාට අඩිය උස හෙන පතරංග බූට් එකක් දීලා. ඌ නම් කිව්වේ කෙල්ල බුට් එකක් ඉල්ලලාමයි කෑවේ  කියලා. කොහොමෙන් කොහොම හරි කෙල්ල සකුට මල පැනපු පාරට දහ අතේ හැපිලා වැලපිලා අන්තිමට බැරිම තැන "සීතාබලකායේ" හෙඩ් ඔෆිස් එකට කම්ප්ලේන් කරලා. හුට්ටප්පරේ කියන්නේ බලකාය රන් කරන කෙසෙල්කොටේ වත්තේ සොෆිනස් අක්කා එදාම මහා රෑ එක පාරට, සීතා බලකායෙ සෙබලියෝ එක්ක ෆ්ලෑෂ් රෙයිඩ් එකක් දාලා රම්බාව උස්සලා. බලකායේ සෙබලියෝ ටික එකතුවෙලා රම්බාට නොසෑහෙන්න අතවර කරා කියලා තමයි රට්ටු නම් කතා වෙන්නේ.

මේ සිද්ධ වෙන අසාධාරණේ තවත් ඉවසන්ඩ බැරි හින්දා මම, රම්බා ප්‍රධාන කොටගෙන ගමේ පීඩිත, නිර්ලජ්ජිත පිරිමි කැල එක්කාසු කරගෙන පිහිටුවාගත්තා "මහා රාමා බලකාය" කියලා අන්තර්ජාතික සංවිධානයක්. මේ දවස්වල රාමායනයේ චරිතවල පුනරාගමනයෙන් රටේ මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්න වලට හෙන තිරස්චීන විසඳුම් දෙන එකේ ඉතිං අපිත් හිතුවා රට වෙනුවෙන් මලත් කමක් නෑ  "සරමෙන් බැරිනම් අමුඩෙන්" කියලා පාරට බහින්ඩ. ගමක් ගමක් ගානේ ගිහින් අපි දැනුවත්කිරීම් කරා. ප්‍රාදේශීය මට්ටමෙන් "මහා හනුමා බලකාය" කියලා උප සංවිධානයක් පිහිටුවලා අපේ බලය තරකරගත්තා. දැන් ඉතිං කවර කතාද. අපි තමයි පොරවල්.

ගමේ ගෙවල්වල ළමයි ඉස්කෝලේ යන්නේ නෑ, කන්නේ නෑ, බොන්නේ නෑ, ළිං වලට වැටෙනවා, හොයන්න බලන්න කවුරුවත් නෑ, ඇඟට  ටීවී පෙරලගන්නවා.. ඇයි හත්වලාමේ අම්මා "සීතා බලකායේ" උන්නතිය වෙනුවෙන් කැප වෙනවා, තාත්තා "රාමා බලකායේ උන්නතිය වෙනුවෙන් කැපවෙනවා. ළමයි අයාලේ යනවා.

මේ ලඟදි දවසක "සීතා බලකාය" ගමේ  හංදිය ගාවා පාර හරස් කරලා වලං මුට්ටි, සාස්පාන්  පොලේ ගහල හෙන සද්දයක් දැම්මා. අන්තිමට පාරේ වලං කටු විතරයි. පෙළපාලිය ඉවර වෙලා යන ගමන් වලං කඩෙන් වලං අරන් ගියේ. අපි ඒ රැලියට විරුද්ධව සරම විතරක් ඇඳගෙන සාමාකාමී පෙළපාලියක් ගියා. ඇයි යකෝ අපේ ප්‍රශ්න වෙනුවෙන් අපි හඬ නගන්නේ නැතුව අපේ මරුන සීයා වලෙන් නැගිටලා ඇවිත් හඬ නගන්නයෑ.. මේ දවස්වල අම්බානක බිසී, කතාවක් ලියාගන්නවත් වෙලාවක් නෑ, අර හමු, මේ හමු ජනහමු, කෙළවරක් නෑ..ළඟදීම හොමෙබෙන් ගිහිං හොට බිම ඇනුන ගමන් ආයේ මොනා හරි ලියන්න හිත හදාගන්නකම් මේ මදැයි.


67 comments:

  1. ඔන්න බලපන් හිරුවා මේකට දාන කමෙන්ට් රාජයා ...

    ReplyDelete
    Replies
    1. හි හි... දුවන්න කිව්වෙ...

      Delete
    2. කපන්න බැරිනං කරන්න ඕනේ ඒ අත ඉඹින එක .......

      Delete
  2. ප්‍රතිපත්ති ප්‍රකාශය නං මල් හතයි... හැබැයි අර 9 වෙනි කරුණ නම් දැනටත් කට්ටිය කැමැත්තෙන්ම කරනවනේ .. ඒකට සටන් කරන්න දෙයක් නෑ... හි හි

    ReplyDelete
    Replies
    1. \\\\ප්‍රතිපත්ති ප්‍රකාශය නං මල් හතයි...\\\

      බොරුද මම කිවේ...හොඳ වෙලාවට මම සාර්ථක ලෙස බාධකයක් ස්ථාපනය කරලා ගියේ..නැත්නම් අද නෙළනවා හිරු වටේටම ...

      Delete
    2. හි හි.. වෙලාව නැති හින්දා ඔයා බේරුනා ..

      Delete
    3. ඇගේ වෛයිරය ( කාන්තා විමුක්තියේ දෝංකාරය )

      Delete
    4. දන්නවද මං මේකෙ මැද්දට කියවන් එද්දි හිතුවා අනිවා හිරූ අක්කගෙන් කමෙන්‍ට් එකක් තියෙන්න ඕනෙ කියලා :)

      Delete
    5. හේ හෙහ් හෙහ් හොහ්

      Delete
    6. අද හිරුවගෙ කමෙන්ට් එක පොඩි මොකද හීරූ....

      Delete
    7. හේ හෙහ් හෙහ් වෙලාව නෑලුනේ

      Delete
    8. මුලදිම හිරු අක්කට Moderation දාලා නේ....:D

      Delete
  3. රයිටර් ප්‍රතිපත්ති ප්‍රකාශය නම් හදලා තියෙන්නෙ ගෑනුන්ව සෑහෙන්න අධ්‍යනය කරලා වගෙයි.
    මේ අපි පොඩි උන්ට කුශ් බළකාය කියලා එකක් හදලා දෙමුද? (මට මතක විදියට රාමාගෙයි සීතාගෙයි එක ලමයෙක්ගෙ නම කුශ්)

    - ප්‍රියා.

    ReplyDelete
    Replies
    1. අධ්‍යනය කරන්ඩ දෙයක් නෑ බං.. ඉවෙන් වගේ තේරෙනවානේ

      Delete
  4. සීතා බලකායට බැඳෙන්න ඕනි මාත්.අපිට කියලත් යන කලදසාවක් තියෙන්නේ එපැයි

    ReplyDelete
    Replies
    1. හා මං චාරුලතාට කියලා ෆෝම් එකක් අරන් දෙන්නම්

      Delete
  5. මෙන්න බලකා...

    මේ කොහිදෑ ඕක තියනවා කීවේ මටත් හිතුණා බැඳෙන්ට කියලා..
    *******************************************************************
    ගමේ ගෙවල්වල ළමයි ඉස්කෝලේ යන්නේ නෑ, කන්නේ නෑ, බොන්නේ නෑ, ළිං වලට වැටෙනවා, හොයන්න බලන්න කවුරුවත් නෑ, ඇඟට ටීවී පෙරලගන්නවා.. ඇයි හත්වලාමේ අම්මා "සීතා බලකායේ" උන්නතිය වෙනුවෙන් කැප වෙනවා, තාත්තා "රාමා බලකායේ උන්නතිය වෙනුවෙන් කැපවෙනවා. ළමයි අයාලේ යනවා.//
    මේං මේ ටික තමයි බොල මසුරං ...අන්න දැක්කනේ ..., ඔය මැටි වැඩ ඔක්කොම ලෝකෙට පේන්න විතරයි..ඔය කාන්තා සමිතිවල වැඩිපුර කරන්නෙ තමන්ගෙ ගෙවල්වල හොඳට ඉන්න ගමන් අනුන්ගේ ගෙවල්වල ප්‍රශ්න ඇති කරවන එක..

    අම්මයි තාත්තයි කාර්යබහුලයි....ළමයි හැදෙන්නේ උන්ට ඕනි විදිහට

    ReplyDelete
  6. සීතා බලකාය කථාව පොඩි උනත් පට්ට රහයි බන්..තව ටිකක් ලියන්නනෙ තිබුනෙ...දැන් මහා රාමා බලකායෙ වැඩ සැරටම යනවද ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් රාමා බලකාය, හනුමා බලකාය, සීතා බලකාය ඔක්කොම ලෙසටම යනවා

      Delete
  7. ඕකෙ නායිකාව සීතක්කද ? නැත්තං හිරු අක්කද ?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් නෑ නෑ සොෆිනස් අක්ක

      Delete
  8. හැබැව නෙන්නම්

    ReplyDelete
  9. උඹ ඔය කරුණු නවය ලියන්න නම් සෑහෙන කාලයක් තිස්සේ නිරීක්ෂනය කරපු කරුණු පාවිච්චි කරල තියෙනවා. තව තියෙනවා මතක නෑ කිව්ව ඒවත් මතක් කරලා දැම්මා නම් තමයි ගති.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අයියේ නිරීක්ෂණය කලේ නෑ අප්පා

      Delete
  10. බලාගෙන කොළුවො උඹවත් උස්සයි සීතා බලකායෙන්.... (උඹ ඉස්සෙන්න බලාගෙනම ලිව්ව නෙමෙයි නේද?.. )

    ReplyDelete
    Replies
    1. ඉල්ලගෙන කන්න බයයි අයියේ

      Delete
  11. මේ මටත් ඔය බලකායකට සෙට් වෙන්න බැයිද ඈ??

    ReplyDelete
    Replies
    1. කියපන් උඹට ඕනි රාමා, එකට බැඳෙන්නද හනුමා එකට බැඳෙන්නද? නම ටයිප් කරලා මම නම්බරයක් කියන්නම් එකට එස් එම් එස් එකක් දාපන්

      Delete
  12. බය හිතෙන ඒවා දාන්න එපා බං.

    ReplyDelete
    Replies
    1. හික්ස් බය වෙන්න එපා ඉතින්

      Delete
  13. අද නම් කලබලෙන් ලියල තියෙන බව පැහැදිලියි.
    කෙටි වුනත් රසයි.
    "සීතා කියන්නෙ කළු තිතක් ද දේවයන් වහන්ස..?" රේඩියෝ එකේ ඔහොම ඇඩ් එකක් යනව.ඔය බලකාය ගැනද මන්ද...

    ReplyDelete
    Replies
    1. කලබලෙන් නේන්නම්, බලකායේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අභ්‍යන්තර ප්‍රශ්නයක් මතුවෙලා. මේ ටිකේ එකට දඟලනවා

      අඩේ මට ඒ දැන්වීම ඇහිලා නෑනෙ

      Delete
  14. තාම බැන්දලා නැති නිසා සීතා බලකාය ලවා උස්සවාගෙන කැමැත්තෙන් අතවරයට ලක් උනත් මොකො බං.
    අඩෝ සීතා මං ආවා කියන්නෙ රාමා බලකාය සියලු සීතා වරුන්ට තර්ජනය කරන්න නිෂ්පාදනය කරපු චිත්‍රපටියක්ද?

    ReplyDelete
    Replies
    1. උඹ නම් කියයි.. ආච්චිලා අතින් අතවරේට....පව් බන් ඌ

      සීතා මං ආවා ? පිස්සුද බං ඒක වෙනම ආතල් එකක්

      Delete
  15. හැබැයි මචෝ මෙහෙම විහිලුවට කියපු ගොඩක් දේවල් ඇත්ත වෙලා තියෙනවා හරිද? නිකන් හිතපන් මේක ඇත්ත වුනොත එහෙම මොකද වෙන්නේ කියලා

    ReplyDelete
  16. මොනව උනත් රයිටර් පරිස්සමෙන්. සීතා බලකායට විරුද්ධව අනන් මනන් කියල ප්‍රශ්නයක් උනොත්........

    ReplyDelete
    Replies
    1. පිස්සුද......... අපි ශක්තිමත්....!!!

      Delete
  17. අප්පටසිරි උනුත් බලකායක් හදාගෙන ද ? ඔන්න මල්ලි වැරදිලාවත් උබේ කෙල්ලට මේ බලකාය ගැන කියන්ඩ එහෙම එපා.. :)

    ReplyDelete
    Replies
    1. හික්ස් කවුරු හරි ඔත්තුව දීලා අයියේ :/

      Delete
  18. අඩෝ ලගදි බදින්න අපිව බය කරන්න එපා බන්....

    ReplyDelete
    Replies
    1. ආ උඹ ලඟදි බඳිනවාද.. ජය මංගලම් ඈ... කෙල්ල ඔය සෙට් එකෙන් වහං කරලා තියාපන්

      Delete
  19. ane ithin blogayak nam mata na. mama oyala meke daana sellan bala balaa
    commentu daanawa.
    ane berida me sovin piri mage hadawatha sanasanna puluwan pirimiyek hoyala denna?

    ReplyDelete
    Replies
    1. ane ow.... mata machwena kawruwath na thawama.

      Delete
  20. අර මහා රාමා බලකායට මාවත් බදවාගනින්කෝ ..

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා අර නාඩියාට කිව්වා වගේ කරහන් ඈ මැසේජ් එක එවපන් ඈ

      Delete
  21. පැතුමටත් සීතා බලකායෙ සුදු දඬුමොණ‍රෙක යන්න ආස හිතිල වගේ.
    දැං බොලා අර පෙළපාලියෙ සරම ඇඳගෙන ගියේ යටට මොනවත් නැතුවද?

    ReplyDelete
    Replies
    1. හික්ස් අන්න දාගෙන පේන්ට් කරනවලු සුදු පාටට

      නැ නෑ යටට නිකං ගියොත් ඉතින් දන්නවනේ.. අපි අමුඩේ ඇඳන් ගියේ.. "සරමෙන් බැරිනම් අමුඩෙන්"

      Delete
  22. මල කෙළියයි....
    හැබැයි අර උස්සන් ගිහින් අතවර කරන එක නම් ගොඩක් දරුණු දඬුවමක් නේද...;)

    ReplyDelete
  23. සිරාවටම මල්ලි චන්ද්‍ර අනගිරත්න මහත්මයාගේ නරලොව හොල්මන් වලින් පස්සේ මම ඒ විදියේ දේවල් ලියවුන එකම තැනක් විදියට උඹේ බ්ලොගය හඳුන්වන්න කැමතියි. සිරාවටම පට්ටයි කොල්ලෝ ට්‍රයි කරපන් පත්තරේකට ලියන්න.

    ReplyDelete
    Replies
    1. අනේ මගේ දුක ඇහිලා නිව්ස් එඩිටර් කෙනෙක් මාව ගනිත්වා පත්තරේකට

      Delete
  24. රාමා සීතා සටන නිසා මේ දිනවල බිස්නස් අඩුය. මුන් මොනදේ කලත් බඩට වදින්නේ මගේය......මීට" ප්‍රීති" කඩේ මුදලාලි.

    ReplyDelete
    Replies
    1. ඔහෙප්පලයන්...මෙන්න අතුරුපල

      Delete
  25. ඒක තමයි මේ දවස්වල පැතුම්ගේ පෝස්ටු නැති රහස!!
    සීතා බලකායෙන් එවන්න කලියෙන් ආයෙත් ලියන්න පටන්ගන්නවා හොඳයි ඕං..නැත්තං නොකිව්වයි කියන්න එපා..

    ReplyDelete
    Replies
    1. ආ මෙන්න තවත් සාමාජිකාවක්

      Delete
  26. එතකොට අපිට මොනවද වෙන්නේ...?

    ReplyDelete
    Replies
    1. අයියත් දෙකෙන් එකකට සහයෝගය දක්වන්න

      Delete
  27. //අපි ඒ රැලියට විරුද්ධව සරම විතරක් ඇඳගෙන සාමාකාමී පෙළපාලියක් ගියා.//

    උඹට මේ කෑලි කොහෙන් එනවද මන්දා... වටේ පිටේ සිද්ධවෙන දේවල් අල්ලගෙන හීන් නූලෙන් මේ වගේ දේවල් ලියන්න උඹට තියෙන්නේ පුදුම හැකියාවක්...

    ReplyDelete
    Replies
    1. හික්ස් කටට එන එව්වා තමයි

      Delete
  28. ඉලව් හතයි කිව්වලු
    බලකායේ ජාතික තේමාව "ලිප්බොක්කෙන් ඔබ්බට ගිය චීත්තයට හෙට දවසක්" :D :D

    ReplyDelete
    Replies
    1. ඉලව් හතක්... නයිට්ම කීයක්ද නෙහ් ?

      Delete