Monday, August 7, 2017

කප්පම්කාරි



ඔබ බඳ වටා එති
ම'වමත මත,
ආදරය යහමින් ඇනූ
බත් ගුලි රැඳි
පිඟානක්,

ම'ළයට පිටදී
දෙතොල
තද කරගෙන,
මග හරී නුඹ,
කවන කවනා
එක් කටත්,

හාදුවක් නළලත
අැතිරීමකින්
ඉක්බිතිවය,
කැවිය යුත්ත‍ේ
යළි බත් පිඩක්,

හැබෑවක්මය ඔබ
කල්යල් බල බලා හිඳ,
මහද මල් ‍රොනින් ගැවසූ,
කප්පම්කාරියක්

~ බ්‍රයිබ්ඩ් රයිටර් ~

5 comments:

  1. සොඳුරු කප්පම්කාරියක්

    ReplyDelete
  2. "ම'වමත" "ම'ළයට" වැඩියෙන්ම හිත ගියපු වචන දෙක . ලස්සනයි කප්පම් ගැනීමත්

    ReplyDelete
  3. මට මෙතන අහන්න තියෙන්නෙත් ෆ්බී එකේ අහපු ප්‍රශ්නෙම තමා අප්පා

    ReplyDelete